Archive

Archive for සැප්තැම්බර්, 2011

මට ඉර එලිය පොඩ්ඩක් දෙන්න | give me some sunshine

සැප්තැම්බර් 24, 2011 ප්‍රතිචාර 4ක්

1

1

මේ ලෝකේ සියලුම දේ

මැරී මැරී ජීවත් වෙනවා.

එක  මොහොතකට

අපි හැමෝටම ජීවත් වෙන්න ඉඩ දෙන්න.

මට ඉර එලිය පොඩ්ඩක් දෙන්න.

මට වැස්ස පොඩ්ඩකුත් දෙන්න.

මට ආයේ වතාවක් හැදෙන්න වැඩෙන්න

අවස්ථාවක්  දෙන්න.

බාල කාලේ පහු වෙලා ඉවරයි.

තරුණ කාලෙත් ගෙවීගෙන යනවා.

එක  මොහොතකට

අපි හැමෝටම ජීවත් වෙන්න ඉඩ දෙන්න.

1

අතීතයට යන්න පුළුවන් නම් ටික වෙලාවකට හරි,එක මාර අත්දැකීමක් වේවි!

ඊයේ  පෙරේදා දවසක ආයේ පාරක් “ත්‍රී ඉඩියට්ස්” චිත්‍රපටිය බැලුවට පස්සේ නොදැනුවත්වම මාව අතීතයට ගියා.

ඉන්දියාවේ ඉගෙන ගත්ත කාලේ මතක් උනා.

1

ඉන්දියාවේ ගුරුවරු,යාළුවො,ඉගෙන ගන්න කාලේ හිතාගෙන් හිටපු දේවල් මතක් උනා.

හොස්ටල් ජීවිතේ,බෝඩිම,නිවාඩු කාලේ,” හෝලි ” උත්සව දවස්,පාඩම් කරන්න නිදිමරපුව,

කෙල්ලෝ පස්සේ ගිය හැටි,එහෙ මෙහෙ වැඩක් නැතුව රවුම් ගහපුවා,

එක එක උත්සව,ක්‍රිකට් මැච්,ස්පෝර්ට්ස් මීට්,වලි,තරහකාරයෝ,පන්ති තහනම් කරපු හැටි,

දෙය්යනේ කියල සෙනසුරාදට සෙට් වෙච්ච හැටි,

කව්රු හරි එකෙක් ලංකාවට ගිහින් එනනක්න් බලාගෙන හිටපු හැටි.

ඒ හිටපු අවුරුදු 3 ට යාලුවෝ තුන් දෙනෙක්ගේ තාත්තල නැතිඋනා.

ඒ කාලේ දුකට සැපට අපට හිටියේ අපිම විතරයි.

1

මොනවා උනත් එක තමයි ජීවිතේ ලස්සනම කාලේ.

ජීවිතේ ඉතුරු කාලේ හැදෙන්නත් වැනසෙන්නත් හේතු වෙන්නේ

ඉගෙන ගන්න කාලේ කරපු කියපු දේවල් තමයි.

කරපු කියපු දේවල් කලේ අපිමද කියල වෙලාවකට හිතෙනවා.

1

” බැංගලෝර් ” , ” බැන්ගලුරු” උනේ මේ ලඟදි.

ඒ කාලේ ෆේස්බුක් තිබුනේ නැහැ.අපි එතකොට ” හයි ෆයිව් ” සයිට් එකේ නං හිටිය.
බැංගලෝර් ගැන පරණ ලිපි සෙට් එකත් මේ එක්කම දාන්නන්කෝ.
1
1
බැංගලෝර් ගැන ලියවෙච්ච කවි.
Advertisements

” වස්සානයට අත වනලා… “

වස්සානයට අත වනලා එම මග බලන්

උද්‍යානයක කෙලවරට වී

ඔබ ඈතීන් ඉඳන් ඉන්නවද රත්තරන්

මං ගාවින්ම උණුහුම නොදී

හාදු දෙන වැස්සේ – දේදුන්න අස්සේ,

අපි පාවෙමුද තුරුලටමවී …

ඔබේ ඇස් අස්සේ – මං මාව දැක්කේ

සංසාරයම මම නුඹගෙදී

තව ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්,

සංසාරයේම එය මට නොදී

වැට කඩුළු අස්සේ – මල් පිපුණු බිස්සේ,

අපි හැංගෙමුද උණුහුමටවී

සමනල්ලු පස්සේ – දුව පැනපු කාලේ,

දැන් මට දෙන්න නුඹ මගෙමවී

ඇයි ඈතින් ඉදං ඔයතරම් රත්තරන්,

මං ආවොත්ද නුඹ මට හිමි?


හුඟ දවසකින් සින්දුවක් ගැන කිසිම දෙයක් ලියන්න බැරි වුන හින්ද සින්දුවක් ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා.මේක අහන්න හම්බ වෙලා ටිකක් කල.ඒ වුනාට ලියන්න වෙලාවක් හම්බුනේ සැහෙන කාලෙකට පස්සේ.

ගැහැණු ළමයෙක්ගේ හිතේ ඇතිවෙන ආදරය සමහර වෙලාවට හරිම හිතුවක්කාරයි.

අප්‍රකාශිත ආදරය තරම් හිතට වදදෙන කිසිම දෙයක් නාස්ති තරම්.

ඒකට නම් ගැහැණු පිරිමි කියල භේදයක් නැහැ.

ඒකත් ඒකපාර්ශවීය අප්‍රකාශිත ආදරයක් නම්,

පුදුම වේදනාවක්!

අනෙක් පාර්ශවයෙන් ලැබෙන ප්‍රතිචාරය ගැන හිතගනවත් බැරි නම්,

වෙලාවකට සමහර අය තමාගේ හැගීම් තමන්ටම හිර කරගෙන ඉන්නවා.

තවත් සමහරු අනෙක් පාර්ශවය ඉක්මන් වෙනකන් බලන් ඉන්නවා.

හුඟක් වෙලාවට තරුණයන්ට තමන් ඉදිරිපිට ලඟපාත තියෙන ආදරය දැනෙන්නේ හරි අඩුවෙන්.නොදැනුවත්වම ආදරය වින්දට ප්‍රේමයෙන් බලාපොරොත්තු විය යුතු දේ ගැන තක්සේරුවක් නැහැ.එක්කො බලාපොරොත්තු කඩවීම් එක්ක ඒක මගහැරිලා.

එකනේ වස්සානයට අත වනලා,වස්සානය ආවම පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ.

තරුණියගේ හැගීම් සහ බලාපොරොත්තු අතිශය සුන්දරයි!

මට හිතෙන හැටියට උමාරාගේ මේ ගීතයත් ඒ වගේ තමන්ට ඇත්තටම උගේ හැගීම් සහ උවමනා මොනවද කියල හිතාගන්න බැරුව අතරමං වෙච්ච  තරුණයෙක්ට තරුණියක්  කියන කතාවක්.

1

1

ප.ලි:

පින්තුරයට ඉස්තුතිය හසිතට!

1

තිත්ත ඇත්ත! | the ugly truth

සැප්තැම්බර් 19, 2011 ප්‍රතිචාර 22ක්

q

මේ ලඟදි ෆේස්බුක් එකේ I’m awsome cause I live in Sri Lanka සමුහය ඉහලින් තියෙන වීඩියෝ එක දාල ලස්සන පොස්ට් එකක් දාල තිබුනා.

ඒක කියෙව්වම මටත් මගේ පහුගිය අවුරුදු 4 ක මතකය ආයේ අලුත් වුනා.

ඉහත වීඩියෝ වලට සාපේක්ෂව මගේ කතාව කොච්චර ගැලපෙනවද දන්නේ නැහැ.

ඒ වුනාට නොකියා බැහැ.

ලංකාවෙන් උසස් අධ්‍යාපනය ලබන්න යන ශිෂ්‍ය-ශිෂ්‍යාවන්,වෘත්තීය අත්දැකීම් බහුල වෘත්තිකයන් බහුතරයකගේත් කතාවත් ඕකම තමා.හැමෝම නෙමෙයි! තමන්ගේ හීනවලට අමාරුවෙන් හරි යන අය ඕනේ තරම් ඉන්නවා.

ඕනෙම කතාවක දෙපැත්තක් තියෙනවනේ!

q

මන්ගේ තියෙන ප්‍රශ්න වලට මුදල් වලින් විසදුම් ලැබෙනවා නම් ,

ලංකාවේ තමාගේ වෘත්තියෙන් තමන්ට ලබන්න සුදුසු වැටුප ලැබෙන්නේ නැතිනම්,

ලංකාවෙ තමන්ගේ වෘත්තීය කරන්නේ නැතුව එංගලන්තේ සුපර් මාකට් එකක බඩු පුරවන එක හොඳයි කියල කාට හරි හිතෙන්න පුළුවන්.

q

ඒ වුනාට මම හිතන්නේ නැහැ කවුරුවත් රට යන්න දඟලන අය යතාර්ථය ස්පර්ශ කරලා ඇතියි කියල.

ඉහත කියපු අය අතරින් ශිෂ්‍යයන් ( සිරාවටම ශිෂ්‍යයන් ) තමන් ඉගෙන ගන්න කාලයේ තමන්ගේ වියදම් පියවාගන්නට මොන තාලේ රස්සාවක් කලත් කමක් නැහැ.

ඒක ඇත්තටම “පැහැදිලි හැකියාව”.නමුත් තමන් මහන්සියෙන් ලද අධ්‍යාපනය පැත්තකට දාල “වාත වීම” හොඳ දෙයන් නෙමෙයි!                                           ( ” වාත වීම ” ඇතුළු පාරිභාෂික වචන මාලාව මෙතනින් බලන්න)

” වාත වීම ” ගැන කියන්න තියෙන හොඳම උදාහරණය තමයි මේ කියන්න යන්නේ.

මම ඉගෙන ගන්න කාලේ අවුරුදු 2ක් ලන්ඩනයේ ප්‍රසිද්ධ අවන්හල් සමුහයක සේවය කලා.අධ්‍යාපන කටයුතු ඉවර උනාට පස්සේ ඉගෙන ගත්ත දේට හරියන රස්සාවක් හොයන්න නොදාපු සෙල්ලමක් නැහැ.ඒ කාලේ (2007 සිට අද දක්වා ) එංගලන්ත ආර්ථිකයේ කඩා වැටීම, සමාගම් බංකොලොත් වීම සහ පළපුරුදු වෘත්තිකයන් බුරුත් පිටින් රැකියා අහිමිවීම් එක්ක අධ්‍යාපන සුදුසුකම් වලට හරියන රස්සාවක් හොයාගන්න ඒක හීනයක්ම තමා.හම්බවෙන රස්සාවත් වියදම් පියවගන්නවත් ප්‍රමාණවත් නැහැ.කොහොමෙන් කොහොමෙන්හරි අවුරුදු 2 ක් එම අවන්හල් සමුහයේ කළමනාකරුවෙක් විදියට සැහෙන කාලයක් වැඩකලා.මාත් එක්ක වැඩ කලේ 99%ක් ශ්‍රී ලාංකිකයන්.

එංගලන්ත ආර්ථික කඩාවැටීම ගැන වැඩිදුර දැනගන්න පහත ලිපි කියවන්න.

ඉතින්,මගේ සහය කළමනාකරු, දෙවන වසර උපාධි අපේක්ෂකයෙක්,ඔහුගේ නමට පිටිපස්සෙ CCNA,CCNP,MCSE වගේ සුදුසුකම් 5 ක් විතර තියෙනවා.උදේ වරුවේ ඉස්සරහ වැඩ කරන ගෑනු ළමයා ලංකාවෙ “ව්‍යාපාර පරිපාලනය ” වසර 2 ක් හදාරලා, එංගලතේදී උපාධිය අවසන් කරලා දැන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පස්චාත් උපාධිය හදාරනවා.පිටිපස්සේ කුස්සියේ “ඒප්‍රන්” ඒක දාගෙන උයන එකා කැලණිය විශ්ව විද්‍යාලයේ උපධිධාරියෙක්.හවස ඉස්සරහ වැඩකරන මල්ලි දෙවන වසර පරිඝණක සහ ව්‍යාපාර කළමනාකරණ උපාධි අපේක්ෂකයෙක්.රෑ කුකා (cook), සංචාරක කර්මාන්තය සහ ව්‍යාපාර අධ්‍යනය පිලිබඳ උපාධි අපේක්ෂකයෙක්.

ඒ අන්තිම කාලේ එකට වැඩකරපු අය.අපි වැඩකරන්න පුරුදු කරපු අය අතරේ හිටිය මීගමුව කොමර්ෂල් බැංකුවේ හිටපු සහාය කළමනාකරු.ඌ දවසක් කියනවා, “අපි ලංකාවේ සුද්දෝ වගේ හිටපු අය අය්යා,මගේ ෆුවල් අලවන්චේ එකම 60,ක්”.”මොන බම්බුවකටද එහෙනං මෙහෙ ආවේ?” කියල ඇහුවම “දන්නැද්ද ඉතින් ලන්ඩන් කිව්වම ලංකාවේ මිනිස්සු කොරවෙනවනේ අය්යා,කව්ද හිතුවේ මෙහෙම කියල.”

කරන වැඩ,කරපු වැඩ කොච්චර අමාරුද,කොච්ච්ච්ර ශාරීරිකව වෙහෙසකාරීද කියල මම කියන්න යන්නේ නැහැ.ඒක දන්නෝ දනිති.ඒක කට්ට කාපු එකා විතරයි දන්නේ අමාරුව.එක සැරයක් අපි ළඟ පුහුණු වෙන්න ආවා,යුද්ධ හමුදාවේ අවුරුදු 5 ක් සේවය කරපු කෙනෙක්. (යුධ හමුදාවට අගෞරව කරනවා නෙමෙයි!) ඔහු අවුරුදු ගානක් දුෂ්කර ප්‍රදේශ වල සේවය කරපු, පාංශු දේහදාරී සෙබළෙක්. පලවෙනි දවසෙ පැය 8ක් වැඩ කරන්න තිබුන උදේ 10 ඉඳං, හවස 6 වෙනකන්.හවස් 3 ට විතර ඔහු අපට ගෙදර යනවා කියල ගෙදර ගියා.”ඇයි අය්යා, වැඩ අමාරුද?” කියල ඇහුවම ඔහු කියනවා, “මල්ලි මම කිලෝ 35 ක ඇමෝ උස්සගෙන කිලෝමේටර් 20-25 කට්ට අව්වේ ඇවිදලා තියෙනවා,ඒ වුනාට මේවා නං කරන්න බැහැ ” කියල.

මගෙත් එක්ක මුල් කාලේ වැඩ කරපු යාළුවා අවුරුදු 9ක් බ්‍රැන්ඩික්ස් සමුහ ව්‍යාපාරයේ සේවය කරපු merchadiser කෙනෙක්.(මම සිංහල  වචනේ දන්නේ නැහැ) ඔහුට 2006 දී ලබපු වැටුප රුපියල් 70,000 ක්  විතර.

q

q

තව කතාවේ හොඳම හරියට ආවේ නැහැ.

දවසක් යාලුවෙක් හම්බවෙන්න ස්ට්‍රැට්ෆ්ර්ඩ් ගිය වෙලාවක ළඟපාත තිබුන මැක්ඩොනල්ඩ්ස් එකකට ගියා මොනවා හරි කන්න.අම්මටසිරි!ලකාවේ තිබ්බ පලවෙනි සුපර් ස්ටාර් වැඩසටහනේ තුන්වෙනියා තමයි එතන බර්ගර් හදන්නේ.

තව මට හම්බවෙලා තියෙනවා කින්ග්ස්බරි වලදී  ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙකුගේ මාධ්‍ය ලේකම්තුමෙක්,ඒ කාලේ නම රට හොල්ලගෙන හිටියට දැන්නම්, බලු රේස් වලට ඔට්ටු දානවා.තව දවසක හම්බුනා සරේ වල සුපර් මාර්කට් එකක ,ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක්.         (විහිලු නෙමේ! )  මුලින්ම මම රස්සා හොයාගෙන යන දවස්වල හම්බ වුනා,ලංකාවේ හිටපු “ඇවිදීමේ ශුරයා”,ඛනිජ තෙල් සේවා සැපයුම් මධ්‍යස්ථානයක වැඩ.

ඕක තමයි යතාර්ථය.එක එක පුද්ගලයාගේ කතාව වෙනස් තමයි.සල්ලි හම්බ කරනවා තමයි.

ඒ වුනාට එකේ ගැබ්වෙලා තියෙන පසුතැවීම ගොඩ දෙනෙක්ට පොදුයි!

හිනාවෙන්නද අඩන්නද කියල වෙලාවකට හිතාගන්න බැහැ!

 

ප්‍රවර්ග:අත්දැකීම් | Experience