| ඔබ පිපුනා |

 

 

ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ
ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ
ඔබ දිලුනා නිල් තරු වැරූ අහසේ
ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ

ආදරේ මම මේ දකින සිහිනෙට
හතර වට මල් පිපෙන මේ සිහිනෙට
නෙලා ඒ මල් සිඹින මේ සිහිනෙට
මටම මා රැවටෙනා  සිහිනෙට

ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි
දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි
සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි

සින්දුව මෙතනින් අහන්න.

ගායනය – කසුන් කල්හාර ජයවර්ධන
සංගීතය – රෝහණ වීරසිංහ
පද රචනය – ජයතිලක කම්මැල්ලවීර


මේ සින්දුව මම මුලින්ම ඇහුවේ A/L කරන්න ඔන්න මෙන්න කියල.
මගේ යාළුවා පැතුම් තමයි මට CD  එක ගෙනත් දුන්නේ.
මම කසුන් අය්යල ඉස්කෝලේ ” Colors Nite ” වලදී සින්දු කියනවා දැකල අහල තියෙනවා.

නැවුම් යෞවනයෙකුගේ අප්‍රකාශිත පිවිතුරු ප්‍රේමණීය සිතුවිලි කැටිකරගත්
මේ සින්දුව කසුන් කල්හාරගේ අනිත් සින්දු තරම් ජනප්‍රිය උනේ නැත්තේ ඇයි දන්නේ නැහැ.

ඕනෙම කොල්ලෙක්ට ප්‍රේම උණ ගහන කාලයක් තියෙනවා.
ඒ කාලෙට ඇහැරිලා ඉන්න වෙලාවටත් හීන බලන්න හැකියාව ඔහුට ලැබෙනවා.
හුඟක් වෙලාවට ගෑණු  ළමය එක්ක කතා කරලා වත් නැති උනාට,
සිහිනයෙන් ඔහු සැහෙන දුරක් ගිහින්.
සැබෑ ජීවිතයට වඩා මේ සිහිනය සැමවිටම සුන්දරයි.
තමන් මේ දකින්නේ සිහිනයක් විතරයි කියල හොඳටම දන්නවා උනාට,
සිහිනය සැබෑ කරගන්න උනන්දු වෙන්නෙත් නැහැ.
මොකද සිහින සැබෑකරගන්න ගිහින්
අන්තිමට සැනසෙන්න තිබුණු සිහිනයත් නැතිවෙලා ගියොත් එහෙම,
කියන බයට ඔය කාලේ ඇතිවෙන සිහින සිහින විදිහටම දිගටම ඉතුරු වෙනවා.


කසුන් කල්හාර කියන මනුස්සය මම දන්නා තරමට
පුද්ගලික ජීවිතයේදී බොහොම සරල සුන්දර මිනිහෙක්.
ඔහුගේ අදහස් ඔහුටම ආවේනිකයි.
සංගීත ක්ෂේත්‍රය පිලිබඳ ඔහුවේ අදහස් තරමක් විප්ලවකාරී ඒවා.
ඔහුගේ ගමනත් ඔහුට අනුව “උඩු ගං බලා පිහිනීමක්”.
ඔහුගේ අදහස් පිළිබඳව කතාකරන්න මේ සටහන මදි.ඒක තව දවසකට ඉතුරු කරගන්න වෙනවා.

කසුන් කල්හාර මයිකල් ජැක්සන් ගැන කියන දේවල්.


කසුන් කල්හාර ජෝතිපාල ගැන කියන දේවල්.

Advertisements
  1. janiya
    නොවැම්බර් 18, 2010 දින 4:05 ප.ව. ට

    සිහින හෑම විටම සුන්දරයි, ඒ සිහින තමයි අපිව ජීවත් කර වන්නේ……………

  2. නොවැම්බර් 21, 2010 දින 7:20 ප.ව. ට

    Nice blog and gud work….Keep it up… 🙂

  3. දෙසැම්බර් 2, 2013 දින 4:02 ප.ව. ට

    මට නම් නව පරපුරේ ටැලන්ට්ම ගයාකයා..

  1. ජනවාරි 2, 2011 දින 12:08 ප.ව. ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: