
අපිට අලුත් තැනකට ගිහින් කිසිම දෙයක් එක පාර වෙනස් කරන්න බැහැ.
මිනිස්සුන්ට වෙනස් වෙන්න කාලයක් දෙන්න ඕනේ.
බරට බඩු පුරවල තියෙන කරත්තයක් පාලනයක් නැතුව
වේගයෙන් පල්ලමක පහලට තල්ලුවෙලා යනවා නම්
අපි ඒ කරත්තේ ඉස්සරහට ගිහින් හිටගත්තොත් වෙන්නේ කරත්තෙට යටවෙන එක.
හොඳම දේ කරත්තේ පිටිපස්සෙන් අල්ලලා
වේගේ අඩුකරලා කරත්තේ නවත්තන්න බලන එක.
අසේල කොතලාවල
මට අසේලව මුලින්ම හම්බවෙන්නේ කිංග්ස්බරි වල වැඩ කරන කාලේ.
අවුරුදු ගණනක් ඕනෙම තැනක සිද්දවෙච්ච සහ සිද්දවෙන දේවල් එක රැයෙන් වෙනස් කරන්න බැහැ.
විශේෂයෙන් ඒ පරිසරයේ ඉන්න මිනිස්සු ඒදේට හුරුවෙලා නම් ඉන්නේ සැහෙන අමාරුයි.
වෙනස්කම් සිද්ද වෙන්න ඕනේ සැහෙන්න කාලයක් නිරීක්ෂණය කරලා.
හේතුව එක පාරට ලොකු වෙනස් කම් ගොඩක් ආවම මුළු සිස්ටම් එකම එකපාරට නතර වෙන්න පුළුවන්.
අපි වෙනසක් කරන්න කලින් තියෙන විදිහට දවසක් දෙකක් හරි වැඩ කරලා බලන්න ඕනේ.
මේ කියන වෙනස්කම් හින්දා වැඩිපුරම තැලිච්ච මිනිහ මම.
වෙනස්කම් වලට එරෙහිව වැඩිපුරම දඟලපු මිනිහ මම.
අපි වෙනස්කම් ගැන කතා කර කර,
හොඳටම හඳට ගිහින් ඉන්න වෙලාවක තමයි අසේල ඔය කතාව කිව්වේ.
ඒක අවුරුදු ගානකට පස්සේත් තාම මතකයි.
හේතුව ඒක මගේ බොක්කටම වැදුනා.
ඊට පස්සේ මම වෙනත් තැන දෙක තුනකම වැඩ කළා,වැඩ කරනවා.
මට අලුත් තැනකට යන හැමම වෙලාවේම අසේලගේ කතාව මතක් වෙනවා.
ඒක හරියටම හරි.
අත්දුටුයි , ප්‍රත්‍යක්ෂයි.
ඊට කලින් බැංගලෝර් වලදී අපිට SAD (System Analysis and Design)
උගන්නපු සතිෂ් සර්කියල දුන්න එකකුත් තාම මතකයි.
SDLC වල SA කෙනෙක්ට රඟපාන්න වෙන චරිත අතරින් 1ක් change Agent.
ඔහුගේ වගකීම අලුත් සිස්ටම් එක දැම්මට පස්සේ සිදුවන
වෙනස්කම්වල බලපෑම පිළිබඳව අධ්‍යනය කිරීම
සහ එම වෙනසෙහි දොස් නොදොස් විචාරය සහ එම වෙනසට එම සිස්ටම් එක භාවිතා කරන්නන් සුදානම් කිරීම.
මිනිස්සු වෙනස්කම් වලට අකමැතියි.
නමුත් වෙනස් වෙන්නේනතුව ඉන්න අමාරුයි.
මම අහල තියෙන පරිණාමවාදයට අනුව (අහල මිස ඉගෙන ගත්තු නෙමෙයි)
ඩාවින් කියල තියෙන්නේ වෙනස්වීම් වලට
අනුවර්ථනය වෙන්නේ නැති සත්තු වඳ වෙනවා කියලයි.
එහෙම නැත්නන් පැවැත්මක් නැහැ කියලයි.
කාලානුරුපීව හැඩගැසෙන පුද්ගලයාගේත් පැවැත්මෙහි ස්ථාවරබව වැඩියි කියලයි මට හිතෙන්නේ.
51.584895
-0.280068

මේ ලිපියත් ලක්බිම රිද්ම පත්තරේ කියවන කොට දැකල හැමෝම එක්ක බෙදාගන්න හිතුනා.
මුලින්ම හිත ඇදිල ගියේ McDonalds සේවකයන් ගැන තියෙන විස්තරයට.
බොහොම ආකර්ෂණීයයි.
නමුත් එම රැකියා ක්ෂේත්‍රයටම අයත් වන ආයතනයක අවුරුදුක් වැඩකරන අයෙක් හැටියට,
ඵලදායීතාවය,දරාගැනීමේ හැකියාව,කාර්යශූර බව අතින් ඒ හා සමාන
(සමාවෙන්න ඊට වඩා වැඩි)
හැකියාවන් ඇති පිරිසක් සමග තමයි මම වැඩ කරන්නේ කියල කියන්නේ ආඩම්බරෙන්.
(මොවුන්ගෙන් අති බහුතරයක් ශ්‍රී ලාංකීයයන්.)
ඒ ගැන අපි පස්සේ කතා කරමු.
හැමදාම උදේ ලන්ඩන් උමං දුම්රියේ යන මගීන් දිහා බැලුවහම,
කව්රුවත් නිකන් ඉන්න මනුස්සයෙක් හොයාගන්න බැහැ.
සමහරු පොත් පත්තර කියවනවා,
ජංගම දුරකතනයෙන් බොහොම බැරෑරුම් වැඩ.
සමහරු පාඩම් කරනවා,සමහරු සටහන් ලියනවා,
වයසක ආච්චි කෙනෙක් රෙද්දක් වියනවා,
තවත් කෙනෙක් නිදි.
කව්රුවත් නිකන් ඔහේ බලාගෙන ඉන්නේ නැහැ.
කව්රුහරි අනිත් මිනිස්සු කරන දේ දිහා බලන් ඉන්නවා නං ෂුවර් එකටම ශ්‍රී ලාංකීයයෙක්.
අනිත් දෙය , එහා පැත්තේ ඉන්න කෙනා කරන දෙයින් ඒ ගොල්ලන්ට වැඩක් නැහැ.
(එංගලන්ත සමාජය ලොව සිටින ශිෂ්ඨම ජන සමාජය කියල
මම මෙයින් අදහස් කරන්නේ නැහැ,
ලාංකික සමාජය තවත් වෙනත් බොහෝ සමාජයීය ගුණධර්ම අතින් සැහෙන්න ඉදිරියෙන්,
නමුත් ඔවුන් ඉගෙන ගන්න තියෙන දේ අපි ඉගෙන ගන්න ඕනේ)
ලංකාවේ සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවා වල ඔය කියන දේවල් කරන්න පුළුවන් කියල මම කියන්නේ නැහැ.
නමුත් එතනින් අපි අපේ ආකල්ප වල වෙනසක් ඇතිවියයුතු බව තෙරුන් ගන්න ඕනේ.
ලංකාවේ ඒ දේවල් ඒ විදිහට කරන්න බැරි උනාට,
කරන්න පුළුවන් දවල් තියෙනවා.
කතාව ඇත්ත!
ජපානයෙන් සහ ඇමරිකාවෙන් අපට ඉගෙන ගන්න පාඩම් ඕනේ තරම් තියෙනවා.
විනයක්, කැපකිරීමක් සහ සැලසුමක් ඇතුව වැඩකරන අලුත් පරම්පරාවකට අපේ රට ඉහලට ගෙනියන්න පුළුවන්!
ප.ලි. _ දමින්ද ජීවාන් රණසිංහට මෙකරන සත් කාර්යය ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේවා!

51.584895
-0.280068

මේ ගෙවෙන මොහොත අතිශයින් සුන්දරය.
මේ හැගීම ප්‍රේමයද වෙන මොකක්හරිද යයි මම නොදනිමි.
රේඩියෝවෙන් ඇසෙන ගීතය සේම,
” නිලට නිල්වන් අහසට,
සඳවතිය සෙමෙන් පැමිණෙයි,
ප්‍රේමය ඉතිරී යයි.
ඇය සිනාසෙයි “.
අද බ්‍රිගේඩ්ස් වෙනදාටත් වඩා ලස්සණය.
බඩඉරිඟු සුවඳ,
සුවඳ දුම් සුවඳ,
හිස පළඳින මල් සුවඳ පරයා
ඇගේ වරලසින් නැගෙන සුවඳ මට දැනේ.
51.584895
-0.280068

මිනිහෙක් තමන්ගේ ජීවිතේ ඉහලට ඉහලට යනකොට
පුළුවන් තරම් පහල මට්ටමේ මිනිස්සු
එක්ක තියෙන සම්බන්ධතාවය හොඳට තියාගන්න ඕනේ.
පහල මට්ටමේ කියන්නේ,වෘත්තීමය වශයෙන් පහල මට්ටමේ.
මේකට හේතුව අපි හැමදාම ඒ ඉහල මට්ටමේ ඉන්නේ නෑ.
කවද හරි නැවත පහලට යනවා,අඩුගානේ පැන්ෂන් යන්න වෙනවා.
අන්තිමේදී තමන් ආයතනයක ඉහල ඉන්න කාලේ හම්බවෙන
ඉහල මට්ටමේ අය,තමන් ඉහල තත්ත්වයේ නැති වුනාම
හොයාගන්නවත් හම්බවෙන්නේ නෑ.
ඉතුරු වෙන්නේ ඩ්‍රයිවර්ලා,පියන්ලා,සිකුරිටිලා තමයි.
ඒ නිසා ඉහල ගියා කියල පහල මිනිස්සුන්ට
සලකන එක අඩු කරලා උඩගු වෙන්න හොඳ නැහැ.
ආචාර්ය ටී.සෝමශේඛර්
දිනය : බැංගලෝර් කැම්පස් ජීවිතේ අන්තිම දවස
පුද්ගලයව හඳුන්වනවානම්, අපි ඉගෙනගත්තු උපාධි අධ්‍යන ආයතනයේ විදුහල්පති.
ඔහුව අපිට ඉගෙන ගත්තු කාලේ පෙන්නන්න බැරි චරිතයක් උනාට,
අන්තිම දවසේ කියපු වචන ටික අදටත් මතකයි.
වැඩිපුර මතක හිටින්න හේතුව ඒ කියපු දේවල්
අනිත් පැත්තට ඊළඟ අවරුදු 2, 3 දී ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ වීම.
51.584895
-0.280068

මුලින්ම අතවැනුවේ මට නෙමෙයිද
පස්සේ අතවැනුවේ මම අතවනපු හින්දද
බස් එකේ දිගටම ගියේ හිටගෙනද
ඊළඟ දවසෙත් දැක්කම හිනාවෙනවද
ඔය දිහා හොරෙන් බලන් ඉන්නවා දැකලම නැද්ද
හැමදාම ක්ලාස් එන්නේ අම්ම එක්කමද
වෙලවක හම්බවෙලා ටිකක් කතා කරමුද
ලබන සතියෙවත් ටිකක් කලින් ක්ලාස් එකට එනවද
51.584895
-0.280068

මුලින්ම හිතේ පිපිච්ච ආදර මල්කැකුලට
ආදරේට කියපු කවිය උගුරේ හිරවුනාම
තනි අතින් අත්පුඩි ගහන්න බැරි බව නොදැන හිටියට
මගේ හිත නං රිදුන හොඳටම
අදටත් මුකුත් උනේ නෑ වගේ ඉන්න විදිහට
නින්ද නැතුව රෑ වෙනකන් කතාකරපු පලියට
උඹ ගැන හිත හිත ඇවිදපු හැතැප්ම ගානට
මොනවා උනත්,හැමදේම උනේ මගේ හොඳට
අන්තිමට හම්බුනු ලයිට් කණුව ලගට
ආපහු හිත හදා ගන්න කොච්චර නං කල් ගියාද
හෙබ්බාල් වැව ගාව මල් පිපෙන කාලෙට
තාමත් කොච්චර ලස්සනද
51.584895
-0.280068

සින්දුව මෙතනින් අහන්න
කඳු අතරින් උදේ හවා රියසක හසුරන මාගේ
සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ
එක හිත නැති නුඹේ හිතත් දහඅට වංගුව වාගේ
මැද නුවරින් මං එනකොට නගාගෙන මහා කන්ද දිගේ
ඉස්සර නං නුඹ හිටිය උඩුදුම්බර හිච්චි නගේ
දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොඳේ
මගේ හිතත් සැලෙන්නේ නෑ හුන්නස්ගිරි කන්ද වගේ
කන්ද බැහැල මහියංගන වෙහෙර වඳිමු අපි දෙන්නා
කියූ වදන් ගොලුකරගෙන දුම්බර උත්පලවන්නා
වාන් දමන්නට කලින් බැම්ම උඩින් හිත පන්නා
කඳුළු ගැසුණු මගේ හිතත් කුළු ගගටම දන් දුන්නා
මේ සින්දුව මම මුලින්ම ඇහුවේ ඉරිදා දවල් 12 යන සිරස එෆ්.එම්.
රස රිසි ගී වැඩසටහනෙන්.ගායකයා කුමා අත්තනායක.
මට මුලින්ම ඇතිවෙච්ච හැගීම තමයි, යම් ගීතයකට අසන්නාගේ හිතේ යම් රූපාවලියක් මවන්න පුළුවන් නම්,
මේ ගීතය ඒ අරමුණ ඉහලින්ම ඉටුකරන ගීතයක් කියන එක.
මම අන්තිමට මහියංගනය දහඅට වංගුව පැත්තේ ගියේ 1998 හෝ ඊට කලින්.
ඒ නිසා ඒ පිලිබඳ මතකය වයස අවරුදු 14 පොඩි කොලුගැටයෙකුගේ මතකය පමණයි.
නමුත් මෙහි සඳහන් තැන ගැන නැවත ගිහිල්ල හොයල බලන්න තරම් කුතුහලයක් මේ ගීතය මාව පොළඹවනවා.
ඔහු මහියංගනය පාරේ බස් රථ රියදුරෙක්. ඔහුගේ හැගීම් තමන් හැමදාම
අත්විඳින පරිසරයට කොච්චර බද්දවෙලා තියෙනවද කියනවනම්,තමන්ගේ හැගීම් වලට වටිනාකම් ලබා දෙන්නේ තමන් අවට උප-සංස්කෘතියේ අංග වලින්.
ඔහුගේ හැගීම් ප්‍රකාශණය අහිංසකයි,එමෙන්ම අවංකයි.
ප්‍රේමයේ විරහව ඔහු විඳගන්න ආකාරය සිත්ගන්නාසුළුයි.
හෙට දවස ගැන ඔහුගේ බලාපොරොත්තුව සුභවාදී එකක්.
51.584895
-0.280068
බින්දු පිපෙන තාලේ
ගී සින්දු මොටද ආයේ
හැඩකාර නුඹගේ චායා
පිනි බින්දු හැමත වෑහේ
මහද පීදෙනා
හැඟුම සෝභානා
හිත හඬන වේදනා
මහද නැගෙනා
ආදරේ කී
රාවණ වෙන්නද මා
අහසින් ඉගිලී
සුළගේ පාවී
ආ ඒ රාවණාද මා
මේ සින්දුව මම දවසක්දා විද්‍යාගේ (මගේ දකුණු-අත) ෆෝන් එකේ සින්දු අහ අහ ඉන්න
කොට තමයි හම්බ වුනේ.
මුලින්ම මගේ හිත ගත්තේ ඒ සින්දුවේ වචන කොච්චර සරලද,
සංගීතය කොච්චර ස්වාභාවිකද කියන කාරණේට.
ඊළඟට ඒ වචන ටිකේ තියෙන බලයට සහ ඒවා තුලින් පිටකරන්න හදන
හැගීමෙ ප්‍රබලත්වයට.අවම සංගීත භාණ්ඩ භාවිතය සහ කටහඬ හසුරුවන පරාසය තුලින්
ඒ වචනවලට වැඩිපුර බරක් දීල තියෙනවා කියලයි මට හිතෙන්නේ.
අනෙක් දේ තමයි රාමා-සීතා කතා පුවතේ එන “දඬුමොනරය හිමි රාවණා කුමාරයන්”
මෙහිලා ස්පර්ශ කිරීම හෙවත් උපුටා දැක්වීම.
රාමායනයේ කතාව කොහොම කිව්වත්,
ඇත්තටම රාවණාට සීතා කෙරෙහි ඇතිවූ හැගීම් මොනවගේ වෙන්න ඇතිද?
සමාජ සම්මතය හෝ පිළිගත් මතය කෙසේවෙතත්,
ඔහුට ඇය කෙරෙහි ඇතිවූ හැගීම මෙන්ම ඔහු-ඇය අතර සබැඳියාව වෙනම කතාවකි.
හිතාගන්න බැරි තරමට ලස්සනට කාන්තාවකට ආදරේ හිතුනම,
හිතාගන්න බැරි දේවල් කරන්න පිරිමියෙකුට් පෙළඹෙන්න පුළුවන්.
මොනවා උනත් ඔහුගේ සිතුවිලි කොච්චර ප්‍රබලද කියනවනම්,
ඔහු ඇය වෙනුවෙන් රාවණා කෙනෙකු වී මුළු මහත් ලෝකයකට වුවද එරෙහිව යාමට වුවද සුදානම්ය.
මෙහි පද රචකයා ලංකා චාමර (අයියා).
(ඔහු තමයි “කැරොකි” , “තාල භාවනා” වේදිකා නාට්‍ය වල නිර්මාණකරු)
තනුව සහ ගායනය අසංග මානගේ.
51.584895
-0.280068

මට කියාදෙන්න දැහැමින්
හිත හදාගන්න යහමින්
මට ආදරෙයිද කෙතරම් ?
අවසන් නිශාන්තයේ
නිදි නොමැති දෑස් අගින් පින්තාරු කල සිතුවිල්ලේ
තනිවෙන්න බෑ
ප්‍රේමේ යුගාන්තයේ
කඳුලක් සමීපයේ
කල්පාන්තයේ ලතැවිල්ලේ
නවතින්න බෑ
මේ සින්දුව කාගේද කියල මම අදටත් දන්නේ නැහැ.
මේ සින්දුව ගැන කව්රු හරි දන්නවා නං මටත් කියන්න.
මේක මීට අවුරුදු 4 කට විතර කලින් රේඩියෝ එකේ යනකොට ඇතිවෙච්ච ආසාවට මම දඩ බඩ ගාල කොලේක ලියාගත්තා අමතකවෙයි කියල.
ඊයේ පෙරේද තමයි මේ කොළ කෑල්ල ආයේ හම්බුනේ.
ජීවිතේ කොච්චර කලබලද,
කොච්චර කාර්යබහුලද,
මගේ වැඩ කොච්චර අපිලිවෙලද,
කියල හිතුන.
හුඟක් වෙලාවට අපි කරන්නේ
“අපිට ඇත්තටම කරන්න ඕනේ දේවල් නෙමෙයි ,
අපිට කරන්න වෙලා තියෙන දේවල්”.
(මේක අදහස ගැන මුලින්ම හිතුනේ O/L කාලේදී Literature වලට
ඉගෙන ගත්තු රොබට් ෆ්රොස්ට් ගේ කවිය හින්ද.
එක ගැන වෙනමම කතා කරන්න වෙනවා.)
ජීවිතයේ එක ප්‍රේමණීය සන්ධිස්ථානයක් පහුකරන සංවේදී පෙම්වතෙකුගේ
අහිංසක හැගීම් මේ විදියට වචන වලට හරවල තියෙන්නේ.
එක්තරා යුගයක් පැරණි ප්‍රේමයකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමුදෙන්නට
ඔහුට සිදුවෙනවා.
එතනින් එහාට දළු ලා ලියලන ජීවිතයට සුන්දර අතීත මතකය පමණක් රැගෙන යන්නට ඔහුට සිදුවී තිබෙනවා.
51.584895
-0.280068

“කලින් මෙතන ගෙයක් තිබුනද?”
කියල හිතාගන්න බැරි තරමට,
බිමට සමතලා කරලා දාපු තැනක…
සීසීකඩ විසිරිලා තියෙන සුන්බුන් අස්කරලා
හොඳ නැකතක් බලල
පහනක් පත්තු කරලා
අලුතින් ගඩොල් පේලියක් තියල
බිත්තියක් ඉහල නග්ගල ගත්ත වගේ
51.584895
-0.280068
නවතම ප්‍රතිචාර