” මිටියාවතේ දුම්රිය “
*
උපුටාගැනීමකි.
*
අන්තිම දුම්රියත් නික්මිණි
ඔබ නොපැමිණම
*
සඳ අදත් නැගෙනු ඇත
මිටියාවතට ඉහලින්
ඊයේ මෙන්ම අද රැයෙත්
මා අවදියෙන් තබමින්
*
මිටියාවතේ අතටම පාළුව දිගහැරී තිබුණි
මිටියාවතේ මැද
තනිවූ එක ගසක් මත කුරුල්ලෙක් විය.
මට හෙවනැල්ල විය.
*
හඬ කෙමෙන් වියැකී
දුම්රිය පුංචි වී යයි
අහසට විදින එහි දුම්කඳ
විවිධ හැඩතල
ඔබ ගැන මා ගැන
*
අහස්තල බැබලෙයි
මසිත් අහස තල අඳුරුයි
මේ වෙලාවේ ඔබ කොතනකද
කෙලෙසකදයි විමසයි.
*
ඔබේ මතකයෙන් වැටී
ගිලන්වී
මිටියාවතේ
මට මා මතක නැති විය.
*
මට මාව අමතකව
ඔබව පමණක් මතක් වේ.
*
සැන්දෑව වියකෙයි
රාත්‍රිය එළඹෙයි
මේ නොවෙයි තනිවූ එකම රැය
තනිකමට ලියු එකම කව.
*
ඒ වුනත්
හෙටත් ජීවිතය අලුත් පියවර තබයි.
ඔබ නැතත්
මිටියාවතේ දුම්රිය නොවරදියි.
*
ප.ලි.
*
මේ කවිය 2003 දී ලක්බිම පත්තරේට ප්‍රින්ස් සේනාධීර ලියපු කවියක්.
කවිය මුලින් කියවල අවුරුදු ක් විතර උනාට පත්තරෙන් කපාගත්තා කෑල්ල මම ගාව අවුරුදු ගානක් තිබුනා.
මේක මම ජීවිතේටම දැකපු පරිපුර්ණම කවිය.මට දැනෙන්නේ මේ කවියට “පණ” තියෙනවා වගේ කියල.
ඒ දවස් වල මට හිතුනේ කවි ලියනවා නම් මේ වගේ කවියක් ලියන්න ඕනේ කියල.
සින්දුවක් ලියනවා නම් චරිත් සේනාධීර ලියනවා වගේ ලියන්න ඕනේ කියල.
මේක නැතුව බ්ලොග් එක අසම්පුර්නයි වගේ කියල හිතුනා.
Categories: අහුලා ගත්තු දේවල්







ඇත්තටම නියම කවිය……