නිවස > අත්දැකීම් | Experience, චරිතාපදාන | Biography > = සාර්ථකත්වය සහ එහි නොපෙනෙන/නොබලන/නොපෙන්වන පැත්ත =

= සාර්ථකත්වය සහ එහි නොපෙනෙන/නොබලන/නොපෙන්වන පැත්ත =

*

*
සෙනසුරාදා හවසට කොළඹ නගරයේ ගමන කරන විට,

පාරේ යන වාහන නිකමට මෙන් නිරීක්ෂණය කොට ඇත්නම්,

විනාඩි 10ක් තුල, ජගුවර්,බී.එම්.ඩබ්.,පෝර්ෂ් සහ ෆෙරාරි ආදී මිල අධික වාහන,

කොපමණ දක්නට ලැබේදැයි ඔබ දන්නවා ඇත.

*

එවැනි රථයක හිමිකරුවෙකු වීම සහ සාර්ථකත්වය අතර සම්බන්ධය කෙසේ වෙතත්,

පහත හේතු / මාර්ග වලින් හැර තමන්ගේ දුක මහන්සියෙන් උපයාගත් මුදලින්,

එවැනි රථයක හිමිකරුවෙකු වීමේ ප්‍රතිශතය සෙවීම හැකි නම්,

එය අගනා පර්යේෂණයකි.

*

1) දෙමව්පියන් ඉපයූ මුදලින්.

2) මත්ද්‍රව්‍යය, මත්පැන්,දුම්වැටි ව්‍යාපාර / අල්ලස් හෝ වෙනත් නීති විරෝධී මුදල් ඉපයීම මගින්.

3) පොදු ජනතාවගේ මුදල් (බදු ලෙස ගෙවන ලද ) ගසාකෑමෙන්.

*

ඉක්මනින් මුදල් ඉපයූ ‘සාර්ථක’ යයි කියාගන්න පුද්ගලයන් පිලිබඳ කියන්නට ඇත්තේ,

‘නීට්ශේ’ නම දාර්ශනිකය කියූ කතාවමය.

එනම් ගසක අතු අහස උසට ගොස් ඇත්නම්, එහි මුල් අපායට විහිදී ඇති බවය.

එම කතාව ඇතුලත් මවිසින් ලියන ලද සටහන මෙතනින් කියවන්න.

*

සාර්ථකත්වය කරා යන ගමන කිසි ලෙසක සොඳුරු විය නොහැක.

සාර්ථකත්වයට පත්වූ පසු එදෙස ආපසු හැරී බැලීම සොඳුරු විය හැක.

නමුත් සාර්ථකත්වය කරා යන ගමන සොඳුරු නැත.

**

*

ලොව සුපතල මයික්‍රෝසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් ට අනුව

“කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක,
ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්,
අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා.”

*

කලකට පෙර මවිසින් ලියන ලද “බිල් ගේට්ස් සහ සාර්ථකත්වයේ පාඩම්” ලිපිය මෙතනින් කියවන්න.

*

එම ගණයට අයත් නොවන, සැබෑ සාර්ථක මිනිසුන්ගේ නොකියන කතාව, සොයාගෙන හෝ කියවීමට තරම් වටී.

ඒ පිළිබඳව අවධානයක් යොමු නොවීම හෝ මග හැරීම කනගාටුදායක තත්වයකි.

අද ළමා සහ නව යොවුන් පරපුරේ ජීවිතය පිලිබඳ දර්ශනය ‘IPL T20’ ක්‍රිකට් තරගයක් වගේ.

වරදවා වටහා ගන්න එපා. අයි.පී.එල්. යනු අති සාර්ථක ක්‍රිකට් තරගාවලියකි.

එය වටා රොක්වී සිටින ලොව සාර්ථකම පුද්ගලයන් රැසකි.

ශාරුක් ඛාන්,මුකේෂ් අම්බානි,සචින් ටෙන්ඩුල්කාර්,මුත්තයියා මුරලිදරන්,රාහුල් ද්‍රාවිඩ් ඉන් කිහිප දෙනෙකි.

*

නමුත් ඔවුන්ගේ සාර්ථකත්වය පිළිබඳව එමගින් අපට ඉගෙනගත හැකි කිසිම දෙයක් නොමැත.

ඒ නොපෙනෙන,මාධ්‍ය මගින් නොපෙන්වන දේ බලාගැනීම සඳහා

හෙමින් සීරුවේ ඔවුන්ගේ අතීතය දෙස එබී බැලීමට සිදුවේ.

එම අතීතය පෙන්වා දෙන දේවල් කිසිසේත්ම අයි.පී.එල්. හෝ ෆෙරාරි රථයක් හෝ

මෙන් සුන්දර නොවන කටුක අත්දැකීම්ය.

*

ක්‍රීඩා විස්තර විචාරකයෙකු වන හර්ෂ භෝග්ලේ ගේ දේශනයක් ඇසුරින් මවිසින් ලියන ලද ,

“හර්ෂ භෝග්ලේ සමඟින් ” විශිෂ්ටත්වය කරා යන මාවත ” ලිපිය  මෙතනින් කියවන්න.

*

*

පිරිමි දරුවන් හය දෙනකුගෙන් සමන්විත අර්ජුන රණතුංගගේ පවුල පදිංචි ගම්පහ පිහිටි නිවසට,

දේශපාලනඥයකු වූ ඔහුගේ පියාගේ විරුද්ධවාදීන් විසින් ගිනි තියන ලදී.

ගුරුවරියක වූ අර්ජුනගේ අම්මා ගිනිගන්න නිවසින් පන බේරාගෙන යාමට,

දරුවන් හය දෙන එකින් එක නිරුපද්‍රිතව එකතු කරන විට,

මුලින් තමා සමග සිටි අර්ජුන, අවසානයේදී නොමැති බව වටහාගෙන කලබල විය.

ඔහු ගිනිගන්නා නිවස තුලට දිව ගොස්,

තම දෙමව්පියන් අමාරුවන් තමාට මිලදී ගත් ‘ලෙදර් බැට්’ එක,

ගින්නෙන් බේරාගෙන එන අයුරු අයට පසුව දිස්විය.

*

*

සනත් ජයසුරිය පන්දුවට පහර දෙනු ඔබ දැක ඇත්නම්,

සෑම පන්දුවකටම වාගේ මුහුණ දීමට පෙර තමාගේ පා-ආවරණ අතපත ගානවා දැක ඇති සිතමි.

තරගය නරඹන්නන් විටක

‘යකෝ,ඕක එක සැරේක හිරවෙන්න ගැට ගහගනින්කෝ!’

කියනවාද මම අසා ඇතිමි.

*

විටෙක විදෙස් මාධ්‍යවේදියෙකු විසින් මේ පිළිබඳව විමසන ලදී.

“අපේ ඉස්කෝලේ පොඩිම ටීම් එකේ ඉඳං ලොකුම ටීම් එක වෙනකන්,

කාටවත් කවදාවත් අලුත් පෑඩ්ස් තිබිල නැහැ.

තියෙන ඒවා පරණයි.

ඒවා හරියට හිරවෙන්නේ නැහැ.

එක හින්ද ඒවා දාගෙන දුවන්න අමාරුයි.

බෝලයක් බෝලයක් ගානේ තද කරන්න ඕනේ.

ඒ පුරුද්දට තම තාම එහෙම කරන්නේ.’

සනා පිළිතුරු දුන්නේය.

*

Advertisements
  1. arunishapiro
    ජූනි 24, 2012 දින 11:36 පෙ.ව. ට

    අනගි සටහනක්.

    1, 2, 3 කියන හේතු/මාර්ග වලින් ‘සාර්ථකත්වය’ ගන්නට ඉඩ දී ඇත්තේ තමන් විසින්ම යන්න වටහා ගන්නට අවශ්‍ය වූවක්. 1, 2, 3 හැරෙන්නට අව්‍යාජ සාර්ථකත්වය කරා යන්නට බහුතරයකට හැකිවන දා ට, එදාට ඒ අව්‍යාජ සාර්ථකත්වය අත්කරගත්තවුන්ට ඇති වෛරය අඩු වේවි. 1, 2, 3 න් ‘සාර්ථකත්වය’ ලැබූ අයට වැඳ වැටෙන එක නැවතේවි. ලංකාවේ යන සුපිරි වාහන වලින් අව්‍යාජ සාර්ථකත්වය ලබාගත් කොච්චර ටික දෙනෙක් ද දකින්න පුළුවන්. ඒ නිසා අර 1, 2, 3 නැතිව සාර්ථක විය හැකියි කියා සිතීම නුහුරු වූවක්. නමුත් ලංකාවේ බැරි වුවත් පිටරට ගිහින් හරි එහෙම සාර්ථක වෙලා එන අය අද එදාට වැඩියෙන් සිටිනා නිසා අනාගතයේ වෛරයක් නොමැති පිරිසත් වැඩි වේවි ද?!!!

  2. ජූනි 24, 2012 දින 10:12 ප.ව. ට

    ඹබ‍‍ගේ ලිපියෙ වැදගත් කරුණූ අඩංගුව ඇත.

  3. ඔක්තෝබර් 10, 2013 දින 10:32 පෙ.ව. ට

    මෙ පිටුව විතරයි කියෙවුවෙ ඇඬෙනවා.ඔබට ජය!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: