| දහඅට වංගුව |

සින්දුව මෙතනින් අහන්න

කඳු අතරින් උදේ හවා රියසක හසුරන  මාගේ
සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
කන්ද වසා හිත රවටා  බැල්මක් වැටුනිද කාගේ
එක හිත නැති නුඹේ හිතත් දහඅට වංගුව වාගේ

මැද නුවරින් මං එනකොට නගාගෙන මහා කන්ද දිගේ
ඉස්සර නං නුඹ හිටිය උඩුදුම්බර හිච්චි නගේ
දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොඳේ
මගේ හිතත් සැලෙන්නේ නෑ හුන්නස්ගිරි කන්ද වගේ

කන්ද බැහැල මහියංගන වෙහෙර වඳිමු අපි දෙන්නා
කියූ වදන් ගොලුකරගෙන දුම්බර උත්පලවන්නා
වාන් දමන්නට කලින් බැම්ම උඩින් හිත පන්නා
කඳුළු ගැසුණු මගේ හිතත් කුළු ගගටම දන් දුන්නා

මේ සින්දුව මම මුලින්ම ඇහුවේ ඉරිදා දවල් 12 යන සිරස එෆ්.එම්.
රස රිසි ගී වැඩසටහනෙන්.ගායකයා කුමා අත්තනායක.

මට මුලින්ම ඇතිවෙච්ච හැගීම තමයි, යම් ගීතයකට අසන්නාගේ හිතේ යම් රූපාවලියක් මවන්න පුළුවන් නම්,
මේ ගීතය ඒ අරමුණ ඉහලින්ම ඉටුකරන ගීතයක් කියන එක.

මම අන්තිමට මහියංගනය දහඅට වංගුව පැත්තේ ගියේ 1998 හෝ ඊට කලින්.
ඒ නිසා ඒ පිලිබඳ මතකය වයස අවරුදු 14 පොඩි කොලුගැටයෙකුගේ මතකය පමණයි.

නමුත් මෙහි සඳහන් තැන ගැන නැවත ගිහිල්ල හොයල බලන්න තරම් කුතුහලයක් මේ ගීතය මාව පොළඹවනවා.

ඔහු මහියංගනය පාරේ බස් රථ රියදුරෙක්. ඔහුගේ හැගීම් තමන් හැමදාම
අත්විඳින පරිසරයට කොච්චර බද්දවෙලා තියෙනවද කියනවනම්,තමන්ගේ හැගීම් වලට වටිනාකම් ලබා දෙන්නේ තමන් අවට උප-සංස්කෘතියේ අංග වලින්.

ඔහුගේ හැගීම් ප්‍රකාශණය අහිංසකයි,එමෙන්ම අවංකයි.
ප්‍රේමයේ විරහව ඔහු විඳගන්න ආකාරය සිත්ගන්නාසුළුයි.
හෙට දවස ගැන ඔහුගේ බලාපොරොත්තුව සුභවාදී එකක්.

Advertisements
  1. අගෝස්තු 18, 2010 දින 3:16 ප.ව. ට

    බොහෝම ස්තූතියි..!

  2. අගෝස්තු 18, 2010 දින 3:26 ප.ව. ට

    මන්දාකිණියටත් එසේම වේවා!

  3. අගෝස්තු 18, 2010 දින 3:48 ප.ව. ට

    nice post……:)

  4. අගෝස්තු 18, 2010 දින 4:37 ප.ව. ට

    හේමලයාට බොභෝම ස්තුතියි!

  5. vimukthi
    අගෝස්තු 18, 2010 දින 4:48 ප.ව. ට

    aththa kathawa

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: