නිවස > අත්දැකීම් | Experience, අහුලා ගත්තු දේවල්, චරිතාපදාන | Biography, මේ දවස් වල අහන සින්දු > ඔබට ඕනේ දේවල් සියල්ල ඇත්තටම ඔබට උවමනා දේවල් නෙමෙයි. | keepin it real

ඔබට ඕනේ දේවල් සියල්ල ඇත්තටම ඔබට උවමනා දේවල් නෙමෙයි. | keepin it real

*

*

මම පොඩිකාලේ හිතාගෙන හිටියේ

කවදාහරි ලොකු සල්ලිකාරයෙක් වෙන හැටි!

ගෙවල්, කාර් ගොඩාක් ගන්න.

කොච්චරද කියනවා නං,

කොයි දේ කවදද ගත්තේ කියලා අමතකවන තරමට.

ඊට පස්සේ ගෑණු ළමයෙක් හොයාගෙන කසාද බැඳලා ,

හරියට සුරංගනා කතාවක් වගේ ලස්සනට ජීවත් වෙන්න.

*

දැන් මෙහෙම උනා කියමුකෝ,

ඔබ හිතනවද එය මා වෙත සතුට අරගෙන ආව කියලා?

හැම වෙලාවකම දේදුන්නේ කෙලවර හොයාගෙන ගියාම

වස්තුව පිරි නිධානයක් තියෙන්න පුළුවන්.

ඒ වුනාට,

ඇත්තටම ගොඩක් සැප සම්පත් තියෙන එක,

ලබාගන්න දඟලන එක,

ඇත්තටම අපේ සතුට නැතිකරගනීමක්.

*

ඒක හින්ද පුළුවන් නම්,

තමන්ගේ ඇතුලාන්තයට එබිලා බලන්න.

ඔබට තේරේවි ඔබ කොතරම් වාසනාවන්තයෙක්ද කියලා.

ඔබ කෙතරම් දුකින් පසුතැවීමෙන් සිටියත්,

හැමවෙලේම මේ ලෝකේ

ඔබට වඩා දුක විඳින මිනිහෙක්/ගැහැණියෙක් සිටින බව මතක තියාගන්න.

*

සමහරවිට ඔබ ඉස්සර කරපු වැරදි වලට

වන්දි ගෙවන්න සිදුවෙනවා.

ඒ වුනාට ඒවාට නොසැලී

ජීවිතේ ඉදිරියට යන්න ඕනේ,

යතාර්ථයට මුහුණ දෙමින්,

සරලව,

නිරහංකාරව.

*

හෙට දවස වෙනුවෙන් අද මහන්සි වෙන

අය ගැන මට ආඩම්බරයි.

උදේ 9-5 වෙනකන් දඟලන්නේ,

පුළුවන්තරම් කරදරවලින් ඈත්වෙලා,

අනාගතේ සතුටින් ඉන්න..

ඒ වුනාට වෙලාවකට හිතෙනවා නේද,

මේ කරදරැ කවමදාකවත් ඉවරයක්‌ වෙන්නේ නැහැ කියලා.

ඔබටත් එහෙම හිතෙනවා නං,

ඒ කියන්නේ හෙට දවස අදට වඩා හොඳ එකක් වෙනවා කියන එකයි.
*

මට ඇත්තටම පොඩි කාලේ මම ගන්න හිටපු “ලොකු ගෙදර , බෙන්ස් කාරෙක ”

ගන්න අමතක උනා / මගහැරුනා.

මට දැන් ගෑණු ළමයෙක් ඉන්නවා.

ඇත්තටම අපි හොඳම යාළුවො.

“මට මේ තියෙන දේවල් මදි!!!”

කියන දේ මට නම් සාපේක්ෂයි.

ඔබට ඕනේ දේවල් සියල්ල ඇත්තටම ඔබට උවමනා දේවල් නෙමෙයි.

“සමාජය තත්වය” කියලා කියනදේ  තන්හාව විසින් වෙනස් කරලා.

*

මම කියන දේ ඔබටත් තේරෙනවා නම්,

ඔබත් අනුගමනය කරන්න සුදානම් නම්,

ඔබ පෙරට ඇවිත් පෙරමුණ ගන්න සුදානම්ද මට කියන්න.

එහෙනම්,

දුක කරදර මැද්දේ,

අමාරුවෙන් හරි දේ කරලා ,

ජීවිතේ ජයගන්න.

*

*

ප.ලි.

*

shaggy නැවත වතාවක් ලංකාවට ප්‍රසංගයකට එන ආරංචිය හම්බුනාම අතීතයට යැවුනා.

මම දන්නේ නැහැ ඔහුගේ පළමු ප්‍රසංගය කීදෙනෙක්ට මතකද කියලා.

මම එතකොට  දිග  කලිසම් ඇඳගෙන ඉස්කෝලේ යන්න පටන් ගත්ත විතරයි.

මේ දවස්වල කෑගහන දඟලන අය අතීතය එක්කෝ දන්නේ නැහැ,

එක්කෝ අමතක කරලා.

යුද්ධය නං කොහොමටත් කාටවත් මතක නැහැ.

 *

shaggy කියන්නේ නිකම්ම නිකන්

රෙගේ සින්දුකාරයෙක් නොවේ.

ඔහු තුල සිටින සමාජයීය දාර්ශනිකයා

ඔහුගේ ගීත රැසකින් එලියට පනිනවා.

ඒවා අනික සින්දු තරම් ජනප්‍රිය නොවීම පවක්.

බලනකොට එකේ පුදුමෙකුත් නැහැ.

බාල දේ ලාබයි, සුලභයි.

  *

ඉහළින් තියෙන්නේ shaggy ගේ  සුප්‍රසිද්ධම ගීතයක් නෙමෙයි.

මගේ සටහන ඔහුගේ ‘keepin it real’ ගීතයේ පරිවර්තනයක් නෙමෙයි.

ඒක අනුවාදයක්!

ඒක තියෙන අදහසක් දෙකක් මගේ.

*


පිදුම

*

Shaggy සින්දු ඇසීමට මට පුරුදු කල,

ඒ කාලේ Shaggy වගේ රැවුල කපන්න ට්‍රයි කල,

දිලාන් අය්යාට.

අපිට දැන් සෑහෙන්න වයසයි, ඕයි!!!


Advertisements
  1. gmail එකෙන් ලොග් වෙන්න බැයිද ?
    මාර්තු 30, 2012 දින 9:23 ප.ව. ට

    ලංකාවෙ අපි ඉතින් ඕන දේක , නරකම ටික අරගන්න දක්ශයි නෙ . බොහොම ස්තූතියි මේක අපි එක්ක බෙදාගත්තට.

  2. win32x
    මාර්තු 31, 2012 දින 2:29 ප.ව. ට

    machn matath kiyahnko kavi nisadas liyana hati math asai 😀

  3. අප්‍රේල් 3, 2012 දින 4:46 ප.ව. ට

    මේක අපූරු අනුවර්තනයක්.

    ෂැගීගෙ සිංදු වලට මුලින්ම අපි කැමති වුණේ ‘හෝප්‘ ගීතය අහල. ඊට කලිං අපි බොබ් මාලිගෙ රෙගේ අහල තිබුණා. ඔහුගේ ගීත හරහා ඔහු ජීවත් වුණු සමාජයත්, සමහර විටදි පොදුවේ ලෝකයටම පොදු සමාජ ගැටළුත් විනිවිදන හැටි දැක්ක නිසා රෙගේ වලට අපි ආස උනා. හෝප් වලත් ඒ ලකුණු අපි දැක්කා. නමුත් ඔය කිව්වත් වගේ ෂැගීගෙ ජනප්‍රිය ගීත වල ඒ හැටි දෙයක් නැති විකාර තමා. ඒත් කොහොම හරි ෂැගීගෙ සිංදු උඹත් මාත් ඇහුව.

    හැබැයි දැං කියන ෂැගී සිංදු මටනං අල්ලන්නෙම නෑ. දැං රෙගේ උකසට තියල ෂැගී රැල්ලට අහුවෙලා කියලයි මට හිතෙන්නෙ. ඒත් ඒ කාලෙ සිංදු තාම අහනව. Keepin it real ගීතයත් සමාජය විනිවිදපු අපූරු මං කැමතිම ගීතයක්. ඒක මේ විදිහට දැක්කම තව තවත් ආස හිතෙනව.

    ඒත් දුක තමා… බාල දේ ලාබයි, සුලභයි!
    (වයසට යනකොට තේරෙන දේවල්… නේද ඈ…)

    • අප්‍රේල් 7, 2012 දින 5:48 පෙ.ව. ට

      දැන් මු කියන සින්දු වලට මමත් පොඩ්ඩක්වත් ආස නැහැ.අර පිට්බුල් ද කවුද පොරක් එක්ක අලුත් සින්දුවක් තිබුනා,ඒකත් අමු චාටර්!

      වයසට යනකොට තේරෙන දේවල් තමා ඉතින්!
      තව ඉස්සරහට මොන මොනවා තේරෙයිද දන්නේ නැහැ…..!

  4. Dinesh
    අප්‍රේල් 29, 2012 දින 10:49 පෙ.ව. ට

    Maxxa machan. I copy and took a printout to stick on my table. 😀

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: