Archive

Archive for මාර්තු, 2011

ඉසිඹුව | Time to Relax

 

ප.ලි._

විශ්‍රාමලත් පරිපාලන නිලධාරිනියකගේ උදාරම් කවිය

“දිවයින ඉරිදා සංග්‍රහය ” –  මාර්තු 13, 2011


Delon සමගින් “ඇමරිකානු සිහිනය” | The American Dream


ඉර ගිනිගන්නවද කොහෙද?
මගේ පිටත් පිච්චෙනවා.
මගේ රට වෙච්ච මේ දුපත උඩ වාඩිවෙලා ඉන්න,
තරුණයාගේ කතාවයි මේ.
මම මේ ඉන්න තැන ඉඳන් එහා ලෝකයේ තියෙන්නේ මොනවද කියල බලනවා.
සැප සම්පත් වලින් පිරිච්ච ,
දියුණුයි කියල අහල තියෙන,
දැකල නැති,
තැනකට කුරුල්ලෙක් වගේ පියාඹන්න තිබුනා නම් හොඳයි.

“ඇමරිකාව” තමයි ඒ තැනට කියන නම.
එහෙ තමයිලු ලෝකෙ හොඳම කාර් තියෙන්නේ.
එහෙට ගියාම මිනිහෙකුට තමන්ගේ වටිනාකම හතර ගුණයකින් වැඩිකරගන්න පුළුවන්ලු.
එහෙම වුනොත් සමහරවිට මට මගේ පවුල මේ වැටිලා තියෙන වලෙන් ගොඩගන්න පුළුවන් වේවි.

ඒ වුනාට හැමදාම අම්මා අඬන හැටි මතක් වූනාම හරියට දුක හිතෙනවා.
ඇය ඉන්නේ ලෙඩින්,
දොස්තරලා කියනවා,
ඇයව ජීවත් කරවන්න අමාරුයිලු.
අයව ජීවත් කරවන්න බෙහෙත් ගන්න සල්ලි නැහැ.
දෙවියනේ ,
මම ප්‍රාර්ථනා කරන්නේ,
ඇයව අපෙන් අරගෙන යන්න එපා.

අපි මෙහෙ ඉඳන් ලොතරයියත් දැම්මා,
අපිට වීසා එකක් හම්බවෙලා ඇමරිකාවට යන්න ලැබෙන්න.
මගේ ගුරුතුමිය දවසක් මට කිව්වා,
මම කවදාහරි “තරුවක්” වෙනවලු.
ඇය කිව්වා,
මම තමයිලු කවදාහරි අපිව සෑහෙන දුරකට අරගෙන යන්නේ කියල.

මට මතකයි ඉස්සර අපි කොහේ හරි යනකොට බඩගිනි උනාම
අතරමගදී නවත්තනවා.
ඇත්තටම එක මාර විහිළුවක්,
සීනි පාන් 1ක් රුපියල් 30යි,
අම්මෝ! මට බඩගිනියි!
4ක් ගානවා,2ක් ඕනේ මගේ බඩ පුරවා ගන්න.
එක ඇමරිකාවේ සල්ලි වලින් ඩොලර් 1යි සත 20යි
දැන් පේනවනේ අපි ජීවත් වෙන විදිය සුන්දර නැහැ.
ඒ වුනාට අපි සතුටින් ඉන්නේ.
ඉස්කෝලේ ඇරිලා හැමදාම හවසට ක්‍රිකට් ගහනවා.

ඔහු මට දේවල් ගොඩක් කියල දුන්න.
කොහොමද පරිපුර්ණ මිනිහෙක් වෙන්නේ කියල.
අපි ගමෙන් ආපු ය උනාට අපිටත් ලෝකයට මුහුණ දෙන්න පුළුවන් කියල.
ඔහු මට ලබා දුන්නු ආකල්පය තමයි,
සිතින් ධෛර්යයමත් වෙන්න ඕනේ,
ඒ වුනාට කරන දේ නිරහංකාරව කරන්න ඕනේ.
කවදාවත් කිසිම කෙනෙකුට මම දිහා බලල හිනාවෙන්න දෙන්න එපා,
මොකද මම රජෙක්,සිංහයෙක්,සිංහලයෙක්….!

මම මේ දේ කියන්නේ ජීවිත් ගැටගහගන්න දඟලන අයට.
මම මගේ සිහිනය සැබෑ කරගෙන ,
මගේ සිහිනයේ තමයි ජීවත් වෙන්නේ.
තමන්ට ජීවිතේ පතන දේවල් ලැබෙන්නේ නැහැ කියල හිතන්නේ නැතුව,
කරදර මැදින් තමන්ගේ ඉලක්කය වෙත යන්න.
මම තරුණයන්ට ඇත්ත කියන්නේ.
කවදාවත් ගනු ළමයින්ට බොරුකියන්න එපා,
කරන්න එපා.
හැමවෙලේම නියම පිරිමියෙක් වගේ ඇත්ත කියන්න.
ඔබට තියෙන්නේ සංක්‍රමනිකයෙකුගේ පාස්පෝර්ට් එකක් වුනාට ඔබටත් ඉහලටම යන්න පුළුවන්.
මම එකට හොඳම සාක්ෂියක්.

උඩ තියෙන්නේ ඩිලෝන්ගේ වීඩියෝ එකේ රැප් එකේ දල සිංහල පරිවර්ථනය.
මම මේක ලියපු කොලේ දැකල යාලුවෙක් අහනවා,
” අඩේ, ඇත්තටම මූ මෙහෙම දෙයක්ද රැප් එකෙන් කියන්නේ? ” කියල.
මම ඩිලෝන්ගේ පෞද්ගලික ජීවිතේ ගැන හරි වෙනත් විස්තර දන්නේ නැහැ.
නමුත් ඔහු කියන්න හදන දේ මට තේරෙනවා.

මම ඔහුව දකින්නේ ලොවපුර විහිදී ඉන්න සිංහල ඩයසපෝරාවේ ප්‍රභල පුරුකක් හැටියට.
ලංකාවේ තරුණයන්ට ( හැමෝටම නෙමෙයි ) පිටරට යන උණක් තියෙනවා.
තව සහැරුන්ට විවිධ හේතු නිසා යන්න සිද්ධ වෙනවා.
අධ්‍යාපනය,රැකියා,දේශපාලන රැකවරණ, ආදී විවිධ හේතු.

මේ විදියට රටෙන් පිටවෙච්චි හැමෝම දන්නා කටුක යතාර්ථය තමයි,
ඕනෙම රටක ” ජීවිතේ ගැටගහගන්න එක – survival ” හරිම අමාරුයි කියන එක.
යම්කිසි තත්වයකට එන එක ඊටත් වැඩිය අමාරුයි.
තැනකට එන්න හම්බවෙන්නේ සැහෙන්න අපා දුක් විඳලා. ( බහුතරයකට )

ලංකාවේ ඉන්න අයට මේ කතාව කිව්වට,
කවදාවත් තේරෙන්නේ නැහැ.
ඇවිල්ලම බලන්න ඕනේ.

“කොහොමද මචන් එංගලන්තේ?” කියල ඇහුවම,
“අම්මටසිරි එපා වෙලා තියෙන්නේ,
කොච්චර හම්බකලත් ඉතුරුවක් නැහැ,
ඒ මදිවට මේ දවස් වල ඉන්න බැහැ බං සීතලයි.
ජීවිතේ එපා වෙලා ඉන්නේ” කිව්වම,
යාළුවා කියනවා,

“පිස්සුද බං,
එංගලන්තේ නං හුළඟත් සැපයි ,
උඹ ඉන්නේ එංගලන්තේ නෙමෙයි වෙන්න ඇති” කියල.

මේ කතා අතරට ඩිලෝන් එන්නේ,
ඔහු තාම ” අපේකම “ අමතක කරලා නැති නිසා,
ඔහු තාම ලංකාවට ආදරේ නිසා.
ඔහුට තවම මුල මතක නිසා.

මම ලඟදි කින්ග්ස්බරි වල ලංකාවේ අවන්හලක මට එහා පැත්තේ මෙසේ
නැඟී කෙනෙක් අනිත් නංගිට කියන ඇහුන,
” අර කොහෙද අනේ ලංකාවේ long – distance බස් නවත්තන්නේ?,
මම හුඟ කාලෙකට කලින් එතනින් wood-apple එකක් බිව්වා ,
මාර රසයි අනේ “.

මාර ගේමක් දීල හිනායන එක නවත්තගත්තේ.
පිටකොටුවේ ගුණසිංහපුර බස් නැවතුම්පොළේ
පෙට්ටි කඩේකින් බීපු දිවුල් වීදුරුවේ රස තවම මතක තියෙන එක හොඳයි.
ඒ වුනාට එතන තිබුනේ මාර අහන්කාරකමක්.
මට පස්සේ දුක හිතුනා.

ඔන්න ඔහොම සුද්දට, පවුන් වලට ලංකාව විකුණන ලාංකිකයෝ ඉන්න ලෝකෙක,
ඩිලෝන් අපිට ආඩම්බරයක්!


අතුරු සබැඳි:

ඩිලෝන් - myspace පිටුව
ඩිලෝන් - wikipedia   පිටුව 
ඩිලෝන් - නිල වෙබ් අඩවිය