නිවස > " ලඟදි බලපු චිත්‍රපට ", අත්දැකීම් | Experience > මට ඉර එලිය පොඩ්ඩක් දෙන්න | give me some sunshine

මට ඉර එලිය පොඩ්ඩක් දෙන්න | give me some sunshine

1

1

මේ ලෝකේ සියලුම දේ

මැරී මැරී ජීවත් වෙනවා.

එක  මොහොතකට

අපි හැමෝටම ජීවත් වෙන්න ඉඩ දෙන්න.

මට ඉර එලිය පොඩ්ඩක් දෙන්න.

මට වැස්ස පොඩ්ඩකුත් දෙන්න.

මට ආයේ වතාවක් හැදෙන්න වැඩෙන්න

අවස්ථාවක්  දෙන්න.

බාල කාලේ පහු වෙලා ඉවරයි.

තරුණ කාලෙත් ගෙවීගෙන යනවා.

එක  මොහොතකට

අපි හැමෝටම ජීවත් වෙන්න ඉඩ දෙන්න.

1

අතීතයට යන්න පුළුවන් නම් ටික වෙලාවකට හරි,එක මාර අත්දැකීමක් වේවි!

ඊයේ  පෙරේදා දවසක ආයේ පාරක් “ත්‍රී ඉඩියට්ස්” චිත්‍රපටිය බැලුවට පස්සේ නොදැනුවත්වම මාව අතීතයට ගියා.

ඉන්දියාවේ ඉගෙන ගත්ත කාලේ මතක් උනා.

1

ඉන්දියාවේ ගුරුවරු,යාළුවො,ඉගෙන ගන්න කාලේ හිතාගෙන් හිටපු දේවල් මතක් උනා.

හොස්ටල් ජීවිතේ,බෝඩිම,නිවාඩු කාලේ,” හෝලි ” උත්සව දවස්,පාඩම් කරන්න නිදිමරපුව,

කෙල්ලෝ පස්සේ ගිය හැටි,එහෙ මෙහෙ වැඩක් නැතුව රවුම් ගහපුවා,

එක එක උත්සව,ක්‍රිකට් මැච්,ස්පෝර්ට්ස් මීට්,වලි,තරහකාරයෝ,පන්ති තහනම් කරපු හැටි,

දෙය්යනේ කියල සෙනසුරාදට සෙට් වෙච්ච හැටි,

කව්රු හරි එකෙක් ලංකාවට ගිහින් එනනක්න් බලාගෙන හිටපු හැටි.

ඒ හිටපු අවුරුදු 3 ට යාලුවෝ තුන් දෙනෙක්ගේ තාත්තල නැතිඋනා.

ඒ කාලේ දුකට සැපට අපට හිටියේ අපිම විතරයි.

1

මොනවා උනත් එක තමයි ජීවිතේ ලස්සනම කාලේ.

ජීවිතේ ඉතුරු කාලේ හැදෙන්නත් වැනසෙන්නත් හේතු වෙන්නේ

ඉගෙන ගන්න කාලේ කරපු කියපු දේවල් තමයි.

කරපු කියපු දේවල් කලේ අපිමද කියල වෙලාවකට හිතෙනවා.

1

” බැංගලෝර් ” , ” බැන්ගලුරු” උනේ මේ ලඟදි.

ඒ කාලේ ෆේස්බුක් තිබුනේ නැහැ.අපි එතකොට ” හයි ෆයිව් ” සයිට් එකේ නං හිටිය.
බැංගලෝර් ගැන පරණ ලිපි සෙට් එකත් මේ එක්කම දාන්නන්කෝ.
1
1
බැංගලෝර් ගැන ලියවෙච්ච කවි.
  1. සැප්තැම්බර් 25, 2011 දින 4:41 පෙ.ව. ට

    ඒ කාලේ ආය ගන්න බෑනේ.මමත් ආසයි ඔය ෆිල්ම් එකට ගොඩක්.

  2. KC
    සැප්තැම්බර් 25, 2011 දින 10:14 පෙ.ව. ට

    කරපු කියපු දේවල් කලේ අපිමද කියල වෙලාවකට හිතෙනවා.

  3. සැප්තැම්බර් 25, 2011 දින 6:34 ප.ව. ට

    🙂 ඉස්තුතියි ගොඩ උනාට!

  1. No trackbacks yet.

Varuna Gunasekara වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න