නිවස > අහුලා ගත්තු දේවල් > | දවසෙන් දවස මගහැරෙන ජීවිතය |

| දවසෙන් දවස මගහැරෙන ජීවිතය |

අපි ටිකෙන් ටික වයසට යනවිට අපි තේරුම් ගන්නවා,
කවමදාවත් අපේ බලාපොරොත්තු
බිඳින්නේ නැතිවෙයි කියල හිතපු පුද්ගලයත්
දවසක එහෙම කරනවා කියල.

ඔබ ප්‍රේමයෙන් එක පාරකට වඩා පරාද වේවි.
ඒ හැම සැරේම පෙරටත් වඩා හිත රිදේවි.
ඔබ ඔබේ හොඳම මිතුරා සමග රණ්ඩුවේවි.
ඔබ පරණ පෙම්වතෙකු/පෙමව්තියක කල කී දේට
අලුත් පෙම්වතාට/පෙම්වතියට බැණ වදීවි.

කාලය ඉක්මනින් ගතවෙනවායයි කියා ඔබ හඩාවී.
ඔහොම යන කොට
ඔබ ආදරය කරන කෙනෙකු ඔබට නැති වේවි.
ඒක නිසා පුළුවන් තරම් පින්තුර ගන්න,
ඕනෑවටත් වඩා හිනාවෙන්න.
කවදාවත් හිත රිදිලා නැහැ වගේ ආදරේ කරන්න.

ඒ මොකද කියනවා නම්,
ඔබ හිත අමනාපයෙන් ගතකරන මිනිත්තුවක් කියන්නේ,
ඔබට කවදාවත් ආපහු ලබාගන්න බැරි
සන්තෝසයෙන් ගතකරන්න තිබුන මිනිත්තුවක්.

මේක මම දැකපු බ්ලොග් සටහනක අනුවාදනයක්.
මේක මම මුලින්ම දැක්කේ අවුරුදු ගණනකට කලින් බැංගලෝර් වල ඉන්නකොට.
ඒක අද වෙනකන් මතක තියෙන්න ලියල තියාගත්තේ ඒක කියෙව්වම ලැබෙන සැනසීමට.
මේක කාගේ කියමනක් කියල කොහෙවත් සදහනක් නැහැ.

මේ සටහන පුරාම ගැබ්වෙලා තියෙන්නේ කටුක යථාර්තයක්,
අපි කොච්චර පිළිගන්න අකමැති වුනත් ඒ දේවල් ඇත්ත.
වේගයෙන් ඇදීගෙන යන ගඟක් වගේ ජීවිත් ගමනේ පොඩ්ඩක් නැවතිලා හුස්මක් අරගෙන
ආපහු හැරිලා බැලුවම පේනවා අපි මෙච්චර කල් කරලා තියෙන්නේ
අපිට ඇත්තටම උවමනා කරන දේවල්ද,
වෙන කාටහරි උවමනා කරන දේවල්ද කියලා.
මේ දේවල් නිසා ඇත්තටම අපිට ජීවිතය කියන දේ කොච්චර මග හැරිලා තියෙනවද කියලා.

අතුරු සබැඳි :

= Life is an Attitude =


Advertisements
  1. Wamfy//
    ඔක්තෝබර් 13, 2010 දින 8:00 ප.ව. ට

    I mizz u my life//

  2. MLS
    ඔක්තෝබර් 15, 2010 දින 1:50 ප.ව. ට

    අනිවාර්යයෙන්ම..අපි දුවන්නන් වාලේ දුවන්නේ නැතුව ඉදහිට හරි නතරවෙලා බලන්න ඕනි අපි මොනවද මේ කරන්නේ කියලා..

  3. Samith Rathnayake
    ඔක්තෝබර් 17, 2010 දින 1:48 ප.ව. ට

    සහතික ඇත්ත 100%………………. 🙂

  4. Yasiru Randika
    ඔක්තෝබර් 20, 2010 දින 8:43 පෙ.ව. ට

    තමන්ගෙ ජිවිතය බෙදා ගන්න තමන්ට සංවේදිම ගැහැණියක ඉන්නා විට , තමන් තමන්ට නෙදැනිම ජිවිතයේ ගතවන හැම මොහොතකටම ආදරය කරන්න ගන්නවා.

    ජිවිතය ගැන ආපසු බලවන්න මතක්කරවන වටිනා සටහනක්

  5. ඔක්තෝබර් 20, 2010 දින 12:34 ප.ව. ට

    සන්තෝසයි!
    අදහස් එකතු කලාට පින්!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: