අයි කැන් ස්පීක් විතරක් නෙමෙයි…!
1
ඒකට දාපන්,උඹගේ කඩ්ඩ අවුලක් නෑනේ? හරියයි !”
1
මගේ යාලුවෙක් මට කියපු දෙයක් තමයි මේ.
මේ දවස්වල හෝ ගාල ජොබ් වලට ඇප්ලිකේෂන් දානවා.
තාම නං,මොකක්වත් හරියන පාටක් නැහැ.
1
යාළුවගේ මේ කතාවත් එක්ක මට, අපේ රටේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඇති ආකල්ප සහ මගේ අත්දැකීම් හෝ ගාල මතක වෙන්න ගත්තා.එකත ඒ කාලේ පෙනිච්ච හැටි සහ දැන් පේනහැටි.
මම 3 වසරේ විතර ඇති.දවසක් අපේ ගමේ ගෙවල් ගාව තාත්තගේ යාලුවෙක් හිටියා.ඒ පවුලම පදිංචිය එංගලන්තේ.ඒ අය්යල දෙන්න ඉපදිලා තියෙන්නේ එංගලන්තේ,සිංහල වචන බොහොම ස්වල්පයයි දන්නේ.
අපි දවසක් ඒගොල්ලො නිවාඩුවට ලංකාවට ආවම අපි එහෙ ගියා.
යන ගමන් අපේ තාත්තා කියනවා.
1
“හ්ම්ම්! ඒ ළමයි උඹල වගේ නෙමෙයි!
ඉන්ග්ලිෂ් ස්පීකින් බෝය්ස්ලා,
ගිහින් කතා කරන්න ඕනේ උන් දෙන්න එක්ක!”
1
මොන කරුමයක්ද මේ පාත් වෙන්න යන්නේ…?
ඒ වෙනකොට ජීවිතේටම ඉංග්‍රීසියෙන් කතා කරලා තියෙන්නෙ,ඉස්කෝලේ ඉන්ග්ලිෂ් පීරියඩ් එකේ විතරයි.ඒ ඇරෙන්න ඉංග්‍රීසි අහල තියෙන්නෙ තාත්ත ඔෆිස් එකේ පොරවල් එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කරනවා විතරයි.ඉතුරුව් ටීවී එකේ.
ඉංග්‍රීසියෙන් ලියන එක,කියවන එක වෙනම කථාවක්.
කතා කරන එකනේ ගේම.
මම ලොකු ටෝක් එකක් දුන්නා තාත්තට,
1
“මේක මාර වැඩක් නේ!
මමමොකටද ඒ ගොල්ලො එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ,උන්ට සිංහලෙන් කතා කරන්න ඉගෙන ගන්න කියන්න.
මම කවද හරි එංගලන්තෙට ගියොත් උන් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්නම් “කියල.
1
පිස්සු හැදෙනවා කියන්නෙ,
තාත්ත මේ කතාව කට්ටියම ඉස්සරහ කිව්වනේ.
වස ලැජ්ජාව!
එදා යන්තන්,වැඩේ ශේප් කරගත්තට ඊට අවරුදු ගානකට පස්සේ ඇත්තටම එංගලන්තේදී උන් දෙන්න එක්ක කතා කරන්න උනා.
1
ඔන්න ඕක තමයි අපි පොඩි කාලේ කතාව
සහ
ලංකාවේ බහුතරයක් අපේ පරම්පරාවේ කතාව.
1
1) සබකෝලය සහ අපි වැරදියට කතා කලොත් මිනිස්සු අපිට හිනාවෙයි කියල තියෙන බය.
2) ඉංග්‍රීසි බැරිවීම කෙලින්ම මෝඩයන්ගේ ගොඩට වැටීමක් යයි සිතීම.
3) අනිත් දේවල් බැරි වුනත් කමක් නෑ, “කඩ්ඩ ගොඩ නම් – කොල්ල ගොඩ කියල හිතන එක”.
1
මේ හුඟක් දේවල් අපි ඉස්කෝලේ යන කාලෙත් එහෙමයි,තාමත් වෙනසක් වෙලා නැහැ.
වෙන එකක් තියා,ඉස්කෝලේ යන කාලේ,ප්‍රධාන ශිෂ්‍ය විධායක තනතුර තෝරන සම්මුඛ පරීක්ෂණයක ඉංග්‍රීසි භාෂාව භාවිතය පිළිබඳව වෙනම පරීක්ෂනයක් තිබුනා.
ඉස්කෝලේ ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුතුමියක් තමයි පරීක්ෂණය කලේ.
ඒක ඉවර වෙලා,ඇය මගෙන් අහනවා,
1
“ ඇයි,මම ඔයාව දන්නේ නැත්තේ?
ඔයා ඉංග්‍රීසි දිනවලට එහෙම සහභාගී වෙලා නැද්ද? ”
1
මම කොහොමද දන්නේ ,ඇයි ඇය මාව දන්නේ නැත්තේ කියල.
මම කිව්වා මම දන්නේ නැහැ කියල.
මම ඉංග්‍රීසි දිනවල වැඩසටහන් වලට එහන් මෙහෙන් සහභාගී වෙලා තියෙනවා කියල.
ඇයට පුදුමයි,ඇය මාව අඳුරන්නේ නැත්තේ කියල.ඇය හිතාගෙන ඉඳල තියෙන්නෙ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උනොත් හරි,ඉංග්‍රීසි සාහිත්‍යට “ඩී” එකක් තිබ්බොත් ,
මුළු ජීවිත කාලෙම කතා කරන්නෙ ඉංග්‍රීසියෙන් කියල.හච්චිමක් යවන්නෙත් ඉංග්‍රීසියෙන් කියල!බිම වැටුනොත් “බුදු අම්මෝ!” කියන්නේ නැතුව “අවුච්!” කියයි කියල!
1
අනිත් එක මිනිහෙක් දිහා බැලුවම මනිනවා ඌට ඉංග්‍රීසි පුලුවන්ද බැරිද කියල,
දෙය්යනේ මේකට කියන්නේ වහල් මානසිකත්වය!
1
ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පන්තිය තුල ඉංග්‍රීසි භාවිතය ප්‍රචලිත නොවීමට ප්‍රධාන ආකල්ප 3ක් තියෙනව.
1
1) කවුරු හරි පොඩ්ඩක් හරි ඉංග්‍රීසියෙන් කතාකරගෙන ගියොත්, ඔහුට හෝ අයට අනුබල නොදීම හා ඔහු හෝ ඇය කොන් කිරීම.
1
ගුඩ් මෝනින්ග් අය්යේ!
ෂඃ! මල්ලි කඩ්ඩ ආහ්…….!
1
ඌ ඉතින් ඊට පස්සේ කතා කරයිද අපහු?
1
2) ඉංග්‍රීසි දන්නා එකා,ඌත් එක්ක ඉන්ග්‍රීසියෙන් කතා කරන්න දඟලන ඉංග්‍රීසි පොඩ්ඩක් දන්නා එකා කපලම දාන එක,පොඩි චාන්ස් එකක් වත් නොදෙන එක.
1
ඕ ලෙවෙල් ඉවර වෙලාද කොහෙද තාත්ත සල්ලි දුන්නා බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ලයිබ්‍රරි ඒකට බැදෙන්න.
අම්මටසිරි!
කොට කලිසන් ඇඳගත්ත ගෑනු ළමයි සුරුස් බුරුස් ගා,ඉංග්‍රීසියෙන් කතා කරති.
මමද ලංකාවේ මධ්‍යම පාන්තික නිදහස් අධ්‍යාපනය ලබන සිසුවෙක්මි.
මොනවා උනත් මේ කෙල්ලන් ඉස්සරහා ඉංග්‍රීසි වැරදුනොත් මමද ගොඩයෙක් බවට පත්වේ.
දුන්නා F.B.I. ගේමක්.
වටපිට නිරීක්ෂණයෙන් පෙනී යන්නේ,එතන රිසෙප්ෂන් එකේ ඉන්නේ මාවැනි එකෙකි.
නමුත් ඌද වැර යොදා කඩුව පාවිච්චි කරයි.
මට උවමනා ඇප්ලිකේෂන් එකක් පමණි.
ඒ සදහා අවශ්‍ය වන ඉන්ග්‍රීසි වන්නේ “කැන් ඇයි හෑව් ඇන් ඇප්ලිකේෂන් ප්ලීස්? ” පමණි.
ඇතිවූ දෙබස මෙසේය.
1
“ කැන් ඇයි හෑව් ඇන් ඇප්ලිකේෂන් ප්ලීස්? “
“ මල්ලි,රුපියල් විස්සක් දෙන්න? ”
1
මට ඌව මරාගෙන කන්න කේන්තිය.
යකෝ,මූ ඉංග්‍රීසි අකුරක් බැරි එවුන්ට කියන ඉංග්‍රීසි තේරුම් ගන්න පන්ති යන්න වෙනවා.මුගෙන් දන්න ඉංග්‍රීසියෙන් කතා කලාම ඌ සිංහලෙන් කතා කරනවා.
1
3) අනිත් එක ඉංග්‍රීසි ඉගෙනීම සිංහල බෞද්ධ සංස්කෘතිය සහ සදාචාරය පාවාදීමක් යයි සිතීම.
1
ඕක තමයි සිද්ධිය.
ඉංග්‍රීසි භාෂාව කියන්නේ අනිවාර්යෙන්ම අපිව ලෝකය වෙත රැගෙන යන ආයුධයක්.
ඒක අත්‍යවශ්‍ය සාධකයක්.
එකට හේතුව,ඒක හොඳ භාෂාවක් වීම නෙමෙයි,
එංගලන්තෙන් ලෝකෙ වැඩිහරියක් අල්ලාගෙන හිටපු හින්ද,
ලෝකේ වැඩි හරියක් රටවල් වල එක සම්ම්මතයක් විදියට ප්‍රචලිතයි.
1
නමුත් ඉංග්‍රීසි භාෂාව අපේ මවු භාෂාව තරම් පැරණි,පරිනාමය වෙච්ච පරිපුර්ණ භාෂාවක් ලෝකේ කොහෙවත් නැහැ.
සිංහලට වඩා පරණ දියුණු භාෂාවලට තියෙනවා නම් තියෙන්නෙ පාලි සහ සංස්කෘත.
ඒ වුනත් ඒවාට වඩා සිංහල භාෂාව අද භාවිතය අතින් ඉදිරියෙන්.
අපට ලංවෙන්න පුළුවන් හින්දි සහ උර්දු භාෂා වලට් විතරයි.
ඒ භාෂා අපට සමකාලීනව පරිනාමය වෙච්ච ඒවා.
1
දෙමල භාෂාව සිංහලට වඩා පරම්පරාවක් පස්සෙන් ඉන්නේ.
ඒකයි දෙමල වල “ස,ච” වලටයි, ”ට,ද” වලටයි එකම අකුරක් භාවිතා වෙන්නේ..
සුද්දොන්ට අපේ නම කියන්න බැරි උනාට අපිට රුසියන්,ජපන් ආදී ඕනෙම භාෂාවක ඕනේ වචනයක් උච්චාරණය කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒකයි.









නවතම ප්‍රතිචාර