Rawana | රාවණා

බින්දු පිපෙන තාලේ
ගී සින්දු මොටද ආයේ
හැඩකාර නුඹගේ චායා
පිනි බින්දු හැමත වෑහේ

මහද පීදෙනා
හැඟුම සෝභානා
හිත හඬන වේදනා
මහද නැගෙනා

ආදරේ කී
රාවණ වෙන්නද මා
අහසින් ඉගිලී
සුළගේ  පාවී
ආ ඒ රාවණාද   මා

මේ සින්දුව මම දවසක්දා විද්‍යාගේ (මගේ දකුණු-අත) ෆෝන් එකේ සින්දු අහ අහ ඉන්න
කොට තමයි හම්බ වුනේ.

මුලින්ම මගේ හිත ගත්තේ ඒ සින්දුවේ වචන කොච්චර සරලද,
සංගීතය කොච්චර ස්වාභාවිකද කියන කාරණේට.
ඊළඟට ඒ වචන ටිකේ තියෙන බලයට සහ ඒවා තුලින් පිටකරන්න හදන
හැගීමෙ ප්‍රබලත්වයට.අවම සංගීත භාණ්ඩ භාවිතය සහ කටහඬ හසුරුවන පරාසය තුලින්
ඒ වචනවලට වැඩිපුර බරක් දීල තියෙනවා කියලයි මට හිතෙන්නේ.

අනෙක් දේ තමයි රාමා-සීතා කතා පුවතේ එන “දඬුමොනරය හිමි රාවණා කුමාරයන්”
මෙහිලා ස්පර්ශ කිරීම හෙවත් උපුටා දැක්වීම.
රාමායනයේ කතාව කොහොම කිව්වත්,
ඇත්තටම රාවණාට සීතා කෙරෙහි ඇතිවූ හැගීම් මොනවගේ වෙන්න ඇතිද?
සමාජ සම්මතය හෝ පිළිගත් මතය කෙසේවෙතත්,
ඔහුට ඇය කෙරෙහි ඇතිවූ හැගීම මෙන්ම ඔහු-ඇය අතර සබැඳියාව වෙනම කතාවකි.

හිතාගන්න බැරි තරමට ලස්සනට කාන්තාවකට ආදරේ හිතුනම,
හිතාගන්න බැරි දේවල් කරන්න පිරිමියෙකුට් පෙළඹෙන්න පුළුවන්.
මොනවා උනත් ඔහුගේ සිතුවිලි කොච්චර ප්‍රබලද කියනවනම්,
ඔහු ඇය වෙනුවෙන් රාවණා කෙනෙකු වී මුළු මහත් ලෝකයකට වුවද එරෙහිව යාමට වුවද සුදානම්ය.

මෙහි පද රචකයා ලංකා චාමර (අයියා).
(ඔහු තමයි “කැරොකි” , “තාල භාවනා” වේදිකා නාට්‍ය වල නිර්මාණකරු)
තනුව සහ ගායනය අසංග මානගේ.

Advertisements
  1. සැප්තැම්බර් 4, 2010 දින 1:32 පෙ.ව. ට

    මචන් පුලුවන්නම් මට මේ සිංදුවේ online ලින්ක් එකක් හොයලා දීපන් කෝ..!
    පෝස්ට් එක නම් මරු..! මම දවසක් විද්‍යා ව දැක්කා MC එක ගාව.., ඒත් මම කතා කරන්න හැදුවත් මට බැරිවුනේ මම ඒ වෙලාවේ ජනතා ප්‍රවාහනයේ හිටපු නිසා..!

  2. සැප්තැම්බර් 4, 2010 දින 1:36 ප.ව. ට

    මචන් ඌ අම්බානක බිසී!
    මම දන්නේ නේ මොන කෙහෙල්මලක් කරනවද කියල!
    මොනවා නැතත් බොන්න නං වෙලාව තියෙනවා!
    මේ සින්දුවේ ඔන්ලිනේ ලීක්ස් නේ මචන්!
    මමම upload කරලා දාපු වීඩියෝ එක තමයි තියෙන්නේ!
    මම mp3 එක උඹට මේල් කරන්න්!
    ජයවේවා!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: