‘අහන් ඉන්න’ | they are differently able.

*

අහන් ඉන්න,

අහගෙන ඉන්න.

මගේ හිත මොනවද මුමුණනවා.

*

යාය පුරා නෙක නෙක පාටින්,

මුදු මල් පෙති ඇහැරෙනවා.

පොද වස්ස්සක සීතල ඇවිදින්,

හිතට එබෙනවා.

කෝඩුකාර මල් රේණු අගින්,

සුවඳ බෙදනවා.

ඒ සුවඳින්,

මගේ හුස්ම රටා මවනවා

*

සිලි සිලියේ හමන සුළඟ,

කොඳුරන්නේ අපටමයි.

සතුට මිසක,

දුක මොකටද

සෙනෙහස මහමෙරයි.

අමාවකේ දුක දුරලන,

දහසක් තරු කැට නුඹටයි.

ඒ එළියෙන් දැල්වෙන ලෝකය,

මගෙමයි මටමයි.

*

” තමන්ගේ ඇස දෙක පේනවා නම්,
 අන්ධවීම ගැන අත්දැකීම් අපිට මොකටද? “

*

මට හිතෙන හැටියට,

මට මුණ ගැහෙන අද සමාජයේ හරි අඩකගේ ආකල්පය ඕක තමයි.

දෙනෙත් අන්ධවීම විතරක් නෙමෙයි,

තමන්ට ප්‍රයෝජනයක් නොවන,

අනිත් මිහෙකුගේ හොඳ නරක වෙනුවෙන්,

හිතින් වදවෙන්නවත් මේ සමාජය අද වෙහෙසෙන්නේ නැහැ.

අන්ධ මිනිස්සු පැත්තකින් තියමුකෝ!

මේ ඇස් දෙකම හොඳට පේන අපිට,

උදේට කහ ඉරෙන් පාර පන්නින්න කොච්චර අමාරුද?

අන්ධයින් ආබාදිතයින් ගැන කවර කතාද?

අපි ජීවත් වෙන්නේ එච්චරටම ආත්මාර්ථකාමී සමාජයක.

*

වෙලාවකට මට හිතෙනවා මම අයත්වෙන්නේ

වඳවීයාමේ තර්ජනයකට ලක්වූ පරම්පරාවකට කියලා.

ඒ කතාව එක්තරා විදියකට ඇත්ත තමයි.

*

ඉස්කෝලේදීසාගර පලන්සුරිය කවියාගේ ‘අන්ධ ළමයා’ කවි පන්තිය කියෙව්වාම,

කීදෙනෙක්ට දුක හිතුනද කියන්න මම දන්නේ නැහැ.මට නම් දුක හිතුන.

‘අන්ධ ළමයා’ කවි පන්තිය මෙතනින් කියවන්න.

*

මට තේරෙන විදියට උපතින්ම අන්ධ වීම එක්තරා විදියට (සාපේක්ෂව) ,

උපතින් නිරෝගී දෑස් ලැබී පසුව අන්ධ වීමට වඩා හොඳ වෙන්න ඇති.

දෙනත් අන්ධ වීම පිළිබඳව මට පුද්ගලික අත්දැකීම් නැහැ.

*

මම පොඩි කාලේ මගේ අත්තාගේ එක ඇසක පෙනීම නැතිවෙලා ගියාම,

මගේ වගේ ඇස් දෙකම පෙනීමේ වරප්‍රසාදයෙන් හරි අඩක් අහිමි උනොත් ඇතිවන තත්වය,

කොයි වගේ අනුවේදනීයද කියල මට හිතාගන්නවත් බැරිඋනා.

එක ඇසක් අහිමි පුද්ගලයෙකුට ලෝකය පෙනෙන්නේ ත්‍රිමානව නොව ද්විමානවයි.

ඇස් දෙකම අහිමිවීම ගැන කවර කතාද?

*

*

මෙම ගීතය වියවුල් බහුල ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ,

උඩුගං බල පිහිනන්නට සමත්වූ ගීතයක්.

මෙම ගීතයේ රුපරචනයද එසේමයි.මෙය නිර්මාණය වෙන්නේ,

මාකට් කරන්න බැරි ,

“හිට්” නොවිච්චි,

නවක දෙනෙත් අන්ධ ගායිකාවකගේ,

‘සික්ස් එයිට්‌’ නොවන, ලාමක ශාස්ත්‍රීය සංගීතය සපිරි,

ඉංග්‍රීසි වචන අඩංගු නොවන ගීතයක් ලෙස.

එහෙම ගීතයක් මැදදී ‘කොකා කෝලා’එකක් අතට දීල ‘ඇඩ්’ එකක් දමා,

අනුග්‍රහයක් ගන්නේ කොහොමද?

මේ ගීතය ගැන ගොසිප් ලංකා වෙබ් අඩවියේ පළවූ ලිපියක් මෙතැනින්.

*

දුක තිබුනාට,

සතුට මිසක,

දුක මොකටද?

*

පද රචකාවියගේ පද වල බර සහ දිග පළල මැන බලන්නට,

බ්ලොග් සටහනක් ප්‍රමාණවත් නොවේ.

ඒවා විටෙක අනුවේදනීයයි.

විටෙක දාර්ශනිකයි.

විටෙක අහිංසකයි.

විටෙක ආදරණීයයි.

සැමවිටම අවංකයි,හැඟුම්බරයි.

*

එස්.හේරත් මැණිකේගේ විප්ලවීය පද වැල,

මේඛලා ගමගේ ගේ අසමාන ආත්මීය  හඬ ,

රුවන් වල්පොල ගේ සංවේදී සංගීතය,

නලින්ද ප්‍රේමරත්න ගේ මනස්කාන්ත රූපරචනය,

චිත්‍රපටියකට පැයකින් කියන්නට බැරි කතාවක්,

මිනිත්තු 4 කට අඩු කාලයකදී කියලා දෙනවා.

*

*

*

Advertisements
  1. අගෝස්තු 4, 2012 දින 4:38 ප.ව. ට

    මිනිස්සුන්ට අලුතින් හිතන්න සලස්සපු ගීතයක්,ඒත් උදේට පත්තරේ බලද්දි හිතෙනවා දෑස් නොපෙනෙන තරමට හොදයි කියල

  2. පවන්
    අගෝස්තු 4, 2012 දින 5:42 ප.ව. ට

    ගීතය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ..,
    ඔයාගෙ ලිපිය හරියට හරිම ලස්සන කෙටි චිත්‍රපටයක් වගේ..

  3. arunishapiro
    අගෝස්තු 4, 2012 දින 9:07 ප.ව. ට

    වැරැද්ද තියෙන්නෙ පරාර්ථකාමය හොඳ යැයි ඒ වෙනුවෙන් වැඩ කළ යුතු යැයි කියන මුලාවෙන් අන්ධ කරලා මිනිසාව අයහපත් ආත්මාර්ථකාමයේ යෙදවීමයි.

    තමන්ට වඩා යමක් නැති මිනිහාට තමන් දිය යුතු යැයි සිතනවා, තමන්ට වැඩියෙන් ඇති මිනිහාගේ දේවල් තමන්ට අයිති විය යුතු යැයි සිතනවා. එහෙම අවුල් කරගත්තම තමන් විසින් තමන් වෙනුවෙන් වෙහෙසෙන්න ඕනෑ කොහොම ද කියන එක හෙන අවුලක්.

    තමන්ගේ සතුට සොයා යෑම මිසක් අනුන්ගේ සතුට හොයන්න පුරුදු වීමෙන් කාගේ වත් සතුටක් සාක්ෂාත් වෙන්නෙ නැහැ.

  4. Harshana
    අගෝස්තු 5, 2012 දින 3:35 පෙ.ව. ට

    ඔය මාතෘකාවටම සමාන්තරව යන මම මෙතෙක් දෑකපු හොදම ඉල්ලීමක් කරන තවත් පොඩි දෑන්වීමක්.

    • අගෝස්තු 5, 2012 දින 4:16 පෙ.ව. ට

      ඉස්තුතියි හර්ෂණ!
      මගේ වර්ගකිරීම් අනුව ඔය දැන්වීම මෙතෙක් ලංකාවේ මම දැකපු සංවේදීම දැන්වීම් අතරින් අංක 2.
      🙂

      අංක 1 වෙන්නේ මෙන්න මේක.

      ඉස්තුතියි ‘කමෙන්ට්’ එකට.
      ලියන්න දේවල් අසුහාරදාහක් තියෙනවා.
      කොහෙද? මාර අමාරුයි වෙලාවක් හොයාගන්න.

  5. අගෝස්තු 6, 2012 දින 4:17 පෙ.ව. ට

    ඇත්තටම මේ අය අභාදිත කියල හදුන්වන එක වැරදි. එයලා විශේෂ අවශ්‍යතා ඇති පිරිසක්, අපි වගේම ඇට, ලේ , මස් , නහර තියන අපි වගේම සතුට දුක දැනෙන පිරිසක්. අපි එයාලට උපකාරයක් කරන්න ඕනි. නමුත් අද මුදල පසුපස හබායන සමාජයක මනුස්ස කම් වලට ඉඩක් නැහැ.

    මමත් පොඩි උත්සාහයක් ගත්ත බ්‍රෙව් හාර්ට්ස් වලට උපකාර කරන්න මගේ බ්ලොග්1 කියවන අයව යොමු කරවන්න.

    https://asammathaya.wordpress.com/2011/07/13/%C2%B0%C2%B0%C2%B0-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%94-%E0%B6%AF/

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: