Archive

Archive for ජනවාරි, 2011

= විවාහ සංවත්සරය =

 

දවසක්දා හවස,
කඳුළු බින්දු වගේ වැස්ස වැටෙන වෙලාවක,
බේරෙ වැව ඉස්සරහ බංකුවක  ඉඳගෙන
මම ලඟට වෙලා,
” අපි දෙන්නට කවදාවත් එකතුවෙන්න බැරිවේවිද? ” කියල,
ඇඩුවා මතකද?

අනාගතය අයිති
අපි දෙන්න වගේ,
තමන්ගේ හීනවල ලස්සන ගැන
විස්වාස කරන අයටයි කියල
මම එතකොට ඔයාට කිව්වා මතකද?

Advertisements

=වෙන්වීම=

මම ඔයාට ගොඩක් කැමැත්තෙන් හිටියේ,
මම තවමත් ඔයාට කැමතියි.
නමුත් මට වැරදුනා.
මට ඒ ගැන කරන්න කිසිම දෙයක් නැහැ.
මම හිතන්නේ,
හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්නේ නැද්ද කොහෙද?.
ඒ වුනාට මට සතුටින් ඉන්න තිබුනානම් හොඳයි.
ඒ මොකද,
එතකොට මම ඔයා ලඟ,
අපි දෙන්නට තව ගොඩක් අමතක නොවන දවස් ගත කරන්න තිබුනා.
ඒත් දැන් ඔය මා ලඟ නැහැ.
හුඟක් වෙලාවට ආයේ කවදාවත් එන එකකුත් නැහැ.
මට සතුටුයි ඔය සතුටින් ඉන්න එක ගැන.
ඒ වුනාට මම තාම ඉන්නේ දුකින්.

 

ප.ලි._

මේකේ මුල් අයිතිය අයේෂ් ට.

මොකද මේකේ මුල් ඉංග්‍රීසි නිර්මාණය මම දැක්කේ අයේෂ්ගේ Hi5 එකේ.


 

= කඳුළු බින්දුව =


ඔබට හැකිනම්
මුහුදට වැටුණු
මගේ කඳුළු බින්දුව
ආපහු අරන් දෙන්න.

ප.ලි._
මේක අයිති උපේක්ෂා අක්කට!
මේක 96 දී විතර දිවයින පත්තරේ පල වුනා.
මේක ජපන් හයිකු කවියක් වගේ.
වචන කීපයකින් මහා විශාල අදහසක් කියවෙනවා.

ඒක උනේ එහෙමලු | It happened like this

 


ඇය තනිකමින් සිටියාලු,
මමත් හිටියේ තනියමලු.
මම ඇයට කෝල් කලාලු,
ඇය මටත් කෝල් කලාලු.


ඇයට ප්‍රශ්න තිබුනලු,
මට ඒවා අහගෙන ඉන්න වෙලාව තිබුනලු.
මම දවසක් එයට චොක්ලට් එකක් දුන්නලු,
එයා ඒක තව කෙනෙක්ට දුන්නලු,
මම ඊට පස්සේ චොක්ලට් කෑවේ නැහැලු.

= ප්‍රථම ප්‍රේමය =

 

සුන්දරයි,


…ඉවරයි!

 

 

 

 

 

ප.ලි._
මේ කවිය මම අවුරුද් ගානකට කලින් අහුලගත්තු එකක්,
ලක්බිම පත්තරේ තිබුනේ,
ලියපු කෙනාගේ නම මතක නැහැ.

ජීවිත ගමන | life is a journey travelled.

ජීවිතේ හරිම පුදුමාකාරයි!
හැමදාම ඔහේ යන්නන් වාලේ ගියාට,
දවසක් එනවා අපට පොඩ්ඩක් දිවිල්ල නවත්තල ආපහු හැරිලා බලන.
කරපු සමහර දේවල් ගැන දුක හිතෙනවා,
සතුටු හිතෙනවා.ඒවා ඉතින් එහෙම තමයි.
දවස් ගෙවීගන යන ඉක්මන හිතාගන්න බැහැ.
දවස් සති වෙලා,සති මාස වෙලා,මාස අවුරුදු වෙන හැටි ….!
මේ අවුරුදු ගානට අපිට ආශ්‍රය කරන්න හම්බවෙන නානාප්‍රකාර
යාළුවො,මිත්‍රයෝ,එකට වැඩකරන අය!

දවසක් යාලුවෙක් කොහෙද ගිහිල්ල සාත්තරයක් බලලා තිබුන.
මේක ගැන කතාවෙද්දී ඔහු කිව්ව කතාවක් හරියටම හරි කියල
ඊයේ පෙරේද මට හිතුනා.
අපේ ජීවිතයේ අපි වටේ ඉන්න අපේ හැමදාම හැමදේටම
ඉතුරු වෙලා ඉන්න මිනිස්සු ටික දෙනා අද ඊයේ විතරක් නෙමේ,
සමහරවිට ඊට කලින් ජීවිත වල ඉඳලම අපිත්එක්ක ඉන්න අය.
ජීවිතයේ සමහර දේවල් සිද්දවෙන විදිය දිහා බැලුවම හිතෙනවා
ඒ දේවල් සිද්ද වෙන්නේ ඒ දේවල් සිද්ද වෙන්න ඕනේ විදියටම
තමයි කියල.හැමදාම මේ සංසාර චක්‍රයේ කැරකෙන්නේ
එකම කට්ටිය තමයි.තමන්ගේ මිතුරෝ විතරක් නෙමෙයි,
සතුරෝත් එහෙම්මම තමයි.

අපි වයසට යනකොට අපි හිතන විදිහ කොච්චර
වෙනස් වෙනවද කියනවනම්,
ඉස්කෝලේ යන කාලේ ජීවිතේටවත් හිතපු නැති විදිහට
අපි හිතන විදිහත් වෙනස් වෙලා.
තාම ඉස්කෝලේ යන කොල්ල වගේ හිතුවට ඉස්කෝලෙන් අස්වෙලා
දැන් අවුරුදු 8ක් වෙන්නත් එනවා.

අපි 11 වසරේ ඉන්න කොට අපිට විද්‍යාව උගන්නපු ජානකී මැඩම් දවසක් කිව්වා
” අපි විද්‍යාව ඉගෙන ගත්තට ,
ජීවිතේ හැමදේම දිහා විද්‍යාවෙන් බලන්න එපා “.

ඇය කියන්න අදහස් කලේ නවීන විද්‍යාවෙන් නැත්නම්,
විද්‍යාවේ ඇසින් ජීවිතයේ හැමදේටම අපට විසදුම් ලැබෙන්නේ නැහැ කියලයි.
ය කියපු දේ අද තමයි තේරෙන්නේ.
ජීවීතයේ සමහර දේවල් තියෙනවා අපි ඉවකින් වගේ කරන දේවල්.
අපි ඇයි ඒ දේ කලේ කියල කියන්න හරි,
සාධාරණීකරණය කරන්න හරි අපට බැහැ.
නමුත් ජීවිත් අලුතෙන් පටන් අරගෙන ආයේ මුල ඉඳල යන්න උනොත්,
මම නම් කරන්නේ කලින් කරපු දේවල්ම තමයි.
කලින් කරපු මෝඩ වැඩ 2,3ක් නොකර ඉන්නවා තමයි.

අපේ ජීවිත ගමනේදී අපිට හම්බවෙන අය ගැන කතා කලානේ,
මගේ ජීවිතේ මට හම්බවෙච්ච අමතක නොවෙනම දෙන්නෙක්ගේ ජායාරුපයක්
2010 නොවැම්බර් 28 ඉරිදා දිවයින පත්තරේ පිටුවක තිබුන.
ඒ අපේ අත්තගෙයි ආච්චිගෙයි.
ලිපිය ලියවිලා තිබුනේ “යෝජිත පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමය ” ගැන.
අපේ අත්තයි ආච්චියි අපට නැති උනේ 1998 දී.
මේ ලිපියේ කතුවරයාට හරි සංස්කාරකට හරි අලුතින් ජායාරුපයක් ගන්න
කම්මැලි හින්ද අවුරුදු ගානක් පරණ එකක් දාල තමයි ලිපිය ලියල තියෙන්නේ.
ඒකෙත් හැටි…….!

ප්‍රවර්ග:අත්දැකීම් | Experience