නිවස > උරුමය | Heritage > අත්තා කියල දුන්න කවි | Inherited from my grandfather

අත්තා කියල දුන්න කවි | Inherited from my grandfather

මම ඉස්සර ඉස්කෝලේ නිවාඩු කාලෙට මාසයක් විතර ගමේ (නිට්ටඹුවේ) අත්තයි ආච්චියි එක්ක තමා ඉන්නේ.
අත්ත තමයි මටයි නංගිටයි අකුරු කියවලා තියෙන්නේ.
අපි ‘අ’ යන්න ලියන්න පුරුදු වෙලා ‘ අම්මා ‘ කියල ලියන්න කලින්
‘ර’ යන්න ලියල ‘රට’ කියල ලියන්න පුරුදු වෙච්ච අය.

ගමනක් යන්න කලින් බලන්න ඕනේ පෙරමග සලකුණු ගෙන කියවෙන මේ කවිය,
මොන පොතෙන්ද කියල මතක තියාගන්න මම පොඩි වැඩි.
මේ කවිය මතක තිබුන එකත් ලොකු දෙයක්.


සුන් බඳුන් දුසිල් මහනුන් කලුපිලිය

යොන් දනන් මහලියන් හැඳි වරහලිය
ගින්දරත් සුර සොන්දනුත් නැති විලිය
යන්නටත් එපා පෙර මග දුටු කලිය

 

මේ කවි දෙක පිරිමියෙකු සහ කාන්තාවක අතර එක්තරා සංවාදයක්.
රසවිඳීම රසිකයාට බාරයි.


බෝ කඳු හෙලේ දුර සිට ආව එකකි
තී ළම කලේ උකුලට වැදුවා එකකි
තී කුලුඳුලේ සහයට ගත්තා එකකී
තී ඉරුගලේ මා නොතකුවා   දුකකී

එනු දුටු වෙලේ පය සෝදා  ගැනීමට
දිය පිරි කලේ තැබුවෙමි ගෙය ඉදිරිපිට
ගෙයි අගුපිලේ පැදුරක් ලා හිඳීමට
හිමි නැති වෙලේ ආවෙන් නාවෙමි දොරට

ප. ලි.
මේ එක්ක අත්තගේ පින්තුරයක් දාන තිබුන නම් නියමයි,
ලංකාවට ගිය වෙලාවක පරණ ඇල්බම් එකක් අවුස්සලා කොහොම හරි එකක් හොයා ගන්න ඕනේ. 

 

Advertisements
ප්‍රවර්ග:උරුමය | Heritage
  1. අරවින්ද
    ජූලි 30, 2010 දින 10:38 පෙ.ව. ට

    අදටත් පරණ උදවිය ගුණසේකර මහත්තයා කිව්වාම දන්නේ අත්තව තමයි.

  2. අගෝස්තු 3, 2010 දින 11:22 ප.ව. ට

    ඇත්ත!

  3. අගෝස්තු 25, 2010 දින 7:50 ප.ව. ට

    Yup!
    I miss him a lot too!
    But,
    you know what?
    Life has to go on!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: