Archive

Archive for the ‘අහුලා ගත්තු දේවල්’ Category

කාලයේ වැලිතලාව | under the sands of time

*

ඉතිහාසය තරමට අපට පාඩම් කියාදෙන වෙන කිසිම දෙයක් නොමැත.

ඉතිහාසය නැවත නැවතත් සිදුවේ.

කාලයේ දුවිල්ලට හසුවී සැඟවී ඇති ඇතැම් සිදුවීම් සත්‍ය ලෙසම

සිදුවූවාද යන්න විශ්වාස කිරීමට අපහසු තරමට විශ්මයජනකය.

අනෙක් අතට අප විසින් ගත කරන ලද අතීත කාලය,

මේවන විට ඉතිහාසයට  එක්වී අහවරය.

ඉතිහාසය අපව කෙසේ නම් කරාවිද යන්න කාලයට සාපේක්ෂය වේ.

විටෙක ප්‍රගතිශීලීන් වන පුද්ගලයින්,

විටෙක ප්‍රතිගාමීන් බවට පත්වෙනු ඇත.

*

*

ඉතිහාසය පොඩි හෝ වරදකට ඉඩ නොදෙයි.

ඉතිහාසය ඒ තරමට ඉවසිලිවන්තය.

එයට ඕනෑතරම් කාලය තිබේ.

අද දිනට ඕපාදුපයක් කට කතාවක් පමණක් වුනු දේ,

ඉතිහාසය විසින් සාක්ෂි සහිතව අප ඉදිරියේ දක්වනු ඇත.

අපේ පරම්පරාව විසින් කරන ලද දේවල් අනාගත පරම්පරාව අර්ථ දක්වන

ආකාරය අපට ජීවත්ව සිටීමට වාසනාව ඇත්නම් දැකගත වනු ඇත.

එසේම අපි අනාගතයට ඉතිහාසය පිලිබඳ සාක්ෂිකරුවෙක් වනු ඇත.

පහත වීඩියෝව දෙවෙනි ලෝක යුධ සමයේ සිදුවීම් මාලාවකට එවැනි සාක්ෂියක් සපයයි.

*

*

එවකට හිට්ලර් පාලනය කල ජර්මනිය එවකට ලොව දියුණු සහ තියුණුම තාක්ෂණයට හිමිකම් කීවේය.

මිත්‍ර හමුදා ජර්මනියට පහර දුන්නේ තුන් පැත්තකිනි.ඒ ඇමරිකාව රුසියාව අතුලුවයි.

කතාවේ හැටියට රුසියාවට තාක්ෂණික රහස රැගත්  ජර්මානු පත පොත වැඩිපුර හමුවුණු අතර,

ඇමරිකාවට ජර්මානු විද්‍යාඥයන් අත්පත් කරගැනීමට හැකිවුණි.

පසුකාලීනව මෙම රටවල් වල තාක්ෂණික දියුණුවට මෙය පැහැදිලිවම බලපෑවේය.සීතල යුධ සමය , අභ්‍යවකාශ තරගය

හමුවේ සැමවිටම රුසියාව ඉදිරියෙන් සිටියේය.ඔවුන් ලොව පළමු චන්ද්‍රිකාව පමණක් නොව පළමු මිනිසා සහ ගැහැනිය අභ්‍යවකාශයට යැවීමට සමත් විය.

තවද ඇමරිකාව මිනිසුන් හඳට යැවීමට ප්‍රථම හඳ මතට  යානාවක් යවා යාන්ත්‍රිකව පස පොළොවට රැගෙන ඒමට ඔවුන් සමත් විය.

එසේනම්, එතරම් තාක්ෂණිකව රුසියාවට පසුපසින් සිටි ඇමරිකාව එක්වරම මිනිසුන් හඳ මතට ගොඩබස්වා අභ්‍යවකාශ තරගයේ පෙරමුණ ගත්තේ කෙසේද?

*

*

වසර කීපයකට පෙර ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂනය කල ගරිල්ලා මාකටින් චිත්‍රපටියේ විපක්ෂ දේශපාලනඥයාගේ (ශ්‍රියන්ත මෙන්ඩිස් චරිතවත් කල) වැකියක් තවම මගේ මතකයේ රැදී ඇත.

*

“අර නීක්ශේ කියන දාර්ශනිකයා එක වතාවක් කිව්වා,

ගහකට අහස උසට ලඟා වෙන්න ඕනේ නම්,

එහි මුල් අපායට විහිදිලා තියෙන්න ඕනේ කියල. ”

*

*

*

මේ අයුරින්ම ඇමරිකාව අභ්‍යවකාශ තරගය ජයගගත් මාවත අසල අභ්‍යවකාශ තරගයේ අදෘශ්‍යමාන තෙවැනියා රැදී සිටියි.

පැරණි යුගොස්ලාවියානු සමුහාන්ඩුවේ රහස්  අභ්‍යවකාශ වැඩසටහන ලබා තිබූ දියුණුව,

ඇමරිකානු යුගොස්ලාවියානු සබදතා ඇතිවීම,

ඇමරිකාව ක්ෂණිකව අභ්‍යවකාශ තරගහි පෙරමුණ ගැනීම

සහ ඇමරිකානු ධනයෙන් යුගෝස්ලාවියාව දියුණුවට පත්වීම එකම සිදුවීම්ජාලයක ප්‍රතිපලයන් වේ.

මෙම සිදුවීම සහිත වාර්තාමය චිත්‍රපටිය ලබන වසරේ එලි දැකීමට නියමිතය.

+*

ඔබට ඕනේ දේවල් සියල්ල ඇත්තටම ඔබට උවමනා දේවල් නෙමෙයි. | keepin it real

මාර්තු 30, 2012 7 comments

*

*

මම පොඩිකාලේ හිතාගෙන හිටියේ

කවදාහරි ලොකු සල්ලිකාරයෙක් වෙන හැටි!

ගෙවල්, කාර් ගොඩාක් ගන්න.

කොච්චරද කියනවා නං,

කොයි දේ කවදද ගත්තේ කියලා අමතකවන තරමට.

ඊට පස්සේ ගෑණු ළමයෙක් හොයාගෙන කසාද බැඳලා ,

හරියට සුරංගනා කතාවක් වගේ ලස්සනට ජීවත් වෙන්න.

*

දැන් මෙහෙම උනා කියමුකෝ,

ඔබ හිතනවද එය මා වෙත සතුට අරගෙන ආව කියලා?

හැම වෙලාවකම දේදුන්නේ කෙලවර හොයාගෙන ගියාම

වස්තුව පිරි නිධානයක් තියෙන්න පුළුවන්.

ඒ වුනාට,

ඇත්තටම ගොඩක් සැප සම්පත් තියෙන එක,

ලබාගන්න දඟලන එක,

ඇත්තටම අපේ සතුට නැතිකරගනීමක්.

*

ඒක හින්ද පුළුවන් නම්,

තමන්ගේ ඇතුලාන්තයට එබිලා බලන්න.

ඔබට තේරේවි ඔබ කොතරම් වාසනාවන්තයෙක්ද කියලා.

ඔබ කෙතරම් දුකින් පසුතැවීමෙන් සිටියත්,

හැමවෙලේම මේ ලෝකේ

ඔබට වඩා දුක විඳින මිනිහෙක්/ගැහැණියෙක් සිටින බව මතක තියාගන්න.

*

සමහරවිට ඔබ ඉස්සර කරපු වැරදි වලට

වන්දි ගෙවන්න සිදුවෙනවා.

ඒ වුනාට ඒවාට නොසැලී

ජීවිතේ ඉදිරියට යන්න ඕනේ,

යතාර්ථයට මුහුණ දෙමින්,

සරලව,

නිරහංකාරව.

*

හෙට දවස වෙනුවෙන් අද මහන්සි වෙන

අය ගැන මට ආඩම්බරයි.

උදේ 9-5 වෙනකන් දඟලන්නේ,

පුළුවන්තරම් කරදරවලින් ඈත්වෙලා,

අනාගතේ සතුටින් ඉන්න..

ඒ වුනාට වෙලාවකට හිතෙනවා නේද,

මේ කරදරැ කවමදාකවත් ඉවරයක්‌ වෙන්නේ නැහැ කියලා.

ඔබටත් එහෙම හිතෙනවා නං,

ඒ කියන්නේ හෙට දවස අදට වඩා හොඳ එකක් වෙනවා කියන එකයි.
*

මට ඇත්තටම පොඩි කාලේ මම ගන්න හිටපු “ලොකු ගෙදර , බෙන්ස් කාරෙක ”

ගන්න අමතක උනා / මගහැරුනා.

මට දැන් ගෑණු ළමයෙක් ඉන්නවා.

ඇත්තටම අපි හොඳම යාළුවො.

“මට මේ තියෙන දේවල් මදි!!!”

කියන දේ මට නම් සාපේක්ෂයි.

ඔබට ඕනේ දේවල් සියල්ල ඇත්තටම ඔබට උවමනා දේවල් නෙමෙයි.

“සමාජය තත්වය” කියලා කියනදේ  තන්හාව විසින් වෙනස් කරලා.

*

මම කියන දේ ඔබටත් තේරෙනවා නම්,

ඔබත් අනුගමනය කරන්න සුදානම් නම්,

ඔබ පෙරට ඇවිත් පෙරමුණ ගන්න සුදානම්ද මට කියන්න.

එහෙනම්,

දුක කරදර මැද්දේ,

අමාරුවෙන් හරි දේ කරලා ,

ජීවිතේ ජයගන්න.

*

*

ප.ලි.

*

shaggy නැවත වතාවක් ලංකාවට ප්‍රසංගයකට එන ආරංචිය හම්බුනාම අතීතයට යැවුනා.

මම දන්නේ නැහැ ඔහුගේ පළමු ප්‍රසංගය කීදෙනෙක්ට මතකද කියලා.

මම එතකොට  දිග  කලිසම් ඇඳගෙන ඉස්කෝලේ යන්න පටන් ගත්ත විතරයි.

මේ දවස්වල කෑගහන දඟලන අය අතීතය එක්කෝ දන්නේ නැහැ,

එක්කෝ අමතක කරලා.

යුද්ධය නං කොහොමටත් කාටවත් මතක නැහැ.

 *

shaggy කියන්නේ නිකම්ම නිකන්

රෙගේ සින්දුකාරයෙක් නොවේ.

ඔහු තුල සිටින සමාජයීය දාර්ශනිකයා

ඔහුගේ ගීත රැසකින් එලියට පනිනවා.

ඒවා අනික සින්දු තරම් ජනප්‍රිය නොවීම පවක්.

බලනකොට එකේ පුදුමෙකුත් නැහැ.

බාල දේ ලාබයි, සුලභයි.

  *

ඉහළින් තියෙන්නේ shaggy ගේ  සුප්‍රසිද්ධම ගීතයක් නෙමෙයි.

මගේ සටහන ඔහුගේ ‘keepin it real’ ගීතයේ පරිවර්තනයක් නෙමෙයි.

ඒක අනුවාදයක්!

ඒක තියෙන අදහසක් දෙකක් මගේ.

*


පිදුම

*

Shaggy සින්දු ඇසීමට මට පුරුදු කල,

ඒ කාලේ Shaggy වගේ රැවුල කපන්න ට්‍රයි කල,

දිලාන් අය්යාට.

අපිට දැන් සෑහෙන්න වයසයි, ඕයි!!!


මා වෙනස් වී නොමැත | I didn’t change

මාර්තු 26, 2012 2 comments

*

ඒ වීදියෙහි දීම ඇය නැවත මුණගැසුනි.

වහින්න ඔන්න මෙන්නය.

පාරේ දූවිලි මත වැහිබිඳු වැටී ඇත.

*

“ඔයා වෙනස්වෙලා ” ඇය පැවසීය.

*

වැස්ස කඩා හැලෙන්නට විය.

නෙතග දිලිසුන කඳුල දුටුවද,

නොදැක්කා මෙන් සිටීමට සිදුවිය.

*

සියල්ල සිදුවීමට කල් ගතවේ.

කාලය සියල්ල සොරා ගනී.

*

මා වෙනස් වී නොමැත.

ඔබ කිසිදිනක මා හරිහැටි දැනසිටියේ නැත.

*

-*

” තරු පිපෙන රාත්‍රිය ” – star studded night sky

මාර්තු 6, 2012 3 comments

-

උපුටාගැනීමකි!

*

*

*

තරු පිපෙන රාත්‍රිය       –    ගීයක්ය දුක හිතෙන

පිණි වැටෙන හිමිදිරිය   –    කඳුලක්ය නෙත තෙමන

රාත්‍රිය නිමාවී               –    හිමිදිරිය එනතුරා

ආදරය හැඩුවාය           –    ඔබ ඉවත වීසිකළ

*

*

පසු ලිවීම

*

මේක මීට අවුරුදු 10කට විතර කලින් කරුණාදාස සුරියආරච්චි මහත්තයා ඉරිදා දිවයිනට ලියපු කවියක්.

ඒ පත්තර කොලේවත් ළඟ නැති උනාට කියවපු දවසේ ඉඳං අද වෙනකන් වචන ටික මතක තිබුනා.

ආයේ පාරක් මේක මත උනේ ඊයේ පෙරේද මගේ හොඳම යාලුවෙක් කියපු කතා දෙක තුනක් හින්දා.

*

කෙනෙක්ට තව කෙනෙක් වෙතා ආදරයක් ඇතිවීම අතිශය ස්වාභාවිකයි.

ආදාරේයි කැස්සයි හංගන්න බැහැනේ.

එක හින්ද එක ප්‍රකාශ කරන්නට උවමනා වීම සහ තවත් සාමාන්‍යයි.

ඊට‍ පස්සේ වෙන අපි අකමැති විදියට වඩා සිද්ධ වෙන දේවල් කොච්චර සාමාන්‍ය වුනත්,

අපි ඒ දේවල් සාමාන්‍ය දේවල් විදියට බාරගන්න සුදානම් නැහැ.

ජීවිතයේ ප්‍රථම වතාවට ඇතිවෙච්ච හැගීමක්,

ඒ හා සමාන ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් අනිත් පාර්ශවයට කිව්වම,

ඒ වෙලේම හරි පස්සේ හරි එකට යහපත් ප්‍රතිචාරයක් නැති උනාම දැනෙන හැගීම් හැටිම වේදනාකාරීයි.

මගේ යාලුවට උනා වගේ හුඟක් වෙලාවට වෙන්නේ,

“අපි තමා ගැන අන්තිමටම දන්නේ,

අපි ඇරෙන්න මුළු ලෝකෙම දන්නවා.”

*

මේක හුඟක් වෙලාවට පොදු අත්දැකීමක්.

ප්‍රේමයේ විරහව කොච්චර පොදුයි ද කියනවා නම්,

ඊයේ පෙරේද අපි සෙට් උනාම එකෙක් කියනවා,

“මේ! මෙහෙම බැහැ!!…!!!!,අපි හැමෝම දන්නා සින්දුවක් කොඉයමු කියලා.”

“එහෙනන් ඉතින් කියන්න වෙන්නේ පොදු ගීතය තමයි” කියලා තව එකෙක් කිව්වා.

මම ඇහව්වා,“මොකක්ද මචන්,පොදු ගීතය කියන්නේ?” කියලා.

අරූ කියනවා,

“වෙන මොකක්ද ඉතින්…? ‘තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්….’ “.

ඔන්න ඕකයි තත්වය.

*

තුවාල සනීප වෙන්න කල යනව.

බෙහෙත් කරනවා වගේම හෙදකමත් උවමනා වෙනවා.

ඉවසන්නත් සිද්ද වෙනවා.

තුවාල වුනා කියලා අපි හැමදාම කරන කියන වැඩ පාඩු කරගන්නත් බැහැ.

ජීවිතේ ඉස්සරහටම යන්න වෙනවා.

සමහර තුවාල සනීප වෙන්න ගොඩාක් කල යනවා

සමහර තුවාල සනීප වෙනකොට කැළැල් හිටිනවා.

කාලය තම හොඳම විසදුම.

*

” මිටියාවතේ දුම්රිය “

නොවැම්බර් 10, 2011 1 comment

*

උපුටාගැනීමකි.

*

අන්තිම දුම්රියත් නික්මිණි

ඔබ නොපැමිණම

*

සඳ අදත් නැගෙනු ඇත

මිටියාවතට ඉහලින්

ඊයේ මෙන්ම අද රැයෙත්

මා අවදියෙන් තබමින්

*

මිටියාවතේ අතටම පාළුව දිගහැරී තිබුණි

මිටියාවතේ මැද

තනිවූ එක ගසක් මත කුරුල්ලෙක් විය.

මට හෙවනැල්ල විය.

*

හඬ කෙමෙන් වියැකී

දුම්රිය පුංචි වී යයි

අහසට විදින එහි දුම්කඳ

විවිධ හැඩතල

ඔබ ගැන මා ගැන

*

අහස්තල බැබලෙයි

මසිත් අහස තල අඳුරුයි

මේ වෙලාවේ ඔබ කොතනකද

කෙලෙසකදයි විමසයි.

*

ඔබේ මතකයෙන් වැටී

ගිලන්වී

මිටියාවතේ

මට මා මතක නැති විය.

*

මට මාව අමතකව

ඔබව පමණක් මතක් වේ.

*

සැන්දෑව වියකෙයි

රාත්‍රිය එළඹෙයි

මේ නොවෙයි තනිවූ එකම රැය 

තනිකමට ලියු එකම කව.

*

ඒ වුනත්

හෙටත් ජීවිතය අලුත් පියවර තබයි.

ඔබ නැතත්

මිටියාවතේ දුම්රිය නොවරදියි.


*

ප.ලි.

*

මේ කවිය 2003 දී ලක්බිම පත්තරේට ප්‍රින්ස් සේනාධීර ලියපු කවියක්.

කවිය මුලින් කියවල අවුරුදු ක් විතර උනාට පත්තරෙන් කපාගත්තා කෑල්ල මම ගාව අවුරුදු ගානක් තිබුනා.

මේක මම ජීවිතේටම දැකපු පරිපුර්ණම කවිය.මට දැනෙන්නේ මේ කවියට “පණ” තියෙනවා වගේ කියල.

ඒ දවස් වල මට හිතුනේ කවි ලියනවා නම් මේ වගේ කවියක් ලියන්න ඕනේ කියල.

සින්දුවක් ලියනවා නම් චරිත් සේනාධීර ලියනවා වගේ ලියන්න ඕනේ කියල.

මේක නැතුව බ්ලොග් එක අසම්පුර්නයි වගේ කියල හිතුනා.

” ආර්.කරුණානන්ද ” පිලිබඳ මතකය.

නොවැම්බර් 9, 2011 3 comments
*
ආර්.කරුණානන්ද ගැන ගොඩක් ඉස්සර ඉඳං දැනගෙන හිටියට ඒගැන ලියන එක,එක එක හේතු හින්ද මග හැරුණා.
ෆේස්බුක් එකේ  කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජයේ පිටුවේ ගිය සතියේ කරුණානන්ද ගැන පලවෙච්ච ලිපිය කිසිම වෙනසකින් තොරව  පහල උපුටාගෙන පහත දාල තියෙනවා.කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජයට ගොඩාක්ම ඉස්තුතියි ලිපියට.
මම කරුණානන්ද ගැන ලිපියක් ලියන්න හිටියානම්,ඒ ලියවෙන ලිපියට වඩා සෑහෙන්න හොඳට පහත ලිපියේ රචකයා ඒක ලියල තියෙනවා.කිසම දෙයක අඩුවක් නැහැ.
q
*

*

 උපුටාගනීමකි.

*
► ආර්. කරුණානන්ද – 1964 ඔලිම්පික් ශ්‍රී ලාංකික වීරයා ◄
*
මලල ක්‍රීඩකයන් කී සැනින් ඔබේ මතකයට දිව එන්නේ කවුද? උසේන් බෝල්ට්, බෙන් ජොන්සන්, මේරියන් ජොන්සන්, සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න වැනි අපට හොදින් අසා පුරුදු නම් නිසැකයෙන්ම ඔබේ මතකයට නැගෙනු ඇත. නමුත් ඔබ ආර්. කරුණානන්ද පිලිබද අසා තිබේද? ඔහු 1964 ජපානයේ ටෝකියෝ නුවර පැවති 18 වන ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්(එවකට සිලෝන්) මීටර් 10000 පිරිමි ඉසව්ව සදහා සහභාගී විය.තම රටට ඔලිම්පික් පදක්කමක් දිනාදීම සදහා ඔහු සිය උපරිමයෙන් උත්සාහ කලේය. නරඹන්නන් ගේ උසුලු විසුලු මැද තරගය පුරාම ඒ සදහා ඔහු ගත් වෙහෙස කැපී පෙනුනි.
*
අවසානයේ ඔහු සටන ජය ගත්තේය.
අවසානයේ ඔහු තරගය නිමා කලේය.
තරගය නරඹන්නන් තම ආසන වලින් නැගිට ඔහුට ආචාර කලේය.
*
1964 ඔලිම්පික් තරගාවලියේදී නරඹන්නන් ගෙන් එවැනි ප්‍රතිචාරයක් වෙන කිසිම ක්‍රීඩකයෙකුට ලැබුනේ නැත.ක්‍රීඩාව දෙස වෙනත් කෝණයකින් බලන කෙනෙක් කරුණානන් දගේ උත්සාහය වෙනස් අයුරකින් දකිනු ඇත.මීටර් 10000 තරගය අවසානයට නිමා කල කරුණානන්ද ලැබූ ඉහල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය ගැන විශ්මයට පත් වනු ඇත.

මේ 1964 වසරයි,ඒ කාලය වන විට මලල ක්‍රීඩකයන්ට අද මෙන් අනුග්‍රාහකයන්, මිල මුදල්,යාන වාහන, ත්‍යාග ආදිය ලැබුනේ නැත. මද සෙම්ප්‍රතිශ්‍යා ගතියකින් පෙලුනු කරුණානන් ද මීටර් 10000 තරගය සදහා සහභාගී වුනේ දුර්වල වූ ශරීර ශක්තියකින් යුතුවය. තරගය ප්‍රථමයෙන් නිමා කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් තරගය නිමා කරන විට කරුණානන්ද ඔහු හා එක පෙලට තරග කරමින් සිටියේය.
එයට හේතු වූයේ ඒ වන විටත් කරුණානන්ද වට හතරක් පසු පසින් අවසානයට තරග වදිමින් සිටීමයි. ප්‍රථම දෙවණ හා තෙවන තරග කරුවන් තරගය නිමා කල විට සෙසු බොහෝ ක්‍රීඩකයන් තරගයෙන් ඉවත් වූහ. කරුණානන්දටද ඕනෑම මොහොතක තරගයෙන් ඉවත් වීමේ හැකියාව තිබුනි. නමුත් ඔහු එසේ කලේ නැත,දිගටම ධාවනයේ යෙදුනි.
තරග නරඹන්නන් විශ්මයට පත් වුනි. ඔහු එක වටයක් නිමා කරන විට නරඹන්නන් ඔහුට උසුලු විසුලු කලේය. මුලු ක්‍රීඩාංගනය පුරා සරදම් සිනා හඩ පැතුරුනි. නමුත් කරුණානන්ද නිහඩව ධාවනයේ යෙදුනි.
දෙවණ වටය අවසන් කරන විට නරඹන්නන් නිහඩ විය.
තෙවන වටය අවසන් වන විට ඔහු වෙනුවෙන් ප්‍රීති ඝෝශා නැගුනි.
කරුණානන්ද තරගය නිමා කරන විට සියලුම නරඹන්නන් තම අසුන් වලින් නැගිට අචාර කල අතර තනිවම වට හතරක් ධාවනයේ යෙදී තරගය නිමා කල ඔහු වෙනුවෙන් නරඹන්නන් ගේ දෙනෙත් කදුලින් තෙත් විය.
එම තරගය ජයග්‍රහනය කල ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් පසුව පැවසුවේ තරගයේ රන් පදක්කමට නියම සුදුස්සා කරුණානන්ද බවයි.

තරගය නිම වී දින ගණනක් ගත වූවත් කරුණානන්ද පිලිබද මහත් පැහැදීමකින් පසු වූ ජපන් ජනතාවගෙන් ඔහුට ත්‍යාග රාශියක් ලැබුනි.ඔහුගේ ක්‍රියාව අගය කර කරුණානන්ද මහතාට ජපානයෙන් රැකියාවක්ද ප්‍රදානය කල අතර,ඔහු ජපානය බලා පිටත් වීමට දිණ කීපයකට පෙර ඔහු අභිරහස් ආකාරයට මරණයට පත් වුනා. මේ පිලිබදව විවිධ මත පල වූ අතර ඔහුව ඝාතනය කල බවට එක් මතයකුත් ඔහු හදිසි අනතුරකින් මිය ගිය බවට තවත් මතයකුත් පල වුනා.කරුණානන්ද මහතාගේ මරණය දරා ගත නොහැකි වූ ඔහුගේ බිරිදගේ සිහි විකල් වූ අතර ඔහුගේ පවුල අන්ත අසරණ වී පාරට වැටෙන තත්වයට පත් වුනා. ඒ ඔහුට අපෙන් ලැබුන කලගුන සැලකීමයි!!!

මිනිස් අධිෂ්‍ඨානයේ මහිමය ගැන පාසල් ළමුන්ට ඉගැන්වීම සදහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙල පොත් වලට ඇතුල් විය. නමුත් අද ශ්‍රී ලංකාවේ රණතුංග කරුණානන්ද ගැන දන්නා ළමුන්/වැඩිහිටියන් කී දෙනෙකු සිටීද? ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය තුල අද මෙම ශ්‍රේෂ්ඨ මලල ක්‍රීඩකයා ගැන සදහනක් නොමැත. එම තරගයේදී රට වෙනුවෙන් පදක්කමක් දිනා දීමට ඔහු දැරූ උත්සාහයට සහ ඔහු තුල පැවති ක්‍රීඩාශීලීත්වයට ආර්. කරුණානන් ද වැනි සැබෑ විරුවෙකුට අප ගරු කල යුතු අතර අප රටේ එතෙක් මෙතෙක් ඔහු තරම් ධෛර් ‍යමත් අධිෂ්ඨානශීලී ක්‍රීඩකයෙක් බිහිව නැතුවාට සැක නැත.ජයග්‍රහන පමනක් බලාපොරොත්තුවෙන් තරග වැදී පරාජය හමුවේ වියරු වැටෙන අද ක්‍රීඩකයන්ට කරුණානන්දගේ කතාව සැබෑ ආදර්ශයක් වනු නොඅනුමානය(මෑතකදී අගනුවර පාසල් 2ක් අතර පැවති රගර් තරගයක් අවසානයේ පරාජිත පිලේ ක්‍රීඩකයන් ජයග්‍රහනය කල පිලේ ක්‍රීඩකයන්ට කල අමානුෂික පහරදීම සිහිපත් කිරීම වටී).

ජීවිතයේ ඔබ මානසිකව ඇද වැටී අධෛර්යමත්ව සිටින මොහොතක රණතුංග කරුණානන්ද නම් වූ ඒ අසහාය ශ්‍රී ලාංකිකයා ගැන සිහියට නගා ගන්න.
ලෝකයා ඔබ කරන දෙයට සිනා සෙන විට නරඹන්නන් ගේ සරදම් මැද තනිවම වට හතරක් ඔහු ධාවනයේ යෙදුනු ආකාරය සිහිපත් කරන්න.

| අතරමගදී ජීවිතය මග හැරීම |

ජූලි 7, 2011 8 comments

මගේ බ්ලොග් එකෙන් උපුල් ශාන්ත සන්නස්ගල ගැන මුලින්ම යමක් ලිව්වේ ගිය අවුරුද්දෙ අගෝස්තු මාසේ.

එදා වගේම තමයි අද වෙනකොටත් ඔහුගේ දේශපාලන අදහස් ,මට සත පහකටවත් වැදගත් නැහැ.ඒවා ඇත්තටම වැදගත් උනා හෝ නැතා හෝ මම අදටත් කතාකරන්නේ ඒවා ගැන නෙමෙයි.

අදාළ ලිපිය මෙතනින් කියවන්න.

මේ ලිපිය 2007 සැප්තැම්බර් 30 ඉරිදා සිළුමිණ පත්තරේ පල වෙච්ච එකක්.මේකේ තියෙන දේවල් මම මුලින්ම ඇහුවේ ස්වර්ණවාහිනියේ පෝය දවසක තිබිච්ච සාකච්ඡාවකදී.ඒකට උපුල් ශාන්ත සන්නස්ගල,වී.ජ.මු.ලොකුබණ්ඩාර සහ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ සහභාගී උනා.එක මෙහෙයවුයේ හරින්ද්‍ර ජයලාල්.

සන්නස්ගල මේකේ තියෙන “රොටිය අම්මට ඉතුරු නොකර කාපු කතාව” කියන වෙලාවේ ධම්මාලෝක හාමුදුරුවෝ වටාපතෙන් මුහුණ වහගෙන ඇස්වලට ආපු කඳුළු පිහදාගත්තා.

ඒ වැඩසටහන මට ඇති කරපු කම්පනය තමයි අද වෙන කන මගේ හිතේ තියෙන්නේ.

ප්‍රශ්න හින්දා ජීවිතේ ඉදිරියට අරගෙන යන්න ඕනේ ධෛර්යය ඕනේ උනහම මම පෞද්ගලිකව කරන වැඩවලින් එකක් තමයි,එක එක පුද්ගලයන් කරන කතාවලට අහුන්කන්දෙන එක, චරිතාපදාන කියවන එක.මේකත් ඒ ගොඩට අයිති කියවීමක්.

අපි දකින විඳින ජීවිතයම,

මේ ඉරහඳ යටම,

අපේ යුගයේදීම විඳලා,

අපි දන්නා කියන

දේශපාලනික,සමාජයීය සහ ආර්ථික බලපෑම් වලට යටත්ව ,

අපිට වඩා අත්දැකීමවලින් පරතෙරට ගිය මිනිහෙක් විදිහට,

මේ කියන දේවල් වල මාර ගැඹුරක් තියෙනවා.

කල්පනා කරන්න,

නැවත හිතන්න දෙයක් තියෙනවා.

 c

ඉසිඹුව | Time to Relax

මාර්තු 23, 2011 2 comments

 

ප.ලි._

විශ්‍රාමලත් පරිපාලන නිලධාරිනියකගේ උදාරම් කවිය

“දිවයින ඉරිදා සංග්‍රහය ” –  මාර්තු 13, 2011


උපන් දිනය | B’day

පෙබරවාරි 7, 2011 1 comment

අද පොඩි එකාගේ උපන්දිනය,

ඒ වුනාට

අපි දෙන්නා රණ්ඩුවුනා.

ප.ලි _
පින්තුරයට හසිතට බොහොම ඉස්තුතියි!


=වෙන්වීම=

ජනවාරි 23, 2011 1 comment

මම ඔයාට ගොඩක් කැමැත්තෙන් හිටියේ,
මම තවමත් ඔයාට කැමතියි.
නමුත් මට වැරදුනා.
මට ඒ ගැන කරන්න කිසිම දෙයක් නැහැ.
මම හිතන්නේ,
හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්නේ නැද්ද කොහෙද?.
ඒ වුනාට මට සතුටින් ඉන්න තිබුනානම් හොඳයි.
ඒ මොකද,
එතකොට මම ඔයා ලඟ,
අපි දෙන්නට තව ගොඩක් අමතක නොවන දවස් ගත කරන්න තිබුනා.
ඒත් දැන් ඔය මා ලඟ නැහැ.
හුඟක් වෙලාවට ආයේ කවදාවත් එන එකකුත් නැහැ.
මට සතුටුයි ඔය සතුටින් ඉන්න එක ගැන.
ඒ වුනාට මම තාම ඉන්නේ දුකින්.

 

ප.ලි._

මේකේ මුල් අයිතිය අයේෂ් ට.

මොකද මේකේ මුල් ඉංග්‍රීසි නිර්මාණය මම දැක්කේ අයේෂ්ගේ Hi5 එකේ.


 

Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers