නිවස > අත්දැකීම් | Experience, අහුලා ගත්තු දේවල්, චරිතාපදාන | Biography, මේ දවස් වල අහන සින්දු > ලංකාව් අලුතින් යමක් කිරීම සහ “රැඩිකල් සිංහල ගීතය”

ලංකාව් අලුතින් යමක් කිරීම සහ “රැඩිකල් සිංහල ගීතය”

*

“ලංකාවේ පට්ටම රැඩිකල් පුද්ගලයා,

මුලින්ම ඩෙනිමක් ඇඳපු කෙල්ල යි!”

*

ඉහත ප්‍රකාශය කවුරු විසින් කරන ලද්දක්ද කියන එක මගේ අවාසනාවට මට මතක නැහැ.නමුත් එහි ගැබ්වී ඇති දේ කොයිතරම්දුරට සමාජ විද්‍යාත්මක සත්‍යයක්ද කියන එක කල්පනා කරලා බලන්න ඕනේ.

ඕනෑම රටක හෝ සමාජයක මෙතෙක් කිසසිවෙකු කර නොමැති අලුත් යමක්‌ කිරීම අභියෝගයකි.එය පිළිගත් පවතින මතවාද හෝ සමාජ සම්මතය විවේචනය කිරීම කෙසේවෙතත් වෙනත් ආරක්‌ ගැනීම, ක්ෂේත්‍රය තුල අර්බුදයක් ඇති කරයි.එම ක්ෂේත්‍ර ප්‍රවීණයෝ (සැබෑම ප්‍රවීණයෝ නොවන ප්‍රවීණයන් යයි කියාගන්න උදවිය සහ නවකයන් නිසා තම වෙළඳපල සහ ප්‍රවීණත්වයට තර්ජනය ලක්වූ උදවිය) නවකයින්ගේ හොඳ නොදැක නරක පමණක් විවේචනයට ලක් කරති. හොඳ දේ පැසසුමට ලක්විය යුතු අතර නරක දේ විවේචනයට ලක්විය යුතුය.නවකයෙකුට ඔලුව ඉස්සීමට පෙර බෙල්ල කඩා දැමීම නොකළ යුතුය.

තම පළමු රැකියාවේ නිරත් නවකයින් මුහුණ දෙන ගැටළු ස්පර්ශ කරන, මීට කලින් ලියපු ‘වෘත්තීයමය කුහකත්වය හෙවත් “එකට කා බී පිහියෙන් ඇනීම”’ ලිපිය මෙතනින් කියවන්න.

*

ලාංකික සංගීත ක්ෂේත්‍රයේ මෙයට හොඳම උදාහරණය ජෝතිපාල නම ගායකයාය.එකල පමණක් නොව අදද ප්‍රබුද්ධ සහ ප්‍රබුද්ධ නොවන ලෙස ගායකයන් වර්ගීකරණය සිදුවේ.ප්‍රබුද්ධ ගොඩ නම් අමරදේව වික්ටර් රත්නායක සහ නන්දා මාලනී වන අතර ප්‍රබුද්ධ නොවන ගොඩ ජෝතිපාල,නිහාල් නෙල්සන් සහ එම.එස්.ප්‍රනාන්දු ඉස්තරම් උදාහරණ වේ.

මේවා කසිකබල් විචාරකයින් කරන ලද වර්ගීකරණ පමණක්ම නොවේ.සමහර ප්‍රබුද්ධ කලාකරුවෝද මෙලෙස අනෙක් කලාකරුවන් වර්ගීකරණය කළහ/කරති.අමරදේව මාස්ටර් මම දන්නා තරමින් මෙයට කිසිම දායකත්වක් සපයා නැත.හේතුව ඔහු සිය ක්ෂේත්‍රයේ අසමසම විශිෂ්ටයෙක් වීම සහ ඔහු සෙසු කලාකරුවෙක්ට එවැනි ද්වේශ සහගත කතාවක් කීමට නොහැකි තරමට සංවේදි කලාකරුවෙකි.

*

*

කේමදාස මාස්ටර්ද එවැන්නෙකි.

මුලින් ඔහුට  සමහරකගේ ‘කෝචෝක්’ එකකකට දෙකකට මුහුණ දීමට සිදු විය.මීට හේතුව ඔහු ප්‍රබුද්ධයන්ගේ ප්‍රමුඛ කුලකය වන ඉන්දීය සංගීතයට වඩා බටහිර සංගීතයට ප්‍රමුඛතාව දීමයි.

“වැඩ කාරයට බොරු බැහැ!බොරුකාරයට වැඩ බැහැ !”

කියන්නාක් මෙන් මාස්ටර් හා හැප්පෙන්න පුළුවන් ජගතෙක් ඔහු ජීවත් ව සිටින කාලය තුල බිහිවුයේ නැත.

ඉදිරියට බිහිවන්නේද නැත.

**

” අපි අලුත් දෙයක් අලුත් වැඩක් කරනා කොල්ලෝ

අපි අලුත් තාලේ අලුත් ගීත කියන කොල්ලෝ

….

ඇයි? මොකද ? කිචිද? අලුත් තාලේ වැඩක් දුන්නම?

ගැස්සෙනවද ගුවන් තොටිල්ල….”

*

ඉහත ගීතය නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීතත කණ්ඩායමේ  ගීතයක ඛණ්ඩයකි.මෙහි ‘ගුවන් තොටිල්ල’ යනු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ එකල ජනප්‍රිය වැඩසටහනකි.එය ශ්‍රී ලාංකික සංගීතයට සාහිත්‍යට ඉමහත් දායකත්වයක් සපයන ලද යුග මෙහෙවරක් ඉටුකරන ලද බොහෝ අංකුර කලාකරුවන් බිහිකරන ලද්දකි.

ඒ හැර පොදුවේ ගුවන් විදුලි සංස්ථාවට “ගුවන් තොටිල්ල ” ලෙස ව්‍යවහාර කරන ලදී.ප්‍රබුද්ධ ගනයට අයත් නොවීම හේතුවෙන් නලින් පෙරේරා වැන්නවුන්ගේ ගීත අදද ගුවන් විදුලි සංස්ථාවේ නාලිකාවල විකාශය වන්නේ නැත.එම “වෘත්තීයමය කුහකතාව” ඔවුන් ගීතයෙන් උද්දීපනය කිරීමට සමත්ව ඇත.

“හිත් ඇතුලේ කැලති කැලතී උපන් යකා

හිතක උපන් නව අදහස් අකා මකා

කරන හැම දෙයක දොස් ලෙස දකී වකා

පරසක්වල ගසව් හිත් වල ඉන්න යකා”

*

ගීතය මෙතනින් අහන්න.

*

ලාංකික සංගීත ක්ෂේත්‍රය තුල භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් ඇති කල වෙනස  පිළිබඳව විවාදයක් තිබිය නොහැක.ප්‍රධාන ධාරාවේ සංගීතයට 1970 දශකයේ ක්ලැරන්ස් ඇතුළු කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෝ වෙනස් අතිකළහ.ඊළඟට ලාවට දැනෙන වෙනසක් කලේ රූකාන්ත ගුණතිලකය. ඊළඟ පියවරේ ලාංකික සංගීතයේ යෝධ පියවර ඔවුන්ගේය.

සිය පාසල් සමයේ පාසලේ බටහිර සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය උප විදුහල්පති  වරයාගෙන් දඩුවම් ලැබීමට පවා ලක්වූ බව භාතිය ජයකොඩි අදද සිහිපත් කරයි.එය පසුව කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ වැනි නවකයන්ට තිඹිරිගෙය විය.

වරක් භාතිය සිය අත්දැකීම් විතර කල විටක පැවසුවේ  තමන්ගේ ගීත අඩංගු ප්‍රථම ගීත තැටිය එවකට ප්‍රමුඛම එෆ්.එම්. නාලිකාවට ලබාදීම ඔවුන් වින්ද දුක ගැනය.අදුරන යාළුවකුගේ මාර්ගයෙන් ඒ සම්බන්ධව අදාළ පුද්ගලයා හමුවීමට පැය6,7 ක්‌ රස්තියාදු වූ  අයුරු ඔහු සිහි කරයි.අද එම ආයතනයේ වෙළඳ දැනවීම් සඳහා තමන්ගේ කටහඬ යොදවා ගැනීමට ඔවුන්ගේ නිලධාරීන් තමන් පසුපස හඹාඑන අයුරු ඔහු සිනාමුසු මුහුනින් සිහිපත් කරයි.

ඔවුන් මුහුණ දුන් දුන් අත්දැකීම් සිය මුල් කාලීන ඇල්බමයක අඩංගු වූ ඉහත ගීතයෙන් එලි දැක්වීමට ඔවුන් සමත්ව ඇත.

**

*

*

අමරදේවට වඩා ජෝතිපාල වත ජෝතිපාලට වැඩ අමරදේව හොඳද නරකද යන්න තක්කඩි මෝඩ ප්‍රශ්නයකි.අපේ රටේ මිනිසුන් ඉන්දීය රාගධාරී සංගීතය දේවත්වයෙන් ඇදහීම සහ පිදීම ඉතාමත් සාධාරණ කරුණකි.එකක් එය එතරම්ම සුන්දර කලාවක් වන අතර අප රටට ඉන්දියාවෙන් අද සියලුම හොඳද දේවල් අතරට එයද එක්වන්නකි. නමුත් එය හා වටකොටගත් බමුණු කුලයක් බිහිකරගැනීම අනුමත කල නොහැක.අප රට ඉන්දියාව ආසන්නයේ පිහිටියේ එක අතකට හොඳ වෙලාවටය.ජැමෙයිකාව අසල වී නම් අපි අද දේවත්වයෙන් සලකන්නේ අමරදේවට නොව ‘බොබ් මාලේ’  වැන්නවුන්ටය.

*

*

*

*** ‘බොබ් මාලේ’ ගැන මගේ අදහස නම් ඔහු දශක කීපයකට වරක් බිහිවන තාලේ, මානව ප්‍රේමය ගැන ගී ගැයූ සුවිසේශී ගායකයෙක් බවයි. )

*

*

අප රටේ බොහෝවිට සිදුවන්නාක් මෙන්ම ජෝතිපාලටද හිමි නිසි තැන ලැබුනේ සිය මරණයෙන් පසුවය.ජෝතිපාලගේ මරණයෙන් පසු ප්‍රබුද්ධයින් විසින් ඔහුව ප්‍රබුද්ධ නොවන ගනයේ සිට ප්‍රබුද්ධ ගණයට ඔසවා තබන ලදී. මීට මුලික හේතුව ලාංකික ජන සමාජයට ජෝතිපාලගේ ගීතයේ බලපෑම ඔවුන්ට අවබෝධ වීමයි.ඒ ඔහුවේ අවසන් කටයුතු වලට සහභාගීවූ මහා ජන ගංගාව දැකීමෙනි.

*

*

*

*


Advertisements
  1. මැයි 28, 2012 දින 6:42 ප.ව. ට

    ලංකාවෙ විශිෂ්ඨතම ගායකයා ජෝති කියල බය නැතිව කියන්න පුළුවන්. එක් අතකින් ඔහු අදටත් තරුවක්. අනිත් අතට ඔහු විශාල පරාසයක හඬ හසුරවපු සංගීතමය හඬක් තිබුණ අර ශ්‍රැතිය කියන එක හරියම දැනගෙන හිටපු ගායකයෙක්. ඒ වගේමයි ඔහුගෙ ජනප්‍රියත්වය. අද වෙද්දි වැඩිවෙලා මිස අඩුවක් නෑනෙ.

    ඔය හැමදේම තිබුණ/තියෙන වෙන කෙනෙක් නැති තරම්.

  2. coz
    මැයි 28, 2012 දින 8:05 ප.ව. ට

    පහුගිය දවසක ගොසිප් අඩවියක දමා තිබුණා අමරසිරි පීරිස් කියන කුහකයා ක්ලැරන්ස් විජේවර්දනට බන අඩ ගාන හඬපටයක් …. එත් මට නම් ක්ලැරන්ස් එක්ක ගත්තම අමරසිරි කියන්නේ ගොබිලෙක් විතරය්

  3. Deran
    මැයි 29, 2012 දින 4:09 පෙ.ව. ට

    මචන්, 2010 අවුරුද්දේ දී, “මේරියන්ස් අන්ප්ලග්ඩ්” කොන්සර්ට් එක බලන්න ගියා… Then only I realized how talented Nalin and his band is…I’ve got the CD with me, and I listen to it at least twice a week…..that was a superb show, had Clarence lived, he would have loved to see the performance too, I’m sure….

  4. arunishapiro
    මැයි 29, 2012 දින 5:50 ප.ව. ට

    මම ඔයා කියන රැඩිකල් කෙල්ලගෙ ප්‍රබල අනුගාමිකයෙක්, 70 ගණන්වල සිට 80 මැද දී ලංකාවෙන් පිට වෙනකම් ම ඇන්ඳෙ ඩෙනිම!!!!

    ජෝතිපාලගේ දෙවැනි දුව මගේ පංතියෙ ඉගෙන ගත්තා, විනෝදිනී ජෝතිපාල, හරිම හොඳ යෙහෙළියක්. නම වගේම තමා, හරිම විනෝදශීලීයි.

    • මැයි 30, 2012 දින 12:44 ප.ව. ට

      ඔයාගේ රැඩිකල් බව ඔයාගේ ලිපි වලින්ම පේනවා.
      අද සමාජයේ සාමාන්‍ය පිරිමියෙකුට මේ සමාජයේ වෙනස් යමක කරන එක කොච්චර අමාරුද කියන එක කියන්න ඕනේ නැහැ.
      මීට දශක දෙකකට පෙර අපේ සමාජයේ කාන්තාවක් වෙලා වෙනස් යමක කිරීම උපරිම රැඩිකල්.

  5. මැයි 30, 2012 දින 6:06 ප.ව. ට

    ලාංකීය සංගිතයේ හැරවුම් ලක්ෂය ක්ලැරන්ස් කිව්වොත් මං හිතන්නේ මං වැරදි නෑ! ඒ ගැම්ම තමයි රූකාන්තලව බිහි කලේ! රසවින්දනය කියන්නේ පුද්ගලානුබද්ධ දෙයක්! එක්කෙනෙක් රස විඳින දේ තව කෙනෙක් රස නොවිඳින්න පුලුවන්.ඒ නිසා කාටවත් කාවවත් සංසන්දනය කරන්න බෑ!

  6. ජූලි 4, 2014 දින 12:38 ප.ව. ට

    Greetings! Very helpful advice in this particular post! It’s the little changes that
    will make the biggest changes. Thanks a lot for sharing!

  1. සැප්තැම්බර් 1, 2013 දින 3:51 පෙ.ව. ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: