Archive

Archive for දෙසැම්බර්, 2011

“මගේ පොඩි කාලය ” | Reliving the childhood days.

දෙසැම්බර් 23, 2011 ප්‍රතිචාර 2ක්

*

තප්පරෙන් තප්පරය අපි වයසට යනවා.

ජීවිතය විතරක් නෙමෙයි ලෝකෙම වෙනස් වෙනව.

මේ මම ලංකාවේ ඒක දිගට මාස 6ක් ඉන්නේ අවුරුද් 8 කට පස්සේ.

මේ ලඟදි ගමේ ගියහම තමයි තේරුනේ,

අපිට පස්සේ පරම්පරාවකුත් බිහිවෙලා කියලා.

අපි පරම්පරාවකින් වයසට ගිහිල්ල කියලා.

(දැනගන හිටියා,තේරුනේ ලඟදි)

*

උඩ තියෙන පින්තුරේ ඉන්න දෙන්න අතර පරතරය,

පරම්පරා හතරක්.

මේ මගේ අම්මගේ අම්මා සහ නැන්දාගේ පුතාගේ දුව!

*

අපි පොඩිකාලේ සෙල්ලම්කරපු වත්තේ පොඩි කෙල්ලෙක් දැන් දනගාන්නේ නැතුව,

හොඳට ඇවිදිනවා.

මම හවසට අම්මල තාත්තල වැඩ ඇරිලා ගෙදර එනකන් ආච්චිලා එක්ක බලාගෙන හිටියා වගේ,

එයත් ඉස්සරහ ගෙදර “ගල්වල” ඉහලින් හඳ පායනවා,

වවුලෝ පියාඹනව බලාගෙන ඉන්නවා.

වෙනසකට තියෙන්නෙ,

අපි අත්ත ආච්චි කියපු අය නැතිවෙලා දැන් අවුරුදු ගනන් ගත වෙලා.

එයා අත්තා ආච්චි කියන්නේ අපේ නැන්දාට,අම්මට,තාත්තට.

*

අම්මටසිරි!

මෙන්න මට “මාමා” කියනවා.

අඩුපාඩුවක් නැහැ මගේ පොඩි කාලේ වගේම තමයි…!

වෙන එකක් තියා එය හෙට අනිද්දා ඉස්සරහ ගෙදර අපත් එක්ක පොඩි කාලේ සෙල්ලං

කරපු ලමයින්ග්ගේ ළමයි එක්කත් සෙල්ලං කරන්න පටන් ගනී වගේ.

මගේ පොඩි කාලය කියන නාට්‍යයම තමයි තාම යන්නේ!

හැමෝම ඉස්සර රඟපාපු චරිතයට වඩා මහලු චරිතයක් තම රඟපාන්නේ!

*

ප.ලි.

*

මේ මතකය අස්සේ ,

මගේ පොඩි කාලය නාට්‍යයේ මහලුම සහ වැදගත්ම චරිතය රඟපාපු නළුවා ගැන

මතක වෙච්ච නිසා,ඔහු ගැන වෙනමම ලිපියක් ලියන්න වෙනවා.

ඔහු අතිශය අසාමාන්‍ය පෞරුශයක් හෙබි 1910-1998  දක්වා ජීවත් වෙච්ච මිනිහෙක්,

අපේ අත්තා!

*

ඔබ නැති මේ රැයට…

*

ඔබ නැති මේ රැයට,

*

පුරසඳ එලිය කුමටද?

*

ඔබ නැති මේ බිමට,

*

නළමුදු සුවඳ කුමටද?

*

*

මහකනදරා වැවට සඳ වැටිලා,

*

දියේ ගිලේය විකල්වී.

*

තුරුහිස හාදු දිදී උන් කිරලුන්,

*

කොහේ ගිහින්ද ඉගිල්ලී?

*

*

හමුවී ඇසට ඇසක් නැගූ පහන්,

*

නිවී ගියාද නොකල් හී?

*

සුන්දර රාත්‍රියම මවිත් සිතින්,

*

බලා හිඳීවි නොසෙල්වී?


*

= සටහන =

*
තනිකම අඳුරුය.
මතකය සදාකාලිකය.
අතීතය සුන්දරය.
වෙන්වීම ශෝකජනකය.
*
කාලයත් සමග වයසට නියන ගීයක් වේ නම් මේ එයින් එකකි.
කාලයත් සමග වයසට නොයන ගායිකාවෝ වේද,
ඒ ගොඩට නන්ද මාලිනිය අයත් නොවිය නොහැක.
*
මහකනදරා වැව හැබැහින් දැක නැතත්,
මහකනදරාවට සඳවැටී දියේගිලී විකල්වන තරමට,
දැනෙන තනිකම අත්විද ඇති නිසා,
ගීත රචකයාගේ සිතුවිලි හදුනාගැනීමට අපහසු නැත.
*
හදිස්සියේ අහන්නට හම්බවෙච්ච මේ සින්දුව,
කොයි තරන් හිත කම්පාවට ලක්කලාද කියලා කියන්න තේරෙන්නේ නැහැ!
*
ගීතය මෙතනින් අහන්න.
*

දෙබස | dialogue

දෙසැම්බර් 15, 2011 ප්‍රතිචාර 5ක්

*

පි :

ඔබ මගේ නෙත දකිනුරිසි දසුනයි.

ඔබ යන්නේ කොහිද,

මට ඔබ පසුපස ඒමට සිතේ.

 *

පමාවී හෝ ක්ෂණයකින්

ඔබේ හිත ඇතුලට මම එන බව,

ඔබවත් දන්නා බව මම දනිමි.

කෙතරම් අපහසු වුවද,

ඉඳ හිට හෝ ඇසට ඇස මුනගැසෙන විට,

අහක නොබලා,

ඇසට ඇස මුණගැසෙන්න ඉඩ දෙන්න.

 *

අද ලැජ්ජාවෙන් වුවද,

ඔබ නටන අයුරු, හදපිරි ඊර්ෂ්‍යාවෙන් බලාසිටියෙමි.

 **

 

ගැ :

දෙසැම්බරයේදී නගරයේ ගොඩනැගිලි මංමාවත්ද,

ඔබ මා මුලා කරනවා විය හැක.  

අද රැයේඅපි නැටුවද,

හෙට උදෑසනම ඉර පායනු ඇත.

 *

ඔබ නටන අයුරු මමද ලැජ්ජාව පසෙකලා බලා සිටියෙමි.

මා සමග නටන්නේ නැතිවුවද,

මා අසල රැදී සිටින්න.

 *

ඔබේ ඇස් පමණක් නොව මුළු ආත්මයද,

උවමනානම්, මට මා සතු කරගත හැක.

 *

 *