නිවස > මේ දවස් වල අහන සින්දු > පුදුම වෙයි නුඹ නම් | You’ll be amazed

පුදුම වෙයි නුඹ නම් | You’ll be amazed

ගහක මල් පිපිලා තියෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා තියෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට හිත බඳුනේ කීමයි ම තවම නොදන්නෙමි

නුඹට හිත බැඳී කාරණේ මම තවම සොයන්නෙමි
සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳී එකදු තරුවක් සිටිය නොහැකිද යම්
ලොවට නොහැඟෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම්
කරනු බැරි තහනම්

කතරේ වැලිකැට හිරුට පෙම්බැඳ ඇතත් ලෝදහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරේ පණමෙන්
නුඹට නොහැඟෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය – යමුනා මාලනී පෙරේරා
සංගීතය – ගුණදාස කපුගේ

දිවුල්ගනේ ගේ මේ සින්දුව ආපුම කාලේ රස රිසි ගී වලින් තමයි ජනප්‍රිය වුනේ.
හැමෝම කියපු දෙයක් තමයි “ඒක නිකන් අමුතුයි වගේ නේද?” කියල.

මට හිතෙන හැටියට මේ තරුණයාගේ හෝ තරුණියගේ ප්‍රේමය
ජීවිතයේ එක වරක් විතරක් ඇතිවෙන,
ප්‍රකාශකිරීම අතිශය අපහසු ,
අනෙක් පාර්ශවය වෙතින් නිසි ප්‍රතිචාර නොලැබුනොත් මාරාන්තික
ප්‍රේමයක්.

මට හිතෙන හැටියට පැහැදිලිවම ප්‍රේමය ප්‍රකාශ කරන්න හෝ කරන්නීයගේ ලැජ්ජා සහගත පමනක් නොව
සාමාන්‍ය ප්‍රේමයෙන් එහා ගිය ලක්ෂණ මෙහි ගැබ්ව ඇත.
ඔහු හෝ ඇය අනෙකාට කෙතරම්ම  ආදරෙයිද යත් ආලය ප්‍රකාශ කිරීමෙන් ඍනාත්මක පිලිතුරක් ලැබුනහොත් යහළුවකු ලෙස හෝ ඔහු හෝ ඇය අහිමිවීමද  දරාගත නොහැකිය.

මට හිතෙන හැටියට රචකයාගේ ප්‍රේමය,
යම් ලෙසකින් ආලය ලියලා ආලය කරන දෙපාර්ශයක් ඇති දාක
අනෙක් පාර්ශය ජීවිත කාලය පුරා පුදුම කරනු ඇත.
එය එතරම්ම  අව්‍යාජ්‍ය , අසාමාන්‍ය,  ආත්ම , විරහිත සොඳුරු එකකි.

Advertisements
  1. bluelilly
    අගෝස්තු 4, 2010 දින 8:29 ප.ව. ට

    සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති
    ඒ හින්ද යලි සෙනෙහෙ සිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇතී //

    කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද භාවය පුරා ළඟ ඉන්න ඇතී
    එදත් මගේ සිත අද මෙන් කැප වී ඔබේ නමට පුද දෙන්න ඇතී

    සොඳුරු අතීතයේ ……..

    නොසැලී නොතැවී බාධක හමුවේ ආ හින්ද ජය ගන්න ඇතී
    ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි මේ අයුරින් හමු වෙන්න ඇතී

    සොඳුරු අතීතයේ ……..

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: