Archive

Archive for ඔක්තෝබර්, 2010

| තුඹ මල් විකසිත අනන්තයට |

ඔක්තෝබර් 26, 2010 ප්‍රතිචාර 2ක්

තුඹ මල් විකසිත අනන්තයට
දොඩමලූ සියුමැළි පෙම්වතී
නටඹුන් සොය සොය දුකින් සිටින
හැඟුමින් පිබිදුන පෙම්වතී

ඔබ මා නෙතු දෙසට එඛෙන විටක
හිත සන්තෝස දැයි අසනු කුමට
සුළඟින් සෙළවෙන සුසුම් වැළක
නෙතඟින් ගිලිහුන කඳුළු පොකුර

කොතැනින් කෙළවර වෙයිද නොදැන
සතුටින් ඉන්න පෙම් කරපු කැකුළ
නොතැවී ඉන්නද තවත් කොහොම
පොඩිවී පෙති සැලූණ මලක් විලස

රචනය – වසන්ත දුග්ගන්නාරාළ
සංගීතය – ඉරාජ්
ගායනය – නිලූකා සමරකෝන්

මට  මේ සින්දුව අහන්න ලැබුනේ අහම්බෙන්.
මම හිතන්නේ නැහැ මේක මෑත යුගයේ අතිශය ජනප්‍රිය වෙච්ච ගීතයක් කියල.
මේක වසන්ත දුග්ගන්නාරාළගේ තවත් හාස්කම් පද රචනයක්.


නිලුකා සමරකෝන් ගායනා කරන මම දන්නා එකම ගීතය තමයි මේක,
ඇගේ කටහඬ හරිම නිදහසේ ගලායන සෞම්‍ය එකක්.
මේ ගීතයේ පදරචනය බැලුවම පිරිමියෙකු විසින් ගායනා
කලයුතු එකක් විදියට තමයි හිතෙන්නේ.
ඒ වුනාට කාන්තාවක් ගායනා කළා කියල කිසිම අඩුපාඩුවක් වෙලා නම් නැහැ.


මේ කියන දොඩමලු සියුමැලි පෙම්වතිය අයත් වන්නේ ඉරිතැලිච්ච අතීතයට.
පොළොන්නරුවේ නටඹුන් වලට කොච්චර උත්සාහ කලත්
නවීන පෙනුමක් දෙන්න බැහැ වගේම,
මේ අතීත නටඹුන් සමග අනාගතයක් ගැන හිතන්න බැහැ.
අතීතයේ ඒ දවස් කොච්චර සුන්දර වුනත් ඒවා අයිති අතීතයට,
වර්තමානයට ඉතිරි වෙන්නේ අතීතය ගැන මතකය පමණයි.
වෙන්න තියෙන දේවල්,
වෙන්න ඕනේ හොඳම විදියට තමයි සිද්ධ වෙන්නේ.



Advertisements

‘රිජෙක්ට්’ වීම | being rejected

ඔක්තෝබර් 20, 2010 ප්‍රතිචාර 4ක්



ඇය කීවා මා තරම් කිසිවෙකු ඇයට කන්දී නැතිලු
ඇය කීවා මට කවදහරි හොඳ කෙල්ලෙක් හම්බ වෙයිලු
ඇය කීවා මට කවදාවත් ම වරදින්නේ නැහැල්ලු
ඇය කීවා ඔහුට වචනෙ දීල ඉවරලු,මම පරක්කු වැඩිලු

 

 

| ක්ලාස් ඉවරවෙන වෙලාව. |

ඔක්තෝබර් 17, 2010 ප්‍රතිචාර 2ක්


කළුවර වැටීගෙන එනකොට
බෝගහ උඩින් හඳ  පායලා තියෙන කොට
හඳුන්කුරු සුවඳ එක්ක,
කෝවිලේ ඝාන්ටාර සද්දේ ඇහෙන කොට
මට හැමදාම හිතුනේ ඔයා ගැන…

 




| දවසෙන් දවස මගහැරෙන ජීවිතය |

ඔක්තෝබර් 13, 2010 ප්‍රතිචාර 5ක්

අපි ටිකෙන් ටික වයසට යනවිට අපි තේරුම් ගන්නවා,
කවමදාවත් අපේ බලාපොරොත්තු
බිඳින්නේ නැතිවෙයි කියල හිතපු පුද්ගලයත්
දවසක එහෙම කරනවා කියල.

ඔබ ප්‍රේමයෙන් එක පාරකට වඩා පරාද වේවි.
ඒ හැම සැරේම පෙරටත් වඩා හිත රිදේවි.
ඔබ ඔබේ හොඳම මිතුරා සමග රණ්ඩුවේවි.
ඔබ පරණ පෙම්වතෙකු/පෙමව්තියක කල කී දේට
අලුත් පෙම්වතාට/පෙම්වතියට බැණ වදීවි.

කාලය ඉක්මනින් ගතවෙනවායයි කියා ඔබ හඩාවී.
ඔහොම යන කොට
ඔබ ආදරය කරන කෙනෙකු ඔබට නැති වේවි.
ඒක නිසා පුළුවන් තරම් පින්තුර ගන්න,
ඕනෑවටත් වඩා හිනාවෙන්න.
කවදාවත් හිත රිදිලා නැහැ වගේ ආදරේ කරන්න.

ඒ මොකද කියනවා නම්,
ඔබ හිත අමනාපයෙන් ගතකරන මිනිත්තුවක් කියන්නේ,
ඔබට කවදාවත් ආපහු ලබාගන්න බැරි
සන්තෝසයෙන් ගතකරන්න තිබුන මිනිත්තුවක්.

මේක මම දැකපු බ්ලොග් සටහනක අනුවාදනයක්.
මේක මම මුලින්ම දැක්කේ අවුරුදු ගණනකට කලින් බැංගලෝර් වල ඉන්නකොට.
ඒක අද වෙනකන් මතක තියෙන්න ලියල තියාගත්තේ ඒක කියෙව්වම ලැබෙන සැනසීමට.
මේක කාගේ කියමනක් කියල කොහෙවත් සදහනක් නැහැ.

මේ සටහන පුරාම ගැබ්වෙලා තියෙන්නේ කටුක යථාර්තයක්,
අපි කොච්චර පිළිගන්න අකමැති වුනත් ඒ දේවල් ඇත්ත.
වේගයෙන් ඇදීගෙන යන ගඟක් වගේ ජීවිත් ගමනේ පොඩ්ඩක් නැවතිලා හුස්මක් අරගෙන
ආපහු හැරිලා බැලුවම පේනවා අපි මෙච්චර කල් කරලා තියෙන්නේ
අපිට ඇත්තටම උවමනා කරන දේවල්ද,
වෙන කාටහරි උවමනා කරන දේවල්ද කියලා.
මේ දේවල් නිසා ඇත්තටම අපිට ජීවිතය කියන දේ කොච්චර මග හැරිලා තියෙනවද කියලා.

අතුරු සබැඳි :

= Life is an Attitude =


| හේ නමින් අර්නස්ටෝ “චේ” ගුවේරා ය. |

ඔක්තෝබර් 9, 2010 ප්‍රතිචාර 10ක්

අද ඔක්තෝබර් නවවෙනිදා.
1967 අදවැනි දවසක බොලිවියාවේ ලා හිගුවෙරාවෙදී  එක්තරා මිනිසෙකුට
වෙඩි තබා මරාදමන ලදී.
හේ නමින් අර්නස්ටෝ චේ ගුවේරා ය.

චේ පිලිබදව විවිධ පරම්පරාවලට අයත් ය දරන විවිධ මතිමතාන්තර කොතෙකුත්
අසා ඇත්තෙමි.ලංකාවේ ඔහු පිළිබඳව ඇති විවිධ ආකල්ප වෙනස් කිරීමට
කිසිවිටක උත්සාහ දැරීමට අදහස් නොකරමි.

ලංකාවේ රතුපාට ඇඳුම් ඇද වේදිකාවල වේගයෙන් කතාකරන
රටට මෙලෝ වැඩක් නැති පුද්ගලයින් සහ ඔවුන්ගේ ක්‍රියා කලාප මේ සඳහා
වගකිවයුතු බව මම සිතමි.මම ලංකාවේ දේශපාලනය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා
කිරීමෙන් සහ මත ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින්නෙකු වන අතර
“චේ” නම් සොඳුරු මිනිසා පිලිබදව නොලියා බැරි නිසා යමක් ලියා තබන්නට උත්සාහ කරමි.

වෙනකක් තියා මීට අවුරුදු හතරකට කලින් ,
එංගලන්තෙට එන්න කලින් ඇඳුම් අස්පස් කරන විට මම පරිස්සමට
අරගෙන යන්න හදපු චේ ටී ෂර්ට් එක උදුරගත්තු අම්මා මට,
පුතේ එංගලන්තේ කියන්නේ ධනවාදී රටක්,
මේක එහෙ ඇන්දොත් සුද්දෝ උඹවත් කුඩුවට දායි ” කිව්වා.

මගේ කාමරේට එන අය “කව්ද මචන් මේ ?“,
ඇයි බන් උඹ මුගේ පෝස්ටරයක් කාමරේ ගහගෙන ඉන්නේ?
යන දේවල් අහන ප්‍රශ්න වලට පිළිතුරක් ලෙස චේ පිළිබඳව සංක්ෂිප්ත සටහන් කිහිපයක් මෙසේ උපුටා තබමි.


ඔහුගේ අවසාන පණිවිඩ :
ඉක්මනින්ම ජයග්‍රාහී විප්ලවයක් ඇමරිකාවෙන් දකින්නට ලැබෙයි පිදෙල්ට කියන්න.
මගේ බිරිඳට නැවත විවාහයක් කරගෙන් සතුටින් ඉඳින්න යයි කියන්න.
මම දන්නවා ඔහෙලා මට වෙඩි තියන්න යන විත්තිය
මම කිසිදවසක පණපිටින් අහුනොවෙන්නයි තිබුනේ.
හරියට ඉලක්කේ අල්ලන්න කියල සොල්දාදුවන්ට කියන්න.

ඔහුගේ අවසාන ඉල්ලීම :
මම කැමතියි බඩ හොඳට පිරිලා තියෙද්දී මැරෙන්න.

ඔහුගේ අවසාන වචන කිහිපය  :
දැනගන්නවා,උඹල මේ යන්නේ මිනිහෙකුව මරන්න.

පිදෙල් කස්ත්‍රෝ සිය විප්ලවවාදී සගයා “චේ” ගැන…

චේ ගේ මුළු ජීවිතය සම විෂය ප්‍රදේශයකදීම පරමාදර්ශී විය.
එසේම ඔහු අසීමාන්තික ලෙස ආධ්‍යාත්මික බැවින් අවංක ස්වකීය
ප්‍රතිපත්ති මත අචලව හුන්,
අනාගතය දෙස විචාරශීලීව බැලු,
අනාගත මානවය දෙස දයාර්ධ හැදින් බැලු,
මානව සංහතියේ අනාගතය දෙස  බැලු,
සියල්ලටම ඉහලින් මනුෂ්‍ය සහ සදාචාරාත්මක වටිනාකම් අගැයු මිනිසෙකු වුවෙහිය.
මේ සියල්ල පරයමින් ඔහු ආත්ම විරහිත බවෙහි,
මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් තමා සතු සියලු දෑ කැපකෙරු
උතුම් මිනිසෙකුගේ සහ ආත්ම පරිත්‍යාගයෙහි ප්‍රතිමුර්තියක් වුවෙහිය.

මේ වනාහි මා දන සිටි ආත්ම  විරහිතභාවයෙන් අගතැන්පත්
සුවිශේෂී  එමේන්ම උතුම් මිනිසුන් අතලොස්ස අතරින් කෙනෙකි.

අතුරු සබැඳි :

“චේ” පිලිබඳ විකීපීඩියා පිටුව


ප්‍රවර්ග:චරිතාපදාන | Biography

තාත්තා | a boy’s biggest hero

ඔක්තෝබර් 5, 2010 ප්‍රතිචාර 11ක්

මේ ඊයේ පෙරේදා මග යාලුවෙක් අහන මගෙන්,
“මචන්,උඹ ඇයි උඹ උඹලගේ තාත්ත ගැන කියන කතා
බ්ලොග් එකේ ලියන්නේ නැත්තේ” කියල.
මම කිව්වා “මචන්,තාත්ත ගැන ලියන්න මට එක ලිපියක් මදි,
එකට අලුතෙන් බ්ලොග් එකක් පටන් ගන්න වෙයි කියල”.

මම හිතන්නේ තමන්ගේ තාත්ත කියන මනුස්සයා තරම්  කොල්ලෙකුට තමන්ගේ ජීවිතයට
බලපාන වෙනත් පුද්ගලයෙකු ඇති කියල.
(තමන්ගේ අම්ම හැරුනාම)

මේ ලඟදි මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් නැතිවුණා.
ඊට පස්සේ අපේ කට්ටිය අතරේ තමන්ගේ තාත්ත ගැන ලොකු කතා බහක් ඇතිවුනා.
අනිත් අය ගැන මම දන්නේ නැහැ.
මට නම් තාත්ත ගැන තියෙන හැගීම කරුණාරත්න දිවුල්ගනේ ගේ
” අන්දරයායේ ” සින්දුවේ පදවල වගේ.
ඒ තරමට තාත්ත කියන පුද්ගලයා දරුවෙකුට මහා ලොකු කෙනෙක්.

“අන්දරයායේ වැව්තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චිචී
දොලේ දියයි මට
කෙතේ නිලයි
ගහ වැලේ මලයි
මට අප්පච්ච්චී “

සින්දුව මෙතනින් අහන්න

පහල තියෙන ලිපිය අපේ තාත්ත මට කියවපන් කියල එවපු
ෆෝවර්ඩ් මේල් එකක තිබ්බ ලිපියක්.


= නිර්මාණශීලී නිමැවුම =

ඒ හිටපු  ඇමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ,
ජනාධිපති ධුරය ලබා සිය ප්‍රථම කතාව පවත්වන දවසයි.
ඔහු කතාව පැවැත්වීමට වේදිකාවට යන අතරතුර එක අයෙක් මෙසේ පවසන ලදී.

ලින්කන් මහත්තයා,
ඔබ අමතක කරන්න එපා,ඔබේ තාත්ත තමයි අපේ මුළු පවුලටම සපත්තු හැදුවේ …”
මේ  කතාව අහල මුළු සෙනෙට් සභාවම හිනාවුනා.

කට්ටියම හිතුවේ ඒ ගොල්ලෝ ලින්කන්ව මෝඩ ගොඩයෙක්  විදියට
සමච්චලයට ලක් කළා කියල.
නමුත් ඒබ්‍රහම් ලින්කන් කියන්නේ අමුතුම ජාතියේ මිනිහෙක්.
ඔහු අර පුද්ගලයා අමතල මෙහෙම කිව්වා

මහත්මයා ,
මම දන්නවා මගේ තාත්තා ඔබේ පවුලේ සපත්තු හැදුව කියල.
ඔබට විතරක් නෙමෙයි,
මෙතන ඉන්න අය කීප දෙනෙක්ගේ පවුල් වලට සපත්තු හැදුවේ මගේ තාත්තා තමයි.

එකට හේතුව,මගේ තාත්ත සපත්තු විදියට වෙන කාටවත් සපත්තු හදන්න බැහැ.
ඔහු නිර්මාණශීලී පුද්ගලයෙක්.ඔහු හදපු සපත්තු නිකම්ම නිකම් සපත්තු නෙමෙයි.
ඔහු තමන් හදන සපත්තුවකට සිය ආත්මයම මුසුකලා.
මම ඔබේ අහන්න කැමතියි.
ඔබ ඒ සපත්තු පිළිබඳව සැහීමකට පත්වෙනවද?

කිසියම් අඩුපාඩුවක් තියෙනවනම් කියන්න,
මොකද මමත් දන්නවා සපත්තු හදන්න.
මට පුළුවන් ඔබට  අලුත් සපත්තු ජෝඩුවක් හදල දෙන්න.
නමුත් මම දන්නා අද වෙනතුරු මගේ තාත්තගේ සපත්තු ගැන පැමිණිලි ලැබිල නැහැ.

මගේ තාත්තා විශිෂ්ටයෙක්.
විශිෂ්ට නිර්මාණකරුවෙක්.
මට ඔහු ගැන ආඩම්බරයි.

මේ කතාවෙන් පස්සේ,සෙනෙට් සභාවේ දැඩි නිහඬතාවයක් ඇතිවුනා.
ඔවුන්ට ලින්කන් කෙබඳු පුගලයෙක්දැයි
තේරුම්ගන්නට බැරි උනා.


ඔහු සපත්තු හදන රස්සාව නිර්මාණශීලී කලාවක් බවට පත්කර තිබුණි.
ඔහු සිය පියා දැඩි කැපවීමෙන් සාර්ථකව කරගෙන ගිය රැකියාව පිළිබඳව ආඩම්බර විය.

අප කරන්නනේ කුමක්ද යන්න එතරම් වැදගත් වියයුතු නොවේ.
වැදගත් විය යුත්තේ අප එය කරන්නේ කෙසේද යන්නන්යි.
එය කෙරෙහි අපේ  ඇති ආදරය,
එය කිරීම උදෙසා ගොඩනගාගන්න දෘෂ්ඨිය සහ ආකල්ප
යන සියල්ල එකට එකතු වූ විට,
අත තබන සියල්ල “රත්තරන්” බවට පත්වන සුත්‍රය නිර්මාණය වේ.

අතුරු සබැදි :

මේ පිළිබඳව ඉංග්‍රීසි ලිපිය allmalyf.wordpress.com තුලින්


අතුරු සබැදි :
ප්‍රවර්ග:චරිතාපදාන | Biography