= වසන්ත කවිය =
පෙබරවාරි 24, 2012
ප්රතිචාරයක් ලබාදෙන්න
*
මේඝ වලාවෙහි රැදී තිබුනේ ඔබ නමයි
මුදු සුලගේ රාවය ඔබ කටහඬයි
ඈත කඳුහිස රැඳී මීදුම ඔබ පහසයි
කාලයට සැඟවී නොයන ඔබ,
මා සමගම වයසට යනු ඇත.
*
කුරිරු ශීත ඍතුව බොදවෙමින් යයි.
මංමාවත් මලින් පිරී යාමට පටන් ගෙන ඇත.
ඔබ නොමැතිව මේ මග මට තනිව යාගත නොහක.
ගස්වැල් නැවත දළුලා ලියලන්නට පටන්ගෙන ඇත.
මට ඇත්තේ ඔබ පමණි.
මට උවමනාද ඔබව පමණි.
*
මට මාව පාලනය කරගත නොහැකිව,
අසරණවීමට පටන්ගෙන ඇත.
මගේ ශක්තියද,
දුර්වලකමද ඔබම වී ඇත.
මට ඔබ නොමැතිව තවදුරටත්
ජීවත්විය නොහැක.
මට සදාකාලිකව ආදරය කරන්න.
*
ඔබ මා ඉහලට ඔසවා තබා ඇත.
ඔබ මා ජීවිතය් වෙනස්කොට ඇත.
මා රැගෙන පියඹා යන්න.
*
Categories: "කවි" ( ලියන්න ට්රයි කරපු ), අත්දැකීම් | Experience







නවතම ප්රතිචාර