නිවස > අහුලා ගත්තු දේවල්, චරිතාපදාන | Biography > | අතරමගදී ජීවිතය මග හැරීම |

| අතරමගදී ජීවිතය මග හැරීම |

මගේ බ්ලොග් එකෙන් උපුල් ශාන්ත සන්නස්ගල ගැන මුලින්ම යමක් ලිව්වේ ගිය අවුරුද්දෙ අගෝස්තු මාසේ.

එදා වගේම තමයි අද වෙනකොටත් ඔහුගේ දේශපාලන අදහස් ,මට සත පහකටවත් වැදගත් නැහැ.ඒවා ඇත්තටම වැදගත් උනා හෝ නැතා හෝ මම අදටත් කතාකරන්නේ ඒවා ගැන නෙමෙයි.

අදාළ ලිපිය මෙතනින් කියවන්න.

මේ ලිපිය 2007 සැප්තැම්බර් 30 ඉරිදා සිළුමිණ පත්තරේ පල වෙච්ච එකක්.මේකේ තියෙන දේවල් මම මුලින්ම ඇහුවේ ස්වර්ණවාහිනියේ පෝය දවසක තිබිච්ච සාකච්ඡාවකදී.ඒකට උපුල් ශාන්ත සන්නස්ගල,වී.ජ.මු.ලොකුබණ්ඩාර සහ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ සහභාගී උනා.එක මෙහෙයවුයේ හරින්ද්‍ර ජයලාල්.

සන්නස්ගල මේකේ තියෙන “රොටිය අම්මට ඉතුරු නොකර කාපු කතාව” කියන වෙලාවේ ධම්මාලෝක හාමුදුරුවෝ වටාපතෙන් මුහුණ වහගෙන ඇස්වලට ආපු කඳුළු පිහදාගත්තා.

ඒ වැඩසටහන මට ඇති කරපු කම්පනය තමයි අද වෙන කන මගේ හිතේ තියෙන්නේ.

ප්‍රශ්න හින්දා ජීවිතේ ඉදිරියට අරගෙන යන්න ඕනේ ධෛර්යය ඕනේ උනහම මම පෞද්ගලිකව කරන වැඩවලින් එකක් තමයි,එක එක පුද්ගලයන් කරන කතාවලට අහුන්කන්දෙන එක, චරිතාපදාන කියවන එක.මේකත් ඒ ගොඩට අයිති කියවීමක්.

අපි දකින විඳින ජීවිතයම,

මේ ඉරහඳ යටම,

අපේ යුගයේදීම විඳලා,

අපි දන්නා කියන

දේශපාලනික,සමාජයීය සහ ආර්ථික බලපෑම් වලට යටත්ව ,

අපිට වඩා අත්දැකීමවලින් පරතෙරට ගිය මිනිහෙක් විදිහට,

මේ කියන දේවල් වල මාර ගැඹුරක් තියෙනවා.

කල්පනා කරන්න,

නැවත හිතන්න දෙයක් තියෙනවා.

 c

Advertisements
  1. ජූලි 7, 2011 දින 5:55 ප.ව. ට

    කියන්න වචන නෑ…..මාරයි කියල කෙටියෙන් කියමු

  2. madusha
    ජූලි 7, 2011 දින 6:48 ප.ව. ට

    ඇහැට කදුළු එන්න මහ වෙලා
    ගියෙ නෑ
    අමිමව මතක් වුනා……..
    සන්නස්ගල මහත්තට වගේ
    අමිමට මාව
    මට අමිමව
    අපිට අපේ පුංචි පවුල
    මගහැරැනු තැන්…………………
    මහා හුස්මක්….
    දුක
    මේ හීතල හුලගට මුහු වෙලා
    අම්ම ඉන්න ඉසව්වකට
    යන්න ඇති…………………..
    සමහර විට
    අම්මට දැනෙන්නත් ඇති…………….

  3. ජූලි 10, 2011 දින 1:02 ප.ව. ට

    කියන්න වචන නෑ බං!මේක අපිට කියවන්න සලස්වලා ඔයත් ලොකු පිනක් කරගත්තේ~ජයවේවා!

  4. ජූලි 10, 2011 දින 2:23 ප.ව. ට

    සාබිත්ටත් කරන වැඩ දිගටම හොඳට කරගෙන යන්න ලැබේවා!

  5. ජූලි 11, 2011 දින 3:49 පෙ.ව. ට

    අපි ගොඩකට ගොඩාක් දේවල් තේරෙන්නේ කෝච්චිය ගියාම, මේ කතා වලින් යමක් අරගෙන අපේ ජීවිත හදා ගන්න එක තමා වටින්නේ.

  6. ජූලි 11, 2011 දින 4:29 පෙ.ව. ට

    තෑන්ක්යු බූඩි!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: