නිවස > මේ දවස් වල අහන සින්දු > ” අපේ පැත්තේ මාර සිද්ධි ” | sinhala gangster rap lyrics

” අපේ පැත්තේ මාර සිද්ධි ” | sinhala gangster rap lyrics

*

අපේ පැත්තේ  මාර සිද්ධි

හඳට කොහෙද මේ කාකි මල්ලි

ශේප් එකේ මං මාරු වෙද්දී

අස්සේ ගහන් මගේ මල් වල සල්ලි

බඩු හංගන්නට මං ලංවෙද්දි

මාංචු අතේ මේ මටත් නොදැනී

*

පොලිසියෙන් ආව කොල්ලෝ හැංගුනා

මල් පැකට් ඔක්කොම බංකර් ගැහුවා

තාප්ප පෙරලන්  මුඩුක්කු  අස්සෙන්

ෂෝර්ට් කට් වලින් ගැන්සිය දිව්වා

අය්යෝ බුදු  සර්! ගහන්න එපා.

පලතුරු කම්බි බැරල් මට ආයේ එපා

විල්බට් ලොක්කගේ කස්ටමර්ස්ල ටික

කොටු කරලා  සඳ ගුට්ටක් දීල

ඩියුටි ෆ්‍රී එකෙන් පන්නපු බෝතල්

ෆොරින් බ්‍රැන්ඩඩ් ——- බන්ඩල්

පාන් කන යට දෙසීයේ සම්බල්

අපේ හුඩ් එකේ ජන්ගල් ෆන්ක්ෂන්

බැක්ඩෑඩි හැන්ඩි මෙන්ඩි  ප්ලස් සැන්ඩි

සරිගම්මුල්ල සරණංකර පින්වත්තේ චන්ඩි

ඇඟ පුරාම පච්චේ මරුවා සමග වාසේ

මරාලෙ පරාලෙ දරුණු පාතාලේ

සමාජෙ විසයි – තනිවම සැපයි

ගින්දර කෑවම – අඟුරු පිටකරයි

චන්ඩි පාතාලේ එකට හැප්පෙයි

වැඩිය දැඟලුවොත් ලොක්කෝ සොක්කෝ වෙයි.

*

අපේ පැත්තේ…//

*

අටෙන් පස්සේ වීදි අස්සේ මේක්-අප් දාගෙන කෙල්ලෝ බැස්සේ

පැමලා ඇන්ඩර්සන්, ජුහි චවුලා, මධුරි ඩික්සිත්ලා

රෙඩ් ලයිට් ස්පොට් එක මෙහෙ බොලේ

ත්‍රී වීල් සෙට් එක බොඩි කිට් ගහනවා

කණ පැලෙන්න රැප් සින්දුත් දානවා

නයිට් කඩේ සැර කොත්තුත් දානවා

චයිනීස්,ඉන්දියන්,මොන්ගොලියන්,——- නම් ෆ්‍රයිඩ් චිකන්

වන්ඩිය එනවා කැමා වෙයන්

කාල් ලුවිස්ලා මෙහේනේ මචන්!

සන්ඩේ සැප ගන්නේ බීච් එකේ

SL බේවොච් පානදුරේ

බුරු ගහනවා  සුදූ පොලේ

ආසියා  ආවොත්  කල්ල  මරේ

ගැනුන්ගේ  කඩයක්  අවුට්  වගේ ඇඟට ආවොතින්  මාර ලෙඩේ

වලියට බැස්සොත් වෙඩිලි  වගේ

මේකයි ස්ටොරිය අපේ ගමේ.

*

අපේ පැත්තේ…//

*

නිමිත්ත.

 

*
දවසක් රෑක පාටියක් නැගල යනවා.
මෙච්චර වෙලා සින්දු ප්ලේ කර කර හිටපු එකාට ටිකක් වැඩියි.
අහන්න හරිහමං සින්දුවක් නැහැ.
*

“මචං,

මේක හරියන්නේ නැහැ,

ගහපන් උඹේ ෆෝන් එක,

මේ සින්දු චාටර් බං”

*
කියල යාලුවෙක් කිව්වා.
මමත් මගේ ෆෝන් එකේ සින්දු ටික ප්ලේ වෙන්න දැම්මා.
වැඩේ නැගල යනවා.
එක එකා එක එක ඒවා කියනවා.
*

“උඹ ගාව මාර සින්දු කලෙක්ෂන් එකක් නේ තියෙන්නේ.

පිස්සු කොර ආ!

කපුගේ,අමරදේව,භාතිය,කසුන්,නිහාල් නෙල්සන්,ජෝතිපාල,බස් අජිත්,ශිහාන්,

එමිනෙම්,චන්දන,lil wyane,akon,jay sean,rahuman,justin beiber……..!

යකෝ නැති එකෙක් නැහැනේ”

*
එදා අනිත් එවුන් අහපු නැති ,නැත්තන් පලවෙනි පාරට  අහපු සින්දුවලින්
වැඩිම ප්‍රතිචාර තිබ්බ සින්දුව තමයි පහල තියෙන්නේ.
කොච්චර ජනප්‍රිය උනාද කියනවා නම් සමහර යාලුවන්ටයි,
සමහර වැඩිහිටියන්ටයි වචන වල තේරුම කියල දෙන්නත් උනා.
ඇත්තටම මගේ ෆෝන් එකේ සින්දු මහා ගොඩක් නැහැ.
ඒ වුනාට ත්‍රීවීල් කාරයාගේ මහා ප්‍රබුද්ධ සම්භාව්‍ය රසිකයා දක්වා සිංහල සින්දු,
හින්දි ගීත,දෙමල ගීත කීපයක් සහ ඉංග්‍රීසි සින්දු කීපයක් තියෙනවා.
ඒ වගේ පරාසයක සින්දු රස විඳින්නත් මට හිතෙන හැටියට “හැකියාවක්”  තියෙන්න ඕනේ.
*
මේ සින්දුව මීට වැඩ ජනප්‍රිය උනා නම්  ප්‍රබුද්ධ විචාරකයෝ එක එක දේවල් කියයි.
*

“සමාජයේ ප්‍රචණ්ඩත්වය පතුරුවනවා,

ළමා සිත් සතන් තුල ප්‍රචණ්ඩත්වය වපුරනවා,

පාතාලකාරයන්ව වීරත්වයට පමුණුවනවා,

තියෙන දුරාචාර වලට අමතරව තව නොදන්නා ඒවත් උගන්නනවා”

*
ඒ දේවල් කොහොම වෙතත් මේකෙන් කතා කරන්නේ ඉන්දියාව ගැනවත් පාකිස්තානේ ගැනවත් නෙමෙයි,
අපේම රටේ උප සංස්කෘතියක් ගැන.
මිනිස්සු කරන දේවල් වල හොඳ නරක හොයල,හංවඩු ගහලා  දඬුවම් දෙනවට වඩා,
ඒ මිනිස්සු එහෙම කරන තත්වෙට වැටෙන්න හේතු මොනවද කියල හොයල බලන එක වටිනවා.
*
Advertisements
  1. නොවැම්බර් 4, 2011 දින 4:03 ප.ව. ට

    අප්පේ…මේ ඇවිත් ඉන්නේ.මං හිතුවේ බ්ලොග් 1 වහාලාදාලා කියලා.ඇත්තටම හරි රසවින්දනයක් තියෙනවනම් ප්‍රබුද්ධ,සම්භාව්‍ය නෙමේ විරිදුවක් හරි රසවිදින්න පුළුවන් වෙන්න ඕනෙ.අන්තිමට කියලා තියෙන ටිකනම්‌ වටිනවා ආ…. ඔයා ළගපාතක හිටියනම් සිනි බෝතලේ කටේ හලනවා… අම්ම පා…

    • නොවැම්බර් 4, 2011 දින 4:09 ප.ව. ට

      බ්ලොග් එක වහල දාලද? කියල මගෙන් හත් අට දෙනෙක්ම ඇහුව.
      වහල වගේ පෙනුනට වහල නැහැ.
      කතාව සම්පුර්ණ ඇත්ත!
      ඉස්තුතියි හැමදාම වගේ!

  2. vimukthi geemal
    නොවැම්බර් 4, 2011 දින 6:18 ප.ව. ට

    muwa neda apita cricket festival 1n hambaune…….hay..hay…

  3. ruchi
    නොවැම්බර් 10, 2011 දින 4:20 පෙ.ව. ට

    me sinduwa kiyana fill t,, patta pal horek,, meka mage anda gawa bima nidagena thiyenawam mehe.. kollanta poluth thiyala giye 🙂

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: