Archive

Archive for ජූලි, 2010

|පශ්චාත්තාපය|

හන්තාන වහගත්ත මීදුම් වලාකුලට
අර ඈත පෙන බහිරව කන්දට
වැව වටේ වලාකුළු බැම්මට
මේ ඔක්කොටම පෙම්
බැඳි මට

හිතේ පුරෝලා තිබ්බ හීන ගොන්නට
ඒවා ඉරල විසිකරපු කටුගස්තොට පාලමට
අඬ අඬ අල්ලන්න දුවපු හවස 3 කෝච්චියට
ආයේ හම්බවෙයන්කෝ! දෙන්නං උඹට


“කරකාර බඳින දා” | විවාහය සහ දුප්පත්කම පිලිබඳ අපේ කාලයේ කාන්තාවකගේ නිර්භය අවංක ප්‍රකාශණය

කරකාර බඳින දා
කර පාලු වෙලා මා
මුතු මාල කොයින්දා
මනමාලි නොවේද මා

හැමදාම අඳින මේ
කපු සාරිය ඇන්දා
රන් සේල කොයින්දා
මනමාලි නොවේද මා

ගුරු පාරේ ඇවිදලා
කච්චේරියේ බැන්දා
රන්තෝඩු කොයින්දා
මනමාලි නොවේද මා


මේ සින්දුව අහපු පලවෙනි දවසේ ඉඳල ඔලුවේ තිබුනට
මාර ගේමක් දීල තමයි ඉන්ටෙර්නෙට් එකෙන් හොයා ගත්තේ.
මේ සින්දුව ගැන ශාස්ත්රීය විචාරයක් ලියනවා නෙමෙයි.
(එහෙම ලියන්න මම ගතානුගතික විදියට හිතන විචාරකයෙකුත් නෙමෙයි)

මේ මම දැකල තියෙන ඉතාම නිර්භය කාන්තා අදහස් ප්‍රකාශනය.
මේකේ පද රචනය කාගේද කියල මම තාම හොයනවා.
හම්බුන ගමන් මේ සටහනට එකතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
මට හිතෙන විදියට ලංකාවේ කාන්තාවගේ විතරක් නෙමෙයි
මුළු තරුණ පරම්පරාවේම චින්තනය මේ විදියට වෙනස් වෙන්න්න ඕනේ.
ඒ කිසිම ඉවක් බවක් නැතිව පවතින ක්‍රමය සහ පාරම්පරික සිරිත් විරිත් විවේචනය කරන එකවත්,පරන දේවල් කෙරෙහි අන්ධ භක්තිය වත් නෙමෙයි.


පවතින යථාර්තය මුහුණ දීම සහ සමාජය සතුටු කිරීම පිණිස තමන් අසතුටෙන් සිටීමෙන් වැළකීමයි.
කසාදයක් බඳිනවා කියන එක ගැන මම කතා කරන්න යන්නේ නැහැ.
නමුත් අද තරු පහේ හෝටලයක ජොලි කරලා ලොකු වෙඩින් එකක් අරගෙන
හෙට සම්බෝලයි බතුත් නැතුව දුක සේ ජීවත් වෙන අයත් අපි අතරේ ඉන්නවා.
ඊට වඩා පවතින යථාර්තය මුහුණ දීම අගය කල යුතුයි.

ප. ලි.
ගීතයේ ගී පද රචනය – සුදත් ගාමිණි බණ්ඩාර
චමල්,
තෑන්ක් යු  මචන් !

| ආනන්දය |

මේ තැනට ගොඩක් ඉස්සර කිව්වේ පරණ වාඩිය කියල.
මෙතන ඉඳල තමයි ටිකිරි බණ්ඩාර කුමාරය මුල්ලේරියා සටනට සේනා සංවිධානය කරලා තියෙන්නේ.
මුල්ලේරියා සටන කියන්නේ පෘතුගීසින් පෙරදිග ජාතියක් විසින් ලද දැවැන්තම පරාජය.

ඊට පස්සේ කාලේ,
ඒ කියන්න ලංකාව එංගලන්තෙට යටත් වෙලා තිබ්බ කාලේ අනගාරික ධර්මපාල තුමා  ඇතුලු පිරිස එකතුවෙලා ලංකාව පාලනය කරන සුද්දෝ ලංකාවේ මිනිස්සුන්ට කරන
තාඩන පීඩන ගැන එංගලන්තේ මහරැජිනට ලියුමකින් දන්වන්න තීරණය කල.ඒ ගැන කියල ලංකාවට එංගලන්තයෙන් වෙන්ව නිදහස් රටක් හැටියට ඉන්න දෙන්න කියල ඉල්ලලා ලියුමක් ලිව්වා.
මේ ලියුම ඊ.ඩබ්. පෙරේරා තමන්ගේ සපත්තු අඩියේ හංගල තමයි එංගලන්තෙට ගෙනිච්චේ.
මේ ලියුම පිලිබඳ සම්පුර්ණ තීරණ ගැනීම් සාකච්ඡ පවත්තල තියෙන්නෙත් මේ මම කියන භුමියේ.
අද ඒ ගොඩනැගිල්ල ආනන්ද විද්‍යාලයීය ගුරු විවේකාගාරය ලෙස තමයි පාවිච්චි කරන්නේ.

මේ මම කියන තැන ඉගෙන ගත්තු කට්ටිය තමයි,
ඊට හුඟක් කාලෙකට පස්සේ ලංකාවේ අවරුදු 30 ක යුද්ධය ඉවර කරන්න නායකත්වය සහ උපරිම දායකත්වය දුන්නේ.
මට හිතන හැටියට ඒක මේ භුමියේ තියන හාස්කමක්ද කොහෙද.

“මේ භුමියේ පස් පාගපු මිනිහෙක්ට ලේසියෙන් වැරදිලා නැහැ.”

ප්‍රවර්ග:උරුමය | Heritage

|එංගලන්ත සිංහල ශබ්දකෝෂය|

පාරිභාෂික වචන

*   මහ කන්තෝරුව – එංගලන්තයේ ආගමන විගමන පිලිබඳ දෙපාර්තුමේන්තුව
*   ඩබල් ගැසීම – දවසේ සේවා මුර 2 හිම නොනවත්වා සේවය කිරීම
*   වාත වීම- එංගලන්තයට පැමිණ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට හෝ තත්වයට
නොගැලපෙන රැකියාවල නිරතවීම සහ තමන් මෙතෙක් ලද අධ්‍යාපනය මොට වීම.
*   පොත – විදේශ ගමන් බලපත්‍රය
*   ගල් වීම – රට නැරඹීම පිණිස පැමිණ, දිගටම රට නැරඹීම සඳහා
අවසර නැතිව රටේ රැදී සිටීම


එංගලන්තයේ  ජාතිවාදය
*   ප්‍රජා – එංගලන්තයේ වෙසෙන සිංහල ප්‍රජාව හෙවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිංහල වැසියන්.
*   ප්‍රජා ටැමා – එංගලන්තයේ වෙසෙන දෙමල  ප්‍රජාව.
*   සොම්මා – සෝමාලියානු ජාතිකයා
*   කල්ලා – සියලුම කළු ජාතිකයන්
*   සුද්දා – එංගලන්තයේ උපන් සුදු ජාතිකයන්
*   අල්ලපු රටේ එවුන් – ඉන්දියන් ජාතිකයන්
*   අයිරා – අයර්ලන්ත ජාතිකයන්
*   පක්කා – පකිස්තානු ජාතිකයන්
*   පෝලා – පෝලන්ත ජාතිකයන්
*   රුමා – රුමේනියානු ජාතිකයන්

ප්‍රවර්ග:අත්දැකීම් | Experience

Y පරම්පරාව | Y Generation

ලක්බිම පත්තරේ මේ දවස්වල පලවෙන ලිපි  සෙට් එකක්.
මේ කියන්නේ අපේ පරම්පරාව ගැන.

ලංකාවේ යුද්ධයක් තිබුන කියල මතක,
windows 95 කොම්පියුටර් ඔපරෙටින්ග් සිස්ටම් ආපු කාලේ මතක,
අගල්  3.5 ෆ්ලොපි ඩිස්කට් පාවිච්චි කරපු,
රුපවාහිනීයේ ටයිටස් තොටවත්තගේ ඔෂීන්, මොන්ත  ක්‍රිස්තෝ වගේ හඬ කවපු
වැඩසටහන් බලපු පරම්පරාව.

| අහිංසක පෙම්වතාගේ කවිය |

පරණ දේවල් අවුස්සන කොට මේකත් හම්බුනා.
සෑහෙන කාලෙකට කලින් දිවයින පත්තරේ මීවිත එකේ ගිය කවියක්.
මම කපල අයින් කරලා තියාගත්ත එකක් ආයෙත් හම්බුනා.
මන් හිතන්නේ 2006 මෙහෙ එනකොට ගෙනාපු 1ක්.

තමන් පන වගේ ආදරේ කරපු ගැහැණු ලමයා තමන්ට පිටු පාලා ගියාට පස්සෙත් තවදුරටත් ඒ ගැහැණු ලමයාගේ  මතකය අමතක කරගන්න බැරිවෙච්ච අහිංසක පෙවතෙක්ගේ හැගීම් සහ ප්‍රාර්ථනා කැටිවෙච්චි මේ කවිය,අවුරුදු ගානක් ගිහිල්ල හරි ආයේ හම්බවෙච්චි එක ලොකු දෙයක්.
අපේ සිතුම් පැතුම් වයසත් එක්ක  කොච්චර නං වෙනස් වෙනවද?
එත් සමහර දේවල් ජීවිත කාලෙටම වෙනස් වෙන්නේ නෑ…

Harrow Town Centre

ගිය මැයි මාසේ ලංකාවට යන්න කලින් “හැරෝ” ටවුම පැත්තේ
ගියාම තමයි මේ බෑන්ඩ් එක දැක්කේ.ජැමෙයිකන් හරි ඒ ළඟ පාත
රටක කට්ටියක්,නිකන් ජොලියට ඉරිදා පොඩි වැඩ පාරක් දානවා.

ප්‍රවර්ග:අත්දැකීම් | Experience