නිවස > මේ දවස් වල අහන සින්දු > | ඇතුගල පාමුල ඉන්න |

| ඇතුගල පාමුල ඉන්න |

විලක් නෙලූම් මල් අරගෙන
ගෙනත් පලන්දන් යන්නට
දියකැට පහණ කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න

ගොඩක් සුසුම් වැල් හෙලූවම
මටත් දුකයි පෙම් කෙරුවට
ඇස් දෙක දිහා බලන්න
ඇතුගල පාමුල ඉන්න.

ඉරබටු තරුව දකින්න
වෙල් ඉපනැල්ලට එන්න
කවියක එළිවැට වෙන්න
මගෙ හිත උඩ ඇලවෙන්න

දුකකදි පිහිටට ගන්න
කඳුළු පොහොට්ටු සොයන්න
දුක්බර ලොවට එඛෙන්න
සුන්දර සිදුරු කොයින්ද

ගීතය මෙතනින් අහන්න.

රචනය – වසන්ත දුග්ගන්නාරාළ
සංගීතය – රංග දසනායක
ගායනය – අජිත් බණ්ඩාර

මම මේ ගීතය අහපු දවසේ ඉඳල අද වෙනකන් එහි ඇති ලස්සන අඩුවෙලා නැහැ.
අජිත් බණ්ඩාරගේ මේ සින්දුව ඔහුගේ අනිත් ගීත වගේ ලස්සන වීඩියෝ එකක් එක්ක ජනප්‍රිය වුනේ නැත්තේ ඇයි කියන්න මම දන්නේ නැහැ.
මට මේ ගීතය දැනෙන්නේ හරියට අලුතෙන් ගත්ත පොතක් වගේ,
අලුතෙන් ගත්ත පොතක අලුත් පිටුවලින් එන සුවඳ මම මේ ගීතයෙන් විඳිනවා.

තරුණයෙක්ගේ ප්‍රේමයේ තරම අසීමාන්තිකයි.
ප්‍රේමය විටෙක ප්‍රකාශකර ගත නොහැකිතරම් උද්වේගකරයි.
ඇය කෙරෙහි ප්‍රේමය මෙතෙකැයි කියා පෙන්වන්නට මිනුම් දණ්ඩක් තිබුනානම් හොඳයි.

තරුණයාට පෙරලා ඇයගෙන් ලැබෙන ආදරය ( ආදරය ලැබීමට තරම් වාසනාවන්ත නම්)
පෙරට වැඩ උද්වේගකරයි.
ඇය තමාට කෙතරම් ආදරෙයිද යන්න දරාගත නොහැකිතරම් .
ඇය කෙරෙහි ඔහුගේ හැගීම් ගොනුකරන්න පදවැලක් තරම් සුදුසු වෙන දෙයක් තියෙනවද?

ප්‍රේමය කොච්චර පිරී  ඉතිරිලා ගියාට,
සමහර වෙලාවට අපි කොච්චරනං අසරණද?
කොච්චර නං දුක් දොම්නස් මේ ප්‍රේමයත් එක්කම විද දරා ගන්න සිද්ධවෙනවද?


ගීපද රචකයෝ හැමදාම මගේ වීරයෝ.
හිතට වැදිච්ච සින්දුවක් රසවිදින හැමවෙලාවකම මම කල්පනා කරනවා ,
මේ සින්දුව ලියපු මනුස්සයට මේක ලියන්න හිතුනේ ඇයි කියල.
ඔහු හෝ ඇය ගීතයෙන් කියන්න හදන දේ සෑහෙන්න දුරට තේරෙනවා තමයි,
නමුත් ඇත්තටම සිතුවිලි උත්පාදනය මුල්වන සිදුවීම හරිම රසවත් වෙන්න ඕනේ.

වසන්ත දුක්ගන්නාරාළව මම දකින්නේ
ගමේ ඉඳන් නගරයට ආපු,
පොළොවේ පය ගහල ජීවත්වෙන,
සුන්දර ප්‍රකාශන හැකියාවක් තියෙන මනුස්සයෙක් හැටියට.

දුක්ගන්නාරාළගේ ” ආලවක නරක නෑ ” කෙටිකතා සංග්‍රහයේ පිදුම කියවන්න හම්බුනා.
ඒක හරිම හැඟුම්බරයි. ඔහු තමන්ගේ මුළු ජීවිතේම සාරාංශයක් වගේ එකේ කැටිකරලා තියෙනවා.

ආලවක නරක නෑ
කෙටිකතා යැයි සැකකළ හැකි යමක්

පිදුම

මා වරලත් ගණකාධිකාරවරයකු
වෙතැයි මරණාසන්න මොහොත දක්වා
ප්‍රාර්ථනා කොට, එහෙත් මා
අසරණ කලාකරුවකු
පමණක් ව සිටියදී සදහටම දෙනෙත්
පියාගත්, අම්මාටත් …
භෞතික සහ භෞතික නොවන සියල්ල
ජයගත් රට පිළිගත්
මිනිසකු ලෙස මා සිටිනු දැක
දැකත් සතුටින් මිය යන්නට සිහි
කල්පනාව අහිමි ව ලොව හැර ගිය අප්පච්චිටත්….
ලෝකය විඳවන්නට නොව විඳින්නට
මට ඉගැන්වූ එහෙත් මා
නිසාම එම අන්ත දෙකෙහිම ජීවන හිමිකාරිය
වූ මා පි්‍රය බිරිඳ මනෝජාටත් ….
අළුත් අළුත් දේවල් ලෝකයේ
පෙනෙන්ට ඉඩදුන් ඇස් දෙකක් බඳු
පුතු සඳලිඳු සහ දුව සඳපිණිටත් …..
මේ පොත පුදමි.

වසන්ත දුග්ගන්නාරාළ


ප.ලි.

සැහෙන කාලෙක ඉඳන් නිලාර්.එම්.කාසිම්ගේ ” කිරිකෝඩු හිතට ” පොතයි,
කැලුම් ශ්‍රීමාල් ගේ ගීපද රචනා ඇතුලත් පොතයි හොයනවා.
කවුරු හරි ගන්න තැනක් දන්නවනං මටත් කියන්න.

අතුරු සබැදි

“දුක්ගන්නාරාළ රසික සමුහය” බ්ලොග් අඩවිය

= juice point =

Advertisements
  1. සැප්තැම්බර් 30, 2010 දින 7:22 ප.ව. ට

    මමත් කැමති මේකට · Like …සින්දු වල ගොඩක් දේවල් අපේ ජීවිත වලට සම්බන්ද දේවල් තියනව……නේ keep it up

  2. ඔක්තෝබර් 2, 2010 දින 3:18 ප.ව. ට

    සින්දුව ලියපු මනුස්සයගේ ජීවිතේට සම්බධ වෙච්ච දේ අනිත් අයත් එක්ක බෙදාගන්න ක්‍රමය තමයි ගීතය!
    තැනක් යු!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: