නිවස > චරිතාපදාන | Biography > | ආචාර්‍යය අබ්දුල් කලාම් සමගින් ” ගිනිගෙන දැවෙන පියාපත් ” |

| ආචාර්‍යය අබ්දුල් කලාම් සමගින් ” ගිනිගෙන දැවෙන පියාපත් ” |

*

*

කුඩා මිනිසුන් අනෙක් මිනිසුන් පිළිබඳව කතාබස් කරති.

සාමාන්‍ය මිනිසුන් විවිධ දේපල,වස්තුව පිළිබඳව කතාබස් කරති.

උසස් මිනිසුන් අදහස් සංකල්ප පිළිබඳව කතාබස් කරති.

 *

*

අප කතානායකයා ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා ය.

ඔහු “ඉන්දියාවේ මිසයිල මිනිසා” ය.

ගහක පල බර වෙන්න වෙන්න අතු පතර පහලට නැමෙන්නේ යම්සේද,

ඔහුද පොළොවේ පය ගසා ජීවත් වන,

තමා ඉපදුන පොලවට පන මෙන් ආදරය කරන විරල මිනිසෙකි.

**

*

පරමානු බෝම්බ, සුනාමි හමුවේ නොසැලෙන ජපානයේ දියුණුවට හේතුව,

ජපනුන් රටක් සහ ජාතියක් ලෙස ජපානයට ආදරය කිරීමයි.

කිසිදින අවසන් නොවන ජනගහන ප්‍රශ්න හමුවේ

ඉන්දියාව මෙතරම් බලවත් වීමට හේතුව,

ඉන්දියාවේ නිරන්තරයෙන් ආණ්ඩු මාරුවුවද,

ජාතිය ගොඩනැගීමේ ප්‍රතිපත්ති මාරු නොවීමයි.

*

අප රටට අත්පත්කරගැනීමට හැකියාව ඇති මට්ටමේ දියුණුව කරා

ලඟා නොවීමට හේතුව මේ කිසිවක් නොමැති වීමය.

අපි අපේ හිටපු අන්තිම රජතුමාව මාංචු ලා ඉන්දියාවට පිටුවහල කරනතුරු

බලාසිටි ජාතියකට අයත් වන අතර අවුරුදු 500 ක වහල් බව අවුරුදු 62 කින්

සම්පුර්ණයෙන් ගසා දැමීමට අපිට නොහැක.

වෙනකක් තබා,

පශ්චාත් යුධ සමයේ ජාතියක් ලෙස පිල් බෙදී කා කොටා ගන්න හැටි නොකිවමනාය.

**

*

ඉන්දියාව ලොව හමුවේ ජාතියක් ලෙස ඔසවා තැබීමෙහි ලා “ආචාර්ය APJ අබ්දුල් කලාම්” ගේ

දායකත්වය ක්ෂේත්‍ර රැසක පුළුල් පරාසයක් විහිද පැතිර යයි.

*

ඔහු ඉන්දියාවේ 11 වන ජනාධිපතිවරයාය.

එකල ඔහු “ජනතාවගේ ජනාධිපති” ලෙස හැදින්වුණු අතර ,

1997 දී ඉන්දියානු සිවිල් වැසියෙකුට පිරිනමන ඉහලම සම්මානය වන

“භාරත් රත්න” සම්මානයෙන් පුදනු ලැබීය.

ඔහු ගගන විද්‍යාඥයෙකි,ගගන විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි.

ඔහු තිරුවනාතපුරම්හි පිහිටි “ඉන්දියානු අභ්‍යවකාශ විද්‍යා සහ තාක්ෂණ ආයතනය” හි

පළමු කුලපතිවරයාය. ලොව බලවත් රාජ්‍ය අතරට ඉන්දියාව ඔසවා තබන න්‍යෂ්ටික ශක්තියේ

සහ අභ්‍යවකාශගත චන්ද්‍රිකා තාක්ෂණයෙහි ඉන්දීය ලකුණ ඔහුය.

මේ සියල්ලට අමතරව ඔහුගේ දෙමල කවියට සහ වීන වාදනයට ඇති ආලය සුවිසේශී වේ.

මෑත කාලයේ “අන්න සහාරේ ” ප්‍රමුඛව ඉන්දියාව හරහා හමාගිය දුෂණයට සහ වංචාවට විරෝධී රැල්ලටද

සිය දායකත්වය වෙනත් ලෙසකින් ලබාදීමට ඔහු සමත්ව ඇත.

*   

*

ඉන්දියාව පුරා සහ ලොව වටා ඔහු විසින් කරන දේශනයන්හි කරන ලද,

ඔහුගේ අසහාය පෞරුෂය සහ දැනුම් සම්භාරය විදහාපාන,

සුප්‍රසිද්ධ කියුම් කිහිපයක සිංහල අනුවාද කිහිපයක්,

නිරතුරු සිහින දකින

නව ශ්‍රී ලාංකික තාරුණ්‍යය සහ ළමා පරපුර හමුවේ

මෙසේ දිගහැර තබමි.

*

*

  • උසස් සිහින දකින්නන්ගේ උසස් සිහින සැමවිටම සාමාන්‍ය සීමාමායිම් ඉක්මවා යයි.
  • යම් රටක් දුෂණයෙන් තොර, යහපත් මනසකින් හෙබි ජාතියක්බවට පත් කිරීම උදෙසා සමාජයේ චරිත තුනකට විශාල වෙනසක් කල හැකියි මම විශ්වාස කරමි. ඒ ම පියා  සහ  ගුරුවරයාය.
  • අපි නිදහස් නිවහල් නොවන තාක් කල කිසිවකු අපට ගරු  නොකරනු ඇත.
  • ජීවිතය ජයගැනීමට අපහසු තරඟයකි. එය ජයගතහැකි එකම මග උත්පත්තියෙන් ඔබට ලැබී ඇති මිනිසෙකු වීමට ඇති අයිතිය රඳවා ගැනීමෙනි.
  • අහස දෙස බලන්න. අපි කිසිවිටක තනිවී නොමැත .මුළු විශ්වයම  මිතුරුය. නමුත්  මුළු විශ්වයම සිහින දකින සහ ඒ සිහින සැබෑ කරගැනීමට වෙහෙසෙන අයට තම උපරිම සහයෝගය ලබාදීමට රහසින් එකඟ වී ඇත.
  • මිනිසෙකුට දුෂ්කරතා අත්‍යවශ්‍යය, ඒ මන්ද යත් ඔහු ලබන සාර්ථකත්වය භුක්ති විඳීමට එය අවශ්‍ය නිසාය.
  • තම හදවත සමග එකට වැඩ කල නොහැකි පුද්ගලයන් ලබන්නේ “මදය හිස් වූ” අර්ධ  සාර්ථකත්වයකි.
  • එය සැමවිට තිත්ත රසය හතර අත පතුරවා හරියි.
  • අප රට දෙපයින් නැගී සිටින තුරු කිසිවෙකු අපට  ගරු නොකරනු ඇත මේ ලෝකයේ “භය” ට කිසිම වටිනාකමක් නැත. ශක්තිමත්බවට ශක්තිවන්තයා ගරුකරනු  ඇත.
  • ඔබට ඔබගේ අනාගතය වෙනස් කල නොහැක.නමුත් ඔබට ඔබගේ ගති පැවතුම් වෙනස් කල හැක.ඔබගේ ගති පැවතුම් නිසැකවම ඔබගේ අනාගතය වෙනස් කරනු ඇත.
  • ඔබගේ රැකියාවට ප්‍රේම කරන්න,ඔබ සේවය කරන සමාගට ප්‍රේම නොකරන්න.මන්ද යත්, ඔබ සේවය කරන සමාගම ඔබට ප්‍රේම කිරීම නවතන්නේ කවදාදැයි ඔබ නොදන්නා හෙයිනි.
  •  ඔබගේ සිහින සැබෑවීමට පළමුව ඔබ සිහින දැකිය  යුතුය.

*

Advertisements
ප්‍රවර්ග:චරිතාපදාන | Biography
  1. මාර්තු 16, 2012 දින 6:48 ප.ව. ට

    නියමයි වරුණ මේ සටහන! විද්‍යාව සහ කලාව පිළිබඳ හොඳම දැණුමක් තියෙන පුද්ගලයෙක් රටේ වැදගත්ම නිලයට පත්වීමේ වාසනාව ලබන්න ඉන්දියානුවො සමත් වෙලා.

    අපේ රටේ නම් ඔතනට යන්න සුදුසුකම් ඕනම නැති නිසා තව කාලෙකට ලංකාවෙ අපට හීන වලින් විතරක් සැනසෙන්න වෙයි!

  2. මාර්තු 17, 2012 දින 8:11 පෙ.ව. ට

    wadagath lipiyak

  3. මාර්තු 27, 2012 දින 4:10 පෙ.ව. ට

    වරැණ ස්තූතියි…… පුලුවන්නම් ලංකාවේ දිනපු චරිත වල ජීවිත කථා දාන්න..අපේ මිනිසුන්ට මොරාල් හදන්න..මම කියන්නෙ. දුක්විදල,පේමට් එකේ ඉදල රජ සැප විදින ගමනක් ගිය මිනිස්සු ඉන්නවා.නවලෝක මුදලාලි වගේ ඒ වගේ චරිත ආපු ගමන අපේ අය දැනගත්තොත් සමෘද්දි යෙන් බඩුටික දෙනකල් බලා ඉන්න එකෙක් හරි වෙනස් කරන්න පුලුවන් වෙයි කියල හිතෙනවා….

  4. අප්‍රේල් 9, 2016 දින 10:05 පෙ.ව. ට

    බොහොම හොදයි

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: