නිවස > චරිතාපදාන | Biography > වෙනස්වීම | Change

වෙනස්වීම | Change

අපිට අලුත් තැනකට ගිහින් කිසිම දෙයක් එක පාර වෙනස් කරන්න බැහැ.
මිනිස්සුන්ට වෙනස් වෙන්න කාලයක් දෙන්න ඕනේ.
බරට බඩු  පුරවල තියෙන කරත්තයක් පාලනයක් නැතුව
වේගයෙන් පල්ලමක පහලට තල්ලුවෙලා යනවා නම්
අපි ඒ කරත්තේ ඉස්සරහට ගිහින් හිටගත්තොත් වෙන්නේ කරත්තෙට යටවෙන එක.
හොඳම දේ කරත්තේ පිටිපස්සෙන් අල්ලලා
වේගේ අඩුකරලා කරත්තේ නවත්තන්න බලන එක.

අසේල කොතලාවල

මට අසේලව මුලින්ම හම්බවෙන්නේ කිංග්ස්බරි වල වැඩ කරන කාලේ.
අවුරුදු ගණනක් ඕනෙම තැනක සිද්දවෙච්ච සහ සිද්දවෙන දේවල් එක රැයෙන්  වෙනස් කරන්න බැහැ.
විශේෂයෙන්  ඒ පරිසරයේ ඉන්න මිනිස්සු ඒදේට හුරුවෙලා  නම් ඉන්නේ සැහෙන අමාරුයි.
වෙනස්කම් සිද්ද වෙන්න ඕනේ සැහෙන්න කාලයක් නිරීක්ෂණය කරලා.
හේතුව එක පාරට ලොකු වෙනස් කම් ගොඩක් ආවම මුළු සිස්ටම් එකම එකපාරට නතර වෙන්න පුළුවන්.
අපි වෙනසක් කරන්න කලින් තියෙන විදිහට දවසක් දෙකක් හරි වැඩ කරලා බලන්න ඕනේ.
මේ කියන වෙනස්කම් හින්දා වැඩිපුරම තැලිච්ච මිනිහ මම.
වෙනස්කම් වලට එරෙහිව වැඩිපුරම දඟලපු මිනිහ මම.

අපි වෙනස්කම් ගැන කතා කර කර,
හොඳටම හඳට ගිහින්  ඉන්න වෙලාවක තමයි අසේල ඔය කතාව කිව්වේ.
ඒක   අවුරුදු ගානකට පස්සේත් තාම මතකයි.
හේතුව ඒක මගේ බොක්කටම වැදුනා.
ඊට පස්සේ මම වෙනත් තැන දෙක තුනකම වැඩ කළා,වැඩ කරනවා.
මට අලුත් තැනකට යන හැමම වෙලාවේම අසේලගේ කතාව මතක් වෙනවා.
ඒක හරියටම හරි.
අත්දුටුයි , ප්‍රත්‍යක්ෂයි.

ඊට කලින් බැංගලෝර් වලදී අපිට SAD (System Analysis and Design)
උගන්නපු සතිෂ් සර්කියල දුන්න එකකුත්  තාම මතකයි.
SDLC  වල SA කෙනෙක්ට රඟපාන්න වෙන චරිත අතරින් 1ක් change Agent.
ඔහුගේ වගකීම අලුත් සිස්ටම් එක දැම්මට පස්සේ සිදුවන
වෙනස්කම්වල බලපෑම පිළිබඳව අධ්‍යනය කිරීම
සහ එම වෙනසෙහි දොස් නොදොස් විචාරය සහ එම වෙනසට එම සිස්ටම් එක භාවිතා කරන්නන් සුදානම් කිරීම.
මිනිස්සු වෙනස්කම් වලට අකමැතියි.
නමුත් වෙනස් වෙන්නේනතුව ඉන්න අමාරුයි.
මම අහල තියෙන පරිණාමවාදයට අනුව (අහල මිස ඉගෙන ගත්තු නෙමෙයි)
ඩාවින් කියල තියෙන්නේ වෙනස්වීම් වලට
අනුවර්ථනය වෙන්නේ නැති සත්තු වඳ වෙනවා කියලයි.
එහෙම නැත්නන් පැවැත්මක් නැහැ කියලයි.

කාලානුරුපීව හැඩගැසෙන පුද්ගලයාගේත් පැවැත්මෙහි ස්ථාවරබව වැඩියි කියලයි මට හිතෙන්නේ.

Advertisements
ප්‍රවර්ග:චරිතාපදාන | Biography
  1. නිර්ථක
    සැප්තැම්බර් 4, 2010 දින 9:59 ප.ව. ට

    ඔබ අකැමැති යමක් හමුවුනොතින් එ් දෙය වෙනස් කරන්න උත්සහ කරන්න. එය වෙනස් කර ගත නොහැකි නම් එයට ගැලැපෙන පරිදි ඔබ වෙනස් වන්න.

    අපේ අාකල්ප ගැන ලියැවුනු ලිපියකයි මේක සදහන් වුනේ.

    හැම දේම වෙනස් වන ලෝකේ වෙනස් නොවෙන එකම දෙය වෙනස් වීම නම් අපි කොහොමද වෙනස් නොවී ඉන්නෙ, එ්කෙන් හොද දෙයක් වෙනවනම් අපි මොකටද වෙනස් නොවී ඉන්නෙ නේද?

  2. සැප්තැම්බර් 3, 2010 දින 8:07 ප.ව. ට

    Thanks for the ReTweet Royly!

  1. අගෝස්තු 31, 2010 දින 3:18 පෙ.ව. ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: