වැස්ස | Rain

j
ජනේලෙන් එපිට මොර සුරන වැස්ස
ජනේලෙන් මෙපිට කල්පනා කරන මම
වීදුරුවේ වැදී බේරෙන වැහි බින්දු
එදා මෙදාතුර ඇස් රතුකරපු කඳුළු බින්දු

පොඩිකාලේ වැස්සට පාකරපු කඩදාසි ඔරු
ඒ ඔරුවගේ වැඩිදුර ගියේනැති අහිංසක බලාපොරොත්තු
අකුණු ගහල ටික වෙලාවකින් ගොරවන හැටි
පරක්කුවෙලා හරි කරපු හොඳ නරක පස්සෙන් එන හැටි

බොඳ වෙලා පේන වාහනවල එලි
ඉටු නොවිච්ච කප්පරක් පැතුම් පොදි
මහා වැසි බිමට එවල සුසුම් හෙලන ආකාසය
හෙට උදෙන්ම ආයෙත් අවදිවෙන ජීවිතය
Advertisements
  1. සැප්තැම්බර් 19, 2010 දින 3:04 ප.ව. ට

    මහ වැසි බිමට එවල ආකාසය සැනසුම් සුසුම් හෙලුවට අපිට පුලුවන්ද…? කරේ තියෙන බර බිමින් තියන්න මොහොතකට වත්..! අහසයි ජීවිතෙයි ගොඩක් එකවගේ උනාට ඔය සිතුවිල්ල වෙනස වෙන එකම තැන අර උඩින් මම කියාපු තැන..!
    මරු වචන පෙළ සහෝදරයා..! සුපිරි..! 🙂

  2. සැප්තැම්බර් 20, 2010 දින 10:53 පෙ.ව. ට

    කතාව ඇත්ත!
    තැනක් යු මචන්!

  3. සැප්තැම්බර් 20, 2010 දින 4:58 ප.ව. ට

    වැස්ස සිතුවිලි උල්පතක්නේ,හොඳ වචන පෙළක්.

  4. සැප්තැම්බර් 22, 2010 දින 10:13 පෙ.ව. ට

    සිත් මන්ඩියට බොහොම ඉස්තුතියි!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: