ඵලදායීතාවය | productivity

මේ ලිපියත් ලක්බිම රිද්ම පත්තරේ කියවන කොට දැකල හැමෝම එක්ක බෙදාගන්න හිතුනා.

මුලින්ම  හිත ඇදිල ගියේ McDonalds සේවකයන් ගැන තියෙන විස්තරයට.
බොහොම ආකර්ෂණීයයි.
නමුත් එම රැකියා ක්ෂේත්‍රයටම අයත් වන ආයතනයක අවුරුදුක් වැඩකරන අයෙක් හැටියට,
ඵලදායීතාවය,දරාගැනීමේ හැකියාව,කාර්යශූර බව අතින් ඒ හා සමාන
(සමාවෙන්න ඊට වඩා වැඩි)
හැකියාවන් ඇති පිරිසක් සමග තමයි මම වැඩ කරන්නේ කියල කියන්නේ ආඩම්බරෙන්.
(මොවුන්ගෙන් අති බහුතරයක් ශ්‍රී ලාංකීයයන්.)
ඒ ගැන අපි පස්සේ කතා කරමු.

හැමදාම උදේ ලන්ඩන් උමං දුම්රියේ යන මගීන් දිහා බැලුවහම,
කව්රුවත් නිකන් ඉන්න මනුස්සයෙක් හොයාගන්න බැහැ.
සමහරු පොත් පත්තර කියවනවා,
ජංගම දුරකතනයෙන් බොහොම බැරෑරුම් වැඩ.
සමහරු පාඩම් කරනවා,සමහරු සටහන් ලියනවා,
වයසක ආච්චි කෙනෙක් රෙද්දක් වියනවා,
තවත් කෙනෙක් නිදි.

කව්රුවත් නිකන් ඔහේ බලාගෙන ඉන්නේ නැහැ.
කව්රුහරි අනිත් මිනිස්සු කරන දේ දිහා බලන් ඉන්නවා නං ෂුවර් එකටම ශ්‍රී ලාංකීයයෙක්.
අනිත් දෙය , එහා පැත්තේ ඉන්න කෙනා කරන දෙයින් ඒ ගොල්ලන්ට වැඩක් නැහැ.
(එංගලන්ත සමාජය ලොව සිටින ශිෂ්ඨම ජන සමාජය කියල
මම මෙයින් අදහස් කරන්නේ නැහැ,
ලාංකික සමාජය තවත් වෙනත් බොහෝ සමාජයීය ගුණධර්ම අතින් සැහෙන්න ඉදිරියෙන්,
නමුත් ඔවුන් ඉගෙන ගන්න තියෙන දේ අපි ඉගෙන ගන්න ඕනේ)

ලංකාවේ සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවා වල ඔය කියන දේවල් කරන්න පුළුවන් කියල මම කියන්නේ නැහැ.
නමුත් එතනින් අපි අපේ ආකල්ප වල වෙනසක් ඇතිවියයුතු බව තෙරුන් ගන්න ඕනේ.
ලංකාවේ ඒ දේවල් ඒ විදිහට කරන්න බැරි උනාට,
කරන්න පුළුවන් දවල් තියෙනවා.

කතාව ඇත්ත!
ජපානයෙන් සහ ඇමරිකාවෙන් අපට ඉගෙන ගන්න පාඩම් ඕනේ තරම් තියෙනවා.
විනයක්, කැපකිරීමක් සහ සැලසුමක් ඇතුව වැඩකරන අලුත් පරම්පරාවකට අපේ රට ඉහලට ගෙනියන්න පුළුවන්!

ප.ලි. _ දමින්ද ජීවාන් රණසිංහට මෙකරන සත් කාර්යය ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේවා!


Advertisements
  1. අගෝස්තු 27, 2010 දින 2:19 පෙ.ව. ට

    ජපානයේ යොදාගන්න උපක්‍රම වෙන කිසිම රටක හරියටම 100% සාර්ථකව යොදාගන්න බෑ…මොකද ඒවායේ පදනම වෙන්නේ ජපන් ජාතිකයින් තුල ඇති ආකල්ප.උදා:5S, JIT,Kaizen…

    මැක්ඩොනල්ඩ්ස් ගැන කියනවානම් එතැන තියෙන්නේ standardization.හැම පියවර්ක්ම යම් පෙර තීරණය කල සම්මතයන්ට අනුව සිදු කිරීමට සේවකයින් හුරු කිරීම.විද්‍යාත්මක කළමණාකාරිත්වයේ තවත් එක අත්තක්.එහි ඇති අනෙකුත් වාසිය නම් තම ආහාරය ගැන තීරණයක් ගැනීමට අපහසු මිනිසුන්ට තීරණ සුලු ප්‍රමාණයක් අතරින් එකක් තෝරා ගැනීමට උපකාර කිරීමෙන් යම් සන්තෘප්තියක් ලබාදීමයි…

    ලංඅකාව දියුණු කිරීමට කලයුතු පළමු හා ප්‍රදානම දෙය ප්‍රවාහනය දියුණු කිරීමයි…ඒත් තාමත් මේක තෙරුම් ගත්තු එකෙක් බලයට ඇවිත් නම් නෑ…අපෙ මිනිසුන්ගේ ජීවිත වලින් හරි අඩක්ම වැයවන්නේ ගමනේ යෙදෙන්න…ඉතින් කෝ වැඩ කොරන්න කාලයක්….:(..

  2. අගෝස්තු 28, 2010 දින 11:32 පෙ.ව. ට

    අදහස් එකතු කලාට පින්!

  3. shashisaranga
    සැප්තැම්බර් 5, 2010 දින 4:37 ප.ව. ට

    ලංකාව දියුණු කරන්න ක්ලින්
    ලාංකිකයාගේ අකල්ප දියුණු කරන්න ඕන

  4. සැප්තැම්බර් 5, 2010 දින 6:28 ප.ව. ට

    හරියටම හරි!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: