= අපේ ආදරේ =
*
*
*
*
*
ආදරය පැරදුනු විට,
මෙතරම් හදවත ගිනිගන්නේ ඇයිද?
*
සඳ ඇත්තේ බොහෝ දුරිනි.සඳෙහි පැහැය සුදුය.
සුදු පැහැය පිටුපසින් ඇත්තේ රාත්‍රියයි.
රාත්‍රියේ පැහැය කලුය.
*
ඇගේ සමෙහි පැහැය සුදුය.
ඇගේ හදවතෙහි පැහැය කලුය.
ඇසට ඇස මුණගැසුණි.
මගේ අනාගතය අඳුරුය.
*
අතෙහි වීදුරුව ඇත.වීදුරුවේ විස්කි ඇත.
ඇස් කඳුලින් පිරී ඇත.
ජීවිතය හිස්ය.
ඇය පැමිණිදා සිට ජීවිතය රිවර්ස් ගියරයට වැටී ඇත.
ආදරය,මගේ ආදරය…,
මට කොකා පෙන්වා ඇත.
*
දෙවියනි,මට මෙය ඔබට ඇසෙන්නට කියන්නට උවමනාය.
මම ටිකෙන් ටික මියයමින් සිටිමි.
ඇය සතුටින් සිටින්නේ කෙසේද?
**

මේ අතිශය ජනප්‍රිය ගීතයේ ගායකයා,අති ජනප්‍රිය දකුණු ඉන්දීය දෙමල චිත්‍රපටි නළු රජිනිකාන්ත්ගේ බෑණා වන ධනුෂ්.

*

*
*
මේ කවිය 2003 දී ලක්බිම පත්තරේට ප්‍රින්ස් සේනාධීර ලියපු කවියක්.
කවිය මුලින් කියවල අවුරුදු ක් විතර උනාට පත්තරෙන් කපාගත්තා කෑල්ල මම ගාව අවුරුදු ගානක් තිබුනා.
මේක මම ජීවිතේටම දැකපු පරිපුර්ණම කවිය.මට දැනෙන්නේ මේ කවියට “පණ” තියෙනවා වගේ කියල.
ඒ දවස් වල මට හිතුනේ කවි ලියනවා නම් මේ වගේ කවියක් ලියන්න ඕනේ කියල.
සින්දුවක් ලියනවා නම් චරිත් සේනාධීර ලියනවා වගේ ලියන්න ඕනේ කියල.
මේක නැතුව බ්ලොග් එක අසම්පුර්නයි වගේ කියල හිතුනා.
මේ 1964 වසරයි,ඒ කාලය වන විට මලල ක්‍රීඩකයන්ට අද මෙන් අනුග්‍රාහකයන්, මිල මුදල්,යාන වාහන, ත්‍යාග ආදිය ලැබුනේ නැත. මද සෙම්ප්‍රතිශ්‍යා ගතියකින් පෙලුනු කරුණානන් ද මීටර් 10000 තරගය සදහා සහභාගී වුනේ දුර්වල වූ ශරීර ශක්තියකින් යුතුවය. තරගය ප්‍රථමයෙන් නිමා කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් තරගය නිමා කරන විට කරුණානන්ද ඔහු හා එක පෙලට තරග කරමින් සිටියේය.
එයට හේතු වූයේ ඒ වන විටත් කරුණානන්ද වට හතරක් පසු පසින් අවසානයට තරග වදිමින් සිටීමයි. ප්‍රථම දෙවණ හා තෙවන තරග කරුවන් තරගය නිමා කල විට සෙසු බොහෝ ක්‍රීඩකයන් තරගයෙන් ඉවත් වූහ. කරුණානන්දටද ඕනෑම මොහොතක තරගයෙන් ඉවත් වීමේ හැකියාව තිබුනි. නමුත් ඔහු එසේ කලේ නැත,දිගටම ධාවනයේ යෙදුනි.
තරග නරඹන්නන් විශ්මයට පත් වුනි. ඔහු එක වටයක් නිමා කරන විට නරඹන්නන් ඔහුට උසුලු විසුලු කලේය. මුලු ක්‍රීඩාංගනය පුරා සරදම් සිනා හඩ පැතුරුනි. නමුත් කරුණානන්ද නිහඩව ධාවනයේ යෙදුනි.
දෙවණ වටය අවසන් කරන විට නරඹන්නන් නිහඩ විය.
තෙවන වටය අවසන් වන විට ඔහු වෙනුවෙන් ප්‍රීති ඝෝශා නැගුනි.
කරුණානන්ද තරගය නිමා කරන විට සියලුම නරඹන්නන් තම අසුන් වලින් නැගිට අචාර කල අතර තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් නරඹන්නන් ගේ දෙනෙත් කදුලින් තෙත් විය.
එම තරගය ජයග්‍රහනය කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් පසුව පැවසුවේ තරගයේ රන් පදක්කමට නියම සුදුස්සා කරුණානන්ද බවයි.
තරගය නිම වී දින ගණනක් ගත වූවත් කරුණානන්ද පිලිබද මහත් පැහැදීමකින් පසු වූ ජපන් ජනතාවගෙන් ඔහුට ත්‍යාග රාශියක් ලැබුනි.ඔහුගේ ක්‍රියාව අගය කර කරුණානන්ද මහතාට ජපානයෙන් රැකියාවක්ද ප්‍රදානය කල අතර,ඔහු ජපානය බලා පිටත් වීමට දිණ කීපයකට පෙර ඔහු අභිරහස් ආකාරයට මරණයට පත් වුනා. මේ පිලිබදව විවිධ මත පල වූ අතර ඔහුව ඝාතනය කල බවට එක් මතයකුත් ඔහු හදිසි අනතුරකින් මිය ගිය බවට තවත් මතයකුත් පල වුනා.කරුණානන්ද මහතාගේ මරණය දරා ගත නොහැකි වූ ඔහුගේ බිරිදගේ සිහි විකල් වූ අතර ඔහුගේ පවුල අන්ත අසරණ වී පාරට වැටෙන තත්වයට පත් වුනා. ඒ ඔහුට අපෙන් ලැබුන කලගුන සැලකීමයි!!!
මිනිස් අධිෂ්‍ඨානයේ මහිමය ගැන පාසල් ළමුන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුල් විය. නමුත් අද ශ්‍රී ලංකාවේ රණතුංග කරුණානන්ද ගැන දන්නා ළමුන්/වැඩිහිටියන් කී දෙනෙකු සිටීද? ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය තුල අද මෙම ශ්‍රේෂ්ඨ මලල ක්‍රීඩකයා ගැන සදහනක් නොමැත. එම තරගයේදී රට වෙනුවෙන් පදක්කමක් දිනා දීමට ඔහු දැරූ උත්සාහයට සහ ඔහු තුල පැවති ක්‍රීඩාශීලීත්වයට ආර්. කරුණානන් ද වැනි සැබෑ විරුවෙකුට අප ගරු කල යුතු අතර අප රටේ එතෙක් මෙතෙක් ඔහු තරම් ධෛර් යමත් අධිෂ්ඨානශීලී ක්‍රීඩකයෙක් බිහිව නැතුවාට සැක නැත.ජයග්‍රහන පමනක් බලාපොරොත්තුවෙන් තරග වැදී පරාජය හමුවේ වියරු වැටෙන අද ක්‍රීඩකයන්ට කරුණානන්දගේ කතාව සැබෑ ආදර්ශයක් වනු නොඅනුමානය(මෑතකදී අගනුවර පාසල් 2ක් අතර පැවති රගර් තරගයක් අවසානයේ පරාජිත පිලේ ක්‍රීඩකයන් ජයග්‍රහනය කල පිලේ ක්‍රීඩකයන්ට කල අමානුෂික පහරදීම සිහිපත් කිරීම වටී).
ජීවිතයේ ඔබ මානසිකව ඇද වැටී අධෛර්යමත්ව සිටින මොහොතක රණතුංග කරුණානන්ද නම් වූ ඒ අසහාය ශ්‍රී ලාංකිකයා ගැන සිහියට නගා ගන්න.
ලෝකයා ඔබ කරන දෙයට සිනා සෙන විට නරඹන්නන් ගේ සරදම් මැද තනිවම වට හතරක් ඔහු ධාවනයේ යෙදුනු ආකාරය සිහිපත් කරන්න.
*
*
*
*
නවතම ප්‍රතිචාර