Archive

Archive for අප්‍රේල්, 2012

වෘත්තීයමය කුහකත්වය හෙවත් “එකට කා බී පිහියෙන් ඇනීම”

අප්‍රේල් 29, 2012 ප්‍රතිචාර 17ක්


*

මීට වසර ගණනකට පෙර රූපවාහිනියේ විකාශය වූ “එකට ගැටුම” ටෙලි නාට්‍යය කීයෙන් කීදෙනෙක්ට මතකද?

කී දෙනෙක් බලලා තියෙනවද කියන්න මම දන්නේ නැහැ.

“එකට ගැටුම” රන්ජන් ද සිල්වා රචනා කල ජාතික රුපවාහිනිය නිෂ්පාදනය කල ටෙලි නාට්‍යයක්.

බලලා නැත්නං, මෙතනින් බලන්න.

*

ඒ කාලේ ඒක බලපු අය කිව්වේ,

“අම්මටසිරි!

මේ නං යන්නේ අපේ ඔෆිස් එකේ කතාව නේ !”

කියලා.

*

පිටරටක වැඩකරන යාලුවෙක් ලඟදි හම්බුනා.

මම ඇහුවා “කොහොමද මචන් ජොබ් එක? වැඩ අමාරුද? ” කියලා.

*

පොර කියනවා,

“වැඩ නං කොහොමත් අමාරුයි බං! වැඩ නං මැරීගෙන හරි කරන්න බැරියැ,

ලංකාවේ එවුන් හතර පස් දෙනකුත් වැඩ කරන මාත් එක්ක.

දන්නවනේ ඉතින්!

උඹට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ…!

අපායෙත් ලංකාවේ එවුන්ව දාල ඉන්න වලේ දොර හැමවෙලාවෙම ඇරලා ලු තියෙන්නේ…! ”

*

මම ඇහුවා,

“නැහැ සිරාවටම? මොකෝ ඒ…?” කියලා.

*

“එහෙම තමයි බං! කාටවත් ඉහලට නැගලා පැනල යනවා තියා,

ඔලුව උස්සලා ඉනිමගේ පඩියක් ඉහලට නගින්න වත් ඉඩක් නැහැ.

අපේම එවුන් අපේ කකුලෙන් ඇදලා බිමට දානවා. කාටවත් ඉහලට යන්න වෙන්නේ නැහැ.”

*

ඒ කතාව කොච්චරට ඇත්තද කියලල මම ගොඩක් දෙනෙක්ට අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැ.

*

සමහරුන්ට, වැඩක් සාර්ථකව නිම කිරීම,පොදු ප්‍රශ්නයකට එක්ව විසදුම් සෙවීම විතරක්ම මදි.

ලකුණු දාගැනීම ඉතා වැදගත්. හැටියට ලංකාවේ යුද්ධය වගේ.

යුද්ධය හින්දා හැමෝම දුක වින්දා.

හැමෝගෙම ලොකු පොඩි කැපකිරීම් නිසා යුද්ධයට යුධමය විසදුමක් ලැබිල දුක් විඳීම අවසන් උනා.

නමුත් එතනින් එහාට අඩිය තියලා අනාගතය දිහා බලන්න අපේ අයට අමාරුයි.

සමහරු කැමති යුද්ධය තැන් කමති ආණ්ඩුවක් යටතේදී ඉවර උනානං.

තවත් සමහරු තමන්ගේ යුධ දායකත්වය ගැන තර්ක විතර්ක කරනවා.

බහුතරයක් වෙනුවෙන්,

බහුතරයකගේ හිතසුව පිණිස,

බහුතර මතයට ගරු කරලා වැඩ කිරීම තවම සෑහෙන ඈත.

*

 *** “ඕනෑම ක්ෂේත්‍රයක නවකයන් මුහුණදෙන ගැටළු සහ සිය අත්දැකීම්” ගැන භාතිය ජයකොඩිගේ අදහස් අලලා මීට වසර ගණනකට පෙර මවිසින් ලියන ලද සටහනක් කියවන්න මෙතනින්.

*

කවුරුහරි නවකයෙක්ට තමන් දන්නා දෙයක් හරියට උනන්දුවෙන් කියල දෙන්න උත්සාහ කරන්නේ කීයෙන් කී දෙනාද?

ඊයේ පෙරේදා රස්සාවල් කරන්න ගත්ත අය දන්නවා.

තමන් දන්නා දේ ඒ නවකයා, ඉගෙන ගෙන තමන්ගේ ඔලුවට අත හෝදයි කියල කල්පනා කරනවා මම හිතන්නේ.

ඒකටත් සාධාරණ අමිහිරි මතක ඇති තමයි.

ඉඳල හිටලා “මුසිල ලා ” ඉන්නවා තමයි.

*

ඒ වුනාට මිනිහෙක් පරිපුර්ණ වෙන්න වෙන්න, අතුපතර විහිදිච්ච ගහක් වගේවෙන්න ඕනේ කියලයි මට හිතන්නේ.

ලොකු වෙන්න වෙන්න තමන්ග යට ඉන්න අයට හෙවන දෙන්න ඕනේ.

අනිත් එක,ඔය ගුරු මුෂ්ටිය තියාගෙන ඉන්න අය ඇත්තටම දන්නා කෙහෙල මලක් නැහැ.

තමන්ගේ සාත්තරේ හරියටම මුල සිට අගට දන්නා මිනිහා කාටවත් කියල දෙන්න බය නැහැ.

මිනිහා බලන්න තමන් දන්නා ටික කියලා දීල, තමන් නොදන්නා දෙයක්,නොදැකපු පැත්තක් අනිත් කෙනාගෙන් දැනගන්න.

වතුර පිරුණු කලයක දිය සෙලවෙන්නේ නැහැ කියන්නෙත් ඕකටම තමයි.

*

ඇත්තටම දුර ඉඳන් තමන්ට එක එල්ලේ පහර දෙන පුද්ගලයා අපට කරන්නේ උදව්වක්.ඔහු අපට ඔහුගේ අභිලාශය කෙලින්ම කියනවා.

ඔහු අපේ වැරදි තැන් හොයාගන්න උදවූ වෙන විදියට, ඒවාට පහර දෙනවා.

නමුත් අපට සමීපව සිටින,එක්ව වැඩ කරන වෘත්තීයමය සතුරා කවදාවත් තම සතුරු වේශය අපේ රාහු කාලය තෙක් එලි කරන්නේ නැහැ.

*

පිදුම

උදේ හවස මේ මාරාන්තික සුනාමිවලට මුහුණ දෙමින්,

තමන්ගේ බෙල්ලත් බේරාගෙන,

ළඟ ඉන්න එකාවත් මරණයෙන් ගලවාගන්න හිතාගෙන,

ජීවිතේ බෝට්ටුව හබල් ගහන අපේම අයට!

*

Advertisements
ප්‍රවර්ග:අත්දැකීම් | Experience

කාලයේ වැලිතලාව | under the sands of time

*

ඉතිහාසය තරමට අපට පාඩම් කියාදෙන වෙන කිසිම දෙයක් නොමැත.

ඉතිහාසය නැවත නැවතත් සිදුවේ.

කාලයේ දුවිල්ලට හසුවී සැඟවී ඇති ඇතැම් සිදුවීම් සත්‍ය ලෙසම

සිදුවූවාද යන්න විශ්වාස කිරීමට අපහසු තරමට විශ්මයජනකය.

අනෙක් අතට අප විසින් ගත කරන ලද අතීත කාලය,

මේවන විට ඉතිහාසයට  එක්වී අහවරය.

ඉතිහාසය අපව කෙසේ නම් කරාවිද යන්න කාලයට සාපේක්ෂය වේ.

විටෙක ප්‍රගතිශීලීන් වන පුද්ගලයින්,

විටෙක ප්‍රතිගාමීන් බවට පත්වෙනු ඇත.

*

*

ඉතිහාසය පොඩි හෝ වරදකට ඉඩ නොදෙයි.

ඉතිහාසය ඒ තරමට ඉවසිලිවන්තය.

එයට ඕනෑතරම් කාලය තිබේ.

අද දිනට ඕපාදුපයක් කට කතාවක් පමණක් වුනු දේ,

ඉතිහාසය විසින් සාක්ෂි සහිතව අප ඉදිරියේ දක්වනු ඇත.

අපේ පරම්පරාව විසින් කරන ලද දේවල් අනාගත පරම්පරාව අර්ථ දක්වන

ආකාරය අපට ජීවත්ව සිටීමට වාසනාව ඇත්නම් දැකගත වනු ඇත.

එසේම අපි අනාගතයට ඉතිහාසය පිලිබඳ සාක්ෂිකරුවෙක් වනු ඇත.

පහත වීඩියෝව දෙවෙනි ලෝක යුධ සමයේ සිදුවීම් මාලාවකට එවැනි සාක්ෂියක් සපයයි.

*

*

එවකට හිට්ලර් පාලනය කල ජර්මනිය එවකට ලොව දියුණු සහ තියුණුම තාක්ෂණයට හිමිකම් කීවේය.

මිත්‍ර හමුදා ජර්මනියට පහර දුන්නේ තුන් පැත්තකිනි.ඒ ඇමරිකාව රුසියාව අතුලුවයි.

කතාවේ හැටියට රුසියාවට තාක්ෂණික රහස රැගත්  ජර්මානු පත පොත වැඩිපුර හමුවුණු අතර,

ඇමරිකාවට ජර්මානු විද්‍යාඥයන් අත්පත් කරගැනීමට හැකිවුණි.

පසුකාලීනව මෙම රටවල් වල තාක්ෂණික දියුණුවට මෙය පැහැදිලිවම බලපෑවේය.සීතල යුධ සමය , අභ්‍යවකාශ තරගය

හමුවේ සැමවිටම රුසියාව ඉදිරියෙන් සිටියේය.ඔවුන් ලොව පළමු චන්ද්‍රිකාව පමණක් නොව පළමු මිනිසා සහ ගැහැනිය අභ්‍යවකාශයට යැවීමට සමත් විය.

තවද ඇමරිකාව මිනිසුන් හඳට යැවීමට ප්‍රථම හඳ මතට  යානාවක් යවා යාන්ත්‍රිකව පස පොළොවට රැගෙන ඒමට ඔවුන් සමත් විය.

එසේනම්, එතරම් තාක්ෂණිකව රුසියාවට පසුපසින් සිටි ඇමරිකාව එක්වරම මිනිසුන් හඳ මතට ගොඩබස්වා අභ්‍යවකාශ තරගයේ පෙරමුණ ගත්තේ කෙසේද?

*

*

වසර කීපයකට පෙර ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂනය කල ගරිල්ලා මාකටින් චිත්‍රපටියේ විපක්ෂ දේශපාලනඥයාගේ (ශ්‍රියන්ත මෙන්ඩිස් චරිතවත් කල) වැකියක් තවම මගේ මතකයේ රැදී ඇත.

*

“අර නීක්ශේ කියන දාර්ශනිකයා එක වතාවක් කිව්වා,

ගහකට අහස උසට ලඟා වෙන්න ඕනේ නම්,

එහි මුල් අපායට විහිදිලා තියෙන්න ඕනේ කියල. ”

*

*

*

මේ අයුරින්ම ඇමරිකාව අභ්‍යවකාශ තරගය ජයගගත් මාවත අසල අභ්‍යවකාශ තරගයේ අදෘශ්‍යමාන තෙවැනියා රැදී සිටියි.

පැරණි යුගොස්ලාවියානු සමුහාන්ඩුවේ රහස්  අභ්‍යවකාශ වැඩසටහන ලබා තිබූ දියුණුව,

ඇමරිකානු යුගොස්ලාවියානු සබදතා ඇතිවීම,

ඇමරිකාව ක්ෂණිකව අභ්‍යවකාශ තරගහි පෙරමුණ ගැනීම

සහ ඇමරිකානු ධනයෙන් යුගෝස්ලාවියාව දියුණුවට පත්වීම එකම සිදුවීම්ජාලයක ප්‍රතිපලයන් වේ.

මෙම සිදුවීම සහිත වාර්තාමය චිත්‍රපටිය ලබන වසරේ එලි දැකීමට නියමිතය.

+*