නිවස > මේ දවස් වල අහන සින්දු > “ඔබේ මතක සිතේ- අයියා සැමවිට සබැඳේ” | Dedicated to all the Brothers and Sisters

“ඔබේ මතක සිතේ- අයියා සැමවිට සබැඳේ” | Dedicated to all the Brothers and Sisters

Listen From Here – Nango by JayaSri (Slhits.com)

නංගෝ…මගේ නංගෝ
දීග යනවාද

දෙමව්පියන් – හැදු වඩු කල එදා පටන්
ලඟින් ඉඳන් – ඔබේ දිවි වෙන රටාවකින්
හිත මිතුරන් නෑදෑ පරපුර සමගින්
ආසිරි පැතුමන් –  ගරු සම්පත් අඹු සැමියා
තුති පිදුමන්  – වඳ පාමුල දෙමාපියන්

කුඩා කලේ – වැලි සෙල්ලම් කතන්දරේ
පිපුණු මලේ – පිවිතුරු පාසල් සමයේ
බඹරු වගේ  – එන කොල්ලෝ  සතුරෝ මගේ
හරස් වුනේ – මතකද සිත් එදා අපේ
ඔබේ මතක සිතේ- අයියා සැමවිට සබැඳේ

ඔබ ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ ගීත අහල තියෙනවා කියල හිතනවනන්,
මේ සින්දුව අහල තියෙනවද?
මේ සින්දුව අහල නැත්නං  ඔබ ජය ශ්‍රී ලගේ ගීත හරියට අහල නෑ.
මම මෙහෙම කියන්නේ,
මට හිතෙන හැටියට මේක තමයි ජය ශ්‍රී සංගීත කණ්ඩායම ගායන කරන සංවෙදීතම ගීතය.
අපි ඕනේ තරම් නෑනා-මස්සිනා ප්‍රේම වෘත්තාන්ත පිළිබඳව ගීත සහ වෙනත් සාහිත්‍ය නිර්මානය  දැකල තියෙනවා.


ඒ වුනාට වැඩිමල් සහෝදරය සහ නැගණිය අතර ඇති බැඳීම විස්තර වෙන ගීත නැති තරම්.
සුනිල් එදිරිසිංහගේ “අද දීගෙක ගිය නුඹ” ගීතය සහ රනිදු ලංකාගේ ගයන “මාගේ නංගී” ගීතය මේ හා බැඳුනු අනෙක් ගීත දෙක කියල කියන්න පුළුවන්.
ඇත්තටම අයියයි නංගියි අතරේ ඇතිවෙන බැඳීමේ විශේෂත්වය
දීර්ඝ කාලයක් තිස්සේ එක හා සමාන අත්දැකීම් ලබමින්,
එකම උපසංස්කෘතියක,
එකම වටිනාකම් වලින් යුතුව එකම පවුලකට අයත්ව ජීවත්වීමයි.
දෙමාපියන් යටතේ හැදී වැඩෙන අතර තුර මේ දෙදෙනාගේ ගෙදරින් පිට ලෝකය සම්බන්ධව ලබන පළමු අත්දැකීම් බොහෝවිට එකම අත්දැකීමයි.
අහස ගොරවන හැටි ,
යාළුවො එක්ක සෙල්ලම් කරන හැටි විතරක් නෙමෙයි ,
හුඟක් වෙලාවට තමන්ගේ පලවෙනි යාළුවා යය හරි නංගි හරි තමයි.
අම්ම තාත්ත ඇරෙන්න තමන් ගැන වැඩිපුරම දන්නේ අයියාව  හරි නංගිව හරි තමයි.
තමන්ව තරුන්ම් ගන්න පුළුවන් ,තමන්ගේ හිතට සංවේදී දෙයක් බය නැතුව කියන්න අයියා හෝ නංගි කෙනෙක් ඉන්න එක වාසනාවක්.

ඇත්ත තමයි! මේ දෙන්න අතර දේවල් වයස මුහුකුරා යාම සමග සංකීර්ණතා වලට ලක් වෙනවා.
විශේෂයෙන් ප්‍රේමය සහ එකිනෙකාගේ ජීවිතවලට සහකරුවන්  එක්වීම,
දෙන්නගෙන් එක්කෙනෙක් විදේශගතවීම වැනි අවස්ථා මාර සංවේදීයි!
මේ ගීතයත් ලියවෙන්නේ එවැනි අවස්ථාවක.
තමන්ගේ චුටි නංගි ලොකු ගැනියෙක් වෙලා විවාහ වෙන අවස්ථාවක,
අයියාට තමන් දෙදෙනාගේ ජීවිත කතාව චිත්‍රපටියක් වගේ ඇස් ඉස්සරහ පේන්න ගන්නවා.
ඉස්සර රණ්ඩු වෙච්ච හැටි (තාම රණ්ඩු වෙන හැටි),
අම්ම තාත්තා එක්ක මල පැනපු අවස්ථා,
එකිනෙකා ගැන ඊරිසිය හිතිච්ච අවස්ථා,
නංගි ගැහැණු ළමයෙක් නිසා අම්ම තාත්තා තමන්ව වගේ නැතුව වෙනස් විදියට ලොකු මහත් කරනපු හැටි,
දෙන්නම එකතු වෙලා එකට අඬපු හැටි,
මේ වගේ දේවල් ඔක්කොම අයියට මතක් වෙනවා.
ඒ විතරක් නෙමෙයි,කාලයක් යන කොට අම්මයි තාත්තයි ළඟ නැති දවස් උනත් ඉස්සරහට උදා වෙන්න පුළුවන්.

කොයි දේ කොහොම උනත් හැමදාම වෙනස් වෙනස් වෙන්නේ නැති ඇත්ත තමයි,
මොන දේ කොහොම උනත්,
“අයියා  හැමදාම නංගිගේ පැත්තේ තමයි”

Advertisements
  1. jayadri gunasekara (ur ONE & ONLY SISTER)
    අගෝස්තු 9, 2010 දින 3:00 ප.ව. ට

    hmmmm guess i’m the exact person who can comment on this exactly…
    to tell you trurth, i cried when i’m reading this….it is sooooo true, itz all about our childhood….(man maaara asama sentence eka tham “ඉස්සර රණ්ඩු වෙච්ච හැටි (තාම රණ්ඩු වෙන හැටි)” hahahahaaaaaa….api denna genama thama oya liyala thiyenne….

    and no, i nvr heard tat song before…aiyooooo miss you oi…:*:*

    and sorry m not writng much here,but you will be always in ma heart ayya…..no one will be able to replace your love ever….m sure about that….
    love you lotttttttttttttttzzzzzzzzzzzzz……………mmmmmmmmwah:*:*

  2. අගෝස්තු 12, 2010 දින 12:26 ප.ව. ට

    Nice to see this.. !!! All the best for your blogging…

  3. ravindu
    අගෝස්තු 14, 2010 දින 7:51 ප.ව. ට

    kolla this is nice i wish u all the v, best

  4. $#@L!
    ජූනි 30, 2011 දින 11:01 පෙ.ව. ට

    this actually made me cry. well done aiya. keep up the good work.
    p.s. wish i had a brother 😦

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: