මම තව වෙන මොනවා කියන්නද?

ඔහු කොල්ලෙක්, ඇය කෙල්ලෙක්,

මම තව වෙන මොනවා කියන්නද?

ඔහු රස්තියදුකාරෙයෙක් වගේ, ඇය කුමාරිකාවක් වගේ.

මම තව වෙන මොනවා කියන්නද?

*

ඔහුට ඇයව ඕනේ වුනා,

ඇය කවදාවත් කියන්නේ නම් නැහැ,

එයාටත් රහසින් ඔහුව ඕනෙ තමයි.

ඒ වුනාට එයාගේ යාළුවො ඔක්කොටම,

ඔහු ඇඳුම් අඳින පිළිවෙල ගැන ප්‍රශ්න තිබුනා.

*

ඔහු දඟකාර කොල්ලෙක්,

ඇය ඔහුට “පස්සේ හම්බෙමු ” කිව්වා.

ඔහුව ඇයට හොඳ මදි උනා.

ඇයට ලස්සන මුහුණක් තිබුනා,

ඒ වුනාට අයගේ ඔලුව සෑහෙන උඩින්  තමයි තිබුනේ.

ඇය නැවත පොළොවට ආ යුතුව තිබුනා.

*

අවුරුදු 5 කට පස්ස,

ඇය ගෙදර තනිවම ටී.වී. බලනකොට,

ඔහුගේ ගීතයක් දකිනවා.

ඇය ඇගේ යාලුවන්ට කතා කරනවා.

ඒගොල්ලෝ එතකොටත් දන්නවා.

ඔවුන් ඔහුගේ “ෂෝ”එකට ටිකටුත් අරගෙන.

ඇයත් ඔවුන් සමග පෝලිමේ ඉඳල,

කලකට ඉහත ඉවත දමන ලද ඔහුගේ ගීත අහනවා.

*

සමාවෙන්න කෙල්ලේ,

පරක්කු වැඩියි.ඔහු දැන් මා සතුයි.

අපේ යාළුකම, යාලුකමකට එහාගිය එකක්.

එහෙම තමයි කතාව ඉවර වෙන්නේ.

ඔබට ඔහු තුල සිටි මිනිසා නොපෙනුණු එක අපරාදේ.

ඇහැට පෙනෙන දේට වැඩ ගැඹුරුයි ආත්මය.

*

ඔහු කෙල්ලෙක්, අය කෙල්ලෙක්,

මම තව වෙන මොනවා කියන්නද?

කවුරුවත් කිව්වේ නැද්ද අපි ආදරෙන් වෙලිලා ඉන්න වග.

*

මම ඉන්නේ ඒ රස්තියාදුකාර කොල්ලත් එක්ක,

වේදිකාව පිටුපස.

“ෂෝ” එක ඉවර උනාම,

අපි “ස්ටුඩියෝ” එකට ගිහිල්ල අපි ලියපු සින්දුව පටිගත කරන්නයි යන්නේ.

ඒක ඔහු ඉස්සර ආදරය කරපු කෙල්ලෙක් ගැන.

*

*

= පිදුම =

*

ඇව්රීල් ලැවින්ජ් ගේ ගීත අහන්න පුරුදු කරපු,

එකට කාමරේ හිටපු එකාට.

කාලෙකින් ආපහු පරණ තැටියක් අහුවෙලා,

අහම්බෙන් වගේ අහන්න හම්බුනේ.

* රෝක්

‘ රොක් ‘ සින්දු ‘ රොක් ‘ම තමයි.

ඒවායේ කියන දේවල් රළුයි,සුමට නැහැ.

කෙලින්ම කියනවා.

සුභාෂිතය වගේ

උපමා,උපමේය , උපදෙස් සහ අර්ථ රසය ඉස්මතු කරලා,

” ආනන්දයෙන් ප්‍රඥාව කරා ”

ගෙනයන බවක් කෙලින්ම පෙන්න නැහැ.

ඒක වෙනත් සංස්කෘතියක්.

වෙනස් මානුෂික හැගීම් ඉස්මතු කරන ප්‍රකාශන මාධ්‍යක්.

නමුත් විශ්ව භාෂාවක් නිසා,

රසවිඳින්න බාධාවක් නැහැ.

*

*

Advertisements
  1. ඔක්තෝබර් 27, 2012 දින 2:40 ප.ව. ට

    කියන්න වෙන දෙයක් ඉතුරු කරලා නෑ නේන්නම් 🙂

  2. hare :-)
    ඔක්තෝබර් 27, 2012 දින 3:43 ප.ව. ට

    මම බොහොම කැමති ගායිකාවක්නෙ… රොක් කියන කෙල්ලන්ගෙන් මම දන්නෙත් මෙයා විතරද කොහෙද… මෑතකදි නම් සින්දුවක් ඇහුවෙම නෑ.. ස්තූතියි මතකය ඇදගන්න උදව් කලාට…

  3. නොවැම්බර් 5, 2012 දින 3:13 ප.ව. ට

    තව මොනව කියන්නද?

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: