තාත්තා | a boy’s biggest hero
මේ ඊයේ පෙරේදා මග යාලුවෙක් අහන මගෙන්,
“මචන්,උඹ ඇයි උඹ උඹලගේ තාත්ත ගැන කියන කතා
බ්ලොග් එකේ ලියන්නේ නැත්තේ” කියල.
මම කිව්වා “මචන්,තාත්ත ගැන ලියන්න මට එක ලිපියක් මදි,
එකට අලුතෙන් බ්ලොග් එකක් පටන් ගන්න වෙයි කියල”.
මම හිතන්නේ තමන්ගේ තාත්ත කියන මනුස්සයා තරම් කොල්ලෙකුට තමන්ගේ ජීවිතයට
බලපාන වෙනත් පුද්ගලයෙකු ඇති කියල.
(තමන්ගේ අම්ම හැරුනාම)
මේ ලඟදි මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් නැතිවුණා.
ඊට පස්සේ අපේ කට්ටිය අතරේ තමන්ගේ තාත්ත ගැන ලොකු කතා බහක් ඇතිවුනා.
අනිත් අය ගැන මම දන්නේ නැහැ.
මට නම් තාත්ත ගැන තියෙන හැගීම කරුණාරත්න දිවුල්ගනේ ගේ
” අන්දරයායේ ” සින්දුවේ පදවල වගේ.
ඒ තරමට තාත්ත කියන පුද්ගලයා දරුවෙකුට මහා ලොකු කෙනෙක්.
“අන්දරයායේ වැව්තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චිචී
දොලේ දියයි මට
කෙතේ නිලයි
ගහ වැලේ මලයි
මට අප්පච්ච්චී “
පහල තියෙන ලිපිය අපේ තාත්ත මට කියවපන් කියල එවපු
ෆෝවර්ඩ් මේල් එකක තිබ්බ ලිපියක්.
= නිර්මාණශීලී නිමැවුම =
ඒ හිටපු ඇමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ,
ජනාධිපති ධුරය ලබා සිය ප්‍රථම කතාව පවත්වන දවසයි.
ඔහු කතාව පැවැත්වීමට වේදිකාවට යන අතරතුර එක අයෙක් මෙසේ පවසන ලදී.
ලින්කන් මහත්තයා,
ඔබ අමතක කරන්න එපා,ඔබේ තාත්ත තමයි අපේ මුළු පවුලටම සපත්තු හැදුවේ …”
මේ කතාව අහල මුළු සෙනෙට් සභාවම හිනාවුනා.
කට්ටියම හිතුවේ ඒ ගොල්ලෝ ලින්කන්ව මෝඩ ගොඩයෙක් විදියට
සමච්චලයට ලක් කළා කියල.
නමුත් ඒබ්‍රහම් ලින්කන් කියන්නේ අමුතුම ජාතියේ මිනිහෙක්.
ඔහු අර පුද්ගලයා අමතල මෙහෙම කිව්වා
මහත්මයා ,
මම දන්නවා මගේ තාත්තා ඔබේ පවුලේ සපත්තු හැදුව කියල.
ඔබට විතරක් නෙමෙයි,
මෙතන ඉන්න අය කීප දෙනෙක්ගේ පවුල් වලට සපත්තු හැදුවේ මගේ තාත්තා තමයි.
එකට හේතුව,මගේ තාත්ත සපත්තු විදියට වෙන කාටවත් සපත්තු හදන්න බැහැ.
ඔහු නිර්මාණශීලී පුද්ගලයෙක්.ඔහු හදපු සපත්තු නිකම්ම නිකම් සපත්තු නෙමෙයි.
ඔහු තමන් හදන සපත්තුවකට සිය ආත්මයම මුසුකලා.
මම ඔබේ අහන්න කැමතියි.
ඔබ ඒ සපත්තු පිළිබඳව සැහීමකට පත්වෙනවද?
කිසියම් අඩුපාඩුවක් තියෙනවනම් කියන්න,
මොකද මමත් දන්නවා සපත්තු හදන්න.
මට පුළුවන් ඔබට අලුත් සපත්තු ජෝඩුවක් හදල දෙන්න.
නමුත් මම දන්නා අද වෙනතුරු මගේ තාත්තගේ සපත්තු ගැන පැමිණිලි ලැබිල නැහැ.
මගේ තාත්තා විශිෂ්ටයෙක්.
විශිෂ්ට නිර්මාණකරුවෙක්.
මට ඔහු ගැන ආඩම්බරයි.
මේ කතාවෙන් පස්සේ,සෙනෙට් සභාවේ දැඩි නිහඬතාවයක් ඇතිවුනා.
ඔවුන්ට ලින්කන් කෙබඳු පුගලයෙක්දැයි
තේරුම්ගන්නට බැරි උනා.
ඔහු සපත්තු හදන රස්සාව නිර්මාණශීලී කලාවක් බවට පත්කර තිබුණි.
ඔහු සිය පියා දැඩි කැපවීමෙන් සාර්ථකව කරගෙන ගිය රැකියාව පිළිබඳව ආඩම්බර විය.
අප කරන්නනේ කුමක්ද යන්න එතරම් වැදගත් වියයුතු නොවේ.
වැදගත් විය යුත්තේ අප එය කරන්නේ කෙසේද යන්නන්යි.
එය කෙරෙහි අපේ ඇති ආදරය,
එය කිරීම උදෙසා ගොඩනගාගන්න දෘෂ්ඨිය සහ ආකල්ප
යන සියල්ල එකට එකතු වූ විට,
අත තබන සියල්ල “රත්තරන්” බවට පත්වන සුත්‍රය නිර්මාණය වේ.
අතුරු සබැදි :
මේ පිළිබඳව ඉංග්‍රීසි ලිපිය allmalyf.wordpress.com තුලින්








සමහර වෙලාවට හිතේ තියෙන සමහර හැඟීම් පිටකරන්න හරිම අමාරුයි..! මොකද ඒ දේට මගේ හිතේ තියෙන ආදරේ වැඩි හින්දා..! ඒ මගේ හැටි වෙන්න ඇති..! මගේ ඉස්සරහින් ජීවිතේ කියා දුන්න අය අතර තාත්තා ඉස්සරහින් ම ඉන්න වග නම් සත්‍යක්..!
I’m following this blog form last couple of months and have to say this is one of my favorites. Keep up the good work
සියට සියක්ම එකගයි..ස්තුතියි…
ඉලන්දාරියාටත් ඉස්තුතියි!
පිය සෙනෙහස… මව් සෙනෙහස ගැන කොහොම ලියල ඉවර කරන්නද බොල…. මම මේ ආවමද මන්ද මේ පැත්තෙ
@LishWish – උඹෙයි මගෙයි අදහස එක වගේ මචන්!
@Yasiru – Thanks Brov,that’s so nice of you!
@palamalla – අද ගොඩවෙච්ච එකට පලාමල්ලට පින්!
අප කරන්නනේ කුමක්ද යන්න එතරම් වැදගත් වියයුතු නොවේ.
වැදගත් විය යුත්තේ අප එය කරන්නේ කෙසේද යන්නන්යි.
Keep up the good work………….diz is my fav
Thanks Samith!
Appreciate That!
puthalage witharak nemei duwalageth lokuma hero thaththa thamai.(amma arunama).
man mewa kiyawanna gaththe lagakadi idan. lagakadi idan wunath meka thamai mage favorite. keep up good work.
Thanks Senari!