නිවස > චරිතාපදාන | Biography > හර්ෂ භෝග්ලේ සමඟින් ” විශිෂ්ටත්වය කරා යන මාවත ” | “Path to Excellence” with Harsha Bhogle

හර්ෂ භෝග්ලේ සමඟින් ” විශිෂ්ටත්වය කරා යන මාවත ” | “Path to Excellence” with Harsha Bhogle

මම දන්නේ නැහැ රුපවාහිනියේ ක්‍රිකට් මැච් බලන කට්ටිය කීදෙනෙක්
හර්ෂ භෝග්ලේ කියන විස්තර විචාරකයාව දන්නවද කියල.
හර්ෂ භෝග්ලේ කියන්නේ අද පවතින සජීව් ක්‍රිකට් විස්තර විචාරයේ සහ
නිෂ්පාදනයේ පුරෝගාමියෙක්.

ඔහු අන් විස්තර විචාරකයන් වගේදක්ෂ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවෙයි.
නමුත් ඔහු අවිවාදයෙන්ම වෘත්තීයමය වශයෙන් සහ පුද්ගලික ජීවිතයේ
සාර්ථක චරිතයක්.මේ ඔහු තමන් උසස් අධ්‍යාපනය ලද ඉන්දියාවේ අහමදාබාද් හි
ඉන්දියානු කළමනාකරණ ආයතනයේ  “විශිෂ්ටත්වය කරා යන මාවත” යන මැයෙන්
පවත්වන ලද කතාවක් ඇසුරින් ලියන ලද සටහනක්.

වඩා වැදගත් අපගේ ගමනාන්තයද ?
එම ගමනාන්තය කරා අපව ගෙනයන මාවතද?

හැමවිටම ගමනාන්තය කෙලවර ඇති දෙය අත්පත්කරගැනීමේ ආශාව අපව ඒ ගමනාන්තය කරා ගෙනයන වාහනය බවට පත්වෙනවා.
ඇත්තටම ඒ ගමනාන්තයේ වැදගත්කමට බොහෝවිට මුල්තැන හිමිවෙනවා,
නමුත් අපි වයසට යනවිට,
ජීවිතයේ තව දේ දකින විට ගමනාන්තයට වඩා ගමන්මග වැදගත් බව අපට පේන්න ගන්නවා.
අපි අපේ අරමුණු පත්කරගන්න ඉලක්ක විටෙක අපේ ආතතිය වැඩිකර,අපේ ගමන යාමේ බාධක බවට පත්වෙනවා .
ගමන පසෙක තබා ගමනාන්තයට ප්‍රමුඛත්වය ලබාදීම භයානක ප්‍රතිඵල ලබා දෙනවා.

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සින්ග් වරක් පවසා තිබුන තමන් ශතක ලබනොගැනීම නිසා මානසික ආතතියට පත්වී ඇතිබව.ලකුණු සියයක් රැස්කිරීම පිතිකරුවෙක්ට ඉතා හොඳ දෙයක් වුනාට ,එය සාර්ථකත්වය කරා වැරදි පාරක ගමන් කිරීමක්.සාර්ථකත්වය ලබාගැනීමට කළහැකි මොනයම්ම දෙයක් හෝ කිරීම නුසුදුසුයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු මනෝ වෛද්‍යවරයා ඔහුට දුන් උපදෙස උනේ.
“ඔබ අංක 6 පිතිකරුවෙක් ලෙසේ පිටියට පැමිණ ,නොදැවී ක්‍රීඩා කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන්න.එය ඔබේ අරමුණ කරගන්න.”

මහන්සි වී වැඩ කිරීම
මහන්සි වී වැඩ කිරීමට සමාන වෙනකිසිම් දෙයක් නැහැ.

ඇලන් බෝඩර් වරක් මට පැවසුවා ,ඔහු ඔහුගේ ක්‍රීඩකයන්ට ඔහු පවසන දේ.
“හැමවිටම ලකුණු ගැන බලන්න,
ඩොලර් ගැන බලන්න එපා.
ලකුණු ඩොලර් ගැන බලා ගනීවි”
මෙය තමයි සාර්ථකත්වය කරා යන මාර්ගය.

ඔස්ට්‍රේලියානු පුහුණුකරුවන් සැමවිටම පවසන්නේ
“ප්‍රතිඵලය අමතක කරන්න ,
ඔබගේ දක්ෂතාවය ලන්ගාකරගනීමේ ක්‍රමවේදයට ප්‍රමුඛත්වය දෙන්න.
ප්‍රතිඵලය ලැබීම හෝ නොලැබීම බාධාවක් කර නොගන්න.”
ඔලිම්පික් පිහිනුම් තරගයකදී මංතීරු අංක හි පිහිනනන් ක්‍රීඩකයාට අනෙක් මංතීරුවල පිහිනන ක්‍රීඩකයන් කරන දෙයට කිසිදු බලපෑමක් කල නොහැකියි.

බොහෝවිට තරගයක් පරාජය වෙන්නේ,
අනෙක් කණ්ඩායම හොඳට ක්‍රීඩා කිරීම නිසා නොව,අපි අපේ උපරිමය ක්‍රීඩා නොකිරීම නිසා.

ඒක හරියට ඔබේ ආච්චි අම්මා කියපු දේ වගේ,
“කවදාවත් හැදෙන පලතුර ගැන හිතන්න එපා “,
ඔබේ උපරිමය ඉටු කරන්න.

විශිෂ්ටත්වය ලැබෙන්නේ අප පෙන්වන දක්ෂතාවයෙන්.
දක්ෂතාවය ලැබෙන්නේ පුහුණුවෙන්.ක්‍රීඩාංගනයේ දකින්නට ලැබෙන්නේ
දැඩි පුහුණුවීම්වල ප්‍රතිඵල.

අපට කවදාවත් 100%කට වැඩිය ලබාදෙන්න බැහැ.
ලීටර් එකේ පෙප්සි බෝතලයකට ලීටර් දෙකක් පුරවන්න බැහැ.
ඔබ ඔබේ උපරිම හැකියාව දක්වලා
ලැබෙන ප්‍රතිපඵලයෙන් සැනසෙන්න පුරුදු වෙන්න ඕනේ.

විශිෂ්ටයෙකු කිසිම විටක නිදහසට කරුණු හොයන්නේ නැහැ.
ඔහු හෝ ඇය පරාජයකදී කියන්නේ
“ඔවුන් මට වැඩ දක්ෂයි,මම තවත් දවසක උත්සාහ කරනවා ” කියලයි.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම 1998 දී ඉන්දියාවට ආවා,පැරදුනා.
ඔවුන් කවදාවත් නිදහසට කරුණු කිව්වේ නැහැ.
2001 දී ජයග්‍රහණය ළඟටම ආවා. පැරදුනා.
2004 දී දිනුවා.

සාර්ථකත්වය යනු ඔබ ඔබේ උපරිමය නොනවත්වා ලබාදීමේ ක්රියාදාමයකෙයට කිසම විටක බුරුලක් ලබා නොදියයුතුයි.

මම සජීවී වැඩසටහන් ඉදිරිපත් කරද්දී වැරදීම් කල නොහැකියි.
නමුත් මම පටිගතකල වැඩසටහන් ඉදිරිපත්කරද්දී
“මෙහිදී මට වැරදුනොතින් තව වතාවක් උත්සාහ කල හැකියි ” යන අදහස මගේ ඔලුවට එනවා.ඒ කියන්නේ මමං එයට මගේ උපරිමය එනම් 100% යොදවන්නේ නැහැ.වරක් මට එක වැඩසටහනක් 22 වතාවක් පටිගතකිරීමට සිදුවුණා.
මම හිතාගත්ත මම නැවත පටිගතකරන වැඩසටහන් කරන්නේ නැහැ කියල.
කලත් මම හිතාගන්න මම මේ කරන්නේ සජීවී වැඩඅසටහනක්‌ කියල.
එවිට මම එයට මගේ උපරිමය ලබා දෙනවා.

වරක් මගේ සහෝදර පුවත්පත් වාර්තාකරුවෙක් කියනව
“මම ලියපු ලිපිය හොඳ නැහැ කියල මමම දන්නවා”.
මම ඇහුවා “ඔබ ලිපිය ලියන්නේ ඔබගේ නමින් නේද කියල?”
ඔහු “ඔව්” කිව්වා.
“ඉතින් තමන්ගේ නමින් ලියන ලිපිය තමන්ටම හොඳ නැහැ කියල තේරෙනවා නම් ඇයි පලකරන්නේ?”
ඔහු එයට ඔහුගේ උපරිමය ලබාදී නැහැ.ම් රස්සාවේදී අපි ලියන දේ කවුරු බලනවද,
කවුරු කියවනවාද කියන්න අපි දන්නේ නැහැ.

වරක් මම කිව්වා
සුනිල් ගවස්කාර් බැට් කරන්නේ අතීතයේ ඉන්දියාවේ තිබු සමාජවාදී ආර්ථිකය වගේ කියල.
ගවස්කාර් ඒ යුගයේ නිෂ්පාදනයක්.එම යුගයේ ඉතා විශාල ඉතුරුම් සංචිත සහිත සෙමෙන් නමුත් ස්ථාවර ගමනක යන ආර්ථිකයක් තම ඉන්දියාවේ තිබුනේ,
නමුත් සචින් ටෙන්ඩුල්කාර් අලුත් ආර්ථික ක්‍රමයේ නිෂ්පාදනයක්.
හුස්මක් ගන්නවත් ඉඩක් කඩක් නැහැ.
හැකිතරම් වේගයෙන් ලකුණු රැස් කර සීග්‍ර සංවර්ධනය කරා යා යුතුයි.
මේ කියමනට ලැබුණු ප්‍රතිචාර ඇති විශාලයි.

විශිෂ්ටත්වය කරා යන ගමනේදී සැමවිටම තමන්ට වඩා විශිෂ්ට පුද්ගලයන් තමන් වට කරගන්න.

තමන් යන ගමනේදී තමන් අනාරක්ෂිත බව දැනෙන විට තමයි තමන්ට වඩා බාල අඥාන පුද්ගලයන්ව වටකරගන්නේ.මෙවිට තමාගේ වර්ධනය නතරවෙනවා.
එම පුද්ගලයන තමන්ගේම ක්ෂේත්‍රයේ අය විය යුතු නැහැ.

මට මගේ ක්ෂේත්‍රය වීරයන් හිටියේ නැහැ.
මම වැඩිපුරම ගවසුනේ කැමරාකරුවන් සහ වීඩියෝ නිෂ්පාදක ශිල්පීන් සමග.
මට උවමනා උනේ ඔවුන් ඔවුන්ගේ ක්ෂේත්‍රයේ දක්වන දක්ෂතාවය කෙතරම්ද ,
ඒ තරමටම මම මගේ ක්ෂේත්‍රයේ දක්ෂයෙකු වෙන්න.
ක්ෂේත්‍රයේ එක මට්ටමකට එනවිට එක අවස්තාවක තමන්ට වඩා අදක්ෂයින්ව වට
කරගන්නවා.තමන්ට එරෙහිව එන විවේචන වලට වෛර කරනවා.අපට අපි ගැන විවේචනය කරන විචාරකයින්ට ගරහන්න කිසිම වුවමනාවක් නැහැ.

වරක් ෂේන් වෝර්න් ගේ බිරිඳ පවසා තිබුනා තමන්ගේ සැමියා ජීවත් වෙන්නේ දිය බුබුලක් තුලය කියලා.ඔහුට ඔහු කරන දේ වැරදි යයි පවසන්නට කිසිවෙක් නැහැ.
අනෙක් කාරනාව තමයි කිසිම විටක තමාගේ රසිකයෙක්ව හෝ රසිකාවියක්ව විවාහ කරගන්න එපා.තමාගේ වැරදි පෙන්වා දිය හැකි අයෙක්ව විවාහ කරගන්න.

අහංකාරකම ලොකුම බාධාවයි
ඉන්දියානු ක්‍රිකට් සහ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් දියුණු නොවීමට ප්‍රධාන හේතුව මෙයයි.
ඔවුන්ගේ ලොකුම අභිමානය “තමන් කොතරම දුරට ක්‍රිකට් ක්‍රීඩා කර තිබේද?” යන්නයි.
මෙය සම ක්ෂේත්‍රයකටම පොදුයි.

මම මගේ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට මම මගේ වෘත්තීය වෙනුවෙන් ඉදිරියට යාමට ඇති සුදානමයි.අනෙක් විස්තර විචාරකයන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්.ඔවුන් සිතා සිටින්නේ මෙලොව ඉදිරියට යාමට අවශ්‍ය එය පමණක් බවයි.
වරක් මට ගුවන් යානයකදී බොලිවුඩ් නිලියක් මුණගැසුනා.
ඇය මට පවසනවා,”හැමෝම හිතන ඉන්නේ අපිට සැහෙන්න සල්ලි තියෙනවා කියල,අපි සැහෙන සල්ලි හම්බකරනවා කියල කියල.ඒ හින්ද අපි හැමවෙලාවෙම එක පවත්වාගෙන යන්න ඕනේ,අපිට එක දරාගන්න බැරි උනත් ”

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට්වලින් තොර ලෝකයක් නැහැ.
ඔවුන් ඒ ලෝකයෙන් පොඩ්ඩක් එලියට එවිත් ටයිගර් වුඩ්ස්,පීට් සම්ප්‍රාස්,ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් යන ක්‍රීඩකයන්ගේ ලෝකයට එබී බලන්නේ නැහැ.
මෙය තමයි ඔවුන් දියුණු නොවීමට හේතුව.

අනෙක් අන්තයේ පිතිකරුවා.
මගේ ක්‍රිකට් ජීවිතයේ උපරිමය මගේ සරසවි ක්‍රිකට් කන්ඩායමට ක්‍රීඩා කිරීම.
මම කණ්ඩායමේ හොඳම පිතිකරුවා නොවෙයි,හොඳම පන්දු යවන්නා නොවෙයි.
මට උවමනා උනේ හොඳම පන්දු රකින්නා වෙන්න.
ඒකෙන් මට පුළුවන් උනා ටීම් එකේ හැමෝම එක්ක යාලුවෙන්න.
පන්දුයවන්නේකුගේ දුර්වල පන්දුවකට ගහන හතරේ පහරක් එක ලකුණකට සීමා කලහම මම වීරයෙක්.ඒ ක්‍රියාව යන්නේ පන්දු යවන්නාගේ වාර්හාවට.
මම අංක 8 පිතිකරුව විදියට පිටියට එනකොට මිනිස්සුන්ට ඕනේ අංක 5 පිතිකරුව පන්දුවට පහරදෙනවා බලන්න.මම ලකුණක් අරගෙන එහාපත්තට ගියාම මිනිස්සු අත්පුඩි ගහනවා.
මේ විදියට මම කඩුළු අතර සම්බන්ධතා ගොඩක් පැවැත්වුවා,
කණ්ඩායමට මගේ අගය වැඩි වුනා.

විස්තර විචාරයට එක්වීමේදී,මම වටේ ඉන්න සියලුදෙනා ලොව දිනු ක්‍රිකට් ක්‍රීඩකයන්.මම එහිදී උත්සාහ කලේ මමත් සමග සිටීමේදී සුනිල් ගවස්කාර්ගේ හෝ ජෙෆ් බෝය්කොට්ගේ අගය වැඩිකර පෙන්වීමටයි.මෙමගින් ඉබේම මගේ අගය වැඩිවී පෙනුන.

තමාගේ අහංකාරකම සහ තරහා යාම ඇතිවිට ඔබව පරදවන්නට වෙනත් ප්‍රතිවාදියෙක් අවශ්‍ය නැහැ.ඔබ සැහෙන දුරට පැරදිලා ඉවරයි.

මේකට කියන්නේ ,
තමන්ව වෙන්කර තැබීමෙන් තමන්ව වෙනම ප්‍රස්තුඋතයක් බවට පත්කරගැනීම සමහරව්ට සාර්ථක වෙනවා.

දක්ෂතාවය
සියලුදෙනාම දක්ෂතාවයට ලොකු තැනක් දෙනවා.
මිනිසුන්ට තියෙන දක්ෂතා ගැන අපි කොච්චර පුදුම වෙනවද?
සමහරවිට ඔබ හිතනවා ඇති “අනේ,මටත් එහෙම වෙන්න තියෙනවා නං ” කියල.
නමුත් ඔබ කවද හරි වටහාගනේවි සාර්ථකත්වය කියන්නේ දක්ෂතාවය පමණක් නෙවෙයි කියල.  

සාර්ථකත්වයේ සැහෙන ප්‍රතිශතයක් කෙරෙහි දක්ෂතාවයෙහි කිසිම බලපෑමක් නැහැ.
ඔබ යම් සන්ධිස්ථානයක් පසු කලාට පස්සේ යම් දෙයක් කෙරෙහි දක්ෂවීමෙන් කිසිම පලක් නැහැ.
වැදගත් වෙන්නේ තමන් සතු දක්ෂතාවයෙන් ඔබ කරන්නේ මොකක්ද කියන දේ.
එතකොට තමයි “ආකල්ප” කියන දේ එන්නේ .
ඇත්තටම වැදගත් වෙන්නේ තමන් දරන ආකල්පය.
දක්ෂතාවය යම් දුරකින් පස්සේ ප්‍රශ්න විසදන්නේ නැහැ.
ආකල්පය ඔබව සැහෙන් දුරක් ගෙනියනවා.

දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පාරේ ගමන් කරනකොට වාහන තදබදයකට අහුවුනාම
කරන්න ඕනේ මොකක්ද කියල දන්නේ නැහැ.
මොකද ඔවුන්ට කවදාවත් සාර්ථක වෙන්නේ මහන්සි වෙන්න ඕනේ වෙලා නැහැ.
දක්ෂතාව ඔවුන්ව මේ තාක් දුරට ගෙනල්ල තියෙනවා.

විනෝද් කම්බ්ලි ඊට උදාහරණයක්.
1994 දී ඔහුට වයස අවුරුදු යි.කොදෙව් කණ්ඩායමේ කර්ට්නි වොල්ෂ් බවුන්සර් පන්දුවක් එව්වට පස්සේ කරන්න ඕනේ මොක්කක්ද කියල ඔහු දැනගෙන හිටියේ නැහැ.
ඊට පස්සේ එකම ටෙස්ට් තරගයක් වත් ක්‍රීඩා කලේ නැහැ.
ඒ වෙනකන් ඔහුහේ දක්ෂතාවය ඔහුට සාර්ථකත්වය උදා කරලා තිබුන.

ඔස්ට්‍රේලියානු යුධ හමුදාවේ විශේෂ කාර්ය බලකා කණ්ඩායම් සඳහා කවදාවත් අසාර්ථක වෙච්ච නැති පුද්ගලයෙක්ව බඳවාගන්නේ නැහැ.
මොකද ඔහු කවදාවත් අසාර්ථක වෙලා නැත්තම් ,
ඔහු අසාර්ථක උනහම කරන්න ඕනේ මොනවද කියන දේ දන්නේ නැහැ.
ඔවුන් බදවා ගන්නේ අසාර්ථක වෙලා ,මහසියෙන් නැවත සාර්ථක වූ පුද්ගලයන්ව.

මෙහිදී තමයි ආකල්පය වැදගත් වෙන්නේ.
දක්ෂතාවය තිබීම වැදගත්,දක්ෂතාවය සමහරවිට ඔබව ඔබේ ක්ෂේත්‍රයේ ඉහලම දසදෙනා අතරට ගෙනයාවි.
ඒ දස දෙනාටම තියෙන්නේ එකම දක්ෂතාවය.
මෙහිදී තමයි නිවැරදි ආකල්ප සමගින් යුතුකම් සහ වගකීම් ඉටුකරනා පුද්ගලයා ඉස්මතුවෙන්නේ.

සචින් ටෙන්ඩුල්කාර් මීට හොඳ උදාහරණයක්.
ඔහු වයස අවුරුදු 14 දී තරග 55 ක් ක්‍රීඩා කළා.තරගයක් අවසාන වූ පසු
පැය2 ක් පුහුණුවීම් කරලා නැවත හෙට උදේ අනෙක් තරගය.
ඔහුගේ සාර්ථකත්වයට හේතුව
ඔහුගේ තිබු ආකල්ප,වෘත්තීයමය නිපුනතාවය සහ ඒ කෙරෙහි තිබු ආදරයයි.
දක්ෂතාවය ඔබට පළමු දොර ඇරලා දෙයි,
දෙවෙනි දොර ඇරලා දෙයි,නමුත් තුන්වෙනි දොර ඇරලා දෙන එකක් නැහැ.
පන්දු යවන ක්‍රීඩකයා ඔබ තරම්ම දක්ෂයි.
ඔහු ඔබ දක්ෂයෙක් කියල පහරදීමට පහසු පන්දුවක් එවන්නේ නැහැ.
ඔහු බලන්නේ ඔබව ඉක්මනින් දවාගන්න.

වැරදිවලින් ඉගෙනගැනීම.
වැරදීම් කිරීමෙහි කිසිම් වැරද්දක් නැහැ,
තමන් කරන වැරදි තමයි කවදාහරි තමන්ගේ හොඳම මිතුරන් වෙන්නේ.
හේතුව වැරදි ගොඩක් කලහම අපි දැනගන්නවා අපි නොකළ යුතු දේවල් ගැන.
අපි නොකළ යුතු දේවල් සැහෙන්න දැනගත්තම
අපි කලයුතු දේවල් ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා.
හැමෝටම වැරදි නොකිරීමේ අවස්ථාවක් නැහැ.
වැරදි දේ තමයි එක පාරක් කරපු වැරැද්ද දෙවැනි තුන්වෙනි පාරටත් කිරීම.

තමන්ගේ වෘත්තීය පිළිබඳව තමන්ට දැනගන්න පුළුවන් දේ අංශුමාත්‍රය දක්වාම දැනගන්න පුළුවන් නම් දැනගන්න.

විශිෂ්ටයෙකු වීමට වාසනාව අවශ්‍යද?
වාසනාව කියන දේ පිළිබඳව අදහස් විවිධාකාරයි.
මම හිතන්නේ වාසනාව කියන්න “ලැහැස්තිවීමේ ” සහ “හඳුනාගැනීමේ” සංයෝජනයක් කියල.
හඳුනාගැනීම කියන්නේ අවස්ථාව හඳුනාගැනීම.

පාපන්දු තරගයකදී ප්‍රහාරක ක්‍රීඩකයෙකු වීමේ ඇති වැදගත්කම කුමක්ද?
අනෙක් ක්‍රීඩකයෝ බෙල්ල කඩාගෙන පිටියේ එහාටයි මෙහාටයි දුවනවා පන්දුව හසුරුවාගන්න.
ප්‍රහාරකය සතුරාගේ දල අසල සිට ගෝලයක් ලබාගැනීමේ අවස්ථාව හඳුනාගන්නවා.
පන්දුවට පහර දෙන්න සුදුසු තැන වෙත ඔහු යනවා.
මේක ලැබෙන්නේ දැඩි පුහුණුවෙන්.

ගොල්ෆ් ක්‍රීඩක ගැරී ප්ලේයර් වරක් කිව්වා ,
“මම මහන්සි වෙලා පුහුනුවෙන තරමට මගේ වාසනාව වැඩිවනවා” කියල.

ප්‍රංශ සවාරිය වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කරපු
ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ජයග්‍රහණයෙන් පස්සේ වරක් පැවසුවේ,
“මම ඇත්තටම ප්‍රංශ සවාරිය ජයගත්තේ අද නෙවෙයි.
මම හිම වැටෙන කොට,තට්ට තනියම,කවුරුවත් පුහුණුවීම් නොකරන කාලේ
කඳු අතරේ පාපැදි ධාවනය පුහුණු වුනා.
අන්න,එවිට තමයි මම මේ තරගය ජයගත්තේ.”

ඔබට ඔබේ මොහොත ලැබුන විට,
වහාම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ.
ඒ අවස්ථාවට සුදානම් වෙන්න මහන්සි වෙලා වැඩකරන්න වෙනවා.

ඔබගේ දැනුම අන් අයට කියල දෙන්න.
ඔබෙන් ඉගෙනගත්තු පුද්ගලයා ඔබේ දැනුම අරගෙන කවදාහරි ඔබට වඩා ඉහලට යයි කියල බයවෙන්න එපා.
විශිෂ්ටයෙකු කවදාවත් අනාරක්ෂිත නැහැ.

විශිෂ්ටයෙකු ජීවත්වන්නේ වර්තමානයෙහි මිස අතීතයේ නොවේ.
අතීතය වර්තමානයට වඩා කීර්තිමත් නම්,
ඒ දේට කවදාවත් සුභ අනාගතයක් නැහැ.
අතීතය අමතක කල යුතු නැහැ,අතීතයෙන් පාඩම් ඉගෙනගත යුතුයි.
වර්තමානයට උපරිමය ලබා දියයුතුයි

 

අතුරු සබැඳි :

හර්ෂ භෝග්ලේ පිලිබඳ විකීපීඩියා පිටුව

හර්ෂගේ කතාව පලවන කොටස

හර්ෂගේ කතාව දෙවන කොටස

Advertisements
ප්‍රවර්ග:චරිතාපදාන | Biography
  1. දෙසැම්බර් 5, 2010 දින 10:56 ප.ව. ට

    What an excellent post! Thank you sharing!

  2. දෙසැම්බර් 5, 2010 දින 11:03 ප.ව. ට

    “ඇමරිකන් හෙලයාට” බොහොම ඉස්තුතියි|

    ප.ලි _ මම ඕබේ පාඨකයෙක්!

    • දෙසැම්බර් 5, 2010 දින 11:56 ප.ව. ට

      මාත් දැන් ඔබේ පාඨකයෙක්! අදයි බ්ලොග් එකට මුලින්ම ආවේ. ලිපි දෙක තුනක්ම එක හුස්මට කියවලා, අර තාත්තා ගැන ලියපු ලිපියේ සින්දුවත් මුමුණ මුමුණ හිටියා. ඒ සිංදුවේ තැනක තියනවානේ “ගහ කොළේ මලයි මට අප්පච්චි” කියලා. දරුවෙක් ගෙන් ඒ ටික අහන්න ලැබෙන්නේ පින්වන්ත පියෙක්ට කියලා මට හිතුණා. හිමිහිට ඉතුරු ඒවාත් කියවන්නම්!

  3. ravi gamage
    දෙසැම්බර් 6, 2010 දින 4:38 පෙ.ව. ට

    හරිම වැදගත් ඒ වගේම ප්‍රයෝජනවත් ලිපියක්..අද තමයි ඉස්සෙල්ලාම ඔබගේ අඩවියට
    පැමිණියේ..ඉතුරු ලිපිත් කියවන්නමි..ලිපියක් කියවලා රසවිදලා ඒකෙන් ආදර්ශමත්ජිවිතයක්
    ගොඩනගාගන්වට වඩා එහාට ඔබ ගිහින්..ඒ මේ ලිපිය අපි හැමොම එක්ක බෙදාගන්න තරම් ඔබ
    නිරහන්කාර විම.. ඔබටත් මේ ගතිගුණ ඔබට හුරුකල දෙමාපියන් ගුරුවරුන් සියලුදෙනාටම පින්..!

  4. Dhanula Jayasinghe
    දෙසැම්බර් 6, 2010 දින 2:20 ප.ව. ට

    Sirawata …..bokkatama waduna..!!!

  5. Wickramasinghe
    දෙසැම්බර් 6, 2010 දින 3:53 ප.ව. ට

    Very Nice Article

  6. දෙසැම්බර් 6, 2010 දින 5:47 ප.ව. ට

    මචන් මේක එලටම ලියල තියෙනව… නියම්යි…. ඇරුන ගම්මන්පිල…

    • දෙසැම්බර් 6, 2010 දින 6:32 ප.ව. ට

      “තැන්ක්ස් මචන්!”
      දවස ගානක් කොල 2,3 ක ලියාගෙන දඟලලා තමයි ලිව්වේ.

      මේකේ ඔරිජිනල් වීඩියෝ එක මුලින්ම ෆේස්බුක් එකේ දාල තිබුනේ හසිත!
      ජයවේව!

  7. madusha
    දෙසැම්බර් 8, 2010 දින 12:12 ප.ව. ට

    thama sinhala fornt eka igana ganna beri wna ,,,,,me welas wala thiyna heethala hulagath ekakka thanikamin thiyana jeevithetya podi hegum tikak ekaka karanawata bohoma pin ,,,,,,

    • දෙසැම්බර් 8, 2010 දින 1:45 ප.ව. ට

      ඒකෙත් හැටි!
      මගේ බ්ලොග් කියවන කට්ටිය මම ජීවිතේට දැනගෙන හිටපු අය නෙවෙයි!
      කවුරුහරි ආසාවෙන් කියවනවා නම් තව මොනවද ඕනේ!

  8. mira
    සැප්තැම්බර් 24, 2011 දින 3:43 පෙ.ව. ට

    නියමයි මචං….. ඔහොම යං….!!

  9. Dilshan Isuru
    සැප්තැම්බර් 24, 2011 දින 4:38 පෙ.ව. ට

    ඔබෙන් ඉගෙනගත්තු පුද්ගලයා ඔබේ දැනුම අරගෙන කවදාහරි ඔබට වඩා ඉහලට යයි කියල බයවෙන්න එපා.
    විශිෂ්ටයෙකු කවදාවත් අනාරක්ෂිත නැහැ. mage hithata godk wedunu kiymanak…

  1. දෙසැම්බර් 5, 2010 දින 9:45 ප.ව. ට
  2. ජනවාරි 2, 2011 දින 12:08 ප.ව. ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: