Archive

Archive for the ‘“කවි” ( ලියන්න ට්‍රයි කරපු )’ Category

= අපට අප අහිමි වී නැත =

මැයි 20, 2012 1 comment

*

රෝස පැහැති හැඩුම්බර  සැදෑ අහස

දෙසට දෑස දිගුකොට

නිමේශයකට දෙනෙත පියාගතිමි.

ඔබ පැවසුවා නිවැරදිය.

*.

මිල,මුදල් කිසිවකට සතුට මිලදී ගත නොහැක.

ඔබ මා හමුවූ නිමේෂයන් මේ ජීවිත කාලයට වඩා දිගින් වැඩිය.

*

සොහොන්බිම නිහඩතාවය,

පෙර වූ වසන්තයක මතකවලට යලි පණ දෙයි.

ඔබ කී වචන,

ගීතයක් ලෙසින්

දෙසවන පිලිරැවූ දෙයි.

*

මා ඔබ වෙනුවෙන් වැලපෙන්නේ නැත.

මක් නිසාද යත්,

ඔබ නික්ම ගියද,

තවමත්

අපට අප අහිමි වී නැත.

**

*

මා වෙනස් වී නොමැත | I didn’t change

මාර්තු 26, 2012 2 comments

*

ඒ වීදියෙහි දීම ඇය නැවත මුණගැසුනි.

වහින්න ඔන්න මෙන්නය.

පාරේ දූවිලි මත වැහිබිඳු වැටී ඇත.

*

“ඔයා වෙනස්වෙලා ” ඇය පැවසීය.

*

වැස්ස කඩා හැලෙන්නට විය.

නෙතග දිලිසුන කඳුල දුටුවද,

නොදැක්කා මෙන් සිටීමට සිදුවිය.

*

සියල්ල සිදුවීමට කල් ගතවේ.

කාලය සියල්ල සොරා ගනී.

*

මා වෙනස් වී නොමැත.

ඔබ කිසිදිනක මා හරිහැටි දැනසිටියේ නැත.

*

-*

” සඳ කැටයම “

*+*

*

*

සඳ කැටයමට – කප්පාදුවෙන වැවේ ලියද්දට

සඳ ගොම්මනට – ඉකිගසන හිත් මායිමට

මල්පැල පාමුල – පිපෙන හැමදාම හවසට 

නම නොදන්නා – රෝස පැහැ සුවදැති මලට

**

*

නෙතූ අහලකට – නින්ද නැති රැය පුරාවට

හිතෙනවා දවසක – එක්කාගෙන එන්නට

ඉහළ ඉදන්  අත්තනගලු ඔය ඉස්මත්තට

ගලනා හැටි සඳ දිය දෝරේ අපුරුවට

 

+**

සංසාරේ පුරාවට – වෙන් නොවී එකට ඉන්නට

එක හිතින් හිතා – දිවුරුම දෙන්නට ගන්නට

අර ඈතීන් පේන – ධාතුකන්ද විහාරයට

දැම්ම මල් කඩා තියන්නද – ලබන පෝයට වදින්නට 

**

*

” තරු පිපෙන රාත්‍රිය ” – star studded night sky

මාර්තු 6, 2012 3 comments

-

උපුටාගැනීමකි!

*

*

*

තරු පිපෙන රාත්‍රිය       –    ගීයක්ය දුක හිතෙන

පිණි වැටෙන හිමිදිරිය   –    කඳුලක්ය නෙත තෙමන

රාත්‍රිය නිමාවී               –    හිමිදිරිය එනතුරා

ආදරය හැඩුවාය           –    ඔබ ඉවත වීසිකළ

*

*

පසු ලිවීම

*

මේක මීට අවුරුදු 10කට විතර කලින් කරුණාදාස සුරියආරච්චි මහත්තයා ඉරිදා දිවයිනට ලියපු කවියක්.

ඒ පත්තර කොලේවත් ළඟ නැති උනාට කියවපු දවසේ ඉඳං අද වෙනකන් වචන ටික මතක තිබුනා.

ආයේ පාරක් මේක මත උනේ ඊයේ පෙරේද මගේ හොඳම යාලුවෙක් කියපු කතා දෙක තුනක් හින්දා.

*

කෙනෙක්ට තව කෙනෙක් වෙතා ආදරයක් ඇතිවීම අතිශය ස්වාභාවිකයි.

ආදාරේයි කැස්සයි හංගන්න බැහැනේ.

එක හින්ද එක ප්‍රකාශ කරන්නට උවමනා වීම සහ තවත් සාමාන්‍යයි.

ඊට‍ පස්සේ වෙන අපි අකමැති විදියට වඩා සිද්ධ වෙන දේවල් කොච්චර සාමාන්‍ය වුනත්,

අපි ඒ දේවල් සාමාන්‍ය දේවල් විදියට බාරගන්න සුදානම් නැහැ.

ජීවිතයේ ප්‍රථම වතාවට ඇතිවෙච්ච හැගීමක්,

ඒ හා සමාන ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් අනිත් පාර්ශවයට කිව්වම,

ඒ වෙලේම හරි පස්සේ හරි එකට යහපත් ප්‍රතිචාරයක් නැති උනාම දැනෙන හැගීම් හැටිම වේදනාකාරීයි.

මගේ යාලුවට උනා වගේ හුඟක් වෙලාවට වෙන්නේ,

“අපි තමා ගැන අන්තිමටම දන්නේ,

අපි ඇරෙන්න මුළු ලෝකෙම දන්නවා.”

*

මේක හුඟක් වෙලාවට පොදු අත්දැකීමක්.

ප්‍රේමයේ විරහව කොච්චර පොදුයි ද කියනවා නම්,

ඊයේ පෙරේද අපි සෙට් උනාම එකෙක් කියනවා,

“මේ! මෙහෙම බැහැ!!…!!!!,අපි හැමෝම දන්නා සින්දුවක් කොඉයමු කියලා.”

“එහෙනන් ඉතින් කියන්න වෙන්නේ පොදු ගීතය තමයි” කියලා තව එකෙක් කිව්වා.

මම ඇහව්වා,“මොකක්ද මචන්,පොදු ගීතය කියන්නේ?” කියලා.

අරූ කියනවා,

“වෙන මොකක්ද ඉතින්…? ‘තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්….’ “.

ඔන්න ඕකයි තත්වය.

*

තුවාල සනීප වෙන්න කල යනව.

බෙහෙත් කරනවා වගේම හෙදකමත් උවමනා වෙනවා.

ඉවසන්නත් සිද්ද වෙනවා.

තුවාල වුනා කියලා අපි හැමදාම කරන කියන වැඩ පාඩු කරගන්නත් බැහැ.

ජීවිතේ ඉස්සරහටම යන්න වෙනවා.

සමහර තුවාල සනීප වෙන්න ගොඩාක් කල යනවා

සමහර තුවාල සනීප වෙනකොට කැළැල් හිටිනවා.

කාලය තම හොඳම විසදුම.

*

= වසන්ත කවිය =

*
මේඝ වලාවෙහි රැදී තිබුනේ ඔබ නමයි
මුදු සුලගේ රාවය ඔබ කටහඬයි
ඈත කඳුහිස රැඳී මීදුම ඔබ පහසයි
කාලයට සැඟවී නොයන ඔබ,
මා සමගම වයසට යනු ඇත.
*
කුරිරු ශීත ඍතුව බොදවෙමින් යයි.
මංමාවත් මලින් පිරී යාමට පටන් ගෙන ඇත.
ඔබ නොමැතිව මේ මග මට තනිව යාගත නොහක.
ගස්වැල් නැවත දළුලා ලියලන්නට පටන්ගෙන ඇත.
මට ඇත්තේ ඔබ පමණි.
මට උවමනාද ඔබව පමණි.
මට මාව පාලනය කරගත නොහැකිව,
අසරණවීමට පටන්ගෙන ඇත.
මගේ ශක්තියද,
දුර්වලකමද ඔබම වී ඇත.
මට ඔබ නොමැතිව තවදුරටත්
ජීවත්විය නොහැක.
මට සදාකාලිකව ආදරය කරන්න.
 *
ඔබ මා ඉහලට ඔසවා තබා ඇත.
ඔබ මා ජීවිතය් වෙනස්කොට ඇත.
මා රැගෙන පියඹා යන්න.
 *

| තරු ඇස් |

ජනවාරි 5, 2012 5 comments

*

*

*

සඳපිනි අතුල හිමිදිරිය අහිමිකරන ලදුව,

*
කාෂ්ටක දුහුවිලි කුණාටුවට සුසුමන් මුදාහැර,

*
හදගින්න සීතල හිම වැස්සට දියවෙන්නට ඉඩහල,

*
අපේ මතකය නැවත ගොඩනොගන්නම වලදමන්නට.

*
*
*

තවත් අවසන් වතාවකට,

*
කල්පයකට ඇතිවෙන්න,

*

තරු ඇස් දිහා, ඇස් නොපියා බලහිදින්නට,

*
මුලින්ම හම්බ වෙච්ච තැනට,

*
මිනිත්තු කීපයකට,

*
පුලුවන්නම් විතරක් ඇවිත් යන්න.

*

*

*

දෙබස | dialogue

දෙසැම්බර් 15, 2011 5 comments

*

පි :

ඔබ මගේ නෙත දකිනුරිසි දසුනයි.

ඔබ යන්නේ කොහිද,

මට ඔබ පසුපස ඒමට සිතේ.

 *

පමාවී හෝ ක්ෂණයකින්

ඔබේ හිත ඇතුලට මම එන බව,

ඔබවත් දන්නා බව මම දනිමි.

කෙතරම් අපහසු වුවද,

ඉඳ හිට හෝ ඇසට ඇස මුනගැසෙන විට,

අහක නොබලා,

ඇසට ඇස මුණගැසෙන්න ඉඩ දෙන්න.

 *

අද ලැජ්ජාවෙන් වුවද,

ඔබ නටන අයුරු, හදපිරි ඊර්ෂ්‍යාවෙන් බලාසිටියෙමි.

 **

 

ගැ :

දෙසැම්බරයේදී නගරයේ ගොඩනැගිලි මංමාවත්ද,

ඔබ මා මුලා කරනවා විය හැක.  

අද රැයේඅපි නැටුවද,

හෙට උදෑසනම ඉර පායනු ඇත.

 *

ඔබ නටන අයුරු මමද ලැජ්ජාව පසෙකලා බලා සිටියෙමි.

මා සමග නටන්නේ නැතිවුවද,

මා අසල රැදී සිටින්න.

 *

ඔබේ ඇස් පමණක් නොව මුළු ආත්මයද,

උවමනානම්, මට මා සතු කරගත හැක.

 *

 *


= අපේ ආදරේ =

නොවැම්බර් 30, 2011 6 comments

*

වේගයෙන් ඉගිල්ලිලා යන්න රෝද හතරක් නැති උනාට,
තාමත් හරිහමන් රස්සාවක් හොයාගන්න බැරි උනාට,
තොසේ කඩෙන් කාල බස් එකේ එල්ලිලා ගෙදර ගියාට,
අපේ ආදරේ තාමත් සුන්දරයි නේද සුන්දරී?
*

*

= සාක්ෂිය =

නොවැම්බර් 24, 2011 2 comments

*

හැරෝ ගොල්ෆ් පිටියේ ඈත කෙලවර

මේපල් ගස්වලින් අහන්න,

*

හතරඅත තුෂාරයෙන් වැසීගිය

සීතම සීත ඍතුවක,

ඔබ නොමැති තනිකම 

දරාගත නොහැකිව

ඔබේ පෙම්වතා 

කොයි තරම් නං  හැඩුවාද ?

*

ජීවිතය චක්‍රයකි. | Life is a cycle

නොවැම්බර් 20, 2011 2 comments

යම්කිසි කාල සීමාවකට පසු නැවතත් අපි වරක්

පසුකල පරිධිය ලක්ෂ්‍යකට පැමිණීමට සිදුවේ.

චලිතය සිදුවන්නේ කේන්ද්‍රය නම් මධ්‍ය ලක්ෂ්‍යක් පදනම් කරගෙනය.

මම නැවතත් පෙර පසුකල ලක්ෂ්‍යකට පැමිණ සිටිමි.

*

පෙර දිනක මෙන්ම අදද එය හිත ගිනි අවුලුවයි.

දුක පිරුණු අපමණ පරිභ්‍රමණ වාර සහ ගෙවා දැමුණු දුර අමතක කර,

නේපාලයේ දිය ඇල්ලක් අසල සිට,

පින්තුරයෙන් හිනාවෙන (වැඩිය උස නැති) කෙල්ලට,

තවමත් සිත පෙම් බඳින හැටි…!

*

Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers