Archive

Archive for සැප්තැම්බර්, 2010

| ඇතුගල පාමුල ඉන්න |

සැප්තැම්බර් 30, 2010 ප්‍රතිචාර 2ක්

විලක් නෙලූම් මල් අරගෙන
ගෙනත් පලන්දන් යන්නට
දියකැට පහණ කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න

ගොඩක් සුසුම් වැල් හෙලූවම
මටත් දුකයි පෙම් කෙරුවට
ඇස් දෙක දිහා බලන්න
ඇතුගල පාමුල ඉන්න.

ඉරබටු තරුව දකින්න
වෙල් ඉපනැල්ලට එන්න
කවියක එළිවැට වෙන්න
මගෙ හිත උඩ ඇලවෙන්න

දුකකදි පිහිටට ගන්න
කඳුළු පොහොට්ටු සොයන්න
දුක්බර ලොවට එඛෙන්න
සුන්දර සිදුරු කොයින්ද

ගීතය මෙතනින් අහන්න.

රචනය – වසන්ත දුග්ගන්නාරාළ
සංගීතය – රංග දසනායක
ගායනය – අජිත් බණ්ඩාර

මම මේ ගීතය අහපු දවසේ ඉඳල අද වෙනකන් එහි ඇති ලස්සන අඩුවෙලා නැහැ.
අජිත් බණ්ඩාරගේ මේ සින්දුව ඔහුගේ අනිත් ගීත වගේ ලස්සන වීඩියෝ එකක් එක්ක ජනප්‍රිය වුනේ නැත්තේ ඇයි කියන්න මම දන්නේ නැහැ.
මට මේ ගීතය දැනෙන්නේ හරියට අලුතෙන් ගත්ත පොතක් වගේ,
අලුතෙන් ගත්ත පොතක අලුත් පිටුවලින් එන සුවඳ මම මේ ගීතයෙන් විඳිනවා.

තරුණයෙක්ගේ ප්‍රේමයේ තරම අසීමාන්තිකයි.
ප්‍රේමය විටෙක ප්‍රකාශකර ගත නොහැකිතරම් උද්වේගකරයි.
ඇය කෙරෙහි ප්‍රේමය මෙතෙකැයි කියා පෙන්වන්නට මිනුම් දණ්ඩක් තිබුනානම් හොඳයි.

තරුණයාට පෙරලා ඇයගෙන් ලැබෙන ආදරය ( ආදරය ලැබීමට තරම් වාසනාවන්ත නම්)
පෙරට වැඩ උද්වේගකරයි.
ඇය තමාට කෙතරම් ආදරෙයිද යන්න දරාගත නොහැකිතරම් .
ඇය කෙරෙහි ඔහුගේ හැගීම් ගොනුකරන්න පදවැලක් තරම් සුදුසු වෙන දෙයක් තියෙනවද?

ප්‍රේමය කොච්චර පිරී  ඉතිරිලා ගියාට,
සමහර වෙලාවට අපි කොච්චරනං අසරණද?
කොච්චර නං දුක් දොම්නස් මේ ප්‍රේමයත් එක්කම විද දරා ගන්න සිද්ධවෙනවද?


ගීපද රචකයෝ හැමදාම මගේ වීරයෝ.
හිතට වැදිච්ච සින්දුවක් රසවිදින හැමවෙලාවකම මම කල්පනා කරනවා ,
මේ සින්දුව ලියපු මනුස්සයට මේක ලියන්න හිතුනේ ඇයි කියල.
ඔහු හෝ ඇය ගීතයෙන් කියන්න හදන දේ සෑහෙන්න දුරට තේරෙනවා තමයි,
නමුත් ඇත්තටම සිතුවිලි උත්පාදනය මුල්වන සිදුවීම හරිම රසවත් වෙන්න ඕනේ.

වසන්ත දුක්ගන්නාරාළව මම දකින්නේ
ගමේ ඉඳන් නගරයට ආපු,
පොළොවේ පය ගහල ජීවත්වෙන,
සුන්දර ප්‍රකාශන හැකියාවක් තියෙන මනුස්සයෙක් හැටියට.

දුක්ගන්නාරාළගේ ” ආලවක නරක නෑ ” කෙටිකතා සංග්‍රහයේ පිදුම කියවන්න හම්බුනා.
ඒක හරිම හැඟුම්බරයි. ඔහු තමන්ගේ මුළු ජීවිතේම සාරාංශයක් වගේ එකේ කැටිකරලා තියෙනවා.

ආලවක නරක නෑ
කෙටිකතා යැයි සැකකළ හැකි යමක්

පිදුම

මා වරලත් ගණකාධිකාරවරයකු
වෙතැයි මරණාසන්න මොහොත දක්වා
ප්‍රාර්ථනා කොට, එහෙත් මා
අසරණ කලාකරුවකු
පමණක් ව සිටියදී සදහටම දෙනෙත්
පියාගත්, අම්මාටත් …
භෞතික සහ භෞතික නොවන සියල්ල
ජයගත් රට පිළිගත්
මිනිසකු ලෙස මා සිටිනු දැක
දැකත් සතුටින් මිය යන්නට සිහි
කල්පනාව අහිමි ව ලොව හැර ගිය අප්පච්චිටත්….
ලෝකය විඳවන්නට නොව විඳින්නට
මට ඉගැන්වූ එහෙත් මා
නිසාම එම අන්ත දෙකෙහිම ජීවන හිමිකාරිය
වූ මා පි්‍රය බිරිඳ මනෝජාටත් ….
අළුත් අළුත් දේවල් ලෝකයේ
පෙනෙන්ට ඉඩදුන් ඇස් දෙකක් බඳු
පුතු සඳලිඳු සහ දුව සඳපිණිටත් …..
මේ පොත පුදමි.

වසන්ත දුග්ගන්නාරාළ


ප.ලි.

සැහෙන කාලෙක ඉඳන් නිලාර්.එම්.කාසිම්ගේ ” කිරිකෝඩු හිතට ” පොතයි,
කැලුම් ශ්‍රීමාල් ගේ ගීපද රචනා ඇතුලත් පොතයි හොයනවා.
කවුරු හරි ගන්න තැනක් දන්නවනං මටත් කියන්න.

අතුරු සබැදි

“දුක්ගන්නාරාළ රසික සමුහය” බ්ලොග් අඩවිය

= juice point =

Advertisements

කාලත්‍රය | timescope

සැප්තැම්බර් 23, 2010 ප්‍රතිචාර 5ක්

|අතීතය|
ඔබගේ මතකයෙන් වැටී,
ගිලන්වුණු මට,
මා අමතක විය.


|වර්තමානය|
ඔබ දුර නිසා,
ගගනත පුරා.
අසෙනි වැසි වැටුනා.
සිත දුක් දරා,
සුසුමින් වසා,
කඳුලුත් හඳත් හැඬුවා.


|අනාගතය|
පුරාණේ ඔබටපිදු ආලේ,
ඇයට මම පිදුවා.
සිතාරේ,
වයන තත වාගේ,
අපි පෙමින් බැඳුනා.

වැස්ස | Rain

සැප්තැම්බර් 19, 2010 ප්‍රතිචාර 4ක්
j
ජනේලෙන් එපිට මොර සුරන වැස්ස
ජනේලෙන් මෙපිට කල්පනා කරන මම
වීදුරුවේ වැදී බේරෙන වැහි බින්දු
එදා මෙදාතුර ඇස් රතුකරපු කඳුළු බින්දු

පොඩිකාලේ වැස්සට පාකරපු කඩදාසි ඔරු
ඒ ඔරුවගේ වැඩිදුර ගියේනැති අහිංසක බලාපොරොත්තු
අකුණු ගහල ටික වෙලාවකින් ගොරවන හැටි
පරක්කුවෙලා හරි කරපු හොඳ නරක පස්සෙන් එන හැටි

බොඳ වෙලා පේන වාහනවල එලි
ඉටු නොවිච්ච කප්පරක් පැතුම් පොදි
මහා වැසි බිමට එවල සුසුම් හෙලන ආකාසය
හෙට උදෙන්ම ආයෙත් අවදිවෙන ජීවිතය

දවසක් ඒවි අපිටත් | unforeseen , yet bright future

සැප්තැම්බර් 11, 2010 ප්‍රතිචාර 3ක්
.
.
දැන් හිත කීරිගැහුනට හීතලට
හිත උණුසුම් ඇය මතක් වෙන හැම මොහොතක්ම
නගින නගින හැම පඩියකදීම  කකුලෙන් ඇද්දට
මගේ නං තරහක් නෑ උඹල ගැන ඇත්තටම

ඉදල හිටලා කාලකන්නියෙක් හිටියට
අමතක නෑ මතකයි කරපු කියපු හැමදේම
කවදාහරි අපි හදන පොඩි කැදැල්ලට
එන්න කියනව උඹල ඔක්කොටම

අපි දෙන්නට දෙන්න ආදරේ තරමට
මල් පිපේවි හුස්මටික වැටෙන තුරාවටම
ජීවිතේ හැන්දෑව ගෙවන කාලෙකට
මතක්වේවි බොක්ක දුන්න කට්ටිය හැමෝම

දියුණුවේ වක්‍රය | the curve of success

සැප්තැම්බර් 8, 2010 ප්‍රතිචාර 5ක්

අපි කවදාවත් කිසිමදෙයක
ඉක්මන් ප්‍රථිපල බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ.
අපේ දියුණුව ප්‍රස්තාරයක් නම් දියුණුවේ වක්‍රය
පොඩ්ඩ පොඩ්ඩ අනුක්‍රමණය වැඩිකරගෙන යන්න ඕනේ.
එතකොට අපි පොඩ්ඩ පොඩ්ඩ දියුණුවෙලා එක දවසක සංතෘප්ත වෙනවා.
ඒ වගේම තමයි අපිව එකපාරට බිමට වට්ටන්න ලේසි නැහැ.
හැබැයි ප්‍රස්ථාරයේ වක්‍රය සීග්‍රව ඉහල නැග්ගොත්,
අපිව ඉක්මනට බිමට වැටෙනවා.

නවීන් ජයවර්ධන

නවීන් අය්යාව මට මුණගැහෙන්නේ ආනන්දීය තාරකාවිද්‍යා සංගමයේ වැඩකටයුතු හරහා.
කාලේ O/L කරන්න කලින්.මම තාරකාවිද්‍යා සංගමයට එකතුවෙච්ච මුල්ම කාලේ.

මේ කතාව සම්පුර්ණ ඇත්ත.
තාරකාවිද්‍යා සංගමය ගැන කිව්වොත් අපි ඒ දවස්වල බින්දුවෙන් පටන්ගත්ත දේවල්
අද වෙනතුරුත් නොසැලී ඉදිරියට ගිහින් තියෙනවා.
අද අපි එදා වතුර දාල පැල කරපු ආනන්දීය තාරකාවිද්‍යා සංගමය කියන පොඩි පැලය,
අද අතු පතුරු විහිදුන විශාල ගහක්.ඒ ගහෙන් බිහිවෙච්ච පැලත් දැන් තියෙනවා.

ජීවිතේ හැමදේම ඒ වගේ තමයි.
අද පැල හිටෙව්වා කියල හෙට අස්වැන්න ලැබෙන්නේ නැහැ.
ඒකට කාලයක් ඉවසන්න වෙනවා.
ඒ වගේම තමයි වපුරන තරමට තමයි අපි අස්වැන්න බලාපොරොත්තු වෙන්න ඕනේ.

අනිත් වැදගත්ම කාරනාවක් තමයි,
හැමවෙලාවෙම අපි ඉහල ප්‍රතිපල ලබාගැනීමට උත්සාහ කල යුතුයි.
මම කියන්නේ නැහැ ප්‍රායෝගිකව අත්පත්කර ගැනීමට
අපහසු ඉලක්ක කරා යා යුතුයි කියල.

නමුත් හැමවිටම අපේ ඉලක්කය ඉලක්කය හැකිතාක් ඉහලින් තබා ගත යුතුයි.

අපි හඳට යන්න ට්‍රයි කලොත්,
අඩුම ගානේ ගෙදර වහලේ උඩටවත් නැගගන්න පුළුවන් වෙයි.

අතුරු සබැදි :

ආනන්දීය තරකාවිද්‍යා සංගමයේ ෆේස්බුක් පිටුව-1

ආනන්දීය තරකාවිද්‍යා සංගමයේ ෆේස්බුක් පිටුව-2

ආනන්දීය තරකාවිද්‍යා සංගමයේ බ්ලොග් අඩවිය

“තරු සාදය” ෆේස්බුක් පිටුව

ආදී ආනන්දීය තාරකාවිද්‍යා සංගමයේ ෆේස්බුක් පිටුව

skylk වෙබ් අඩවිය

ප්‍රවර්ග:චරිතාපදාන | Biography

බිල් ගේට්ස් සහ සාර්ථකත්වයේ පාඩම් | Bill Gates – A Success Story

සැප්තැම්බර් 3, 2010 ප්‍රතිචාර 19ක්

මේ පිලිබඳව ඉංග්‍රීසි ලිපිය allmalyf .wordpress .com තුලින්

මට මේක හම්බ වුනේ ෆොර්වර්ඩ් මේල් එකක් විදිහට,
බිල් ගේට්ස් ටික කාලෙකට කලින් උසස් අධ්‍යාපන ආයතනයකට ගියපු වෙලාවක,
ඔහු ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැති දේවල් 11ක් ගෙන කිව්වා.
මමත් කල්පනා  කරලා බැලුව ඉස්කෝලේ යනකාලේ
ඇත්තයි කියල හිතාගෙන හිටපු දේවල්,
පහුගිය අවරුදු 7ට කොච්චර නං බිඳ වැටුනද?

කොච්චර නං දේවල් වැරදියට කරලා,
දරුණු පාඩම් එක්ක ඉගෙන ගන්න සිද්ධ උනාද?
ඒ අපිට ඒ දේවල් කියල දෙන්න කව්රුවත් හිටියේ නැති හින්දා.

බිල් ගේට්ස් තමන්ගේ දැනුම බෙදාගන්නේ අලුත් පරම්පරාව එහෙම අමාරුවේ නොදමන්න.
ඔහු කතා කරන්නේ දේශපාලන අභිමතාර්ථ ඉටුකරගැනීමට සහ විවිධ පාර්ශව සැනසීම සදහා
සකස්කෙරුණු අධ්‍යාපන ප්‍රතිපත්ති නිසා බිහිවෙන ,
සමාජ යථාර්ථය වටහා ගැනීමට අපොහොසත් තරුණ සහ ළමා පරම්පරාව ගැනයි.

අංක 1
අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ.
ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න.

අංක 2
අප ජීවත් වන ලෝකයට ඔබේ ආත්ම-අභිමානයෙන් පලක් නැහැ.
ලෝකය ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින්
ඔබ යම්කිසි ජයග්‍රහණයක් , යම් කිසි දෙයක නිපුණත්වයක්
ඔබෙන් බලාපොරොත්තුවෙනවා.

අංක 3
ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්, නැත්තන් කම්පස් එකෙන්
අවුට් වෙච්ච ගමන් 80,000 0 පඩියක් හම්බවෙනවා නම් හොඳයි.
නමුත් එහෙම වෙන්නේ නැහැ.
කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක
ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්,
අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා.

අංක 4
ඔබ හිතනවානම් ඔබේ ගුරුවරයා බොහොම සැරයි කියල,
කවදාහරි බොස් කෙනෙක් හම්බුනහම බලන්න.

අංක 5
ඉගෙන ගන්න කාලේ යන වියදම් පිරිමහගන්න බර්ගර් හදන රස්සාවක් කරන
එක තමන්ගේ අභිමානයට නොසරිලන පහත් දෙයක් කියල හිතන්න එපා.
ඔයාගේ සීයල ඕකට කිව්වේ වෙන නමක්.
ඒකට කියපු නම ” මහඟු අවස්ථාවක් “.

අංක 6
ඔබ වැඩේ අනාගත්ත නම් එක ඔබගේ අම්මගේ හරි තාත්තගේ හරි වැරැද්ද නෙමෙයි.
එක ගැන අඩ අඩ ඉන්නේ නැතුව වැරදුනේ කොතනද කියල හොයල ,
වැරදි හදාගන්න.

අංක 7
ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,
අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න
බැරි තාලේ අය කියල?

ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.
එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,
ඔබගේ රෙදි හෝදලා,
ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.
එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද
විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,
තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.

අංක 8
ඉස්කෝලෙදි හරි කැම්පස් එකේදී හරි ජයග්‍රාහකයෝ පරාජිතයෝ හිටිය තමයි.
සමහර වෙලාවට විභාග අසමත් උනහම සමත් වෙනකන් ඕනේ තරම් විභාගයට වාඩිවෙන්න
අවස්ථා දෙන්න ඇති.
මතක තියාගන්න.
ඇත්ත මේක කිසිම ආකාරයකින් ඇත්ත ජීවිතය හා සමාන වෙන්නේ නැහැ.

අංක 9
ජීවිතය පළමු වසර දෙවන වසර හරි .පලවෙනි සෙමෙස්ටරය දෙවන සෙමෙස්ටරය කියල
බෙදල වෙන් කරලා නැහැ.
අප්‍රේල් වලට නිවාඩු හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්.
ඉඳල හිටලා තමයි කව්රු හරි හාම්පුතෙක් (ව්‍යවසායකයෙක්) තමයි,
ඇත්තටම ඔබ සතු දක්ෂතා මොනවද කියල ඔබට හඳුනාගන්න ඉඩ දෙන්නේ.

අංක 10
ටීවී එකේ පෙන්වන දේවල් ඇත්ත ජීවිතය නෙමේයි.
ඇත්ත ජීවිතේදී ෂොපින් මෝල් එකක් කෝපි බිබී ඉන්න වෙන්නේ නැහැ.
රස්සාව කරන්න යන්න වෙනවා.

අංක 11
ඔය හෝගාල මෙලෝ සිහියක් නැතුව පාඩම් කරන,
පොත් ගුල්ලෝ ඉන්නවා නේද?
ඒගොල්ලන්ව ශේප් එකේ තියාගන්න,
කව්ද දන්නේ ඔය පොරකට
කවද හරි බොස් කියන්න වෙයිද කියල?

බිල් ගේට්ස් ලංකාවේ තොරතුරු තාක්ෂණ වර්ෂය ගැන කියන දේ



හෝ
ප්‍රවර්ග:චරිතාපදාන | Biography