නිවස > අත්දැකීම් | Experience > වෘත්තීයමය කුහකත්වය හෙවත් “එකට කා බී පිහියෙන් ඇනීම”

වෘත්තීයමය කුහකත්වය හෙවත් “එකට කා බී පිහියෙන් ඇනීම”


*

මීට වසර ගණනකට පෙර රූපවාහිනියේ විකාශය වූ “එකට ගැටුම” ටෙලි නාට්‍යය කීයෙන් කීදෙනෙක්ට මතකද?

කී දෙනෙක් බලලා තියෙනවද කියන්න මම දන්නේ නැහැ.

“එකට ගැටුම” රන්ජන් ද සිල්වා රචනා කල ජාතික රුපවාහිනිය නිෂ්පාදනය කල ටෙලි නාට්‍යයක්.

බලලා නැත්නං, මෙතනින් බලන්න.

*

ඒ කාලේ ඒක බලපු අය කිව්වේ,

“අම්මටසිරි!

මේ නං යන්නේ අපේ ඔෆිස් එකේ කතාව නේ !”

කියලා.

*

පිටරටක වැඩකරන යාලුවෙක් ලඟදි හම්බුනා.

මම ඇහුවා “කොහොමද මචන් ජොබ් එක? වැඩ අමාරුද? ” කියලා.

*

පොර කියනවා,

“වැඩ නං කොහොමත් අමාරුයි බං! වැඩ නං මැරීගෙන හරි කරන්න බැරියැ,

ලංකාවේ එවුන් හතර පස් දෙනකුත් වැඩ කරන මාත් එක්ක.

දන්නවනේ ඉතින්!

උඹට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ…!

අපායෙත් ලංකාවේ එවුන්ව දාල ඉන්න වලේ දොර හැමවෙලාවෙම ඇරලා ලු තියෙන්නේ…! ”

*

මම ඇහුවා,

“නැහැ සිරාවටම? මොකෝ ඒ…?” කියලා.

*

“එහෙම තමයි බං! කාටවත් ඉහලට නැගලා පැනල යනවා තියා,

ඔලුව උස්සලා ඉනිමගේ පඩියක් ඉහලට නගින්න වත් ඉඩක් නැහැ.

අපේම එවුන් අපේ කකුලෙන් ඇදලා බිමට දානවා. කාටවත් ඉහලට යන්න වෙන්නේ නැහැ.”

*

ඒ කතාව කොච්චරට ඇත්තද කියලල මම ගොඩක් දෙනෙක්ට අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැ.

*

සමහරුන්ට, වැඩක් සාර්ථකව නිම කිරීම,පොදු ප්‍රශ්නයකට එක්ව විසදුම් සෙවීම විතරක්ම මදි.

ලකුණු දාගැනීම ඉතා වැදගත්. හැටියට ලංකාවේ යුද්ධය වගේ.

යුද්ධය හින්දා හැමෝම දුක වින්දා.

හැමෝගෙම ලොකු පොඩි කැපකිරීම් නිසා යුද්ධයට යුධමය විසදුමක් ලැබිල දුක් විඳීම අවසන් උනා.

නමුත් එතනින් එහාට අඩිය තියලා අනාගතය දිහා බලන්න අපේ අයට අමාරුයි.

සමහරු කැමති යුද්ධය තැන් කමති ආණ්ඩුවක් යටතේදී ඉවර උනානං.

තවත් සමහරු තමන්ගේ යුධ දායකත්වය ගැන තර්ක විතර්ක කරනවා.

බහුතරයක් වෙනුවෙන්,

බහුතරයකගේ හිතසුව පිණිස,

බහුතර මතයට ගරු කරලා වැඩ කිරීම තවම සෑහෙන ඈත.

*

 *** “ඕනෑම ක්ෂේත්‍රයක නවකයන් මුහුණදෙන ගැටළු සහ සිය අත්දැකීම්” ගැන භාතිය ජයකොඩිගේ අදහස් අලලා මීට වසර ගණනකට පෙර මවිසින් ලියන ලද සටහනක් කියවන්න මෙතනින්.

*

කවුරුහරි නවකයෙක්ට තමන් දන්නා දෙයක් හරියට උනන්දුවෙන් කියල දෙන්න උත්සාහ කරන්නේ කීයෙන් කී දෙනාද?

ඊයේ පෙරේදා රස්සාවල් කරන්න ගත්ත අය දන්නවා.

තමන් දන්නා දේ ඒ නවකයා, ඉගෙන ගෙන තමන්ගේ ඔලුවට අත හෝදයි කියල කල්පනා කරනවා මම හිතන්නේ.

ඒකටත් සාධාරණ අමිහිරි මතක ඇති තමයි.

ඉඳල හිටලා “මුසිල ලා ” ඉන්නවා තමයි.

*

ඒ වුනාට මිනිහෙක් පරිපුර්ණ වෙන්න වෙන්න, අතුපතර විහිදිච්ච ගහක් වගේවෙන්න ඕනේ කියලයි මට හිතන්නේ.

ලොකු වෙන්න වෙන්න තමන්ග යට ඉන්න අයට හෙවන දෙන්න ඕනේ.

අනිත් එක,ඔය ගුරු මුෂ්ටිය තියාගෙන ඉන්න අය ඇත්තටම දන්නා කෙහෙල මලක් නැහැ.

තමන්ගේ සාත්තරේ හරියටම මුල සිට අගට දන්නා මිනිහා කාටවත් කියල දෙන්න බය නැහැ.

මිනිහා බලන්න තමන් දන්නා ටික කියලා දීල, තමන් නොදන්නා දෙයක්,නොදැකපු පැත්තක් අනිත් කෙනාගෙන් දැනගන්න.

වතුර පිරුණු කලයක දිය සෙලවෙන්නේ නැහැ කියන්නෙත් ඕකටම තමයි.

*

ඇත්තටම දුර ඉඳන් තමන්ට එක එල්ලේ පහර දෙන පුද්ගලයා අපට කරන්නේ උදව්වක්.ඔහු අපට ඔහුගේ අභිලාශය කෙලින්ම කියනවා.

ඔහු අපේ වැරදි තැන් හොයාගන්න උදවූ වෙන විදියට, ඒවාට පහර දෙනවා.

නමුත් අපට සමීපව සිටින,එක්ව වැඩ කරන වෘත්තීයමය සතුරා කවදාවත් තම සතුරු වේශය අපේ රාහු කාලය තෙක් එලි කරන්නේ නැහැ.

*

පිදුම

උදේ හවස මේ මාරාන්තික සුනාමිවලට මුහුණ දෙමින්,

තමන්ගේ බෙල්ලත් බේරාගෙන,

ළඟ ඉන්න එකාවත් මරණයෙන් ගලවාගන්න හිතාගෙන,

ජීවිතේ බෝට්ටුව හබල් ගහන අපේම අයට!

*

Advertisements
ප්‍රවර්ග:අත්දැකීම් | Experience
  1. අප්‍රේල් 29, 2012 දින 11:15 පෙ.ව. ට

    Good One 🙂
    As Indira Gandhi (Or was it Jawaharlal Nehru) once said, There are two kinds of people, those who do the work and those who take the credit. Its better to try to be in the first group; there is less competition there.

    • අප්‍රේල් 29, 2012 දින 11:20 පෙ.ව. ට

      Yup!True!
      Even I believe that,
      අලියෙක් උනාම කොට අදින්නත් ඕනේ!
      පෙරහරේ යන්නත් ඕනේ!
      පෙරහරේ යන එක ඉඳල හිටලා හරි කොට අදින්නත් ඕනේ!
      කොට අදින එකත ඉඳල හිටලා පෙරහරේ යවන්නත් ඕනේ!

  2. අප්‍රේල් 29, 2012 දින 11:52 පෙ.ව. ට

    e wunaata eththa thathwe tikak wenas neh.

    perahare yana aliya hemadaama perahare yanawa. Kota adina eka hemadaama kota adinawa.

    e wunaata kota adina ekaata uge wade lokui nam, kohewath yana ekek hewisi gahuwath nathath, minissu uva balanna pokewath nethat, kawuruth uge gena kavi liwwath nethath, merunama pulun purawala weeduru kaamarayaka demmath nethath, uta gaanak nethnam, uth thrushtimath aliyek.

  3. අප්‍රේල් 29, 2012 දින 12:10 ප.ව. ට

    *thrupthimath

  4. අප්‍රේල් 29, 2012 දින 12:25 ප.ව. ට

    සහතික ඇත්ත !

  5. අප්‍රේල් 29, 2012 දින 3:14 ප.ව. ට

    හරියට හරි

  6. Naveen Jayawardena
    අප්‍රේල් 29, 2012 දින 4:03 ප.ව. ට

    මෙය ඕනෑම ක්ෂේත්‍රයක නවකයෙකුට තියෙන අභියෝගයක්. වෛද්‍ය වෘත්තියේ මේක හොඳටම තියෙනවා. අපිට රට හදන්න අමාරුයි. රටේ මිනිස්සු වෙනස් වෙනකම් ඉන්නත් බෑ. හොඳම දේ අපි තියෙන තත්වයට හැඩ ගැසෙන එකයි.

    • අප්‍රේල් 29, 2012 දින 4:08 ප.ව. ට

      සම්පුර්ණ ඇත්ත නවීන් අයියා!
      අපට මුහුද හෙලවෙන එක,රැලි ගහන එක පාලනය කරන්න බැහැ.
      අපි අපේ බෝට්ටුවේ රුවල් ඉහලට දාල,
      අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන්න උත්සාහ කරන්න ඕනේ!

  7. Deran
    මැයි 1, 2012 දින 3:35 පෙ.ව. ට

    පට්ට මචන්!!! I’m lost for words….

  8. බණ්ඩාර
    මැයි 4, 2012 දින 3:35 ප.ව. ට

    ඉතාමත් කාලීන මාතෘකාවක්. උදාහරණ වුවමනාවටත් වඩා තියෙනවා. මෙලෙස සතර සන්ධ් ගලපා මෙය පලකිරීම ඉතාමත් අගයකල යුතුයි. සුබ පතුම් !

  9. NIROSH
    අගෝස්තු 21, 2012 දින 6:30 පෙ.ව. ට

    mama job ekata ewith aurudday.mata hoda boss kenek hambauna.eya mawa beraganna hemawelawakama innawa.mama godak nayagetiy ohuta.ettatama e wage hoda ayath innawa.

  10. NIROSH
    අගෝස්තු 21, 2012 දින 6:35 පෙ.ව. ට

    ape office eketh ehema dewal eti.tiyenawa kiyala anik aya kiyanawa.hoda ekkenek toragena eyawa asraya karama hari.mama wenuwen idiripath wenawanam ettatama eya mage diunuwa gena hitana kenek wenna eti.mage terima eyaway.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: