නිවස > චරිතාපදාන | Biography > | හේ නමින් අර්නස්ටෝ “චේ” ගුවේරා ය. |

| හේ නමින් අර්නස්ටෝ “චේ” ගුවේරා ය. |

අද ඔක්තෝබර් නවවෙනිදා.
1967 අදවැනි දවසක බොලිවියාවේ ලා හිගුවෙරාවෙදී  එක්තරා මිනිසෙකුට
වෙඩි තබා මරාදමන ලදී.
හේ නමින් අර්නස්ටෝ චේ ගුවේරා ය.

චේ පිලිබදව විවිධ පරම්පරාවලට අයත් ය දරන විවිධ මතිමතාන්තර කොතෙකුත්
අසා ඇත්තෙමි.ලංකාවේ ඔහු පිළිබඳව ඇති විවිධ ආකල්ප වෙනස් කිරීමට
කිසිවිටක උත්සාහ දැරීමට අදහස් නොකරමි.

ලංකාවේ රතුපාට ඇඳුම් ඇද වේදිකාවල වේගයෙන් කතාකරන
රටට මෙලෝ වැඩක් නැති පුද්ගලයින් සහ ඔවුන්ගේ ක්‍රියා කලාප මේ සඳහා
වගකිවයුතු බව මම සිතමි.මම ලංකාවේ දේශපාලනය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා
කිරීමෙන් සහ මත ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින්නෙකු වන අතර
“චේ” නම් සොඳුරු මිනිසා පිලිබදව නොලියා බැරි නිසා යමක් ලියා තබන්නට උත්සාහ කරමි.

වෙනකක් තියා මීට අවුරුදු හතරකට කලින් ,
එංගලන්තෙට එන්න කලින් ඇඳුම් අස්පස් කරන විට මම පරිස්සමට
අරගෙන යන්න හදපු චේ ටී ෂර්ට් එක උදුරගත්තු අම්මා මට,
පුතේ එංගලන්තේ කියන්නේ ධනවාදී රටක්,
මේක එහෙ ඇන්දොත් සුද්දෝ උඹවත් කුඩුවට දායි ” කිව්වා.

මගේ කාමරේට එන අය “කව්ද මචන් මේ ?“,
ඇයි බන් උඹ මුගේ පෝස්ටරයක් කාමරේ ගහගෙන ඉන්නේ?
යන දේවල් අහන ප්‍රශ්න වලට පිළිතුරක් ලෙස චේ පිළිබඳව සංක්ෂිප්ත සටහන් කිහිපයක් මෙසේ උපුටා තබමි.


ඔහුගේ අවසාන පණිවිඩ :
ඉක්මනින්ම ජයග්‍රාහී විප්ලවයක් ඇමරිකාවෙන් දකින්නට ලැබෙයි පිදෙල්ට කියන්න.
මගේ බිරිඳට නැවත විවාහයක් කරගෙන් සතුටින් ඉඳින්න යයි කියන්න.
මම දන්නවා ඔහෙලා මට වෙඩි තියන්න යන විත්තිය
මම කිසිදවසක පණපිටින් අහුනොවෙන්නයි තිබුනේ.
හරියට ඉලක්කේ අල්ලන්න කියල සොල්දාදුවන්ට කියන්න.

ඔහුගේ අවසාන ඉල්ලීම :
මම කැමතියි බඩ හොඳට පිරිලා තියෙද්දී මැරෙන්න.

ඔහුගේ අවසාන වචන කිහිපය  :
දැනගන්නවා,උඹල මේ යන්නේ මිනිහෙකුව මරන්න.

පිදෙල් කස්ත්‍රෝ සිය විප්ලවවාදී සගයා “චේ” ගැන…

චේ ගේ මුළු ජීවිතය සම විෂය ප්‍රදේශයකදීම පරමාදර්ශී විය.
එසේම ඔහු අසීමාන්තික ලෙස ආධ්‍යාත්මික බැවින් අවංක ස්වකීය
ප්‍රතිපත්ති මත අචලව හුන්,
අනාගතය දෙස විචාරශීලීව බැලු,
අනාගත මානවය දෙස දයාර්ධ හැදින් බැලු,
මානව සංහතියේ අනාගතය දෙස  බැලු,
සියල්ලටම ඉහලින් මනුෂ්‍ය සහ සදාචාරාත්මක වටිනාකම් අගැයු මිනිසෙකු වුවෙහිය.
මේ සියල්ල පරයමින් ඔහු ආත්ම විරහිත බවෙහි,
මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් තමා සතු සියලු දෑ කැපකෙරු
උතුම් මිනිසෙකුගේ සහ ආත්ම පරිත්‍යාගයෙහි ප්‍රතිමුර්තියක් වුවෙහිය.

මේ වනාහි මා දන සිටි ආත්ම  විරහිතභාවයෙන් අගතැන්පත්
සුවිශේෂී  එමේන්ම උතුම් මිනිසුන් අතලොස්ස අතරින් කෙනෙකි.

අතුරු සබැඳි :

“චේ” පිලිබඳ විකීපීඩියා පිටුව


Advertisements
ප්‍රවර්ග:චරිතාපදාන | Biography
  1. Nilantha
    ඔක්තෝබර් 10, 2010 දින 12:10 පෙ.ව. ට

    Niyamai…i like him and i like you …..for your lonely effort.It’s nice to know at least there is few out there who think same like me….

  2. ඔක්තෝබර් 10, 2010 දින 12:15 පෙ.ව. ට

    Thanks Nilantha!
    Safe!

  3. Samith Rathnayake
    ඔක්තෝබර් 10, 2010 දින 2:40 පෙ.ව. ට

    ” The life of a single human being is worth a million times more than all the property of the richest man on earth” -one of the meaningful quote of “Che” -person who try to change the world for better place & one of the noblest man in the human history.
    Keep t up…..good work……..

  4. ඔක්තෝබර් 10, 2010 දින 6:30 පෙ.ව. ට

    ගොඩාක් සන්තෝසයි සහෝ ගේ ලිපිය කියවන්න ලැබිම ගැන. මම හිතන්නේ මේ සොදුරු මිනිසා ගැන අද වාගේ දිනයක් මතක් කරමින් මේ සින්ඩියට ලිපි ලිව්වේ ඔබත් මමත් පමනකි. මට ඒ ගැන ගොඩාක් සතු‍ටුයි.
    මෙන්න මගේ ලිපිය.
    http://ekolama.blogspot.com/2010/10/blog-post_09.html

  5. දයියා
    ඔක්තෝබර් 10, 2010 දින 4:39 ප.ව. ට

    මිනිහෙක් වෙන්න හිතුව චේ ලඟට කිට්ටු වේන්න. ඒත් මිනිහෙක් වෙන්න බැරි උනා උඹල ලඟටවත් කිට්ටු වෙන්න. හරිම සතුටුයි උඹල ගැන.

  1. ඔක්තෝබර් 9, 2010 දින 9:05 ප.ව. ට
  2. මාර්තු 9, 2015 දින 3:00 ප.ව. ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: