Archive

Archive for අගෝස්තු, 2012

හංසියේ එනවාද, ගුරුපාරේ ඇවිදින්න?

*

හීන විල මල් පිපී, මුදාහල සිරියාව

හෙමි හෙමින් ඇවිත්, හිත් මාලිගේ දොර ගාව

හමන විට ඒ සුවඳ ,ආදරේ නුඹ පෑව

වටෙන්න හිතයි, ආයෙමත් නුඹ ගාව

 *

පිනි වැටී  හිනාවෙන , මල දෙවැට අද්දරට

මගේ නෙතු පියාගෙන , හිදින්නන්ම් එනවාද?

තවත් එක වතාවක්,නුඹේ සුවඳ විදගන්න

හංසියේ එනවාද, ගුරුපාරේ ඇවිදින්න?

 *

තාරුක නෙතු හරින, නිහඩ රෑ මැදියමක

ඈතටම දිව ගිහින් විත්, හිත මවයි මල හීන

නෙතු හරින එකම එක, ඇසිල්ලක නුඹ පැමිණ

දිග හරී සෙනෙහසින්, මගේ සමනල මතක.

 *

ගීතය මෙතනින් අහන්න.

*

= සටහන =

*

මේ ගීතය අවුරුදු පහ හයකට වඩා පරණයි.

කාලෙකට පස්සේ ඊයේ පෙරේදා මතක් උනේ යාලුවෙක්,

“ඒ මොකක්ද බං අර,
උඹ කාලයක් රිංටෝන් එකට දාගෙන හිටපු,
උඹ විතරක් අහන,
පට්ට බූට් සින්දුව?”

*

කියල අහපු හින්දයි.

අතීතයට අයිති නිදන්ගත ප්‍රේමයේ,

එක්තරා scenario එකක් ,

‘මාරුවට’ සටහන් කරගන්න මේ ගීතය සමත් වෙලා තියෙනවා.

ප්‍රේමයේ එක අවස්ථාවක් එනවා අත්හරිනු ලබන හෝ අත්හැරිය යුතු වන.

මෙය බොහෝවිට දෙපාර්ශවයටම හානිදායක විය හැකියි.

යුද්ධයෙන් පසුව සොල්දාදුවා/සතුරා  පුනරුත්ථාපනය වන්නේ යම්සේද,

ප්‍රේම යුද්ධයෙන් අනතුරුව ප්‍රේමවන්තයාද

ජීවිතයේ ඉදිරියට යාමට පුනරුත්තාපනය විය යුතුවේ.

අතහැරීමට සිදුවූ අතීතයට අයිති සුන්දරත්වයට ලොබ බදින්නා,

යලිත් එක අවසන් වතාවක් එය වින්ද ගැනීමට සිහින දකියි.

*

මේ ගීතය ගයනා කරන්නේ ‘ඉන්සිත්’ සංගීත කණ්ඩායම.

මට කිසිම අදහසක් නැහැ මේ ගීතය කොචර ජනප්‍රියද කියන එක.

මේ ගීතය එක්තරා සීමිත කණ්ඩායමක් අතරේ අතිශය ජනප්‍රියයි,

ඒකත් අමුතු විදියකට.

*

‘අහන් ඉන්න’ | they are differently able.

*

අහන් ඉන්න,

අහගෙන ඉන්න.

මගේ හිත මොනවද මුමුණනවා.

*

යාය පුරා නෙක නෙක පාටින්,

මුදු මල් පෙති ඇහැරෙනවා.

පොද වස්ස්සක සීතල ඇවිදින්,

හිතට එබෙනවා.

කෝඩුකාර මල් රේණු අගින්,

සුවඳ බෙදනවා.

ඒ සුවඳින්,

මගේ හුස්ම රටා මවනවා

*

සිලි සිලියේ හමන සුළඟ,

කොඳුරන්නේ අපටමයි.

සතුට මිසක,

දුක මොකටද

සෙනෙහස මහමෙරයි.

අමාවකේ දුක දුරලන,

දහසක් තරු කැට නුඹටයි.

ඒ එළියෙන් දැල්වෙන ලෝකය,

මගෙමයි මටමයි.

*

” තමන්ගේ ඇස දෙක පේනවා නම්,
 අන්ධවීම ගැන අත්දැකීම් අපිට මොකටද? “

*

මට හිතෙන හැටියට,

මට මුණ ගැහෙන අද සමාජයේ හරි අඩකගේ ආකල්පය ඕක තමයි.

දෙනෙත් අන්ධවීම විතරක් නෙමෙයි,

තමන්ට ප්‍රයෝජනයක් නොවන,

අනිත් මිහෙකුගේ හොඳ නරක වෙනුවෙන්,

හිතින් වදවෙන්නවත් මේ සමාජය අද වෙහෙසෙන්නේ නැහැ.

අන්ධ මිනිස්සු පැත්තකින් තියමුකෝ!

මේ ඇස් දෙකම හොඳට පේන අපිට,

උදේට කහ ඉරෙන් පාර පන්නින්න කොච්චර අමාරුද?

අන්ධයින් ආබාදිතයින් ගැන කවර කතාද?

අපි ජීවත් වෙන්නේ එච්චරටම ආත්මාර්ථකාමී සමාජයක.

*

වෙලාවකට මට හිතෙනවා මම අයත්වෙන්නේ

වඳවීයාමේ තර්ජනයකට ලක්වූ පරම්පරාවකට කියලා.

ඒ කතාව එක්තරා විදියකට ඇත්ත තමයි.

*

ඉස්කෝලේදීසාගර පලන්සුරිය කවියාගේ ‘අන්ධ ළමයා’ කවි පන්තිය කියෙව්වාම,

කීදෙනෙක්ට දුක හිතුනද කියන්න මම දන්නේ නැහැ.මට නම් දුක හිතුන.

‘අන්ධ ළමයා’ කවි පන්තිය මෙතනින් කියවන්න.

*

මට තේරෙන විදියට උපතින්ම අන්ධ වීම එක්තරා විදියට (සාපේක්ෂව) ,

උපතින් නිරෝගී දෑස් ලැබී පසුව අන්ධ වීමට වඩා හොඳ වෙන්න ඇති.

දෙනත් අන්ධ වීම පිළිබඳව මට පුද්ගලික අත්දැකීම් නැහැ.

*

මම පොඩි කාලේ මගේ අත්තාගේ එක ඇසක පෙනීම නැතිවෙලා ගියාම,

මගේ වගේ ඇස් දෙකම පෙනීමේ වරප්‍රසාදයෙන් හරි අඩක් අහිමි උනොත් ඇතිවන තත්වය,

කොයි වගේ අනුවේදනීයද කියල මට හිතාගන්නවත් බැරිඋනා.

එක ඇසක් අහිමි පුද්ගලයෙකුට ලෝකය පෙනෙන්නේ ත්‍රිමානව නොව ද්විමානවයි.

ඇස් දෙකම අහිමිවීම ගැන කවර කතාද?

*

*

මෙම ගීතය වියවුල් බහුල ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ,

උඩුගං බල පිහිනන්නට සමත්වූ ගීතයක්.

මෙම ගීතයේ රුපරචනයද එසේමයි.මෙය නිර්මාණය වෙන්නේ,

මාකට් කරන්න බැරි ,

“හිට්” නොවිච්චි,

නවක දෙනෙත් අන්ධ ගායිකාවකගේ,

‘සික්ස් එයිට්‌’ නොවන, ලාමක ශාස්ත්‍රීය සංගීතය සපිරි,

ඉංග්‍රීසි වචන අඩංගු නොවන ගීතයක් ලෙස.

එහෙම ගීතයක් මැදදී ‘කොකා කෝලා’එකක් අතට දීල ‘ඇඩ්’ එකක් දමා,

අනුග්‍රහයක් ගන්නේ කොහොමද?

මේ ගීතය ගැන ගොසිප් ලංකා වෙබ් අඩවියේ පළවූ ලිපියක් මෙතැනින්.

*

දුක තිබුනාට,

සතුට මිසක,

දුක මොකටද?

*

පද රචකාවියගේ පද වල බර සහ දිග පළල මැන බලන්නට,

බ්ලොග් සටහනක් ප්‍රමාණවත් නොවේ.

ඒවා විටෙක අනුවේදනීයයි.

විටෙක දාර්ශනිකයි.

විටෙක අහිංසකයි.

විටෙක ආදරණීයයි.

සැමවිටම අවංකයි,හැඟුම්බරයි.

*

එස්.හේරත් මැණිකේගේ විප්ලවීය පද වැල,

මේඛලා ගමගේ ගේ අසමාන ආත්මීය  හඬ ,

රුවන් වල්පොල ගේ සංවේදී සංගීතය,

නලින්ද ප්‍රේමරත්න ගේ මනස්කාන්ත රූපරචනය,

චිත්‍රපටියකට පැයකින් කියන්නට බැරි කතාවක්,

මිනිත්තු 4 කට අඩු කාලයකදී කියලා දෙනවා.

*

*

*