| සුදු නෙළුම කෝ, සොරබොර වැවේ….? |
*
පෙරවදන.
*
“සහෘදයා” යනු සමාන හදවත් ඇත්තාය.
“දෙවියන් ලෝකය මැව්වා” නම්,
කලාව යනු දෙවියන්ට මවන්න බැරිවී මිනිසාට මැවීමට ඉතිරිකළ දෑය.
මා සිංහලෙන් ලියන බ්ලොග් තුලින් පෙර දිනක හඳුනාගත්,
තවම නොදුටු සහෘදයකු අතින්,
අමරදේව ශුරීන්ගේ මෙතෙක් නොඇසූ ගීයක්,
ඊයේ හෝ පෙරේදා අසන්නට ලැබුණි.
*
මෙයට අදාළ සිදුවීම නිසා,
ගේය පද රචකයා තුල ඇතිවූ කම්පනය,
ගීයකට පෙරලී,
අමරදේව හඬින් ප්‍රතිනිර්මාණය වීම
සහ
කසුන් චන්දිම හරහා,
එය නැවත මා හට සම්ප්‍රේෂණය වීම,
සහෘද දාමයක් ලෙස දකිමි.
මා අත්විඳින වටිනාම දේ,
මීළඟ සහෘදයාට සම්ප්‍රේෂණය කරවීමට,
ඔහු ලියු සටහන එලෙසම මෙසේ ඉදිරිපත් කරමි.
*
*
උපුටාගනීමකි.
*
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝය දා පාළොස්වකේ
මල් නෙළා විකිණු පන්සලේ*
වැවට කළුවර යාවුණා
සංසාර දුක බෝවුණා
නෙළූ මල් මිට ලිහී විසිරී
එහා ඉවූරට පාවුණා*
සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල් සේදුණා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුණා**පද : රත්න ශ්‍රී විජේසිංහගායනය : පණ්ඩිත අමරදේවMP3 : http://snd.sc/Pa2MR7*රත්න ශ්‍රී විජේසිංහ අති විශිෂ්ඨ කවියෙක් වගේම,සිංහල ගේයපද රචනයේ නොමැකෙන සලකුණක් තැබූ පතාක යෝධයෙක්…අපි දන්න කියන විශිෂ්ඨ ගීතයන් රැසක් ඔහු අතින් නිර්මාණය වුනා.රත්න ශ්‍රී ගේ ගී පද විශිෂ්ඨ වන්නට බලපාපු ප්‍රධානම හේතුවක් තමයි,ඔහු සිය අත්දැකීම් මත පාදක වෙමින් ගේයපද රචනයේ යෙදීම.*රත්න ශ්‍රී විජේසිංහයන් කාලයක් ගුරුවරයෙක් ලෙස සේවය කරලා තියෙනවා.ඈත දුෂ්කර පළාතක, එතුමා උගන්වපු ඉස්කෝලෙක ඉඳලා තියෙනවා හුඟක් දුප්පත් පුංචි නංගි කෙනෙක්.කොච්චර දුප්පත්ද කියනවනම්… මේ නංගිට ඉස්කෝලේ අඳින්න තිබිලා තියෙන්නේ එක ගවුමයි.ඒ ගවුමත් ඉරිච්ච තැන්වලට ආණ්ඩදාලා මහපු පරණ ගවුමක්ලු.මේ නංගියි එයාගේ ගෙදර අයයි ජිවත්වෙලා තියෙන්නේ පන්සල ලඟ මල් විකුණලා..ඉතින් ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියාම මේ පුංචි නංගියත් පන්සල ළඟට ගිහින් මල් විකුණනවා..එක දවසක් මේ පුංචි නංගියා ඉස්කෝලේ ආවේ නැහැ…ඉස්කෝලේ ඇරිලා යනකොට රත්න ශ්‍රී දැකලා තියෙනවා මේ නංගිලාගේ ගෙදර සුදු කොඩි දාලා තියෙනවා..වැවේ මල් කඩන්න ගිය පුංචි නංගියා ආපහු ගෙදර ඇවිත් තියෙන්නේ ලී වලින් හදපු පෙට්ටියක…හැමදාම ඉස්කෝලේ ඇඳපු ආණ්ඩදාපු එකම එක සුදු ගවුමත් ඇඳගෙන…පුංචි සුදු නෙළුම් මල ලි පෙට්ටියේ නිදාගෙන ඉඳලා තියෙනවා….*මේක මේ සින්දුව අහපු හැමෝම දන්නා කතාවක්…මේ කතාව අහපු මුල්ම දවසේ මගේ ඇස්වලට උනපු කඳුළු,මේ සින්දුව අහන අහන හැම වෙලාවකදීම වගේ අළුත් වෙනවා…*ඔව්..ජිවත් වෙන්න ජීවීතය පරදුවට තියන රටක…..තුන් වේල කන්නේ නැතුව ලෙවකන මිනිස්සු ඉන්න රටක….මාසෙකට තුන් හාරදාහක් නෙට් එකට වියදම් කරන එකෙක්ටත්.. දුක හිතෙනවා///
*
ප්‍රවර්ග:අහුලා ගත්තු දේවල්, මේ දවස් වල අහන සින්දු
දුක හිතෙන කතාවක් සඟවාගත් හරිම ලස්සන හදවතට දැනෙන ගීතයක්…… මං දන්න විදියට අයියේ මේ ගීතය ලියවිලා තියෙන්නේ ඔක්කම්පිටිය දෙමටමල් විහාරය ආශ්‍රය කරගෙන ….. ගීතයේ රසය වැඩිකරන්න තමයි රත්න ශ්‍රී මහත්තයා මහියංගණය සහ සොරබොර වැව අරගෙන තියෙන්නේ….මීට හරියටම අවුරුද්දකට කලින් තමා මම මේක ඇහුවේ….ඇහුව වෙලේ ඉඳන් මේ ගීතයට පුදුම විදියට ආදරය කරන්න ගත්තා……
මලේ,
අද මේ සින්දු අහන්න නෑ. අපේ පුංචි දරුවෝ මේ සින්දු දන්නෙ නෑ. රේඩියෝ කාරයන්ට, ටී.වී.කාරයන්ට මේවා ඇලජික්. මක් කරන්නද? අපි අපිවත් අහමු. අනාගත පරම්පරාවට මේවා අහන්න විදිහක් හදමු.
ජය වේවා.
මේ ගැන ලියවුණු තවත් විචාරයක්
http://geerasavinisa.blogspot.com/2010/08/blog-post.html
මේ කතාව මමත් මීට කළින් අහලා තියෙනවා. තව ටිකක් දේ මමත් එකතු කරන්නම්. මේ පුංචි නංගියා වැවට යන්න කළින් දවසේ ටිකක් වැඩිපුර වැස්ස තිබිලා තියෙනවා. වැවේ වතුරත් වැඩියි. ගෙදර අවේ නැති නිසා මිනිස්සු හොයන කොට එහා ඉවුරට පාවෙලා ගිය නංගියව හමුවෙලා තියෙනවා. දුක හිතෙන කතාව නම් නෙළපු මල් මිට අතේ රැදී තිබීමයි.
වෙනද වගේම අදත් සත්තයි මගෙ ඇස් දෙකට කදුලු ආවා,මේ වගේ පරවෙලා යන මල් තව කොච්චරක් ඇද්ද,ඒත් ඒ මල් දැකල ඒ ගැන තව දැනෙන විදියට ලිවන්න රත්නශ්‍රි ලා අපේ රටේ නෑ..ඒත් එක්කම අපි මේ ක අහල විදවලා,අඩල නිකන් නොඉද මේ මල් කැකුලු වෙනුවෙන් සමාජයක් විදියට යමක් කරන්න උත්සහ කරන්න ඕනෙ කියන එක මේ පද ඇතුලෙන් මට ඇහෙනවා
මේ තවත් ඒ ගීය ගැන ලියවුනු සටහනකින් උපුටා ගන්න ලද්දක්.
“……ඒ මළගමට එදා විස්සකට තිහකට වැඩි
පිරිසක් ඇවිත් සිටියේ නැත
දෙමවුපියෝ පවා සිය කුඩා දියණිය වෙනුවෙන්
කඳුළු නොසලූහ.
ජීවිතයේ බොහෝ දුක් විඳි ඔවුන්ගේ නෙත් සිදී තිබුණි.
එහෙත් සිය සූ සැට වැනි ජන්ම දිනය දා
උපහාර පිදුම් ලද අමරදේවයන් , මහැදුරු සරච්චන්ද්‍රයන් මුලසුනෙහි
සිටිද්දී බොහෝ පිරිස් මැද මේ ගීය ගයද්දී
ඇතැම්හූ කඳුළු සැලූහ. ඒ කඳුළු, මල් නෙලන්නට ගොස් කලලෙහි එරී වැවු දියේ
ගිලී මියගිය ඒ දස හැවිරිදි නන්නාදුනන දැරියගේ මළගම වෙනුවෙන් නොවේද….? “