නිවස > චරිතාපදාන | Biography > බිල් ගේට්ස් සහ සාර්ථකත්වයේ පාඩම් | Bill Gates – A Success Story

බිල් ගේට්ස් සහ සාර්ථකත්වයේ පාඩම් | Bill Gates – A Success Story

මේ පිලිබඳව ඉංග්‍රීසි ලිපිය allmalyf .wordpress .com තුලින්

මට මේක හම්බ වුනේ ෆොර්වර්ඩ් මේල් එකක් විදිහට,
බිල් ගේට්ස් ටික කාලෙකට කලින් උසස් අධ්‍යාපන ආයතනයකට ගියපු වෙලාවක,
ඔහු ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැති දේවල් 11ක් ගෙන කිව්වා.
මමත් කල්පනා  කරලා බැලුව ඉස්කෝලේ යනකාලේ
ඇත්තයි කියල හිතාගෙන හිටපු දේවල්,
පහුගිය අවරුදු 7ට කොච්චර නං බිඳ වැටුනද?

කොච්චර නං දේවල් වැරදියට කරලා,
දරුණු පාඩම් එක්ක ඉගෙන ගන්න සිද්ධ උනාද?
ඒ අපිට ඒ දේවල් කියල දෙන්න කව්රුවත් හිටියේ නැති හින්දා.

බිල් ගේට්ස් තමන්ගේ දැනුම බෙදාගන්නේ අලුත් පරම්පරාව එහෙම අමාරුවේ නොදමන්න.
ඔහු කතා කරන්නේ දේශපාලන අභිමතාර්ථ ඉටුකරගැනීමට සහ විවිධ පාර්ශව සැනසීම සදහා
සකස්කෙරුණු අධ්‍යාපන ප්‍රතිපත්ති නිසා බිහිවෙන ,
සමාජ යථාර්ථය වටහා ගැනීමට අපොහොසත් තරුණ සහ ළමා පරම්පරාව ගැනයි.

අංක 1
අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ.
ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න.

අංක 2
අප ජීවත් වන ලෝකයට ඔබේ ආත්ම-අභිමානයෙන් පලක් නැහැ.
ලෝකය ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින්
ඔබ යම්කිසි ජයග්‍රහණයක් , යම් කිසි දෙයක නිපුණත්වයක්
ඔබෙන් බලාපොරොත්තුවෙනවා.

අංක 3
ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්, නැත්තන් කම්පස් එකෙන්
අවුට් වෙච්ච ගමන් 80,000 0 පඩියක් හම්බවෙනවා නම් හොඳයි.
නමුත් එහෙම වෙන්නේ නැහැ.
කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක
ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්,
අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා.

අංක 4
ඔබ හිතනවානම් ඔබේ ගුරුවරයා බොහොම සැරයි කියල,
කවදාහරි බොස් කෙනෙක් හම්බුනහම බලන්න.

අංක 5
ඉගෙන ගන්න කාලේ යන වියදම් පිරිමහගන්න බර්ගර් හදන රස්සාවක් කරන
එක තමන්ගේ අභිමානයට නොසරිලන පහත් දෙයක් කියල හිතන්න එපා.
ඔයාගේ සීයල ඕකට කිව්වේ වෙන නමක්.
ඒකට කියපු නම ” මහඟු අවස්ථාවක් “.

අංක 6
ඔබ වැඩේ අනාගත්ත නම් එක ඔබගේ අම්මගේ හරි තාත්තගේ හරි වැරැද්ද නෙමෙයි.
එක ගැන අඩ අඩ ඉන්නේ නැතුව වැරදුනේ කොතනද කියල හොයල ,
වැරදි හදාගන්න.

අංක 7
ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,
අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න
බැරි තාලේ අය කියල?

ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.
එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,
ඔබගේ රෙදි හෝදලා,
ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.
එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද
විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,
තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.

අංක 8
ඉස්කෝලෙදි හරි කැම්පස් එකේදී හරි ජයග්‍රාහකයෝ පරාජිතයෝ හිටිය තමයි.
සමහර වෙලාවට විභාග අසමත් උනහම සමත් වෙනකන් ඕනේ තරම් විභාගයට වාඩිවෙන්න
අවස්ථා දෙන්න ඇති.
මතක තියාගන්න.
ඇත්ත මේක කිසිම ආකාරයකින් ඇත්ත ජීවිතය හා සමාන වෙන්නේ නැහැ.

අංක 9
ජීවිතය පළමු වසර දෙවන වසර හරි .පලවෙනි සෙමෙස්ටරය දෙවන සෙමෙස්ටරය කියල
බෙදල වෙන් කරලා නැහැ.
අප්‍රේල් වලට නිවාඩු හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්.
ඉඳල හිටලා තමයි කව්රු හරි හාම්පුතෙක් (ව්‍යවසායකයෙක්) තමයි,
ඇත්තටම ඔබ සතු දක්ෂතා මොනවද කියල ඔබට හඳුනාගන්න ඉඩ දෙන්නේ.

අංක 10
ටීවී එකේ පෙන්වන දේවල් ඇත්ත ජීවිතය නෙමේයි.
ඇත්ත ජීවිතේදී ෂොපින් මෝල් එකක් කෝපි බිබී ඉන්න වෙන්නේ නැහැ.
රස්සාව කරන්න යන්න වෙනවා.

අංක 11
ඔය හෝගාල මෙලෝ සිහියක් නැතුව පාඩම් කරන,
පොත් ගුල්ලෝ ඉන්නවා නේද?
ඒගොල්ලන්ව ශේප් එකේ තියාගන්න,
කව්ද දන්නේ ඔය පොරකට
කවද හරි බොස් කියන්න වෙයිද කියල?

බිල් ගේට්ස් ලංකාවේ තොරතුරු තාක්ෂණ වර්ෂය ගැන කියන දේ



හෝ
Advertisements
ප්‍රවර්ග:චරිතාපදාන | Biography
  1. සැප්තැම්බර් 4, 2010 දින 3:20 පෙ.ව. ට

    නියමම පරිවර්ථනය…. සිංහලෙන් කිව්වා කියලා හිතෙන තරමට….
    නිතර නිතර මතක් කරගන්න වටින දේවල් අප්පා…
    පරාජිත මානකසිකත්ව වලින්, එකිනෙකා සංසන්දනය කරලා පෑරෙන හිත් වලින් ගොඩ එන්න ගොඩක් වටිනවා…

    ඊලඟට මං මේ කල්පනා කරන්නේ මට මේ බ්ලොග් එක මඟ හැරුනේ කොහොමද කියලා…

  2. සැප්තැම්බර් 4, 2010 දින 7:31 පෙ.ව. ට

    නියම ලිපියන්…. කාට කාටත් වටිනවා‍‍

  3. සැප්තැම්බර් 4, 2010 දින 9:27 පෙ.ව. ට

    ඇත්තටම වටිනව

  4. සැප්තැම්බර් 4, 2010 දින 10:30 පෙ.ව. ට

    ගැමුණු, ගීත් සහ හසිත තුන්දෙනාටම බොහොම පින්!

  5. sagara
    සැප්තැම්බර් 4, 2010 දින 11:04 පෙ.ව. ට

    ඈත්තතම නියම post 1

  6. සැප්තැම්බර් 4, 2010 දින 11:23 පෙ.ව. ට

    great post !! and nice traslation…shared it in FB cz i think everybody should read it

  7. DK
    සැප්තැම්බර් 4, 2010 දින 11:52 පෙ.ව. ට

    maxxa!

  8. සැප්තැම්බර් 4, 2010 දින 12:42 ප.ව. ට

    වැදගත් ලිපියක්. සිරාවට දෙයක් ඉගෙන ගත්තා. ස්තුතියි..

  9. සැප්තැම්බර් 4, 2010 දින 1:12 ප.ව. ට

    සාගර, deeps , dk සහ කනිෂ්ක හතර දෙනාටත් බොහොම ඉස්තුතියි අදහස් ඉදිරිපත් කලාට!
    deeps ට ආයේ පාරක් ඉස්තිතියි FB වල share කලාට!

  10. සැප්තැම්බර් 4, 2010 දින 2:50 ප.ව. ට

    Excellent! 🙂

  11. Dileepa jayawardena
    සැප්තැම්බර් 4, 2010 දින 4:59 ප.ව. ට

    niyamai!!!!!

  12. Dileepa jayawardena
    සැප්තැම්බර් 4, 2010 දින 5:15 ප.ව. ට

    ඇත්ත,
    ඒත් 11 වෙනි එකත් එක්ක මම එකග නෑ!
    පොත් ගුල්ල කියන්නෙ හෑම දේම අනුන්ගෙන් ඉගෙන ගන්නව කියන එකනෙ! ඉතින් එයා කොහොමද මගෙ බොස් වෙන්නෙ??
    තමා නිර්මානශීලීනම් (බුද්දිමත් නම්) වෙනස් විදියට හිතන,තනියෙන් තේරුම් ගන්න,අලුත් දේ කරන කෙනෙක් නම් කවදා වත් එයාට වඩා උසස් බොස් කෙනෙක් ඉන්න විදියක් නෑ!

    කොටින්ම කියනවනම් වැරදිලා හරි ඊ වගේ එකෙක් මගෙ බොස් උනොත් එදාම ජොබ් එකෙන් අයින් වෙලා අලුත් විදියට බර්ගර් හදනවා!
    ඒක අර බොස් එක්ක ඉන්නවට වඩා හොද “මහගු අවස්තාවක්” වෙයි!
    ඊට පස්සෙ කාර් එකකුයි ෆෝන් එකකුයි ගන්නවා!
    “Imagination is more importent than knowladge”
    -Albert einstein

  13. mahasona
    සැප්තැම්බර් 4, 2010 දින 6:06 ප.ව. ට

    Dileepa jayawardena,

    Poth Gullo kiyanne poth kiyawana un ta bung!

    Pothak pathak kiyawanne nathuwa thaniyama hithala igena ganna beha… aluth deyak hoyaganna, karanna wenne apita kalin hitapu minissun ge urahis uda nagala, Newton kiwwa wage

    Albert Einstien, special relativity idiripath karanna kalin Newtonian Mechanics kiyewwa.

    Gas gobilo, poth gullan ta apahasa karanna epa… Uba hithan inna eka waradi.

  14. සැප්තැම්බර් 4, 2010 දින 6:32 ප.ව. ට

    11 නම් මම අත් දැකල තියෙන විදියට හුඟක් වෙලාවට නොවෙන දෙයක්

  15. සැප්තැම්බර් 5, 2010 දින 11:01 පෙ.ව. ට

    තමන්ගේ අදහස් බෙදාගත්තට ශාකුන්තල, මහාසෝන,පිටස්තරයා,දිලීප හැමෝටම ගොඩක් පින්!

  16. shashisaranga
    සැප්තැම්බර් 5, 2010 දින 4:11 ප.ව. ට

    හොද ආදර්ශයක්

  17. amila
    අගෝස්තු 25, 2013 දින 12:08 ප.ව. ට

    niyamai

  1. ජනවාරි 2, 2011 දින 12:08 ප.ව. ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: