why this kolaveri di…? | வாயி திஸ் கொலைவெறி தீ?
*
ආදරය පැරදුනු විට,
මෙතරම් හදවත ගිනිගන්නේ ඇයිද?
*
සඳ ඇත්තේ බොහෝ දුරිනි.සඳෙහි පැහැය සුදුය.
සුදු පැහැය පිටුපසින් ඇත්තේ රාත්‍රියයි.
රාත්‍රියේ පැහැය කලුය.
*
ඇගේ සමෙහි පැහැය සුදුය.
ඇගේ හදවතෙහි පැහැය කලුය.
ඇසට ඇස මුණගැසුණි.
මගේ අනාගතය අඳුරුය.
*
අතෙහි වීදුරුව ඇත.වීදුරුවේ විස්කි ඇත.
ඇස් කඳුලින් පිරී ඇත.
ජීවිතය හිස්ය.
ඇය පැමිණිදා සිට ජීවිතය රිවර්ස් ගියරයට වැටී ඇත.
ආදරය,මගේ ආදරය…,
මට කොකා පෙන්වා ඇත.
*
දෙවියනි,මට මෙය ඔබට ඇසෙන්නට කියන්නට උවමනාය.
මම ටිකෙන් ටික මියයමින් සිටිමි.
ඇය සතුටින් සිටින්නේ කෙසේද?
**
*
*
ප.ලි
මේ අතිශය ජනප්‍රිය ගීතයේ ගායකයා,අති ජනප්‍රිය දකුණු ඉන්දීය දෙමල චිත්‍රපටි නළු රජිනිකාන්ත්ගේ බෑණා වන ධනුෂ්.
මේ ගීතය මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව මම දකින විදියට,
ගීතය ලියවිලා තියෙන ආකාරය.
ඉතාම ග්‍රාම්‍ය,දෙමල බස මවුබස වෙච්ච,සැලකියයුතු උසස් අධ්‍යාපනයක් ලද,
දකුණු ඉන්දීය දෙමල තරුණයෙකුගේ ඉංග්‍රීසි උච්චාරණ විදිය පදනම් කරගත්ත
ගායනය අලුත් අත්දැකීමක්.
*
නමුත් ඔහු නියෝජනය කරන පරම්පරාව,
සිතුම් පැතුම් ලංකාවේ තරුණයන්ට විතරක් නෙමෙයි
ඇමරිකාවේ යුරෝපයේ තරුණයන්ට උනත් පොදුයි.
උඩින් දාල තියෙන්නේ ගීතයේ පරිවර්තනයක් කියන්නම බැහැ.
එක අනුවාදනයක්.
ඒක එම ගීතය මම තේරුම් ගත්ත විදිහ
සහ
මට තේරුම් ගන්න උවමනා විදිහ.
*
Categories: මේ දවස් වල අහන සින්දු







දෙවියනි,
මට මෙය ඔබට ඇසෙන්නට කියන්නට උවමනාය.
මම ටිකෙන් ටික මියයමින් සිටිමි.
මට නිකමට වගේ හිතුන අයියා මේ ගීතය ගැන බ්ලොග් සටහනක් දායි කියලා.. ගීතයේ නියම තේරුම දැනගත්තෙ අද..
mara gathiii…..
මරු සිංදුව වරුණ මල්ලි. බෙදා ගත්තට ස්තූතියි. මට තියෙන එකම ප්‍රශ්ණේ අර video එකේ ඉන්න කෑල්ල කවුද කියලයි
කෑල්ල රජිනිකාන්ත්ගේ දුව අයිශ්වර්යා!
Even the paneer dosa hasn’t done as much as “why this kolaveri di” in bridging the gap between North and South India.
:-p
sng eka nam patta
ita wada ara kali deka supiri :*
සින්දුව බොහොම අගෙයි … සින්දුවේ කතාව කටත් පොදුයි .. කාලෙට ගැලපෙන සින්දුවක් ..
මොන කෑලිද බොලව්, උන්ට වඩා මේකේ Beat එක සුපිරි
නවීන් අයියට ආව ප්‍රශ්නෙමයි මටත් ආවෙ…
ඒත් මන් හොයන්නෙ ඒ කෑල්ල ගැන නෙවයි අනිත් කෑල්ල ගැන.. අනේ කව්රු හරි එයා කව්ද කියල කියන්නකො ??? පින් පින්