ප්‍රේමයේ යුගාන්තය | the end of an era of love

මට කියාදෙන්න දැහැමින්
හිත හදාගන්න යහමින්

මට ආදරෙයිද කෙතරම් ?
අවසන් නිශාන්තයේ
නිදි නොමැති දෑස් අගින්
පින්තාරු  කල සිතුවිල්ලේ
තනිවෙන්න බෑ

ප්‍රේමේ යුගාන්තයේ
කඳුලක් සමීපයේ
කල්පාන්තයේ  ලතැවිල්ලේ
නවතින්න බෑ

මේ සින්දුව කාගේද කියල මම අදටත් දන්නේ නැහැ.
මේ සින්දුව ගැන කව්රු හරි දන්නවා නං මටත් කියන්න.
මේක මීට අවුරුදු 4 කට විතර කලින් රේඩියෝ එකේ යනකොට ඇතිවෙච්ච ආසාවට මම දඩ බඩ ගාල කොලේක ලියාගත්තා අමතකවෙයි කියල.

ඊයේ පෙරේද තමයි මේ කොළ කෑල්ල ආයේ හම්බුනේ.
ජීවිතේ කොච්චර කලබලද,
කොච්චර කාර්යබහුලද,
මගේ වැඩ කොච්චර අපිලිවෙලද,
කියල හිතුන.

හුඟක් වෙලාවට අපි කරන්නේ
“අපිට ඇත්තටම කරන්න ඕනේ දේවල් නෙමෙයි ,
අපිට කරන්න වෙලා තියෙන දේවල්”.
(මේක අදහස ගැන මුලින්ම හිතුනේ O/L කාලේදී Literature වලට
ඉගෙන ගත්තු රොබට් ෆ්රොස්ට් ගේ කවිය හින්ද.
එක ගැන වෙනමම කතා කරන්න වෙනවා.)

ජීවිතයේ එක ප්‍රේමණීය සන්ධිස්ථානයක් පහුකරන සංවේදී පෙම්වතෙකුගේ
අහිංසක හැගීම් මේ විදියට වචන වලට හරවල තියෙන්නේ.
එක්තරා යුගයක් පැරණි ප්‍රේමයකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමුදෙන්නට
ඔහුට සිදුවෙනවා.
එතනින් එහාට දළු ලා ලියලන ජීවිතයට සුන්දර අතීත මතකය පමණක් රැගෙන යන්නට ඔහුට සිදුවී තිබෙනවා.

Advertisements
  1. අගෝස්තු 15, 2010 දින 2:45 පෙ.ව. ට

    ela ela

  2. අගෝස්තු 18, 2010 දින 11:46 පෙ.ව. ට

    (ඉ)ස්තුතියි !

  3. අගෝස්තු 18, 2010 දින 11:49 පෙ.ව. ට

    ප . ලි . – බිඟුවාට ඉස්තුතියි!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: