Archive

Archive for the ‘” ලඟදි බලපු චිත්‍රපට “’ Category

කාලයේ වැලිතලාව | under the sands of time

*

ඉතිහාසය තරමට අපට පාඩම් කියාදෙන වෙන කිසිම දෙයක් නොමැත.

ඉතිහාසය නැවත නැවතත් සිදුවේ.

කාලයේ දුවිල්ලට හසුවී සැඟවී ඇති ඇතැම් සිදුවීම් සත්‍ය ලෙසම

සිදුවූවාද යන්න විශ්වාස කිරීමට අපහසු තරමට විශ්මයජනකය.

අනෙක් අතට අප විසින් ගත කරන ලද අතීත කාලය,

මේවන විට ඉතිහාසයට  එක්වී අහවරය.

ඉතිහාසය අපව කෙසේ නම් කරාවිද යන්න කාලයට සාපේක්ෂය වේ.

විටෙක ප්‍රගතිශීලීන් වන පුද්ගලයින්,

විටෙක ප්‍රතිගාමීන් බවට පත්වෙනු ඇත.

*

*

ඉතිහාසය පොඩි හෝ වරදකට ඉඩ නොදෙයි.

ඉතිහාසය ඒ තරමට ඉවසිලිවන්තය.

එයට ඕනෑතරම් කාලය තිබේ.

අද දිනට ඕපාදුපයක් කට කතාවක් පමණක් වුනු දේ,

ඉතිහාසය විසින් සාක්ෂි සහිතව අප ඉදිරියේ දක්වනු ඇත.

අපේ පරම්පරාව විසින් කරන ලද දේවල් අනාගත පරම්පරාව අර්ථ දක්වන

ආකාරය අපට ජීවත්ව සිටීමට වාසනාව ඇත්නම් දැකගත වනු ඇත.

එසේම අපි අනාගතයට ඉතිහාසය පිලිබඳ සාක්ෂිකරුවෙක් වනු ඇත.

පහත වීඩියෝව දෙවෙනි ලෝක යුධ සමයේ සිදුවීම් මාලාවකට එවැනි සාක්ෂියක් සපයයි.

*

*

එවකට හිට්ලර් පාලනය කල ජර්මනිය එවකට ලොව දියුණු සහ තියුණුම තාක්ෂණයට හිමිකම් කීවේය.

මිත්‍ර හමුදා ජර්මනියට පහර දුන්නේ තුන් පැත්තකිනි.ඒ ඇමරිකාව රුසියාව අතුලුවයි.

කතාවේ හැටියට රුසියාවට තාක්ෂණික රහස රැගත්  ජර්මානු පත පොත වැඩිපුර හමුවුණු අතර,

ඇමරිකාවට ජර්මානු විද්‍යාඥයන් අත්පත් කරගැනීමට හැකිවුණි.

පසුකාලීනව මෙම රටවල් වල තාක්ෂණික දියුණුවට මෙය පැහැදිලිවම බලපෑවේය.සීතල යුධ සමය , අභ්‍යවකාශ තරගය

හමුවේ සැමවිටම රුසියාව ඉදිරියෙන් සිටියේය.ඔවුන් ලොව පළමු චන්ද්‍රිකාව පමණක් නොව පළමු මිනිසා සහ ගැහැනිය අභ්‍යවකාශයට යැවීමට සමත් විය.

තවද ඇමරිකාව මිනිසුන් හඳට යැවීමට ප්‍රථම හඳ මතට  යානාවක් යවා යාන්ත්‍රිකව පස පොළොවට රැගෙන ඒමට ඔවුන් සමත් විය.

එසේනම්, එතරම් තාක්ෂණිකව රුසියාවට පසුපසින් සිටි ඇමරිකාව එක්වරම මිනිසුන් හඳ මතට ගොඩබස්වා අභ්‍යවකාශ තරගයේ පෙරමුණ ගත්තේ කෙසේද?

*

*

වසර කීපයකට පෙර ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂනය කල ගරිල්ලා මාකටින් චිත්‍රපටියේ විපක්ෂ දේශපාලනඥයාගේ (ශ්‍රියන්ත මෙන්ඩිස් චරිතවත් කල) වැකියක් තවම මගේ මතකයේ රැදී ඇත.

*

“අර නීක්ශේ කියන දාර්ශනිකයා එක වතාවක් කිව්වා,

ගහකට අහස උසට ලඟා වෙන්න ඕනේ නම්,

එහි මුල් අපායට විහිදිලා තියෙන්න ඕනේ කියල. ”

*

*

*

මේ අයුරින්ම ඇමරිකාව අභ්‍යවකාශ තරගය ජයගගත් මාවත අසල අභ්‍යවකාශ තරගයේ අදෘශ්‍යමාන තෙවැනියා රැදී සිටියි.

පැරණි යුගොස්ලාවියානු සමුහාන්ඩුවේ රහස්  අභ්‍යවකාශ වැඩසටහන ලබා තිබූ දියුණුව,

ඇමරිකානු යුගොස්ලාවියානු සබදතා ඇතිවීම,

ඇමරිකාව ක්ෂණිකව අභ්‍යවකාශ තරගහි පෙරමුණ ගැනීම

සහ ඇමරිකානු ධනයෙන් යුගෝස්ලාවියාව දියුණුවට පත්වීම එකම සිදුවීම්ජාලයක ප්‍රතිපලයන් වේ.

මෙම සිදුවීම සහිත වාර්තාමය චිත්‍රපටිය ලබන වසරේ එලි දැකීමට නියමිතය.

+*

මට ඉර එලිය පොඩ්ඩක් දෙන්න | give me some sunshine

සැප්තැම්බර් 24, 2011 4 comments

1

1

මේ ලෝකේ සියලුම දේ

මැරී මැරී ජීවත් වෙනවා.

එක  මොහොතකට

අපි හැමෝටම ජීවත් වෙන්න ඉඩ දෙන්න.

-

මට ඉර එලිය පොඩ්ඩක් දෙන්න.

මට වැස්ස පොඩ්ඩකුත් දෙන්න.

මට ආයේ වතාවක් හැදෙන්න වැඩෙන්න

අවස්ථාවක්  දෙන්න.

-

බාල කාලේ පහු වෙලා ඉවරයි.

තරුණ කාලෙත් ගෙවීගෙන යනවා.

එක  මොහොතකට

අපි හැමෝටම ජීවත් වෙන්න ඉඩ දෙන්න.

1

අතීතයට යන්න පුළුවන් නම් ටික වෙලාවකට හරි,එක මාර අත්දැකීමක් වේවි!

ඊයේ  පෙරේදා දවසක ආයේ පාරක් ”ත්‍රී ඉඩියට්ස්” චිත්‍රපටිය බැලුවට පස්සේ නොදැනුවත්වම මාව අතීතයට ගියා.

ඉන්දියාවේ ඉගෙන ගත්ත කාලේ මතක් උනා.

1

ඉන්දියාවේ ගුරුවරු,යාළුවො,ඉගෙන ගන්න කාලේ හිතාගෙන් හිටපු දේවල් මතක් උනා.

හොස්ටල් ජීවිතේ,බෝඩිම,නිවාඩු කාලේ,” හෝලි ” උත්සව දවස්,පාඩම් කරන්න නිදිමරපුව,

කෙල්ලෝ පස්සේ ගිය හැටි,එහෙ මෙහෙ වැඩක් නැතුව රවුම් ගහපුවා,

එක එක උත්සව,ක්‍රිකට් මැච්,ස්පෝර්ට්ස් මීට්,වලි,තරහකාරයෝ,පන්ති තහනම් කරපු හැටි,

දෙය්යනේ කියල සෙනසුරාදට සෙට් වෙච්ච හැටි,

කව්රු හරි එකෙක් ලංකාවට ගිහින් එනනක්න් බලාගෙන හිටපු හැටි.

ඒ හිටපු අවුරුදු 3 ට යාලුවෝ තුන් දෙනෙක්ගේ තාත්තල නැතිඋනා.

ඒ කාලේ දුකට සැපට අපට හිටියේ අපිම විතරයි.

1

මොනවා උනත් එක තමයි ජීවිතේ ලස්සනම කාලේ.

ජීවිතේ ඉතුරු කාලේ හැදෙන්නත් වැනසෙන්නත් හේතු වෙන්නේ

ඉගෙන ගන්න කාලේ කරපු කියපු දේවල් තමයි.

කරපු කියපු දේවල් කලේ අපිමද කියල වෙලාවකට හිතෙනවා.

1

” බැංගලෝර් ” , ” බැන්ගලුරු” උනේ මේ ලඟදි.

ඒ කාලේ ෆේස්බුක් තිබුනේ නැහැ.අපි එතකොට ” හයි ෆයිව් ” සයිට් එකේ නං හිටිය.
බැංගලෝර් ගැන පරණ ලිපි සෙට් එකත් මේ එක්කම දාන්නන්කෝ.
1
1
බැංගලෝර් ගැන ලියවෙච්ච කවි.

අපේ දවසක් එනවාමයි!

අගෝස්තු 14, 2011 4 comments
a
a
a
ඒ කාලේ මට මතකයි!
in the government yard in marawila

කොහේ කොහේ  ඉඳලද ආවේ?
කොහෙද අපි යන්නේ?
හොයන්නේ සතුටයි,
ඒත් ලැබෙන්නේ දුකමයි
..well on the way!

and then, maxi ayya bring another bottele of kassippu.
එතනින් ප්‍රශ්න සේරම ඉවරයි!
 
No Woman ! No Cry!

අපේ දවසක් එනවාමයි!
අපේ දවසක්…එනවා..එනවාමයි…!
a
a
a

1

ප.ලි.

ඊයේ පෙරේදා සිංහල චිත්‍රපටි ගැන පොඩි කතාවක් සෙට්වුනා.
පුදුමයකට වගේ ලංකාවේ නිෂ්පාදනය වෙච්ච සාපේක්ෂව ඉතාම සුළු ප්‍රමාණයක් වන “හොඳ සිංහල චිත්‍රපට” අපේ ගොඩක් දෙනෙක් බලලා නැහැ කියන ඇත්තටම අපරාධයක්.
1
යාලුවෙක්ට “බඹර වළල්ල” චිත්‍රපටියේ ලින්ක් එක යැව්වම ඌ බලලා පුදුම වෙලා කියනවා,
“මචන්,ලංකාවෙ මෙහෙම ෆිල්ම් තියෙනවා කියල අපි දන්නෙවත් නැහැ” කියල.
ඒ වගේ චිත්‍රපටි ගැන කතා කරන්න වෙනම ලියන්න වෙනවා.
1
කාලෙකට පස්සේ අහම්බෙන් වගේ “මිල්ලෙ සොයා” චිත්‍රපටියේ සින්දුවක් අහන්න සෙට්වුනා.
මේකත් ජයශ්‍රී සංගීත කණ්ඩායමෙන් මිල්ලෙ සොයා වෙනුවෙන් බිහිවෙච්ච ගීතයක්.
“මිල්ලෙ සොයා” චිත්‍රපටියේ නිල වෙබ් අවියට මෙතනින් යන්න.


Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers