නිවස > අත්දැකීම් | Experience, චරිතාපදාන | Biography > ඩයසපෝරික චරිත – නිහාල් අර්ථනායක හෙවත් ” DJ නිහාල් “

ඩයසපෝරික චරිත – නිහාල් අර්ථනායක හෙවත් ” DJ නිහාල් “

*
*
බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සිංහල ඩයසපෝරාව සිත්ගන්නා සුළු චරිත රැසකින් සමන්විතය.
හැමදාම දෙමල ඩයසපෝරාව ගැන කතාබස් ඇතිවුනද සිංහල ඩයසපෝරාව ගැන කතා බහක් නැති තරම්ය.
එංගලන්තය ගැන ම විසින් පෙර ලියන ලද ලිපි පහත සබැඳි වලින් කියවන්න.
*
ඔහුව මට මුණ ගැසී ඇත්තේ එකම එක වරක් පමණි.ඒ හැරෝවීල්ඩ්ස්ටෝන්හි පවතී
“කින්ග්ස්බරි සිංහල අවුරුදු උළෙල”කදීය.මොහු ලාංකිකයෙකු යයි යමෙක් හදුන්වාදුන්නේ නැතිනම්,
ඔහු හඳුනාගත හැකි ලකුණක් නැති තරම්ය.
*
කතාකරපු විනාඩි 5 කට
*

“අපි යනවා මචං! පස්සේ හම්බවෙමු.”

කියන්නට ඔහුට සිංහලකම තිබුණි.
*
ඔහු ගැන නොදන්නා අයට, ඔහු එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික පවුලකින් පවත් එන්නෙකි.
ඔහු වෘත්තියෙන් DJ කෙනෙකි.ඔහු බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ “රේඩියෝ වන් – BBC Radio 1”
සහ ආසියාතිකයන්ට වෙන්වූ “BBC ආසියානු සේවයේ – BBC Asian Network ” හි සේවය කරයි.
ඔහු ලෝකප්‍රසිද්ධ පුද්ගලයෙකු නොවුවද ආසියාතික සංගීතය හා සංස්කෘතිය බ්‍රිතානයේ මෙන්ම ලොව පුරා
ප්‍රචලිත කිරීමේ පුරෝගාමියෙකි.සුප්‍රකට බංගාරා සංගීතයෙන් අතිශය ජනප්‍රියත්වය පත්වූ
“Richi Rich, Jay Sean, Juggy D, Raghav ” වැන්නවුන්ට මුලින්ම ගුවන් විදුලියක ඉඩ ලැබුනේ
නිහාල්ගේ රේඩියෝ වැඩසටහනෙනි.
*
මේ 2006 දී ඔහු ගාල්ලේ පැවති ” Galle HipHop Show ” වෙනුවෙන් කරන ලද වීඩියෝවකි.
*
*
ඔහුගේ පවුලද දශකයකට හෝ ඊට පෙර එංගලන්තයට සංක්‍රමණයවූ ලාංකික පවුලකි.
එලෙස සංක්‍රමණය වූ සම පවුලක් පිටුපසම ඔවුන්ට සුවිශේෂීවූ කතාවක් තිබේ.
*
මෙම සබැඳිය නිහාල් තම පවුලේ ඉතිහාසය සහ තම සීයල ආච්චිලා සොයා ලංකාවට යන ගමන පිළිබඳව
සැකසුනු වාර්තාමය වැඩසටහනකි.
*
නිහාල්  මෙහිදී බ්‍රිතානයේ හැදෙන වැඩෙන අතර තමන් බ්‍රිතාන්‍යක් නොවන බව මුලින්ම තේරුම් ගත ආකාරය
සිහිපත් කරයි.තමාට සුදු ළමයි පකිස්තානි ජාතිකයෙක් කියා සමච්චලයට ලක් කල අයුරු ඔහු සිහිපත් කරයි.
ඩයසපෝරාවකට අයත් වීමේ භයානකම තත්වය සංස්කෘතිකමය වශයෙන් අවජාතක වීමය.
*
වරක් සිංහල අවුරුදු දිනක රාත්‍රී අහාරය සඳහා මට සිංහල පවුලකින් ආරධනාවාක් ලැබුණි.
ඒ මගේ තාත්තගේ හොඳ යාළුවෙකුගේ පවුලකි.රාත්‍රී සාදය හොඳින් පැවැත්වුණු අතර ඊට ඔවුන්ගේ මිතුරු පවුල්
කිහිපයක් සහභාගීවිය.ඔවුන් මා මුලින්ම එරට පය තැබූ දින සිට මා හට උදව් රැසක් කලට අමතරව නිතර මා
පිළිබඳව සොයා බැලුහ.රාත්‍රී සාදය අවසානයේ ඉතුරුව සිටි වැඩිහිටියන් කිහිප දෙනාට
එදින සිංහල අවුරුද් දවස වීම නිසා සුභ අලුත් අවුරුද්දක් වේවා කියා  වැඳ ආපහු නිවාස බල යාමට මම සුදානම් වුනෙමි.
ඒ අතරින් එක් වැඩිහිටි යුවලක් හඬමින් මා හා කියූ කතාව අදටත් මග හිතේ රැවු පිලිරැවු දෙයි.

*

“අපේ ලමයි අපිට වඳින්න දන්නෙවත් නැහැ පුතා.

සිංහල කතා කරන්න පුළුවන් උනත් කතා කරන්නේ නැහැ.

පන්සලකට එක්කගෙන යන්න හදනවා එන්නේ නැහැ.

ලොකු පුතා යාළුවෙලා ඉන්නේ කළු ගෑනු ළමයෙක එක්ක.

ඒ ගොල්ලෝ ඔන්න අදත් එළිවෙනකන් BBQ එකක් කියල ගියා.”

*
වැරැද්ද කා අතේද කියල හොයල කතා කරලා වැඩක් නැහැ.ඕක තමයි යතාර්ථය.
ඒ කෙසේ වෙතත් ඔය අතරේ ලංකාවේ සාමාන්‍ය ළමයි හැදී වදෙනවට වැඩ හොඳ වැදගත් ගති ගුණ එක්ක හැදී වැඩෙන,
හැම ඉරිදාම සිංහල දහම් පාසල් යන සිංහල ළමා පරම්පරාවකුත් ඔය අතරේ ඉන්නවා.
*
*
මට මුණ ගැසී ඇති අනන්තවූ ඩයසපෝරික චරිත අතරේ තමන් ශ්‍රී ලාංකිකයෙකු යයි දැනගත්දා,
සිට තමා ශ්‍රී ලාංකිකයෙකු යයි හඳුන්වාගනීම ඔහුගේ අගයකලයුතු ගතියකි.
මීට පෙර මා ලියන ලද ලිපියකට පාදකවූ ඩිලෝන් ද එවැනි අයෙකි.
*
ඔහු විසින් අප රට විදේශයන්හි ඔසවා තැබීමට කරන දායකත්වය නිහඩ එකකි.විශේෂයෙන් යධ සාමය හැ ඉන පසුව
ලංකාව පිලිබඳ දුර්මත දුරලීමට ඔහුකරන ලද මෙහෙය ඉමහත්ය.
ලාංකීය සංගීතය බටහිරට, ජාත්‍යන්තරයට ඔසවා තබන අදිසි යෝධ හස්තය ඔහුය.
*
පහත සබැඳි 2 ලංකාව පිලිබඳ ඔහු විසින් කරන ලද වාර්තාමය වැඩසටහන් 2 කි.
දහසක් කරදර මද එංගලන්තයේ හිස එසවීමට වෙර දරන ඩයසපෝරික චරිතයන් හට මෙන්ම විදේශික මුදලට බඩගින්නට ලංකාවට එරහිව
කටයුතු කිරීමට පෙළඹ සිටින ලාංකික තරුණයන්ට නිහාල් ආදර්ශයකි.
*

නිහාල් පිලිබඳ වෙනත් සබැඳුම්

*
Advertisements
  1. මාර්තු 11, 2012 දින 8:37 පෙ.ව. ට

    වරුණ මල්ලි විටෙක කලාකරුවෙකි, තවත් විටෙක දාර්ශණිකයෙකි. මෙවර ඔහු මාධ්‍යවේදියෙකි. එංගලන්තයේදී පමණක් නොව ලංකාවේදීත් සිංහලකම රැක ගැනීම දැන් දැන් අභියෝගයක් වී ඇත

    • මාර්තු 11, 2012 දින 11:11 පෙ.ව. ට

      දිගුකාලීන මිතුරෙකු,විවේචකයෙකු සහ ගුරුවරයෙකු ලෙස ඔබ මා පිටුපසින් සිටීම “ලොකු” හයියකි.
      මගේ අදහස් ආකල්ප වලට ඔබෙන් ලැබුණු හා ලැබෙන “ඔප මට්ටම” කිසිදින අමතක නොවේ.
      සුභ!

  2. coz
    මාර්තු 11, 2012 දින 9:52 පෙ.ව. ට

    මමත් ඉන්නේ කැනඩාවේ … මට කියන්න තියෙන්නේ මෙච්චරය් …. තත්වේ ගැන හිත හිත ඉන්නවනම් ලංකාවේ ඉන්න එක තමා හොදම දේ …. මගේ මහාචාර්ය තුමා (සුද්දෙක්) මට කියල තියෙනවා ඔහුත් ආචාර්ය උපාදියට හදාරනකොට අපනෂලාවක වැඩ කර කියල … මෙහෙ මේවා සාමාන්‍ය දේවල් …. සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් හම්බුනේ නැත්තම් සුද්දෙක් උනත් කරන්නේ ඔය ජොබ් තමා …. ඔක්කොම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත..

    අනික් එක ඔබ රෝමයට යනවා නම් රෝම වැසියෙක් ලෙස ජීවත් විය යුතුය් …. මම දන්නා ලංකික පවුල් කිහිපයක දරුවන්ට දෙමාපියන් දල තියන නීති නිසා ඔවුන් මිතුරන් අතර කොන් වෙලා තදබල මානසික අසහනයක ඉන්නේ …. ඇත්තටම කියනවනම් පව් ඒ ලමය්… ලංකාවේ විදිහට ලමය් හදන්න ඕනි නම් දෙවියන්ගේ නමෙන් ලංකාවට ගිහින් ඒ දෙය කරගන්න

  3. මාර්තු 11, 2012 දින 11:16 පෙ.ව. ට

    කතාව සම්පුර්ණ අත්ත!
    රැවුලයි කැඳයි 2ක් කටන්න බැහැ.
    ඒකනේ මම කිව්වේ,
    “වැරැද්ද කා අතේද කියල හොයල කතා කරලා වැඩක් නැහැ.ඕක තමයි යතාර්ථය.”

    කොහොම නමුත් මෙහෙම සංවාදයක් ගොඩනැගෙන එක හොඳයි.
    ඉස්තුතියි කියෙව්වට!

  4. Raigama
    මාර්තු 11, 2012 දින 11:53 පෙ.ව. ට

    කොහොමද වරුණ? ඔබගේ සටහන අග දක්වා කියවූවා. නැත්නම් මා කොමෙන්ටුවක් දාන්නේ නැහැ. මාත් සන්ක්රමනිකයෙක්. ලංකාවේ අපේ පන්සල තිබුනේ අපේ ඉඩමට අල්ලපු ඉඩමේ. අපේ අම්ම තාත්තා අපව දහම් පාසල් යැවුවෙත් නැහැ, අප ගියෙත් නැහැ. අපේ දෙමාපියන් අපට කියවල වැඳ ගත්තෙත් නැහැ. නමුත් ඔවුන් දෙදෙනාම පන්සලේ ප්‍රධාන දායකයන්. මගේ දෙමව් පියන් ගැන මගේ ගව්රවය, මා ලෝකය වැඩිපුර දකින්න දකින්න වැඩි වෙනවා. එක් එක් අය ලෝකය දකින හැටි වෙනස්!
    coz කියන දේට මාත් එකඟයි. රෝමයේ ඉන්න කතාව ගැන.

  5. මාර්තු 11, 2012 දින 12:08 ප.ව. ට

    බොහොමත්ම ඉස්තුතියි සටහන් කියෙව්වාට!

    දහම් පාසල් කතාව උදාහරණයක් විතරයි.
    හැදෙන එකා කොහේ හිටියත් හැදෙනවා,
    නොහැදෙන එකා කොහේ හිටියත් නොසන්ඩාල වැඩ කරනවා.

    රෝමෙට ගියාම රෝමෙ විදියට ඉන්න ඕනේ.
    සම්පුර්ණ ඇත්ත!

    ලංකාවේවත් බලාපොරොත්තු වෙන්න බැරි දේවල්,
    පිටරටක බලාපොරොත්තුවෙන්න බැහැ.
    පිටරටක ඉපදෙච්ච දරුවෙක්ගෙන් එහෙම දේවල් බලාපොරොත්තුවෙන එක හරිම වැරදියි.

    මගේ කතානායකයන් වෙච්ච නිහාල් සහ ඩිලෝන්ගේ මම දකින වෙනස ඒක තමයි.
    ඔවුන්ගෙන් අපි බලාපොරොත්තු නොවියයුතු ගුණාංග ඔවුන්ළඟ තිබීම!
    ( තමන්ගේ දෙමවුපියන් ඉපදුන රට ආදරය කිරීම සහ ඒ වෙනුවෙන් සටන් කිරීම )

  1. මාර්තු 9, 2015 දින 3:00 ප.ව. ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: