Archive

Archive for මැයි, 2012

ලංකාව් අලුතින් යමක් කිරීම සහ “රැඩිකල් සිංහල ගීතය”

*

“ලංකාවේ පට්ටම රැඩිකල් පුද්ගලයා,

මුලින්ම ඩෙනිමක් ඇඳපු කෙල්ල යි!”

*

ඉහත ප්‍රකාශය කවුරු විසින් කරන ලද්දක්ද කියන එක මගේ අවාසනාවට මට මතක නැහැ.නමුත් එහි ගැබ්වී ඇති දේ කොයිතරම්දුරට සමාජ විද්‍යාත්මක සත්‍යයක්ද කියන එක කල්පනා කරලා බලන්න ඕනේ.

ඕනෑම රටක හෝ සමාජයක මෙතෙක් කිසසිවෙකු කර නොමැති අලුත් යමක්‌ කිරීම අභියෝගයකි.එය පිළිගත් පවතින මතවාද හෝ සමාජ සම්මතය විවේචනය කිරීම කෙසේවෙතත් වෙනත් ආරක්‌ ගැනීම, ක්ෂේත්‍රය තුල අර්බුදයක් ඇති කරයි.එම ක්ෂේත්‍ර ප්‍රවීණයෝ (සැබෑම ප්‍රවීණයෝ නොවන ප්‍රවීණයන් යයි කියාගන්න උදවිය සහ නවකයන් නිසා තම වෙළඳපල සහ ප්‍රවීණත්වයට තර්ජනය ලක්වූ උදවිය) නවකයින්ගේ හොඳ නොදැක නරක පමණක් විවේචනයට ලක් කරති. හොඳ දේ පැසසුමට ලක්විය යුතු අතර නරක දේ විවේචනයට ලක්විය යුතුය.නවකයෙකුට ඔලුව ඉස්සීමට පෙර බෙල්ල කඩා දැමීම නොකළ යුතුය.

තම පළමු රැකියාවේ නිරත් නවකයින් මුහුණ දෙන ගැටළු ස්පර්ශ කරන, මීට කලින් ලියපු ‘වෘත්තීයමය කුහකත්වය හෙවත් “එකට කා බී පිහියෙන් ඇනීම”’ ලිපිය මෙතනින් කියවන්න.

*

ලාංකික සංගීත ක්ෂේත්‍රයේ මෙයට හොඳම උදාහරණය ජෝතිපාල නම ගායකයාය.එකල පමණක් නොව අදද ප්‍රබුද්ධ සහ ප්‍රබුද්ධ නොවන ලෙස ගායකයන් වර්ගීකරණය සිදුවේ.ප්‍රබුද්ධ ගොඩ නම් අමරදේව වික්ටර් රත්නායක සහ නන්දා මාලනී වන අතර ප්‍රබුද්ධ නොවන ගොඩ ජෝතිපාල,නිහාල් නෙල්සන් සහ එම.එස්.ප්‍රනාන්දු ඉස්තරම් උදාහරණ වේ.

මේවා කසිකබල් විචාරකයින් කරන ලද වර්ගීකරණ පමණක්ම නොවේ.සමහර ප්‍රබුද්ධ කලාකරුවෝද මෙලෙස අනෙක් කලාකරුවන් වර්ගීකරණය කළහ/කරති.අමරදේව මාස්ටර් මම දන්නා තරමින් මෙයට කිසිම දායකත්වක් සපයා නැත.හේතුව ඔහු සිය ක්ෂේත්‍රයේ අසමසම විශිෂ්ටයෙක් වීම සහ ඔහු සෙසු කලාකරුවෙක්ට එවැනි ද්වේශ සහගත කතාවක් කීමට නොහැකි තරමට සංවේදි කලාකරුවෙකි.

*

*

කේමදාස මාස්ටර්ද එවැන්නෙකි.

මුලින් ඔහුට  සමහරකගේ ‘කෝචෝක්’ එකකකට දෙකකට මුහුණ දීමට සිදු විය.මීට හේතුව ඔහු ප්‍රබුද්ධයන්ගේ ප්‍රමුඛ කුලකය වන ඉන්දීය සංගීතයට වඩා බටහිර සංගීතයට ප්‍රමුඛතාව දීමයි.

“වැඩ කාරයට බොරු බැහැ!බොරුකාරයට වැඩ බැහැ !”

කියන්නාක් මෙන් මාස්ටර් හා හැප්පෙන්න පුළුවන් ජගතෙක් ඔහු ජීවත් ව සිටින කාලය තුල බිහිවුයේ නැත.

ඉදිරියට බිහිවන්නේද නැත.

**

” අපි අලුත් දෙයක් අලුත් වැඩක් කරනා කොල්ලෝ

අපි අලුත් තාලේ අලුත් ගීත කියන කොල්ලෝ

….

ඇයි? මොකද ? කිචිද? අලුත් තාලේ වැඩක් දුන්නම?

ගැස්සෙනවද ගුවන් තොටිල්ල….”

*

ඉහත ගීතය නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීතත කණ්ඩායමේ  ගීතයක ඛණ්ඩයකි.මෙහි ‘ගුවන් තොටිල්ල’ යනු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ එකල ජනප්‍රිය වැඩසටහනකි.එය ශ්‍රී ලාංකික සංගීතයට සාහිත්‍යට ඉමහත් දායකත්වයක් සපයන ලද යුග මෙහෙවරක් ඉටුකරන ලද බොහෝ අංකුර කලාකරුවන් බිහිකරන ලද්දකි.

ඒ හැර පොදුවේ ගුවන් විදුලි සංස්ථාවට “ගුවන් තොටිල්ල ” ලෙස ව්‍යවහාර කරන ලදී.ප්‍රබුද්ධ ගනයට අයත් නොවීම හේතුවෙන් නලින් පෙරේරා වැන්නවුන්ගේ ගීත අදද ගුවන් විදුලි සංස්ථාවේ නාලිකාවල විකාශය වන්නේ නැත.එම “වෘත්තීයමය කුහකතාව” ඔවුන් ගීතයෙන් උද්දීපනය කිරීමට සමත්ව ඇත.

“හිත් ඇතුලේ කැලති කැලතී උපන් යකා

හිතක උපන් නව අදහස් අකා මකා

කරන හැම දෙයක දොස් ලෙස දකී වකා

පරසක්වල ගසව් හිත් වල ඉන්න යකා”

*

ගීතය මෙතනින් අහන්න.

*

ලාංකික සංගීත ක්ෂේත්‍රය තුල භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් ඇති කල වෙනස  පිළිබඳව විවාදයක් තිබිය නොහැක.ප්‍රධාන ධාරාවේ සංගීතයට 1970 දශකයේ ක්ලැරන්ස් ඇතුළු කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෝ වෙනස් අතිකළහ.ඊළඟට ලාවට දැනෙන වෙනසක් කලේ රූකාන්ත ගුණතිලකය. ඊළඟ පියවරේ ලාංකික සංගීතයේ යෝධ පියවර ඔවුන්ගේය.

සිය පාසල් සමයේ පාසලේ බටහිර සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය උප විදුහල්පති  වරයාගෙන් දඩුවම් ලැබීමට පවා ලක්වූ බව භාතිය ජයකොඩි අදද සිහිපත් කරයි.එය පසුව කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ වැනි නවකයන්ට තිඹිරිගෙය විය.

වරක් භාතිය සිය අත්දැකීම් විතර කල විටක පැවසුවේ  තමන්ගේ ගීත අඩංගු ප්‍රථම ගීත තැටිය එවකට ප්‍රමුඛම එෆ්.එම්. නාලිකාවට ලබාදීම ඔවුන් වින්ද දුක ගැනය.අදුරන යාළුවකුගේ මාර්ගයෙන් ඒ සම්බන්ධව අදාළ පුද්ගලයා හමුවීමට පැය6,7 ක්‌ රස්තියාදු වූ  අයුරු ඔහු සිහි කරයි.අද එම ආයතනයේ වෙළඳ දැනවීම් සඳහා තමන්ගේ කටහඬ යොදවා ගැනීමට ඔවුන්ගේ නිලධාරීන් තමන් පසුපස හඹාඑන අයුරු ඔහු සිනාමුසු මුහුනින් සිහිපත් කරයි.

ඔවුන් මුහුණ දුන් දුන් අත්දැකීම් සිය මුල් කාලීන ඇල්බමයක අඩංගු වූ ඉහත ගීතයෙන් එලි දැක්වීමට ඔවුන් සමත්ව ඇත.

**

*

*

අමරදේවට වඩා ජෝතිපාල වත ජෝතිපාලට වැඩ අමරදේව හොඳද නරකද යන්න තක්කඩි මෝඩ ප්‍රශ්නයකි.අපේ රටේ මිනිසුන් ඉන්දීය රාගධාරී සංගීතය දේවත්වයෙන් ඇදහීම සහ පිදීම ඉතාමත් සාධාරණ කරුණකි.එකක් එය එතරම්ම සුන්දර කලාවක් වන අතර අප රටට ඉන්දියාවෙන් අද සියලුම හොඳද දේවල් අතරට එයද එක්වන්නකි. නමුත් එය හා වටකොටගත් බමුණු කුලයක් බිහිකරගැනීම අනුමත කල නොහැක.අප රට ඉන්දියාව ආසන්නයේ පිහිටියේ එක අතකට හොඳ වෙලාවටය.ජැමෙයිකාව අසල වී නම් අපි අද දේවත්වයෙන් සලකන්නේ අමරදේවට නොව ‘බොබ් මාලේ’  වැන්නවුන්ටය.

*

*

*

*** ‘බොබ් මාලේ’ ගැන මගේ අදහස නම් ඔහු දශක කීපයකට වරක් බිහිවන තාලේ, මානව ප්‍රේමය ගැන ගී ගැයූ සුවිසේශී ගායකයෙක් බවයි. )

*

*

අප රටේ බොහෝවිට සිදුවන්නාක් මෙන්ම ජෝතිපාලටද හිමි නිසි තැන ලැබුනේ සිය මරණයෙන් පසුවය.ජෝතිපාලගේ මරණයෙන් පසු ප්‍රබුද්ධයින් විසින් ඔහුව ප්‍රබුද්ධ නොවන ගනයේ සිට ප්‍රබුද්ධ ගණයට ඔසවා තබන ලදී. මීට මුලික හේතුව ලාංකික ජන සමාජයට ජෝතිපාලගේ ගීතයේ බලපෑම ඔවුන්ට අවබෝධ වීමයි.ඒ ඔහුවේ අවසන් කටයුතු වලට සහභාගීවූ මහා ජන ගංගාව දැකීමෙනි.

*

*

*

*


Advertisements

= අපට අප අහිමි වී නැත =

*

රෝස පැහැති හැඩුම්බර  සැදෑ අහස

දෙසට දෑස දිගුකොට

නිමේශයකට දෙනෙත පියාගතිමි.

ඔබ පැවසුවා නිවැරදිය.

*.

මිල,මුදල් කිසිවකට සතුට මිලදී ගත නොහැක.

ඔබ මා හමුවූ නිමේෂයන් මේ ජීවිත කාලයට වඩා දිගින් වැඩිය.

*

සොහොන්බිම නිහඩතාවය,

පෙර වූ වසන්තයක මතකවලට යලි පණ දෙයි.

ඔබ කී වචන,

ගීතයක් ලෙසින්

දෙසවන පිලිරැවූ දෙයි.

*

මා ඔබ වෙනුවෙන් වැලපෙන්නේ නැත.

මක් නිසාද යත්,

ඔබ නික්ම ගියද,

තවමත්

අපට අප අහිමි වී නැත.

**

*