නිවස > චරිතාපදාන | Biography > සැබෑ දේශප්‍රේමියෙක් ! | A True Patriot

සැබෑ දේශප්‍රේමියෙක් ! | A True Patriot

අපේ පරම්පරාවේ අය හුඟක් වෙලාවට පරමාධර්ශී චරිත ලෙස මුල් තැනක් දෙන්නේ පිටරට චරිත වලට.උදාහරණයකට පරිගණක හෝ තොරතුරු තාක්ෂනය ආශ්‍රිත විෂය ධාරාවල අධ්‍යනය නියුතු අය හැමවිටම ඔලුව උස්සල බලන්නේ බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග් වගේ වගේ අය දිහා. ඔවුන්ගේ ජීවිත කතා ඇත්තටම සුවිශේෂී ඒවා.ඉගෙනගන්න දේවල් බොහොමයක් තියෙනවා.

ඇයි අපි ලංකාවෙ මිනිහෙක් දිහා එහෙම බලන්නෙ නැත්තේ?
ලංකාවේ එහෙම මිනිස්සු නැද්ද?

නැහැ, ලංකාවෙත් එහෙම මිනිස්සු ඉන්නවා.

1

ඔවුන් ඉස්මතුවී නොපෙනෙන්නට එක හේතුවක් වෙලා තියෙන්නෙ ලංකාවෙ එහෙම ආදර්ශමත්යයි වරක් තමන් හිතාගත් පුද්ගලයා කෙරෙහි හිත බිදී යාමයි.මේක වෙන්නේ එම පුද්ගලයෝ කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් දේශපාලන බලපෑම්වලට ලක්වීමයි.කවුද කියල මම කියන්න ඕනේ නැහැ, හිතාගන්න.

1

මේ පුද්ගලයෝ අතරේ නිහඩව රට වෙනුවෙන් තමන්ගේ ක්ෂේත්‍රයේ නියුතුව තමන්ගේ කාර්යය නොපිරිහෙලා ඉටුකරන මිනිස්සු කොටසක් ඉන්නවා.ඒ අය ඉස්මතුවෙලා පෙනෙන්නේ නැහැ.කොටින්ම මිනිස්සු රජයේ සේවයට කොච්චර බැන්නත් රජයේ සේවයේ නියුතු දැඩි කැපවීමෙන් වැඩ කරන කොටසක් ඉන්නවා.

1

මේ කතාකරන්න යන පුද්ගලයත් නිහඩව තමන්ගේ සේවය තම මවුබිමට, දේශීය ආර්ථිකයට තම දායකත්වය ලබාදෙන අයෙක්.ඔහුගේ අදහස් හරිම ප්‍රායෝගිකයි.ඔහු බොහෝ ඇසූ පිරූ තැන් අත්දැකීම් බහුල සාර්ථක ව්‍යාපාරිකයෙක්.

සරල ජීවිතයක් ගත කරන පොළොවේ පය ගහල් ඉන්න මිනිහෙක්.
1

ඔක්කොටම වැඩිය ඔහු රටට ආදරය විතරක් නොකර රට වෙනුවෙන් යමක කරපු මිනිහෙක්.

 

1

සම්පුර්ණ සම්මුඛ සාකච්ඡාව මෙතනින් නරඹන්න.

 

 

 

ප්‍රවර්ග:චරිතාපදාන | Biography
  1. chandrapeema
    ජූලි 10, 2011 දින 10:11 පෙ.ව. ට

    mage jeevithayedi ahapu atharthika ha modama sankalpa walin pirunu kathawak

  2. ජූලි 10, 2011 දින 11:45 පෙ.ව. ට

    ශක්තිය ලංකා!!!.
    මුලින්ම මේ වගේ කෙනෙක් ගැන මතක් කරපු එක ගැනම ඔයාට ගොඩක් ස්තූතියි. අපේ පොලොවෙ මිහිදන් වෙලා තියෙන මැණික් කැට මතු කරගෙන ඔපදමන එක අනිවාර්යයෙන්ම අපේ වගකීමක්!

    ඇත්තටම මෙතුමා ලංකාවට ශක්තියක්. හැබැයි මුලින් ඔයා කියල තියෙන විදියටම මෙතුමාටත් දේශපාලනික බලපෑම් තිබුනා. මම හිතන්නෙ ඒක ලංකාව ඇතුලෙ ඉස්මතු වෙන්න උත්සහ කරන ඕනම කෙනෙකුට බලපාන දෙයක්. තව, “ගන්න අපේ දේ“ කියන සිංහ ලාංඡනය වෙළඳ භාණ්ඩ වලට හදුන්වා දෙන්නත් මෙතුමා මූලික වුනා.

    තවත් මේ වගේ අපේ මිනිස්සු ගැන කතාකරන්න. ඔබට ජය!!!

  3. ජූලි 10, 2011 දින 2:26 ප.ව. ට

    හුළඟට ගොඩක් ඉස්තුතියි!

  4. ජූලි 10, 2011 දින 2:53 ප.ව. ට

    A Special thank goes to Aruni Shapiro !
    Thanks for your encouragements from Day One!

  5. ජූලි 11, 2011 දින 4:11 පෙ.ව. ට

    කතාව ඇත්ත
    “ගමේ දිවැසි වරයා ගමට අගේ නැත”
    මෙන්න මෙහෙමයි බයිබලයේත් තියෙන්නේ

  6. ජූලි 11, 2011 දින 4:30 පෙ.ව. ට

    ඇත්ත කතාව!
    ඉස්තුතිය බූඩිට!

  7. සැප්තැම්බර් 20, 2011 දින 2:20 පෙ.ව. ට

    ලඟ තියෙන දේට වඩා ඇත තියන දේගය වැඩියිනේ ….

    හැබැයි මේයාට වඩා ආදර්ශමත් ව්‍යාපාරික චරිත ලංකාවේ ඕනි තරම් ඉන්නවා . අනිත් එක මෙයාගේ කථාවේ තියෙන්නෙ තම්න්ගෙ ආත්මාර්ථකාමී හැඟීම් විතරයි , ඉන්දියාවේ දියුණුවුනේ සියරට දේ සිරිසැපදේ කරේ ගහගෙන නෙවෙයි , විවෘත ආර්ථිකය ඇතිවුනාට පස්සෙ . දැවැන්ත ඉන්දියානු වෙලඳ පොලත් එක්ක අපේ රටේ තත්වය සංසන්දනය කරන්න බැ . ඉන්දියානු වෙලඳ පොල විශාල වීම , සහ ශ්‍රමය ලාභ වීම නිසා ඉන්දියානු නිෂ්පාදනයක මිල ඉතාම අවමයි . ඒ නිසා ගුනාත්මක බව වැඩි නිෂ්පාදනයක් (විදේස්) ගන්න පුලුවන් මිලෙන් භාගයකටත් අඩුවෙන් ඉන්දියානු එක ගන්න පුලුවන් , ඉතින් මිනිස්සු ඉන්දියානු නිෂ්පාදන මිලට ගත්තා . මේ වෙනකොට නම් ඉන්දියාව ඉන්නේ ජාත්‍යන්තර සමාගම් ඉන්දියාව තුල නිෂ්පාදනයන් අරඹන තැනක . මෙතන්දිත් දැවැන්ත ඉන්දියානු වෙලඳ පොල නිසා ඒ ජාත්‍යන්තර ආයෝජකයොත් ඉන්දියාව වෙනුවෙන් නිෂ්පාදන කරනව . හොඳම උදා තමයි හිරෝ හොණ්ඩා සහ යමහා . ඉන්දියානු වෙලඳ පොලට වෙනම ප්‍රඩක්ට් රේන්ජ් එකක් හඳුන්වාදීල තියනව . මිල අඩුයි , ඉන්ධන පිරිමැසුම් දායකයි , කොලිටියත් අඩුයි

    ලංකාවේ තත්වය එහෙම නෙවෙයි . කොලිටිය අඩුවට හදන එව්වත් මිල සුපිරියි . මොකද ලංකාවේ වෙලඳ පොල කුඩයි , ශ්‍රමය මිලයි . එ නිසා මෙහෙට ගැලපෙන ආර්ථික ක්‍රමය ඉන්දියානු එක නෙවෙයි

    මෙයා ඇඬුවට බලන්න ගුණාත්මක නිෂ්පාදන හදලා ලෝකයට දාන අපේ ව්‍යවසායකයො ඉන්නවා . ලෝකයේ ප්‍රමුඛ නිෂ්පාදන ලංකාවේ ජනතාවට හඳුන්වාදීල , හොඳ සේවාවක් ලබා දීල සාර්ථක වෙච්ච ව්‍ය්වසායකයින් ඉන්නවා . මෙයාගෙ ලාෆ් ගැස් එකත් ලිට්‍රෝ එකේ මිලමයි දැන් , හැබැයි ලිට්‍රො එකේ තරම් දැල්ලත් සැර නැතිලු !!!!!!

  1. No trackbacks yet.

chandrapeema වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න