Archive

Archive for the ‘උරුමය | Heritage’ Category

“මගේ පොඩි කාලය ” | Reliving the childhood days.

දෙසැම්බර් 23, 2011 2 comments

*

තප්පරෙන් තප්පරය අපි වයසට යනවා.

ජීවිතය විතරක් නෙමෙයි ලෝකෙම වෙනස් වෙනව.

මේ මම ලංකාවේ ඒක දිගට මාස 6ක් ඉන්නේ අවුරුද් 8 කට පස්සේ.

මේ ලඟදි ගමේ ගියහම තමයි තේරුනේ,

අපිට පස්සේ පරම්පරාවකුත් බිහිවෙලා කියලා.

අපි පරම්පරාවකින් වයසට ගිහිල්ල කියලා.

(දැනගන හිටියා,තේරුනේ ලඟදි)

*

උඩ තියෙන පින්තුරේ ඉන්න දෙන්න අතර පරතරය,

පරම්පරා හතරක්.

මේ මගේ අම්මගේ අම්මා සහ නැන්දාගේ පුතාගේ දුව!

*

අපි පොඩිකාලේ සෙල්ලම්කරපු වත්තේ පොඩි කෙල්ලෙක් දැන් දනගාන්නේ නැතුව,

හොඳට ඇවිදිනවා.

මම හවසට අම්මල තාත්තල වැඩ ඇරිලා ගෙදර එනකන් ආච්චිලා එක්ක බලාගෙන හිටියා වගේ,

එයත් ඉස්සරහ ගෙදර “ගල්වල” ඉහලින් හඳ පායනවා,

වවුලෝ පියාඹනව බලාගෙන ඉන්නවා.

වෙනසකට තියෙන්නෙ,

අපි අත්ත ආච්චි කියපු අය නැතිවෙලා දැන් අවුරුදු ගනන් ගත වෙලා.

එයා අත්තා ආච්චි කියන්නේ අපේ නැන්දාට,අම්මට,තාත්තට.

*

අම්මටසිරි!

මෙන්න මට “මාමා” කියනවා.

අඩුපාඩුවක් නැහැ මගේ පොඩි කාලේ වගේම තමයි…!

වෙන එකක් තියා එය හෙට අනිද්දා ඉස්සරහ ගෙදර අපත් එක්ක පොඩි කාලේ සෙල්ලං

කරපු ලමයින්ග්ගේ ළමයි එක්කත් සෙල්ලං කරන්න පටන් ගනී වගේ.

මගේ පොඩි කාලය කියන නාට්‍යයම තමයි තාම යන්නේ!

හැමෝම ඉස්සර රඟපාපු චරිතයට වඩා මහලු චරිතයක් තම රඟපාන්නේ!

*

ප.ලි.

*

මේ මතකය අස්සේ ,

මගේ පොඩි කාලය නාට්‍යයේ මහලුම සහ වැදගත්ම චරිතය රඟපාපු නළුවා ගැන

මතක වෙච්ච නිසා,ඔහු ගැන වෙනමම ලිපියක් ලියන්න වෙනවා.

ඔහු අතිශය අසාමාන්‍ය පෞරුශයක් හෙබි 1910-1998  දක්වා ජීවත් වෙච්ච මිනිහෙක්,

අපේ අත්තා!

*

ඉසිඹුව | Time to Relax

මාර්තු 23, 2011 2 comments

 

ප.ලි._

විශ්‍රාමලත් පරිපාලන නිලධාරිනියකගේ උදාරම් කවිය

“දිවයින ඉරිදා සංග්‍රහය ” –  මාර්තු 13, 2011


උපන් දිනය | B’day

පෙබරවාරි 7, 2011 1 comment

අද පොඩි එකාගේ උපන්දිනය,

ඒ වුනාට

අපි දෙන්නා රණ්ඩුවුනා.

ප.ලි _
පින්තුරයට හසිතට බොහොම ඉස්තුතියි!


| ආනන්දය |

ජූලි 29, 2010 10 comments

මේ තැනට ගොඩක් ඉස්සර කිව්වේ පරණ වාඩිය කියල.
මෙතන ඉඳල තමයි ටිකිරි බණ්ඩාර කුමාරය මුල්ලේරියා සටනට සේනා සංවිධානය කරලා තියෙන්නේ.
මුල්ලේරියා සටන කියන්නේ පෘතුගීසින් පෙරදිග ජාතියක් විසින් ලද දැවැන්තම පරාජය.

ඊට පස්සේ කාලේ,
ඒ කියන්න ලංකාව එංගලන්තෙට යටත් වෙලා තිබ්බ කාලේ අනගාරික ධර්මපාල තුමා  ඇතුලු පිරිස එකතුවෙලා ලංකාව පාලනය කරන සුද්දෝ ලංකාවේ මිනිස්සුන්ට කරන
තාඩන පීඩන ගැන එංගලන්තේ මහරැජිනට ලියුමකින් දන්වන්න තීරණය කල.ඒ ගැන කියල ලංකාවට එංගලන්තයෙන් වෙන්ව නිදහස් රටක් හැටියට ඉන්න දෙන්න කියල ඉල්ලලා ලියුමක් ලිව්වා.
මේ ලියුම ඊ.ඩබ්. පෙරේරා තමන්ගේ සපත්තු අඩියේ හංගල තමයි එංගලන්තෙට ගෙනිච්චේ.
මේ ලියුම පිලිබඳ සම්පුර්ණ තීරණ ගැනීම් සාකච්ඡ පවත්තල තියෙන්නෙත් මේ මම කියන භුමියේ.
අද ඒ ගොඩනැගිල්ල ආනන්ද විද්‍යාලයීය ගුරු විවේකාගාරය ලෙස තමයි පාවිච්චි කරන්නේ.

මේ මම කියන තැන ඉගෙන ගත්තු කට්ටිය තමයි,
ඊට හුඟක් කාලෙකට පස්සේ ලංකාවේ අවරුදු 30 ක යුද්ධය ඉවර කරන්න නායකත්වය සහ උපරිම දායකත්වය දුන්නේ.
මට හිතන හැටියට ඒක මේ භුමියේ තියන හාස්කමක්ද කොහෙද.

“මේ භුමියේ පස් පාගපු මිනිහෙක්ට ලේසියෙන් වැරදිලා නැහැ.”

අත්තා කියල දුන්න කවි | Inherited from my grandfather

ජූලි 9, 2010 4 comments
මම ඉස්සර ඉස්කෝලේ නිවාඩු කාලෙට මාසයක් විතර ගමේ (නිට්ටඹුවේ) අත්තයි ආච්චියි එක්ක තමා ඉන්නේ.
අත්ත තමයි මටයි නංගිටයි අකුරු කියවලා තියෙන්නේ.
අපි ‘අ’ යන්න ලියන්න පුරුදු වෙලා ‘ අම්මා ‘ කියල ලියන්න කලින්
‘ර’ යන්න ලියල ‘රට’ කියල ලියන්න පුරුදු වෙච්ච අය.

ගමනක් යන්න කලින් බලන්න ඕනේ පෙරමග සලකුණු ගෙන කියවෙන මේ කවිය,
මොන පොතෙන්ද කියල මතක තියාගන්න මම පොඩි වැඩි.
මේ කවිය මතක තිබුන එකත් ලොකු දෙයක්.

සුන් බඳුන් දුසිල් මහනුන් කලුපිලිය

යොන් දනන් මහලියන් හැඳි වරහලිය
ගින්දරත් සුර සොන්දනුත් නැති විලිය
යන්නටත් එපා පෙර මග දුටු කලිය

මේ කවි දෙක පිරිමියෙකු සහ කාන්තාවක අතර එක්තරා සංවාදයක්.
රසවිඳීම රසිකයාට බාරයි.


බෝ කඳු හෙලේ දුර සිට ආව එකකි
තී
තී ළම කලේ උකුලට වැදුවා එකකි
තී ඉරුගලේ මා නොතකුවා   දුකකී


එනු දුටු වෙලේ පය සෝදා  ගැනීමට
දිය පිරි කලේ තැබුවෙමි ගෙය ඉදිරිපිට
ගෙයි අගුපිලේ පැදුරක් ලා හිඳීමට
හිමි නැති වෙලේ ආවෙන් නාවෙමි දොරට

ප. ලි.
මේ එක්ක අත්තගේ පින්තුරයක් දාන තිබුන නම් නියමයි,
ලංකාවට ගිය වෙලාවක පරණ ඇල්බම් එකක් අවුස්සලා කොහොම හරි එකක් හොයා ගන්න ඕනේ. 

 

Hello world!

ජූලි 9, 2010 2 comments

දිවියපුරා අහපු දැකපු දේවල්,
ඊළඟ පරම්පරාවකට,
ඉතුරුකරන්න දරන උත්සාහයක්.


diviyapura |දිවියපුරා
අනාගතයට පල නෙලාගන්නට,
අද සිටුවන පැලය…

Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers