-
උපුටාගැනීමකි!
*
*
*
තරු පිපෙන රාත්‍රිය – ගීයක්ය දුක හිතෙන
පිණි වැටෙන හිමිදිරිය – කඳුලක්ය නෙත තෙමන
රාත්‍රිය නිමාවී – හිමිදිරිය එනතුරා
ආදරය හැඩුවාය – ඔබ ඉවත වීසිකළ
*
*
පසු ලිවීම
*
මේක මීට අවුරුදු 10කට විතර කලින් කරුණාදාස සුරියආරච්චි මහත්තයා ඉරිදා දිවයිනට ලියපු කවියක්.
ඒ පත්තර කොලේවත් ළඟ නැති උනාට කියවපු දවසේ ඉඳං අද වෙනකන් වචන ටික මතක තිබුනා.
ආයේ පාරක් මේක මත උනේ ඊයේ පෙරේද මගේ හොඳම යාලුවෙක් කියපු කතා දෙක තුනක් හින්දා.
*
කෙනෙක්ට තව කෙනෙක් වෙතා ආදරයක් ඇතිවීම අතිශය ස්වාභාවිකයි.
ආදාරේයි කැස්සයි හංගන්න බැහැනේ.
එක හින්ද එක ප්‍රකාශ කරන්නට උවමනා වීම සහ තවත් සාමාන්‍යයි.
ඊට පස්සේ වෙන අපි අකමැති විදියට වඩා සිද්ධ වෙන දේවල් කොච්චර සාමාන්‍ය වුනත්,
අපි ඒ දේවල් සාමාන්‍ය දේවල් විදියට බාරගන්න සුදානම් නැහැ.
ජීවිතයේ ප්‍රථම වතාවට ඇතිවෙච්ච හැගීමක්,
ඒ හා සමාන ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් අනිත් පාර්ශවයට කිව්වම,
ඒ වෙලේම හරි පස්සේ හරි එකට යහපත් ප්‍රතිචාරයක් නැති උනාම දැනෙන හැගීම් හැටිම වේදනාකාරීයි.
මගේ යාලුවට උනා වගේ හුඟක් වෙලාවට වෙන්නේ,
“අපි තමා ගැන අන්තිමටම දන්නේ,
අපි ඇරෙන්න මුළු ලෝකෙම දන්නවා.”
*
මේක හුඟක් වෙලාවට පොදු අත්දැකීමක්.
ප්‍රේමයේ විරහව කොච්චර පොදුයි ද කියනවා නම්,
ඊයේ පෙරේද අපි සෙට් උනාම එකෙක් කියනවා,
“මේ! මෙහෙම බැහැ!!…!!!!,අපි හැමෝම දන්නා සින්දුවක් කොඉයමු කියලා.”
“එහෙනන් ඉතින් කියන්න වෙන්නේ පොදු ගීතය තමයි” කියලා තව එකෙක් කිව්වා.
මම ඇහව්වා,“මොකක්ද මචන්,පොදු ගීතය කියන්නේ?” කියලා.
අරූ කියනවා,
“වෙන මොකක්ද ඉතින්…? ‘තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්….’ “.
ඔන්න ඕකයි තත්වය.
*
තුවාල සනීප වෙන්න කල යනව.
බෙහෙත් කරනවා වගේම හෙදකමත් උවමනා වෙනවා.
ඉවසන්නත් සිද්ද වෙනවා.
තුවාල වුනා කියලා අපි හැමදාම කරන කියන වැඩ පාඩු කරගන්නත් බැහැ.
ජීවිතේ ඉස්සරහටම යන්න වෙනවා.
සමහර තුවාල සනීප වෙන්න ගොඩාක් කල යනවා
සමහර තුවාල සනීප වෙනකොට කැළැල් හිටිනවා.
කාලය තම හොඳම විසදුම.
*
51.584895
-0.280068
නවතම ප්‍රතිචාර