ඔබ නැති මේ රැයට…
ඔබ නැති මේ රැයට,
*
පුරසඳ එලිය කුමටද?
*
ඔබ නැති මේ බිමට,
*
නළමුදු සුවඳ කුමටද?
*
*
මහකනදරා වැවට සඳ වැටිලා,
*
දියේ ගිලේය විකල්වී.
*
තුරුහිස හාදු දිදී උන් කිරලුන්,
*
කොහේ ගිහින්ද ඉගිල්ලී?
*
*
හමුවී ඇසට ඇසක් නැගූ පහන්,
*
නිවී ගියාද නොකල් හී?
*
සුන්දර රාත්‍රියම මවිත් සිතින්,
*
බලා හිඳීවි නොසෙල්වී?
*
= සටහන =
*
තනිකම අඳුරුය.
මතකය සදාකාලිකය.
අතීතය සුන්දරය.
වෙන්වීම ශෝකජනකය.
*
කාලයත් සමග වයසට නියන ගීයක් වේ නම් මේ එයින් එකකි.
කාලයත් සමග වයසට නොයන ගායිකාවෝ වේද,
ඒ ගොඩට නන්ද මාලිනිය අයත් නොවිය නොහැක.
*
මහකනදරා වැව හැබැහින් දැක නැතත්,
මහකනදරාවට සඳවැටී දියේගිලී විකල්වන තරමට,
දැනෙන තනිකම අත්විද ඇති නිසා,
ගීත රචකයාගේ සිතුවිලි හදුනාගැනීමට අපහසු නැත.
*
හදිස්සියේ අහන්නට හම්බවෙච්ච මේ සින්දුව,
කොයි තරන් හිත කම්පාවට ලක්කලාද කියලා කියන්න තේරෙන්නේ නැහැ!
*
ගීතය මෙතනින් අහන්න.
*
Categories: මේ දවස් වල අහන සින්දු







නවතම ප්රතිචාර